Tuesday, March 31, 2015

මහාචාර්ය ( බුද්ධිමතුන්ගේ ඛේදවාචකය)



"ඇසූ විට හිනැහුණා ඔහු 
තවම තනිකඩයැයි කියා............"


හසිත හර්ෂණ

Sunday, March 22, 2015

ෆීල්ඩ් මාර්ෂල්, විධායක ජනාධිපති, ජාතික අාණ්ඩුව සහ අපි.........


ජනරාල් අද ගන්නවා ෆීල්ඩ් මාර්ෂල් කම
දැන් ගන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් ගන්න පුළුවනි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායෙම හමුදා සේවයට යන නිසා
නැති වෙන්නේ දේශපාලනය කරන ඒකද........????

මහින්ද ගන්න බලනවා අගමැතිකම
දැන් කරන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් පරදියි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායෙම අගමැති වෙන නිසා 
නැති වෙන්නේ අාරක්ෂාවට තිබුණ මුක්තියද........?????

රනිල් අද බිහිකරනවා ජාතික අාණ්ඩුව
දැන් කරන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් කතු වෙයි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායම විපක්ෂයට බලයක් යන නිසා
නැති වෙන්නේ විධායක ජනාධිපති සිහිනයද........????

අපිට අද ලැබෙනවා හැමෝම කරන අාණ්ඩුව
පළමු වතාවට ලැබෙන හොදම දේ තමයි
කවදාවත් කතු වෙයි කයලා හිතුවෙත් නැහැ
ඒත් හැමෝම අාණ්ඩු කරන්න යන නිසා
නැති වෙන්නේ අපි වෙනුවෙන් කතා කරපු විපක්ෂයද........????


රූපය - නෙත් ගෙන්.....


තුෂාර විතාරණ


.

Friday, March 20, 2015

මාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැළඹීමක් අැති වෙනවා......



ලසන්න මැරුවා කියලා රටම දන්නවා
මහ දවල් මහ පාරේ යන ගමන්
වෙඩි තියලා මරලා දාලා තිබුණේ
කෝ මුකුත් ම වුණාද
ලසන්තම වෙඩි තියාගත්තා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද ................ මොන පිස්සුද...?

ක්නැලිගොඩ අතුරුදහන් කියලා රටම දන්නවා
පත්තරේට ලිය ලිය හිටපු ගමන්
උදේ ගිය මිනිහා හවස නෑ
කෝ මුකුත් ම වුණාද
පිටරටක හැංගිලා ඉන්නවා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

ජෙනරාල්ගෙන් පළිගත්තා කියලා රටම දන්නවා
ඡන්දෙ තිබිලා ඉවර වුණ ගමන්
හොරෙක් වගේ හිරකරලා තිබුණේ
කෝ මුකුත් ම වුණාද
හොරකම් කරා ගසාකෑවා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා කියලා රටම දන්නවා
උස්සන් ගියේ හිටපු ගමන්
විරුද්ධ වුණ මිනිහා හෙට නෑ
කෝ මුකුත් ම වුණාද
ඒ මිනිස්සු රට පැන්නා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

කරපුවාට අැරස් කරලා මදි කියලා රටම දන්නවා
දැනටමත් වහන්න ප්ලෑන් කරන ගමන්
තව ච්චර දවසක් නෑ
කෝ මුකුත් ම වුණාද
ඔය වගේ ම තමයි වහලා දැම්මා කියලත්
මහජනතාව කැළඹෙයිද.................. මොන පිස්සුද...?



කසුප් අනුරාධ


.

Thursday, March 19, 2015

අතීතයේ ගිය උන්ට වගේම අනාගතයේ යන්න ඉන්න උන්ට..........



උඹලා පාඩමක් කියලා දුන්නා
අතීතයේ ක්‍රිකට් ගහපු උන්ට වගේම 
අනාගතයේ ක්‍රිකට් ගහන්න ඉන්න උන්ට
මෙන්න මේ විදිහට හැදියං කියලා
උන්ට යන්න පාර විතරක් නෙමෙයි
හයියත් උඹලා අරන් දුන්නා

උඹලා පාඩමක් කියලා දුන්නා 
අතීතයේ හිටපු නායකයන්ට වගේම
අනාගතයේ වෙන්න ඉන්න නායකයන්ට
අවශ්‍ය වෙලාවට කරලා අතඅැරපං කියලා
උන්ට කරන විදිහ විතරක් නෙමෙයි
අතඅරින්නත් උඹලා කියලා දුන්නා

උඹලා පාඩමක් කියලා දුන්නා
අතීතයේ සමුගත්ත උන්ට වගේම
අනාගතයේ සමුගන්න ඉන්න උන්ට
මෙන්න මේ වෙලාවට පලයං කියලා
උන්ට යන විදිහ විතරක් නෙමෙයි
යන කාලයත් උඹලා කියලා දුන්නා

තව ක පාඩමක් කියලා දීපල්ලා
අතීතයේ ගිය උන්ට වගේම
අනාගතයේ යන්න ඉන්න උන්ට
ගියාට පස්සේ මෙහෙම හිටපං කියලා
උන්ට නම්බු පිට ඉන්න විතරක් නෙමෙයි
නම්බු පිට මැරෙන්නත් කියලා දීපල්ලා ..............


තුෂාර විතාරණ


.

Saturday, March 14, 2015

කොටාපන් මට කොටාපන් තව හයියට ..........



දෑතේ වීරිය දමා මා ගෙල සිදින්නට නුඹ තනනවා
පවක් මිස ඉන් පිණක් නොලැබෙන බවක් නුඹ නොම දන්නවා
නුඹේ දරුවෙක් වෙතොත් මයෙ තැන කෑ ගසා දිවි පතනවා
නුඹේ ඔය අත රැදුණු මුවහත කොහොම පහළට හෙළනවා

දැනට මරලා අම්මා අප්පා මිතුරු කැළ මා හා සිටී
තවත් ඉදලා කුමටදැයි මට බලාපන් ලේ යන හැටී
කිසිත් කරදර නුදුන් උන් හැම මැරුණේ අැයි තැන තැන වැටී
මාත් මරලා දෙවියෝ තුටු කොට සැනහියන් මට ය වටී

කීව දහමක් කීව දෙවියෙක් වේවි නම් අප මරණට
ගොහින් හොද හැටි බලාපන් ඉන් ලබෙන දේ ගැන නුඹලට
පණක් නහලා ගන්න හැකිවෙද සුගතියක් දිවි ගමනට
ගන්න හැකි නම් කොටාපන් මට කොටාපන් තව හයියට ..........


තුෂාර විතාරණ


.


Saturday, March 7, 2015

ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ .............



හිනා වෙන වත වහං කරනවා වේදනාවන් බෝමයක්
අැල කරං ඔය මූණ කියනවා දරා ගන්නට බැරි දෙයක්
ගතේ වැරහැලි හිතේ දුක් ගිනි කුසේ ගින්දර මහ ගොඩක්
පුතේ ඔය නෙත පුංචි කරලා කියනවාදෝ මට කුමක්

කොහෙන් අහුලා ගත් දෙයක් දෝ දරාගෙන ඔය කිහිල්ලේ
වතුර බෝතල් වන උන්මයි ගිනි ගැහුවෙ උඹෙ කැදැල්ලේ
මටත් ගෙවලා මාව වලා අැත්තෙ පෙන්නන්නට බලේ
කොහොම කරමිද මගේ පැටියත් උඹ වගේමයි හුරතලේ 

අාවෙ අැයි දැයි අහයි නම් උඹ කුමක් කියමිද මං පුතේ
උඹේ අම්මා අප්පා මරනට තිබුණේ නෑ තරහක් හිතේ
ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නං නැතේ
මූට අණදෙන මාමලා ගැන කියන්නං දවසක පුතේ

පුංචි අත් පා කන්න මොකවත් අහනවා නම් මං වෙතිං
කුසේ අැතිවත් අරං දෙන්නම් නිවන්නට කුස ගිනි උඹෙං
ඒත් උඹගේ හෙට දවස ගැන අහයි නම් දැනෙනා සැකෙං
කියන්නට දේ බොහෝමැයි මට නොතේරේ අරඹනු කොහෙං ..............


තුෂාර විතාරණ


.

Wednesday, March 4, 2015

ගත වැහැරිලා එල්ලෙන මස් වැදලි යටින්..............



නැත   ඉස්පාසුවක් තිස්සෙම කරන         වැඩෙන්
තෙත  මනයයි උගුරට දෙන කහට          ටිකෙන්
ගත     වැහැරිලා ල්ලෙන මස් වැදලි        යටින්
හිත     දහිරිය ද හත්තිය දෙන ගතට          තදින්

උර     පිහදා බර උර මත්තට                  ගන්නේ
බර     කර ගැහුම ජීවිතයයි               මහතුන්නේ
තර     කර ගන්න පඩියක් නැහැ     හිමිවෙන්නේ
තාෙර කර ගන්න ජීවන බර       වෙහෙසෙන්නේ

පට     වන බර දමා රෝදය                කරකනවා
ගෙට  ගෙන න්න කී බඩු ගැන       සිහිවෙනවා
අැට   දෙක තුනත් බත් පතකට         සෑහෙනවා
හෙට  නම් දිනක් නැතිනම් අප        තුටුවෙනවා

"ඔය  ඉහ පැහුණේ අකලට නොව කලට  තමයි
ඔය    ජීවිතය නිරුවත් උඩුකයට             කැපයි
පය    තිය තියා මහ පාරට හෙට්ටු             කරයි
බය    ය නොවෙයි, ජීවන මග තවත්        දුරයි "..............


තුෂාර විතාරණ


.

Related Posts Plugin for WordPress, Blogger...