Monday, December 4, 2017

කිසිත් නොකියා ඉන්න .................................

Image result for alone

හිස් අතින් ඔබ එන්න
දෝර ගලනා ආදරේ - කීරි ගැහෙනා වේදනා
නැතිව ඇවිදින් යන්න
හිස් අතින් ඔබ එන්න

ඉකි ගැහෙන හදවතක ඇති බර මනින්න
නෙත් අගින් හැලෙනා කදුළු කැට ගනින්න
හිස් අතින් ඔබ එන්න
එපා හිත සනසන්න - එපා නෙතු පිසලන්න
කිසිත් නොකියා ඉන්න

අදුරු හවසක දැනෙන පාලුව විදින්න
රෑහි නාදෙට පිපෙන හිරිගඩු බලන්න
හිස් අතින් ඔබ එන්න
එපා කිසිවක් දෙන්න - එපා කිසිවක් ගන්න
හිස් අතින් ඔබ යන්න



තුෂාර විතාරණ


.
Related Posts Plugin for WordPress, Blogger...