Sunday, January 31, 2016

අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි..............



එදා දුටු හිරුම අද පායලා තියේ නම්
එදා වාගෙම අදත් මල් සුවඳ දේවි නම්
එදා දුටු කුරුල්ලන් අදත් සැරිසරයි නම්
එදා වුණු දේ අදත් නොවේ කොහොමද කියම්.................

දරුවන්ගෙ නෙතින් ගැලු කදුළු වැල් නොසිඳේවි.
ඒ කදුළු සමවෙන්න පියවරුත් හඩවාවි.
වීරයන් දවසකින් දෙකෙන් හිවලුන් වේවි.
අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි...................

මේ කරපු පව් එදා ඔය නෙතට නොපෙනුණිද
එදා කළ පව් කොහොම අද හේදිලා යාද
දෑස් බැඳි රෙදි කඩට ලෝකයක් වී අන්ධ
දෙව්දුවනි පසිදන්න තුලාවට පුළුවන්ද......................?




කසුප් අනුරාධ.




රූපයන් - www.egossip.lk


.

Friday, January 29, 2016

අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න.....



දෑස් ඉමේ සිනා සලන ඉරගිරවී අහන්න
දෑත් ඉනේ තබා රඟන මාලගිරවි බලන්න
අෑත ඉඳන් පෙම් කෙරුවට මගේ ගැනත් හිතන්න
අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න

නුඹ කිව්වට ගී පද බැඳ අාදරෙයි කියාලා
මට කියන්න බැහැ ගිරවියෙ මා ඔබෙයි කියාලා
නුඹට වඩා මගේ ගිරවි මට අගෙයි කියාලා
දන්නවනං අැයි බලන්නෙ මං බලයි කියාලා

ඔතන ඉඳන් අත වැනුවට මට එන්නට බෑ
මගේ ගිරවි අඬවන්නට දුකක් දෙන්න බෑ
මේ හුරතල් දකින්නැතුව මට ඉන්නට බෑ
කූඩු වෙන්න ඔබත් එක්ක එන්නට මට බෑ



තුෂාර විතාරණ


රූපය - www.claytonladuerotary.org

.

Wednesday, January 27, 2016

අනේ සාදු............


රූපය 01 



රූපය 02 



මෙය මහා තරගයකි තෑගි ගන්නට අැහැකි
නමුත් ලේසියක් නැති දරුණු අභියෝගයකි
අැහැක් නම් කරනු රිසි ලියන්නට අැති දෙයකි
ඉහත රූපයන් හට නමක් දෙනු මැනැවි සකි........


කුරුට්ටන්ගේ යෝජනාව

රූපය 01 - බුදුහාමුදුරුවෝ දැක්කොත් මේවා...........

රූපය 02 - බන්ධනාගාර බල සේනා................





රූප 01 හා 02 - http://www.lankadeepa.lk/

.

Monday, January 25, 2016

සර් මං වකුගඩුවක් දුන්නා.............


වකුගඩුවක් නෙමෙයි අක්මාවක් වේවා
පණක් ගැහෙන්නට අවැසි නම්
ගත පුරා දුවන රක්ත වර්ණ ලේ
නොනැවතී දුවන්නටත් ඕනෙනම්

දෙකක් තියෙන එකේ
එකක් දීලා පින් ගන්නත් හැකිනම්
ගෙදර ප්‍රශ්ණ විසඳ ගන්න
පින් ටිකක් මුදල් කරගන්න වේ නම්

පත්තරේ අැඩ් එකක් දමා
අහිංසකකමට ගන්නටත් බැරිනම්
උපන් දා සිට හම්බකරපු සල්ලි
මක් වෙනවද කරාම වියදම්......................


කසුප් අනුරාධ


රූපය - www.lankaenews.com

Wednesday, January 20, 2016

පේන මානේ නේන නුඹ ගැන හිතේ මුල්ලක අාලයක් අැත.



හීන සියොලඟ වෙලාගෙන අැත
නේක සිතුවිලි හදවතේ නැත
පේන මානේ නේන නුඹ ගැන
හිතේ මුල්ලක අාලයක් අැත.

ධවල අංජන දෙනෙත නිල් නැත
නා තුරඟ දළු දෙතොල් මත නැත
ඉනූ වරලස මයුර පිල් නැත
ඒත් ඔය වත අඩුවකුදු නැත

ඔබේ වත ගැටි සුළ දැක නැත
හීන අතරද නුඹ සරන්නැත
ගෙපැල එළියට එයිද දන්නැත
හිතේ අැතිවුණ අාලයක වත.....................


තුෂාර විතාරණ


.

Sunday, January 17, 2016

සරසවි බිත්තියේ කුරුටු නොගෑ ගී..............


කවිය 01 

ඊයේ මගේ ගත දැවටී සිටියාට
මා වැළඳන් නෙත කදුලැල් පිසුවාට
අදයයි තවත් බැචියක් සිඹිමින් රෑට 
ඔයා අැදන් හිටි කමිසය රතු පාට....................

පසු සටහන - මට තාම මතකයි පළවෙනි දවසේ කැම්පස් ගියේ එක ඩෙනිමකුයි එක ටීෂර්ට් එකකුයි අරගෙන. කැම්පස් ඉන්නකල් කවදාවත් සල්ලි වලට ඩෙනිමක් ටීෂර්ට් එකක් ගත්තේ නැතුවාට මං අායෙම ගෙදර යත්දිත් මට (වෙන) ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි තිබුණා........ 



කවිය 02


සින්නෝ කියපි කොකු ගහන්න බය නොවනූ

ගෙදර යද්දි පහළ වැටේ තියා යනූ
ඒත් අනේ හිතුවට දරුණුයි ගෑණූ
කොක්ක උයනවා මම කපනෙමි ලූණූ ...................

පසු සටහන - කැම්පස් ගිය මුල් කාලේ සීනියර්ස්ලා තෙල් බැම්මේ ඉදගෙන අපිට තෙල් බෙදද්දි කියපු තාමත් මතක තියෙන කතාවක් තියෙනවා. කැම්පස් අාදර සම්බන්ධයක් පටන් ගැනීමට කොක්කක් ගහනවා කියන්නේ අැයි ...? ඒ වෙන මොනවත් නිසා නෙමෙයි කැම්පස් ඉන්නකල් අතේ එල්ලගෙන ඉදලා යන දවසකට පහළ වැටේ එල්ලලා යන නිසාලු... ඒත් අපේ බැච් එකේ ගහපු කොකු සියල්ල ම පාහේ දැන් අතේ නොව කරේම එල්ලාගෙන බැචාලා යනවා මම නිතර දකිමි.... 


කවිය 03


දවසින් දවස සිව්වන වසරත් ගෙවුණා

දකින දකින හැම කෙල්ලම හිනා වුණා
අහන අහන පාරට අැණ එකතු වුණා
අැණපති මමයි මිටියක් මට හම්බවුණා...........

පසු සටහන - මේක මගේ බැචාගේ කතාව. අවුරුදු 4ට කොහොමත් බැචියන්ගෙන් සහ ජූනියර් බැචියන්ගෙන් හැමදාම අහ අහ අැණ වුණා. අන්තිමට කැම්පස් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා කොක්කක් ගොඩගියා. පහුවෙනිදා ගොයින් ඩවුන් තිබුණ නිසා මූ පොර වගේ අර සුපර් ජූනියර් කොක්කත් එක්ක අැවිත් වාඩි වුණා. සම්මාන ටික දීලා අන්තිමට අැණපතිගේ නම කිව්වා...... විනාසයි..... ඒ අපේ බැචා. අන්න එහෙමයි උෟ කැම්පස් එකේ දී ගොඩගිය එකම කොක්කත් අැණ වෙලා සැබෑම අැණපති වුණේ....... 



කැම්පස් එකේ බිත්තිපුරා අපි ලියපු කවි තාම අැති. ඒවා කැම්පස් කුරුටු ගී විදිහට ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒත් ඒවා අපේ සුන්දර කැම්පස් ජීවිතය තාමත් අර සුදුපාට බිත්තිමත විදහා පෙන්නනවා අැති. එදා නොලීවාට මේ කවිත් ඒ බිත්තිවලම ලියැවුණා නං හොදයි කියලා මට දැන් හිතෙනවා.........



තුෂාර විතාරණ



රූපය - http://ranilplus.blogspot.com/2012_08_01_archive.html

.

Thursday, January 14, 2016

සක නැති රිය ගමන අපගේ ජීවිතය. නුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරිය..........



ලොවට සිනාසී තනිවම හඬන්නේ
දහදුක් විඳ ගෙනත් දරුනට කවන්නේ
නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ...................//


අකුරට යන්න අන්දයි ගත වැරහැලිය
පුතුනට බත් බෙදයි හාරා බත් හැලිය
සක නැති රිය ගමන අපගේ ජීවිතය
නුඹෙ බඳ ගැට ගසා අදිනට දැන් බැරිය


නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................


දෑස් නොපෙනෙනා තුරු නිදිවැරුවාම
දෑත් වාරු නැති තුරු දුක් වින්දාම
මුවට සිනා දී තුටුවන්නෙද කෝම
ඔටුනු පලන්දනදා නුඹ නැතුවාම


නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................



තුෂාර විතාරණ



රූපය - http://mahamegha.lk/2015/12/31/mahabowai-mata-maye-amma/
.

Monday, January 11, 2016

කොටහළු ගෙවල් වලට පැන - ගල් බෝතල් හිඟන..............



සිවිල් අැඳුම් ලා ගෙන
කොටහළු ගෙවල් වලට පැන
ගල් බෝතල් හිඟන
හිඟන්නන් පිරිසකිය බිහිවන

මේ හිඟන්නන් දුටු තැන
මිනිසුන් තමන්ට ගහගෙන
උඩ තට්ටුවට නැගගෙන
කොල්ලො පනී ජනෙල් කඩාගෙන

දුක ඉපිද හිඟන්නන් ගැන
දැන දැනම ඉරි කපාගෙන
පිනට දහමට ලැදි මහා ජන
මොණර කොළ දී මොවුන් සනසන

වේ නම් ගෙදර දොර ප්‍රශ්ණ
හිඟන ගුබ්බෑයමට ගිය තැන
මොණරු ගෙන ප්‍රශ්ණ විසඳන
ඕනෙනං රෑ ගෙටත් රිංගන

වටලනවා නං හොදම තැන
කුඩ්ඩො මැරයෝ රැළක් ගැවසෙන
අයුතු ජන රාශියක් සිදුවන
තැනකි දියවන් පොකුණ මැද්දෙන

නොවී ලැජ්ජා තැන තැන
තම හිස කෙලින් කරගෙන
වැදූ අම්මට පිං පතාගෙන
ප්‍රකාශකයිනි ගෙදර යනු මැන........................


කසුප් අනුරාධ


.

Thursday, January 7, 2016

කුරුටු ගෑ ගී පවුර ගෙඩි පිටිං හොරකම් කරලා............



කුරුටු ගෑ ගී පවුර කියලා මේ වෙද්දි බුකියේ පවත්වා ගෙන යන ගිණුමක් පිළිබද ව අද සින්දු අැනෝට විස්තරයක් ලැබිලා ඒ ගැන අපිව දැනුවත් කළා. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කලින් වතාවකත් අපේ මිතුරෙක් කියලා තිබුණාට ඒක ගැන අපිට කිසිම විස්තරයක් හොයාගන්න හැකි වුණේ නැහැ. ඒත් මේ වෙද්දි හොද සාක්ෂියක් ලැබිලා තියෙනවා. සත්සරණී කෝකිලා මධුමතී යන නමින් මේ බුකි ගිණුම අයිති පුද්ගලයා අපේ අනන්‍යතාවය හොරා ගැනීම ගැන පැහැදිලි ව ම අපිට කණගාටුවක් තිබේ.

මෙය ක් අතකින් අපේ අනන්‍යතාවයට ගැටළුවක් අැති කරන අතර ම අප අඩවියේ හෙඩරයේ අැති නම තම බුකි ගිණුම සදහා අමු අමුවේ භාවිතා කිරීම ද කණගාටුවට කරුණකි. අප අඩවිය වෙත පැමිණ මෙම සොරා ගැනීම සිදු කොට අැත්නම් ම ලැජ්ජා සහගත ක්‍රියාව අප හෙළාදකින බව ද ප්‍රකාශ කළ යුතුය. කෙසේ වෙතත් මෙය වසර ගණනක් අප විසින් ගොඩනගා ගත් අනන්‍යතාවය පිළිබද පැහැදිලි ගැටලුවක් මේ වන විටත් අප හමුවේ බිහිකර හමාරය.

මෙය සිදුවිය හැකි තවත් අාකාරයක් තිබේ. නම් කුරුටු ගෑ ගී පවුර යන නමින් ගූගල් සර්ච් කළ විට රූපයක් ලෙස අපගේ හෙඩරය ලැබීමයි. ය තැනින් ලබා ගත්ත ද මෙම රූපය හිමි වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය කුමක් ද යන්න ගැන සොයා බැලීමට අදාල පුද්ගලයාට පැහැදිලි යුතුකමක් අැති බව ද අප විශ්වාස කරන්නෙමු. කම නමින් බ්ලොග් කිහිපයක් පවා අාරම්භ වන තත්වයක් යටතේ මෙය අහඹු ලෙස සිදුවිය හැක්කක් බව අප ප්‍රතික්ෂේප නොකරන නමුත් මෙමගින් අපගේ අනන්‍යතාවයට සිදුවන හානිය වැනි තර්ක වලින් වසාලිය නොහැකි බව අපගේ අදහසයි. 

මෙම බුකි ගිණුම පිළිබද වැඩි විස්තර සොයා බැලීමට හෝ මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන මෙම ගැටළුව පිළිබද විමසා බැලීමට හැකියාවක් නැත්තේ බුකිය තුළ අපගේ ක්‍රියාකාරීත්වයක් නොමැති නිසාය. රූපයෙන් පැහැදිලි වන අාකාරයට මෙම ගිණුම හිමි අය පැරණි ගීත සම්බන්ධ කටයුතු කරන අයෙකු බව පැහැදිලි වෙයි. සින්දු අැනෝට වැනි ගීත සෙවීමේ දී මෙය හමුවන්නට අැතැයි සිතිය හැකිය. කෙසේ වුව ද කුරුටු ගෑ ගී පවුර නම් බ්ලොගයක් සිංහල බසින් ක්‍රියාත්මක වනු අැතැයි සත්සරණී කෝකිලා මධුමතී යන අය නොදැන සිටීමට හැකියාවක් අැති බවට ද අප නම්‍යශීලී ව විශ්වාස කරන්නෙමු. (සමහර විට මෙම බුකි ගිණුම අපගේ බ්ලොග් ලිවීමට පෙර අාරම්භ වූවක් ද විය හැකිය.) 

තත්වය කෙසේ වුව ද අපට තව දුරටත් පවතින ගැටළුව වන්නේ අප වසර ගණනක් තිස්සේ පවත්වා ගෙන යන බ්ලොග් අඩවියෙහි අනන්‍යතාවය අභියෝගයට ලක්වන අාකාරයේ ක්‍රියාකිරීත්වයක් බුකිය තුළ හෝ වෙනයම් ස්ථානයක සිදුවීමයි. මෙම සිදුවීම බ්ලොග් ලියන නොලියන, කියවන, ඔබ සැම ද අනුමත නොකරනු අැතැයි අප උදෙක් ම අපේක්ෂා කරන්නෙමු. බැවින් මෙම ගැටලුව විසදා ගැනීමට හැකි සහයෝගයක් ලබා දෙන මෙන් ඔබ සැමගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.........


කතු කිරීම 01

දැනට පැහැදිලි අාකාරයට අපේ බ්ලොගයේ හෙඩරය පමණක් නොව හි අැති ''හිතේ මැවෙන අදහස් වල පද ගැලපෙන තැන'' යන්න පවා මෙම බුකි ගිණුමේ ඒ අාකාරයෙන් ම සදහන් වෙන බව සොයා ගැණුනා. තත්වය මෙසේ හෙයින් මෙය පැහැදිලි ව ම සොරා ගැනීමක් යැයි කීමට තරම් කරුණු තියෙනවා. මේ කරුණු අනුව මේ පුද්ගලයා අපේ බ්ලොගය වෙත පැමිණ අැති අයෙක් බවත් පැහැදිලි වෙනවා.

බ්ලොග්කරුවෙකුගේ අනන්‍යතාවය මේ අාකාරයට සොරා ගැනීමට ලක්කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් වන අතර ම අපට අැති ප්‍රධානම ගැටලුව වන්නේ අප විසින් මෙතෙක් ගොඩනගා ගත් අනන්‍යතාවය තවත් අයෙක් විසින් හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේ ම සොරා ගැනීමයි. හිතේ අැතිවන කණගාටුව සහ තරහව අමුතුවෙන් ඔබට ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවනු අැතැයි විශ්වාස කරන්නෙමු. මෙය අපගේ බ්ලොග්කරණය ගැන අප දැඩිව කළකිරීමට ලක්කරමින් තිබෙන බව ද මෙහිලා පැවසිය යුතුය. 


විශේෂ ස්තූතිය - සින්දු අැනෝට


කුරුට්ටෝ

.

Tuesday, January 5, 2016

කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින්


රෝස පෑ මුව මතක් වෙනවිට නෙතින් කදුලැල් ගලනවා
හීං හඩලා වැල්ලෙ පෙරළී මවට හුරතල් පානවා
මගේ පා ළග දැවටෙමින් නුඹ උන්නු හැටි මට පෙනෙනවා
පුංචි වටකුරු නුඹේ උණුහුම දැනෙනවා තව දැනෙනවා

සුමුදු අත් පා හයිය අරගෙන එදා නුඹ නැගිටපු දිනේ
නුඹේ අක්කා මල්ලි දෙන්නා පසුවදාමයි නැතිවුණේ
මගේ තනියට කිරි උරන්නට නුඹ පමණි මට හිමිවුණේ
ඒත් දෙවියනි මෙහෙව් විපතක් අනේ අැයි මට සිදු වුණේ

කියන්නට හැකිනං කියමි දුක පපුකැවුතු කෑරෙන හැගුම්
හැලෙන කදුලැළි මදිද මහතුනි දරු සෙනෙහෙ දකිනට උතුම්
පුංචි උන් හරි හැඩයි ඒ බව නොතේරේ මවකට තරම්
ඒත් සතියයි දෙකයි පැටියට කොහොම ඉන්නද නැතුව මම්

කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින්
නුඹේ කුසගිනි නිවන්නට බැරි අැයිද පුතුනේ මව්කිරෙන්
රසට පිසෙනා දිව්‍ය භෝජන ඉසුරු සැපසම්පත් මතින්
මවට පුතෙකුගෙ පුතුට මවකගෙ අාදරේ දැනුණද ඉතින්...........!



තුෂාර විතාරණ



.

Monday, January 4, 2016

අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබුණි........


ඔබතුමා මෙත්සිරිගම් හැදූ බව ද දැන සිටියෙමි.
හිටපු ජනාධිපතිවරු මහින්ද්‍යෝදය හැදූ බවද දනිමි.
නමුත් 
මහින්ද්‍යෝදය මකා දමා මෙෙත්‍රී සෙවනක් නොහදනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.

ඔබතුමා ජනවාරි 8 වෙනිදා රට භාරගත් බව දනිමි.
හිටපු ජනාධිපතිවරු පදවි ප්‍රාප්තිය සැමරූ බව ද දනිමි.
නමුත් 
ඔබතුමා අනුන් ලවා බෝධිපූජා, උත්සව නොකර ගනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.

ඔබතුමාට පුතෙක් අැති බව දැන සිටියෙමි.
හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් දැන සිටියෙමි.
නමුත් 
ඔබේ දරුවන් ඒ නාඩගම් තේරුම්ගෙන අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................

ඔබතුමාට සහෝදරයින් අැති බව දැන සිටියෙමි.
හිටපු සහෝදරවරු මහපුටු රත්කළ බව ද සිටියෙමි.
නමුත්
ඔබේ සහෝදරවරු ලොකු පුටු වල නොනටනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................

ඔබතුමා ජනාධිපති බව වූ බව දනිමි.
හිටපු ජනාධිපතිවරු රජ වූ බව ද දනිමි.
නමුත් 
ඔබ රජෙක් නොවනු අැතැයි
තව දුරටත් හදපතුලෙන් ම මම බලාපොරොත්තු වන්නෙමි................................


කසුප් අනුරාධ


.

Friday, January 1, 2016

තුටින් සිත මල් පිපේවා.................!


සිතේ පැතුම් ඉටුවන
මුවේ සිනා මතුවන
නෙතේ කදුළු නොරැදෙන
තුඩින් තුඩට රැව්දෙන

කිරි සිනා මැවේවා
තුටින් සිත මල් පිපේවා
හදින් හද පෙම පිරේවා
සුභ නව වසරක් වේවා..................!


කුරුට්ටෝ

.
Related Posts Plugin for WordPress, Blogger...