Saturday, December 3, 2016

ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං
හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං
කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං
නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං
දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනං
දීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.


මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානං
මහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනං
ඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානං
දීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.


කසුප් අනුරාධ



.

Thursday, December 1, 2016

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම)



මාධ්‍යය මර්ධනය හැමදාම තියෙනවා
පෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවා
දැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවා
ප්‍රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවා

හිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළා
දහවලට නටන උන් රෑට ගිනිබත් කළා
මොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලා
චැනල් එක තිබුණ තැන හොයන්නත් බැරිකළා

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට
චරිත ඝාතන වේලු හොද නෑලු කරන්නට
උන්ට නිදහස තියේ ඕන හැටි ගසන්නට
ලිව්වොතින් වැරදි අපි වෙයි හිරේ ලගින්නට

සිරසටත් ගැහුවාලු දෙරණ කජ්ජක්වේද ?
ලසන්නත් මැරුවාලු චතුරලා පොරවල්ද ?
කාල්ටන් වැහුවාම ඊ නිවුස් දගලයිද ?
ටීවි රේඩියෝ ළග බ්ලොග් බච්චො කවුරුන්ද ?



කසුප් අනුරාධ



.
Related Posts Plugin for WordPress, Blogger...