Thursday, November 27, 2014

අපිත් දැන් 50,000 යි............................................................. අද අපි කියනවා අපි කවුද කියලා...............




පළවෙනිම කාරණය තමයි කුරුට්ටෝ හැමෝම ඒක ම පවුලක අය. ඒ කියන්නේ අයියලා-මල්ලිලා, අක්කලා-නංගිලා විතරක් නෙමෙයි සමහරු නෝනලා-මහත්තුරු
ඒ විතරක් නෙමෙයි මාමාලා-බෑණලා
අැයි නෑනලා මස්සිනාලාත් ඉන්නවා................
දැන් කට්ටිය අපිට හෝ ගාලා බනියි මේවා දැන්ද උඹලා කියන්නේ කියලා.. දැන් හරි කිව්වානේ.......

මේ අපේ අවුරුදු 1 ක සහ දවස් 201 ක මහන්සිය. මෙච්චර කාලයකට පස්සේ අපි විවර්ස්ලා 50,000 කියන රවුම් ඉලක්කම අද උපයාගත්තා.. බ්ලොග්කරුවන් හැටියට මීට සියදයස් ගානක් ඉදිරියෙන් ඉන්න ප්‍රවීණයන් කිහිපයක් ම ඉන්නා වග දන්නවා. ඒත් මේ වෙලාවේ හිතට දැනෙන නිහතමානී සන්තෝෂය නිසා මේ අවස්ථාව මගහැර ගන්න අපිට හිතෙන්නේම නැහැ... 

මේක අපි හැමෝම දන්නවා වගේ මහ දෙයක් නෙමෙයි.. බෙර ගගහා නටන්න දෙයකුත් නෙමෙයි.. ඒත් සතුටට කාරණයක්...විවිධ අවස්ථා වලදී අපේ කුරුට්ටන් (අපිට ඔබම හදා දුන්නු නම) විසින් ප්‍රමුඛත්වය ගනිමින් සමූහ කාර්‍යයක් විදිහට අපේ පවුර ඉදිරියට අරන් ගියා... අද ඒ හැමෝම හරිම සතුටට පත්වෙනවා.... මේක තමන්ගේ ජීවිතයේ වැදගත් කටයුත්තක් විදිහට අපි හැමෝම සලකන්නේ ඒ නිසයි......

ඉතින් මෙච්චර කාලයක් නම් වලින් විතරක් දැනගෙන හිටපු අපි කට්ටිය කවුද කියලා හදුන්වා දෙන්න අපි තීරණය කරා... මීට කලින් 20,000 ක් විවර්ස්ලා අාපු වෙලාවේ අපි ගැන තවත් විදිහක හැදින්වීමක් අපි කරා... ඒක මෙතන තියෙනවා


ඉතින් සහෝදර බ්ලොග්කරුවනි...........
ඔබ මේ ගමන සදහා අප වෙත ලබා දුන්නා වූ ශක්තියට ස්තූතියි
අපේ රචනාවන් නිතර නිතර අගය කරාට ස්තූතියි
අපිව දිනෙන් දින ඔසවා තැබූවාට ස්තූතියි
සැමදා අපි සමග රැදුනාට ස්තූතියි

මීට 
කුගැගීප
කුරුට්ටෝ
......

100 comments:

  1. බොහොම අපූරු ලගන්නා සිතිවිලි ලියවෙන කැටපත් පවුරක් වන් ගී පවුර පිටුපස සිටින මේ නෑදෑ සමූහය දැකීම මහත් සතුටක්. සෙත් කවියක් කියන්න ඕනිකම තිබුණත් වෙලාව මදි. එහෙනම් අවුරුදු එකහමාරක් තුල ලැබුවාවූ 50000 තව මාස 6 ක් යන්නට පෙර 100000 වේවා... ආවඩා... ආයිබෝ! හැමෝටම ජය හා සතුට!
    (ඊ...ඊ... මට තාම 3600 යි...ඊ...ඊ...)

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි මාධවී...මේ කළා වූ ආශිර්වාදයට...අනේ අනේ ඉතිං අඬන්න එපා...ඔයාටත් ළඟදීම වාර්තාගත වෙන්න සියළු සහයෝගය අපි හැමෝම ලබාදෙනවා...ඉතිං අඬන්නෙ නැතුව ඉන්නකෝ හොඳ ළමයා වගේ...හිහි...

      Delete
  2. ඔහ්.. කලා පවුලක්.. වැඩිහිටි වීරසිංහ මහත්මයා පිළිබඳව ගෞරවණීය ස්තූතිය පුද කලයුතුයි මේ බැඳීමට දෙන නායකත්වයට.. ඔහු බොහෝම නිදහස් අදහස් ඇති කලාකාමියෙකු ලෙස හැඟෙනවා.. එලෙසම මෙච්චර ආසන්න නෑදෑකම් තියාගෙන මෙච්චර නිදහසේ අකුරු කරන්න තරම් මේ කුරුටු කුරුට්ටියෝ අතර අවබෝධය හා ආදරණීය බව කොතරම්ද යන්නත් සිතා ගැනීමට අපහසු තරම්.. 50000 ට සුභ පැතුම්.. දිගු ගමනකට ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කමියා...අපි හැමෝම අතර මේ තියන අවබෝධයස සහ බැඳීම ගැන අපිටත් තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්...සතුටක්...වීරසිංහ මහත්මා ගැන කිව්වොත් ඔහු ගැනත් අපිට තියෙන්නේ හරිම ගෞරවයක් හා ආදරයක්... මේ සියළු කරුණු හින්දම හැමෝටම ආදර්ශයක් දෙන්නත් අපිට පුළුවන් වෙලා කියල හිතෙනවා...ඉතිං ඔබ හැමෝගෙම සහයෝගය සහ ආශිර්වාදය මැද ඔබත් එක්කම ඉදිරියටම යන්නයි අපේ කල්පනාව...

      Delete
  3. හරි අපූරු පවුලක්, පුදුම එකතුවක්! වාසනාවන්...!!

    උඹලට මෙහෙම සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි, ඉරිසියයි, දුකයි ....!

    හිට්ස් වලට වඩා බ්ලොග් වලට උත්තේජනය කමෙන්ට්ස්. ඔය සේරම ලැබෙන්නෙ ලියවිල්ලෙ රහ අනුව. මේක හත්මාලුවටත් එහා ගිය නිසා රහේ අඩුවක් නෑනෑ. ඒ නිසා දිග ගමණක් යන්න ලැබේවා...ජය!!

    ReplyDelete
    Replies
    1. උඹ හරි සිංහයෝ...උඹලගේ කමෙන්ට්ස් හින්දා අපිට ලැබෙන්නේ පුදුම සතුටක්...ඒව හින්දම තමයි මේ තරම් අපිට රසවත් විදිහට ඉදිරියට යන්න ශක්තිය ලැබිලා තියෙන්නේ...ඉතිං අපි මේක කරගෙන යන තාක් කල් හැමදාමත් අපිත් එක්කම රැඳිලා ඉඳින් කියලයි ඉල්ලන්නේ...ආශිර්වාදයටත් බොහොම ස්තුතියි...

      Delete
  4. සුභ වේවා!!!
    වාසනාවේවා!!!
    පැතුම් මල් පිපේවා!!!
    රාජ සම්පත් පහල වේවා!!!

    ආ... මේ ඉන්නේ TW றநன KC..

    බලාගෙන ගියාම මේකත් අපේ ආණ්ඩුව වගේ තනිකරම පවුලේ කැඳහැලියක්... හැක් හැක්..

    මං මේ නිකං අහන්නේ ඔය චතුරිකයි, ඉසුරිකයි.. නෑ එක්කෝ ඕන නෑ..

    තව අවුරුද්දකින් හිටිස් පන්ලක්ෂයක් ලබාගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..
    (මගේ තාම 2826යි මාත් හොදට උත්සාහ කලොත් තව අවුරුදු හයකින් විතර පනස්දාගේ සමාජෙට එන්න පුළුවන්()

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ...අම්මප විදානයෝ...පවුලේ කැඳ හැළිය වුණත් එකාට එකා හරිම ස්වාධීනව නිර්මාණ කරලා උඹලට කැඳ හදලා දෙන්නයි ඉතිං අපේ කල්පනාව හැමදාමත්...දැන් ඉතිං මේකගෙ දත කට පූට්ටු වෙලා ඇති...ඇයි ඉතිං අපි ගැන හෙළිවුණාට පස්සෙ කටකතා යවන්න බෑ නේ...

      මේ...මේ...මේ...ඕවට එන්න එපා...එනව මෙතන චතුරිකයි ඉසුරිකයි අමාරුවේ දාන්න...උඹ දැන් විවාහක ගොබිලෙක්...දැඟලුවොතින් විදානිට කියනවා හොඳේ...අනික ඉතින් උඹට කව්ද හිර දෙන්නේ හැක් හැක්...

      මොනවා වුණත් උඹ ඉතිං අපේ හොඳ එකානෙ...අපිට ආශිර්වාද කළා වගේම උඹටත් හිට්ස් වාර්තාවන් තබන්න උපරිම සහයෝගය දෙනවාමයි අපිත් ඔන්න...බොහොම ස්තුතියි විදානයෝ...

      Delete
  5. අඩේ අසංකයාගේ මූණ දැක්කම බාර් එකක් මතක් උනා...

    ස්තුතියි.

    - ගල් බලකාය-

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මට හිතුනෙම මේක එක්කො බීල නැත්තං ගුලියක් කාල කියල
      හිහි

      Delete
    2. මූණ මිරිකුවොත් බාගයක් පෙරාගන්න පුළුවන්..

      Delete
    3. අඩේ මෙන්න මම ආවා...ඒයි විදානයා, මහේෂයා...ඔන්න දැනගනිල්ලා...ඒ ඉස්සර ගත්ත ෆොටෝ එකක්...මම දැන් බොන්නෙ නැතෝඕඕඕඕඕඕ...ගුලි කන්නෙත් නෑමයි නෑමයි නෑමයි... හිහි...ඉතිං මම දැන් ලස්සනයි හොඳේ...හික්ස්...

      Delete
    4. ගලුත් නෙවෙයි ගුලිත් නෙවෙයි ...ෂුවර් මලක් ගහලා .බලපල්ලා ඇස් දෙක .හරිම මාන්දමිකයි නේද ? හැක් හැක්

      Delete
    5. යකෝ මේ යක්කු පෝලිමේ මේ අහිංසක මාවම අල්ලගත්ත නේ...හයියූ...

      අසංක

      Delete
    6. ඇයි අර පහල ඉන්නෙ නමේම මල් තීන මල් ගහපු පොඩි එකෙක්.

      Delete
    7. මටනං පෙන්නේ අසංකයා ගල් බාගෙකුත් ගහලා, ගුලි දහයක් විතර කාලා, මලකුත් වනලා ඉන්න හැඩයි. මං කිව්වේ පේන විදිය. හැක්...!!!!

      Delete
    8. අනේ යකුනේ...අහිංසක අපි සැප ගන්න එකටත් ඉරිසියයි නේ...(අහ් වැරදුනා...සැප ගත්තු එකට...මම දැන් අමද්‍යපනේ...හිකිස්)

      අසංක

      Delete
    9. අමධ්‍යප කියන්නේ හැමදාම කරටි කැඩෙන්න ගහන එකටද??

      Delete
    10. ඔය තේරුණේ...ඕ යේස්...මූ නම් හත්තිලව්වේ...මට ගැලවිමක් නැති හැටි...

      Delete
    11. ඔහේ පලයන්... එහෙනම් මමත් අමද්‍යපයි...... ඕ යේස්...!!!

      -ස්තුතියි-
      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    12. ඔි යෙස්..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    13. හා හා වරෙල්ලකො එහෙනම් ඔන්න ඔහේ...හිහි...

      Delete
  6. 50000 ට තව බිංදු තුන හතරක් ඉක්මණට ඇඩ් වේවා...
    ඒත් දැං මේ ඔක්කම ලියන්නෙ නැති එක නං කණගාටුවට කාරනයක්...
    හැමදාම වෙරියක් ගහල වගේ ඇවිත් ලියන අසංකයි
    තුසාරයි ඇර අනික් අය වාශ්ප වෙලා වගේ නෙව
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචෝ...මට දැන් වෙරි නැති හින්දා ලියවෙයිද දන්නෙත් නෑ...අහෝ...මම අනිත් ලියන්නෙ නැති උන්ව ඝනීභවනය කරලා උන්වත් රේස් එකට ගන්නයි මේ හදන්නේ...හිහි...ඉතිං...උඹේ සුභ පැතුමටත් බොහොම ස්තුතියි මචෝ...ජය වේවා...

      අසංක

      Delete
    2. //හැමදාම වෙරියක් ගහල වගේ ඇවිත් ලියන අසංකයි
      තුසාරයි ඇර අනික් අය වාශ්ප වෙලා වගේ නෙව// අනේද කියන්නේ කාලයක් අසංක අයියා විතරක් තනියම මේක ඇදගෙන ආපු කාලයකුත් තිබුන නේ...කොහොම උනත් පවුරට සුබපැතුම් දිලාගේ ලෝකයෙනුත් !! ඒ වගේම දිගින් දිගටම ලියන්න කියලා පවුරේ හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. ආ අසංක අයියෝ අර සිංදු ටික එකතු කරලා ගීත ඇල්බමයක් කරනවා කියපු අදහස ත් අපිට අමතක නෑ හොඳේ... :) පවුරට ජය වේවා !!!

      Delete
    3. බොහොම ස්තුතියි...බොහොම ස්තුතියි නංගි බබෝ...ඔබ වැනි අයගේ සුභ පැතුම් ආශිර්වාද මැද අපි යන මේ ගමන හරිම සුන්දරයි...ඒ ගැන කියන්න වචන නෑ...මටත් අමතක නෑ ගී ඇල්බමය ගැන...ඒත් ඉතින්...අනේ මන්දා...පුරස්න...පුරස්න...එමට...ඉතින් ගී පවුරේ හැමෝ වෙනුවෙන්ම නැවත වරක් ස්තුතියි නංගියෝ...

      Delete
  7. අම්මෝ .. මේ කුරුට්ටෝ පවුල් ගහක්නෙ.. කමක් නෑ දේශපාලනේ නෙවෙයිනෙ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකමයි සරතෝ අපේ පවුල් ගහේ තියන සුන්දරත්වය...අවම දේශපාලනය...උපරිම කලාකාමී බව...බොහොම ස්තුතියි ඉතිං සුභ පැතුම් එක් කළාට...

      Delete
    2. සරත් අයියන්ඩි ලියන්නෙ නැද්ද?

      Delete
  8. මේකත් කුරුට්ටෝ රෙජිමයක්නේ .....ජයවේවා කුරුටු පවුලටම .තව තව හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!!

    අපි එකම රෑනෙ කුරුල්ලෝ//
    මේ පාරාදීසේ...
    නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
    වරෙල්ලා....මේ රෑනේ....

    මදු තියලා දැල් එළලා
    නෑ පැටලෙන්නෙ අපී
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    තටු ලැබුනේ පියඹා යන්නයි
    කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    ගායනය - විජේසුන්දර වේරගොඩ

    ReplyDelete
    Replies
    1. තිතටම ගැලපෙන සිංදු හැමදාම ගෙනවිත් දෙන අපේ සින්දුවාට බොහොම ස්තුතියි හොඳේ...ඉදිරියටත් උඹේ සහභාගීත්වයත් අපිට අවශ්‍යමයි ඔන්න...

      Delete
  9. අඩේ මචෝ.. ඇත්තටම උඩ ඉඳන් පහලට මේ හැඳින්වීම් ටික කරගෙන එනකොට මං හිතුවෙම මේක මේ ජෝක් එකට ලියන පවුල් වාදයක් කියලා. මේ දවස්වල ජනප්‍රියම මාතෘකාව ඒක නිසා. ඒත් මං බැලුව මේ වගේ දවසක මෙහෙම ඇයි කියලා. බලන් ගියාම දෙය් හාමුදුරුවනේ මේක මහ විසාල පරපුරක් නොවෑ..

    හදවතින්ම සුබපතනව ගී පවුරේ. බොහොම සෙනෙහබර සාමකාමී සහෘදයන් පිරිසක් ඔබ හැමෝම. ඔබලා මේ බ්ලොග් ලෝකයට ආබරණයක්. ඒ වගේම අද මාව මෙතනට මෙහෙම අරන් එන්න සවිමත්ම අත්තිවාරම දැම්මෙ ඔබලා. කොටින්ම මගේ නිර්මාණ දිවියේ පුරෝගාමියෝ ඔබලා. ඉතින් කවදත් වගේ මං මගේ හදපිරි ප්‍රණාමය පුදකරනවා. ඒ වගේම ළඟා වූ මේ සුවිසල් ඉලක්කයට ආයෙමත් සුබපතනවා. පනස්දහස, ලක්ෂ පහ වෙන දවස ඉක්මනට උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පරපුර ගැන කිව්වෝත් මතුවෙයි රස කථා..

      Delete
    2. @ මනෝෂ්,

      ඇත්තටම මනෝෂ්...උඹේ විචාර සහ දිරිමත් කිරීම් හින්දම අපේ පවුර කොයිතරම් ආලෝකමත් වුණාද...ඒ හින්දම අපිත් ලැබුව වටිනාකම කියල නිම කරන්න බෑ...උඹ අපේ පවුරෙ නිත්‍ය සාමාජිකයෙක් වගේ...ඒ තරම් සමීපයි...ඉතින්...මේ කරන්නා වූ සුභ පැතුම් වලට බෙහෙවින් ස්තුතියි වගේම ඉදිරියටත් උඹේ පැමිණීම අත්‍යවශ්‍යයි...

      @ විදානේ,

      හප්පෝ...මූ තව මොනව දන්නවද මන්දා...

      Delete
  10. මං මේ නිකන් අහන්නේ. එතකොට අපේ අසංකයා විතරයි මේ පිටගම් යන්න හදන්නෙ එහෙනම් නේද??!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕකා විතරයි පිටයන එකෙකුට ඉන්නේ..

      Delete
    2. සැක් ඉතරක්, මිනිස්සුන්ට ඔහොමත් මුනට කතා හදනවද? මේ ඇත්තෙයි කියන්නේ අසංකයෝ..????

      Delete
    3. @ මනෝෂ්,

      අඩේ මනෝෂයා...උඹටත් හිතෙන දේවල්...ඒ කිව්ව එකනම් ටිකක් විතර ඇත්ත...ඒත් ඉතින් මම මේවා දාල යන්න අදහසක් නම් නෑ...දන්නෙ නෑ ඉතින් ඉදිරිය ගැන...ඇයි මේ විදානයා වගේ ග්‍රහයො පාර හරස් කොරනවා නොවැ...හැක්...

      @ විදානේ,

      උඹ හිතුවද බොල මාත් උඹ වගේ කොට්ටෝරුවෙක් කියලා...හැක් හැක්...

      @ නිමෝ,

      අනේ මන්ද නිමෝ...දැන් ඔය සියල්ල දත් විදානේ පඬිතුමාගෙන්ම විමසා බැලුවනං...

      Delete
  11. පනස්දාහ කියන්නේ බර.. .. .. ..
    හැමොම එකතුවෙලා මේක ලක්ෂගානක් කරගන්න උත්සාහ ගනිමුු..
    සුභ පැතුම් හැමෝටම....

    ReplyDelete
    Replies
    1. ලක්ෂ ගානක් වනතුරු බෝම්බ ගැසීමට ඔබට කෙරෙන සුහද ආරාධනයයි මේ...!!!

      බොහොම ස්තුතියි ඔබාමා සුභ පැතුමට...

      Delete
  12. තවත් පවුල් ගහක්. අනේ අම්මප අපිට වෙන්නේ මෛත්‍රිට වෙච්චි දේම තමා.. හැක්..

    ඒක නෙයෙමි කුරුට්ටෝ/කුරුට්ටියෝ/කුරුටු අංකල්..

    මේක හරිම විශේෂ දෙයක්.. මම හිතන්නේ එළියට ආපු එක හරි වටිනවා. මෙවැනි දෙයක් අප දැක නැති නිසා.. හැමෝටම සුභ පතනවා.. අර ඉසුරිකාට මම කිව්ව ඒවා පව් කියල හිතෙනවා අප්පා ඒ කුරුටු මූණ දැක්කම.. ජය සියල්ලන්ටම.. උම්මා

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ එලියට එන්නේ කවද්ද????

      Delete
    2. හොඳ ප්‍රශ්නයක් විදානේ

      Delete
    3. අතුරු මිතුරු දඹදිවතුරු
      මෙන්න පුතේ රාජකපුරු
      උඩින් මිතුරු යටින් හතුරු
      නටපල්ලා පණ යනතුරු
      නටපල්ලා පණ යනතුරු...

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා
      වැදි ගැමි නාගරික වෙසින්
      රඟ පෑවත් නොයෙක් ලෙසින්
      මොකටද හිත තිගැස්සුණේ
      අපි කවුරුත් මිනිස්සුනේ...

      පැය විසිහතරකට ගැතී
      දවසින් දවසකට නිතී
      ජීවත් විය යුතු හින්දා
      මුහුණට මුහුණක් බැන්ඳා 
      නෙතින් නෙතක් ඇත පිනවා
      මනුස්සයෝ රඟ දෙනවා...

      එක අහසයි එක පොළොවයි
      එක හිරු සඳු දෙන එළියයි
      නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
      නැටුවත් හැමතැන ම ඉඳන්
      ඉරණමකට පෑගිය හැකි 
      ජීවිතය ම ජෝගියකී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
      සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි

      Delete
    4. බොහොම ස්තුතියි දේශෝ...ඇයි ඉසුරිකා විතරද පව්...අපි පව් නැද්ද...උඹලගෙන් බැනුම් අහ අහ මේකෙ එල්ලිලා ඉන්නවට...ඒක නෙවෙයි...අර උඹේ බ්ලොගේ තියන මූණත්තහඩුව උඹ කියලයි කාලයක් හිතාගෙන හිටියේ...ඉතිං ඒ උඹ නෙවෙයි නං එළියට වරෙන්කො ඔය සිරියාවන්ත මූණ ඩිංගිත්තක් දැක බලාගන්ට...

      Delete
  13. මේ.. මට කොළඹ කැම්පස් එකේ දෙවෙනි වසරට යන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මොකෝ විදානේ... නැතිවෙච්ච යමක් වත් හොයාගන්නද?

      Delete
    2. විදානේ.............!!

      Delete
    3. ඔය යන්ට හදන්නේ අපේ ඉසුරිකාව බලන්න වෙන්ටැ...හතර හන්දි කඩනවා එහෙනං...හැක්...

      Delete
    4. නෑ මේ අතපසු වෙච්ච ව්‍යාපෘතියක් තියනවා....

      Delete
    5. මට හිතා ගත්තැකි බොගේ ව්‍යාපෘතිය.......

      Delete
    6. @විදානේ
      කැම්පස් එකේ තේ හදන්න යමන් මාත් එනවා.

      Delete
    7. විදානේ උඹ නිට්ටඹු ගිහින් ඉවරද??????

      තුෂාර

      Delete
  14. එහෙනම් ඉතින් චිරන් ජයතු තමා :)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං...බොහොම ස්තුතියි සුසී ආශිර්වාදයට...

      Delete
  15. Cheers ...
    එල ද බ්‍රා..
    //මේක අපි හැමෝම දන්නවා වගේ මහ දෙයක් නෙමෙයි.. බෙර ගගහා නටන්න දෙයකුත් නෙමෙයි.//
    නෑ..ඇත්තටම මේක ලොකු ඡයග්‍රහනයක්. අපි හැමදාමත කූරැට්ටෝ එක්ක.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ උන් හැමදාම අපිත් එක්ක ඉන්න හින්දම තමයි අද අපි මේ තත්ත්වෙ ඉන්නෙ...ඉතිං උඹලට මේ හැම දේම උපහාරයක් වේවා...!!!

      Delete
  16. සුබම සුබ සුබ පැතුම්. ඉදිරියටම යන්න, හරවත් දේ දෙන්න, රසය බෙදාගන්න, තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

    මගෙත් ඔන්න ඔහේ 50000 පැනලා තිබුනා මේ ඊයේ පෙරේදා. පරණ බ්ලොග් එකේනම් ලක්‍ෂ දෙකහමාරත් පැනලා.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි විචාරකතුමනි...ඔබලාගේ මේ ආශිර්වාදය අපිට බොහොම වටිනවා...

      ඔබේ මේ බ්ලොග් එකෙත් ඉලක්කම් ගාණ විශාල වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  17. ඈ කලාකාමි පවුලක් නියමයි
    සුබ පැතුම් මේ කඩයිමට ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදර...අපිත් ඉතින් නෑදෑ පරපුරකට වඩා සහෝදර බැඳීමක් එක්ක යන පවුලක් වගේ...ඒකනේ ඉතින් මෙහෙම වැඩ ජොලියේ කරගෙන ඉන්නේ...

      Delete
  18. "පවුල් ගසක් සමග රස සාගරයක්"
    වෙලාවට තොපි දේශපාලනය නොකලේ.කොහොම කලත් තව දුර ගමනක් යන්න තියන නිසා හති නොවැටී එක හුස්මට හපුතලේ නැගීමට හැකිවේවා.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. හම්මෝ...මතක් කරන්න එපා දේශපාලනය...ඒක නොකර මේක කරන එක කොයි තරම් සුන්දරද...ඒ හින්දමනේ උඹල වගේ සුන්දර සහෘදයෝ පිරිසක් ලබන්න අපි වාසනාවන්ත වුණේ...ඔන්න ඉතින් අපේ එකෙක් ( තුෂාර ) නම් හපුතලේ නැගලා ඉන්නේ...ඌ වැඩ කරන්නේ ඒ පැත්තෙ තමයි...හිහි...බොහොම ස්තුතියි කටුසු...

      Delete
    2. අඩේ අසංක අයියා.............. මං විතරක් නෙමෙයි අැයි කාන්චනා............ මුන් දැන් කතාව දන්නවානේ.............. ඔච්චර කල් හංගන්න කියලා මං නෙමෙයි කිව්වේ කාන්චනා තමයි......

      හපුතලේ පට්ට සීතලයි කසුට්ටා............. ඉන්න බැරියෝ................ අම්මෝ

      තුෂාර

      Delete
  19. ඒයි උඹලා කොහොමද බං රෙද්දක් හරි කලිසමක් හරි සාරි හරි ඉස්කර්ට් බ්ලව්ස් ටයිට් ජීන්ස් ගහගෙන හරි රාජපක්ෂ රෙජීම් එකට ගහන්නේ. උඹලා සෙට් එකත් කයි පද බඳින රෙජිමයක් නේ. පට්ටයි මචෝ.. මේවා පෙර පින්. හැමෝටම කයි පද බඳින්න බෑ. ඒවගේම ඒවා දැනෙන්න ලියන්නත් බෑ. ආපු ගමනට සුපැතුම්. මේවත් අවශ්‍යයි. ඒත් අවශ්‍යම දේ මීටත් හොඳට ලියන එක.. ඒ සඳහා "කයි පද බඳින රෙජිමය" ර සියළු ශක්තිය ධෛර්යය ලැබේවා..

    මෙත්මල් පිබිදේවා..

    සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. මේ ආපු ගමනේදි ඔබේ උදව් සහ මගපෙන්වීම ගැන කියන්න වචන නෑ මාතලන්...ඔබ අපේ බ්ලොග් ඇදුරුතුමෙක් වගෙයි...ඉතින් ඔබේ මේ වචන මේ වෙලාවේ අපිට ගෙනදෙන්නේ මහත් ශක්තියක් වගේම නිහතමානී ආඩම්බරයක්...උඹ කිව්වත් වගේ මේ අපේ අමුතු රෙජීමයෙන් උපරිම හොඳ දේවල් කරන්න අපි හැමවිටම සීරුවෙන්...බොහොම ස්තුතියි මාතේ...

      Delete
  20. ෂා .. ලස්සන කුරුටු පවුලක් :D දැක්කමත් සතුටුයි .. කුරුට්ටො ඔක්කොටම ඔන්න මගෙන් සුබ පැතුම්..තව තවත් දිගටම ලස්සනම ලස්සන කවි කුරුටු ගාන්න සුබ පැතුම් ... :)

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට අපෙත් සතුටයි...බොහොම ස්තුතියි හංසි නිතර ඇවිත් කරන දිරිමත් කිරීමට සහ මෙවැනි උණුසුම් ආශිර්වාද වලට...

      Delete
  21. ඉදිරියටත් මේ පවුල් සබඳතා මෙලෙසෙම වර්ධනය වේවා!!! කුරුටු පවුරට වඩා මට මේ සම්බන්ධතා පවුර හරි වටිනවා. අද මෙහෙම සබඳකම් හරිම අඩුයි. Keep it up!!!

    මම හිතාගෙන හිටියේ මේ හොඳ යාලුවෝ සෙට් එකක් කියලා. වීරසිංහ මහත්තයා විතරයි බජාර් එකට ගන්න පුළුවන් සයිස් එකේ ඉන්නේ. අනිත් උන් ඔක්කොම බච්චෝ :D

    ReplyDelete
    Replies
    1. අරූ අයියත් අපිට අමතකම කරන්න බැරි චරිතයක්...බොහොම ස්තුතියි අරූ...ඔබලා වගේ බ්ලොග් පතාකයන්ගෙන් ලැබෙන මෙවැනි ආශිර්වාද අපිට ගෙනදෙන ශක්තිය මෙතෙකැයි කියන්න බෑ...

      අනේ...අනේ...අපේ වීරසිංහ මහත්තයාවත් නරක් කරන්න නේ...එහෙම නෙවෙයි...මේ බච්චෝ බැච්චියො ටික එක්කත් සෙට් වෙලා බලමුද වෙනස කොහොමද කියලා...ඔට්ටු තියනවා...අරූ අයියා මෙහෙ නැවතෙයි...

      Delete
  22. සංවත්සරයට උණුසුම් සුබ පැතුම්...

    විභීෂණ හැම වෙලේම ගොඩවෙන බ්ලොග් පිටුවක්...

    ඉලක්කම් පහ ඉක්මනටම ඉලක්කම් හය වේවා කියල බොහොම සන්තෝසයෙන් ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. උඹල හැමවෙලේම ගොඩවෙලා යන අපේ මේ කුරුටු නිවස කොයිතරම් වාසනාවන්තද විභී...බොහොම ස්තුතියි මචං මේ කරන සුභ පැතුම් වලට...

      Delete
  23. එල පව්ලක්! සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් ඇනෝ...

      Delete
  24. [යකෝ මරාගෙ පවුල්ගහ මොකද්ද මේකනෙ පවුල්ගහ! උඹල එකෙක් හරි ඡන්දෙ ඉල්ලන්න එහෙම අදහසක් නැහැ නේද?]
    50000ට සුභපැතුම්!
    මේ අඩවියෙ කවි ටිකක් වැඩිපුර යන නිසා කවි වලට එච්චර මනාපයක් නැති මම නං එන්නෙ නැති බව කියන්න ඕන. නමුත් වෙනත් ලිපි නං කියවනව. ඒ වගේම අපේ අඩවි වල කමෙන්ට් දානව නම් (එකම අයිඩී එකෙන්) යටින් නම වත් දැම්ම නං හොඳයි. මොකද කුරුටු ගෑ ගී පවුර කියල කමෙන්ට් දැම්මට ඒක දාන්නෙ කවුද කියල දන්නෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ නෑ මචෝ...ජන්දෙ නම් එපා...මේ හොඳා...මෙහෙමවත් උඹලත් එක්ක ඉන්න තියන එක ඇති...

      ඉතිං කවි වලට එච්චර මනාප නෑ කියන එකේ තේරුම චුට්ටක් මනාපයි කියන එකම නේ...ඒ හින්ද ඉතිං වරෙන් ඔන්න ඔහේ...උඹ කිව්ව වගේ ඉතිං වැදගත් පහේ විවාදාත්මක කමෙන්ට් එකකදී දාන එකාගෙ නම දාන එක ගැන කස්ටිය එක්ක කතා කරන්නම්කෝ...

      බොහොම ස්තුතියි රාජ් උඹේ සුභ පැතුමට...

      Delete
  25. පොඩි නිවාඩුවක් වගෙ එකක් ගත්තත්, අමුතු විදිහේ හෙඩිමක් දැක්ක නිසා ගොඩ වෙලා යන්න ආවා.. බෑ බෑ දැන් තේ බොන්න බෑ, පස්සෙ එන්නං බත් ඩිංගක් කාලම යන්න. සුබ පැතුම්... කුරුටු ගහ අතු ඉති ලියලා වැඩේවා !!

    ReplyDelete
    Replies
    1. බෑ බෑ බෑ නිවාඩු ගන්න උන්ට බත් දෙන්න බෑ...හිහි...

      අපිව නිතර දිරිමත් කරන උඹලා අපිට සම්පතක්...

      බොහොම ස්තුතියි චන්දනයෝ...

      Delete
  26. අම්මට සිරි පවුල කිව්වලු.
    ආදරණිය,සහෝදර සහෝදරියනි සැම තැනම පැතිරී ඇති පවුල් වාදය සයිබරය කරාද මේ ලෙසින් පැමිණීම දැඩිසේ අගය කරමි...:)

    සුබ පැතුම් කුගෑපස...!!!

    ReplyDelete
    Replies
    1. උඹේ ආශිර්වාදය සහ අගය කිරීමට බොහොම ස්තුතියි මනෝජ්...

      Delete
  27. ளெமளாள
    බ්‍ඩගිනියි

    ReplyDelete
    Replies
    1. ආ...මෙන්න කන්න විදානෙ මාමෝ...

      Delete
    2. විදානේ......... නානා

      සාප්පාඩ ඉන්දාංගෝ........................ නැල්ල රුසියා????

      තුෂාර

      Delete
  28. මෙහෙට ආවේ අද නිසා රෙජිමය ගැන කතා කරන්න දෙයක් දන්නේ නැත. ;)

    උණුසුම් සුභ පැතුම්! ඉක්මණින්ම 50,000 අගට තව බිංදු කීපයක් එකතු වේවා!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආව ඔබව අති උත්කර්ෂවත්ව පිළිගනිමු...බොහොම ස්තුතියි අශාන් සුභ පැතුමට...ඒ වගේම හැමදාමත් එන්න...ඒක අපිට හයියක්...

      Delete
  29. ඔබලාව හඳුන්වා දෙන්න ගත් තීරණයට පළමුව ප්‍රණාමය !!!

    ගොඩාක් සතු‍ටුයි. කලාතුරකින් දකින්න අහන්න ලැබෙන විදිහේ අපූරු පවුලක්. කලාවට ආදරේ කරන , කලාව වෙනුවෙනුත් යමක් කරන පිරිසක් විදිහට ඔබලා එකම පවුලක වීමත් හරිම අපූරු දෙයක්.

    ඔය නැදෑකම් වැඩිදියුණු වේවා ! ඒ සමඟම කුරු‍ටු ගෑ ගී පවුරත් දිනෙන් දින ඉදිරියටම ගොස් සිංහල බ්ලොග් කලාව තුල අද්විතීය , අමරණීය නාමයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරු................

      මුල ඉදලාම අපිව දිරිමත් කරමින් අපි සමග සිටීම ගැන. මේ පැත්තට අාපු හැම වෙලාවක් ම අකුරු ටිකක් කුරුටු ගාලා ගිය ඔබ කොහොම අමතක කරන්නද??? අැත්තට ම ස්තූතියි ඔබ දක්වන සහයෝගයට සදරු...................

      Delete
  30. නම් වලින් විතරක් දැනගෙන හිට්ය ඔයාලා අඳුර ගන්න ලැබීම සතුටක්.. දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපි ලස්සනයි නේදෝ...බොහොම ස්තුතියි තුශානි...

      Delete
  31. මනාගෙනුත් උණුසුම් සුභ පැතුම් කුගැගී පවුරට :). මේ බ්ලොගය තවත් හොඳින් ඉදිරියටම කරගෙන යන්න ලැබේවා. ඔයාල සියළු දෙනාටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනා........................

      Delete
  32. මේ බ්ලොගය තවත් ඉදිරියට ගෙනයන්න මගෙනුත් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිමාල්...

      Delete
  33. අත්වැල් බැඳගෙන එක්ව ඉදිරියට යන දිගු ගමනකට ආසිරි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල් + මල්...

      Delete
  34. ඔහොම යන්.. ඔහොම යන්... ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ස්තූතියි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...