අපේ ආදරයත් හරියට හයිකුවක් වගේ
එක පේළියකට පද පහයි අනිකට පද හතයි
ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි
තුෂාර විතාරණ
.
පසු සටහන - හයිකු පිළිබද අසා තිබුනෙමි. නමුත් හයිකුවක් කිසිදා ලියා හෝ ලිවීමට උත්සහ කොට නොතිබුණි. හයිකු කියවූ කිසිවිටෙක ඒවා මගේ සිතට දැනුණ බවක් මට මතක නැත. ඒ නිසා ම හයිකු පසුපස නොගියෙමි. නමුත් දින කිහිපයකට පෙර හිතට ආ සිතුවිල්ලකට අනුව ජපනුන්ගේ යුද්ධ පුදුම සහගතය, ටෝපිඩෝ පුදුම සහගතය, සමුරායි සටන් පුදුම සහගතය, සමුරායි කඩුව ද පුදුම සහගතය. එහෙව් එකේ හයිකුව අධ්‍යයනය කළ යුතු යැයි සිත කී බැවින් දින දෙකක් පුරා සියල්ල පසෙකින් තබා (ලෙඩ වී නිදහසේ සිටින නිසා වැඩේ තවත් පහසු විය) හයිකු පිළිබද ගැඹුරු අධ්‍යයනයක් කළෙමි. අවසානයට මම යමක් සොයා ගතිමි. ඒ නම් ජපනුන්ගේ හයිකුව ද පුදුමසහගතය. ඒ අනුව ලියූ මගේ පළමු හයිකුව මෙයයි.
හයිකු ආදරය...එල..
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජීත්...............
Deleteහයිකුත් නිකං තුනපහ වගේ. හැක්...
ReplyDeleteඔව් ප්‍රසන්න අයියේ........... ඒක ගැන පොඩි සටහනක් සින්ඩියේවත් ලියන්නත් හිතාගෙන ඉන්නවා... බලමු ඉතින් ඕවා හිතේම තියෙයිද දන්නෑනේ.....
Deleteකොච්චර ගැඹුරට ගියාද, තාම ගොඩට ආවෙ නැද්ද?
ReplyDeleteනෑ තාම කිමිදෙනවා....... ඔය පැත්තේ ආපු වෙලාවක කිමිද්දන්නංකෝ...........
Deleteහයිකු අධ්‍යයනය කරා කියල උඹ ලෙඩ මර ගාතේ වෙන මක්ක හරි අධ්‍යයන කරල වගේ.. නැද්ද බස්සියෝ..
ReplyDeleteආ... අමුඩයට නිවාඩු ඉවරවෙලා වගෙයි. හැපි අලුත් ඉයර්එකක් වේවා !
Deleteආ................. අමුඩයේ -ලා.............
Deleteනැත්තං මෙතැන්ට බස්සියෙක් එයියෑ........
පද පහද
Deleteහතද ඒ අකුරු
පහ හතද?
කෝකද හරි ??
Deletehttp://bassigenawathana.blogspot.com/2015/03/haiku-mania.html
අගෙයි කමියා............... අකුරු ගාන ගලපලා ලියලා තියෙන හයිකුව ලස්සනයි....
Delete@ ඇනී................
Deleteස්තූතියි..... හයිකුවල උපත පෙන්නුවාට ස්තූතියි....
මමත් මේ ලින්කුව කොපි කරන්න හැදුවේ. හ්ම්ම් හ්ම්ම් පරස්පර විරෝධී වෙන්නේ කොහොමද කියලයි කල්පනා කලේ. මමත් දන්නා හයිකුවක් නැත. ඉගෙන ගන්න ඕනෙකමකුත් නැත. ඒ උනාට උත්සාහය අගය කරමි
Deleteමාත් හිටියේ ඔතැන තමා...... ඒත් මං දන්න තරමට උපේක්ෂා කියන්නෙත් සුපිරි කවිහිතක්..... ටිකක් මේ ගැන කියවලා බැලුවොත් ආස හිතෙයි... ෂුවර්.... මොකද දන්නවාද මුලින් මමත් ප්‍රතික්ෂේප කරාට දැන් දවස් තුනක් මේ හයිකු කැක්කුම හැදිලා.... තාම හොද වුණේ නැහැ...... මේ තුළ අපි නොහිතන ගොඩක් දේවල් තියෙනවා උපේක්ෂා..... ටිකක් බලමුද?????
Delete
Deleteහයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.
1. හයිකුවකට ඇතුලත් විය යුත්තේ අක්ෂර දහහතක් පමණයි.
2. මේ අක්ෂර 5/7/5 වශයෙන් තුන් පෙලකින් සමන්විතයි.
3. බොහෝ ජපන් හයිකු ගොඩනැගෙන්නේ එකිනෙක හා බැඳුනු වස්තූන් දෙකක් ම්ල් කරගෙන.
4. ජපන් හයිකුවක තවත් ලක්ෂනයක් තමයි කවියට අදාල සෘතුව නිරූපණය වීම.
පළමු උත්සාහය සාර්ථකයි .. ලස්සනයි.
ReplyDeleteඒ වගේම තුෂාරට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...!
ස්තූතියි සදරු.................
Deleteසදරු පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න තියෙනවා... හැක්නං මෙන්න මේ මේල් ඇඩ් එකට මේලක් දානවාද?????? පොඩි විස්තරයක් දැනගන්න....
weerasinghehasitha@gmail.com
අනේ මටනම් වැල් බං
ReplyDeleteහිටිං මං ඕක උඹට තේරෙන විදිහට කියලා දෙන්නං........ හැබැයි ඔන්න උඹේ රස්සාවට මේක සම්බන්ධ කරගන්නවා එහෙම නෙමෙයි හරිද?????? මොකද එකක් පොඩි සයිස් එකකටයි අනික ටිකක් ලොකු සයිස් එකකටයි හදපු ගමන් උඹේ රස්සාව ඉවරයි.... අනික මචං කෑලි තුනක් දැම්ම ගමන් උඹ ගෙදර.... හැක්...
Deleteපිළිකාවක් හැදිලා මරුන මගේ යාලුවට මේ හයිකුවුව හරියනවද බලපන්
ReplyDeleteදුම් වැටිය අප එක් කළේය
දුම් වැටිය අප වෙන් කළේය
හයිකු වල රීති කිහිපයක් තියෙනවා.
Delete1. පේළි තුනයි තියෙන්නේ
2. පළමු පේළියට පද පහයි
3. දෙවැනි පේළියට පද හතයි
4. අවසන් පේළියට නැවතත් පද පහයි
5. බොහොම අඩුවෙන් විතරයි මේවායෙදී එලිසමය රකින්නේ
මේ අනුව බැලුවා ම මචං උඹේ හයිකුව ටිකක් වෙනස් විය යුතුයි. මං හිතන්නේ උඹට ම දැන් හැකියි ඒක මොඩිෆයි කරලා (ආ නෑ හයිකුෆයි කරලා) ගන්න......
තේරුමක් නෑ ඒත් තියනව වගේ වෙන්නත් ඕනෙ නේද?
Deleteඔය තියෙන්නේ අපේ ප්‍රා ගේ නිර්වචනය......... යකෝ මෙහෙම අධ්‍යයනය කරගෙන ගියොත් අපිටත් පුළුවන් ජපන්නුන්ටත් හයිකු උගන්නන්න..... අපිට නමක් උනත් දා ගන්න බැරියෑ. පශ්චාත් හයිකුකරණය වගේ එකක්... කොහොමත් ජපන්නු දැක්කා ම ගැටලුව ඇති වෙන්නේ පශ්චාත් හරියට ම තමා......
Deleteසොරි නිරි වචනෙන් පශ්චාත් කෑල්ල හැලුනා.
Delete/තේරුමක් නෑ ඒත් තියනව වගේ වෙන්න ඕනෙ
එහෙම නැත්නම් තේරුමක් තියනව ඒත් නෑ වගේ වෙන්න ඕනෙ//
තවත් ෙප්ළියන් තිබුණානං වචන/අකුරු ගාන අමතක කරලා දාලා මේක ප්‍රා ගෙත් පළවෙනි හයිකුව කරන්න තිබුණා........... හැක්
Deleteඅනේ මේකට තේරුමක් නෑ වගේ
Deleteආයිත් තේරුමක් තියනවත් වගේ කියල හිතනවද මංද
ගෙම්බා වතුරට පැනල සීතලයි කිව්ව
හරි එහෙනං උඹත් ලිව්වා එකක්....
Deleteමමත් ලියනවා ඒක දවසක හයිකුවක්
Deleteගහනවා එදාට බෝතලයක් සතුටට ප්‍රා එක්ක වැටෙන්න
තේරුමක් තිබුනත් නැතත් මට මොකද
මං උඹට උඩිනුත් කිව්වා මෙන්ඩෝ.............
Deleteඔය හයිකු ජීවිතේට නෙමෙයි ගෙදරට වැද්ද ගත්තත් කමක් නෑ.... උඹේ රස්සාවට එහෙම වැද්ද ගන්නවා නෙමෙයි..... එකක් 5 යි අනික 7 යි එකක් මහපු ගමන් උඹේ රස්සාව ඉවරයි..... ඒ විතරක් නෙමෙයි මේවා පේලිත් තුනයිනේ බොල.... අම්මේ පරිස්සමට හරිය.............. ඔන්න ආය රස්සා හොයන්න මට බෑ හරිද??????
මගේ කවිය හරිද කියහන්කෝ
Deleteඑ්කේ සමහර ලක්ෂණ තියෙනවා..... හරි අපි කියමුකෝ ඒක හයිකුවක් කියලා..... ඒත් අර මං කියපු එක හිතේ තියාගනින් හරිය........
Deleteඅනිවා ඒක මතක තියාගනම්.
Deleteඋබේ හයිකු පාඩම එල
තැන්කූ මචං............... තාම මාත් පාඩම ඉගෙන ගන්න ගමන්....... අපි මැරෙනකල් ම ඉගෙන ගන්නවානේ මචං........
Deleteහයිකු කියල ගොඩක් අය ලියන්නෙ වාක්‍ය කෑලි. ඔරිජිනල් හයිකු හරිම සංක්ෂිප්ත වගේම නිර්මාණාත්මකයි.
ReplyDeleteඅපේ නෙළුම් යාය බ්ලොග් සම්මාන වලත් හයිකු වලට සම්මාන දෙනව නේද? ඒක නං තේරුමක් නැතිව කරන වැඩක්. මොකද කෙටියෙන් වාක්‍ය කෑලි ලිව්වම හයිකු වෙන්නෙ නැති නිසා.
හරියට ම හරි හෙන්රි අයියේ.............
Deleteතාම මේක ගැන ඉගෙන ගන්නවා. අපිට සදැස් ලියන්න පුළුවනි. නිසදැස් ලියන්න පුළුවනි. ඒත් මේ හැම ආරකට ම තියෙනවා ඉතිහාසයක්. ඒවා ගොඩනගපු මිනිස්සු ඉන්නවා. මේ දේවල් ඒ මිනිස්සුන්ගේ ජීවිත, ජීවිකාවන්, භාෂාවන්, සංස්කෘතීන් සහ වටිනාකම් එක්ක ගොඩනැගුණ දේවල්. ඉතින් අපි ඒ ගැන යම් හෝ අවබෝධයක් නැතුව ලියනවානං ඒකෙන් මේ දේවල් ගොඩනගපු අතීතයට අසාධාරණයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා.
අපේ ජන කවි කියන දේ ගත්තාම ඒ තුළ මහා සාහිත්‍යයක් තියෙනවා. අපිට කවි ලියන්නට හැකියි. නිසදැස් ලියන්නට හැකියි. ඒත් අර කියන අතීතය සහ යටගියාව ගැන දැනගත්තු කෙනෙක් ලියන දේ තුළ නිකං උඩින් අතපත ගාලා ලියන දේකට වඩා මහා ගැඹුරක් සහ දැනුමක් තියෙනවා. වැදගත් ම දේ තමා ඒ නිර්මාණ තුළ අතීතයට ගරුකිරීමක් තියෙනවා.
මේ විදිහට හයිකුවක් ලියන්න මං දවස් දෙකක් දැගලුවා. ඇත්තම කිව්වොත් මේ පළකරේ මං ලියපු 10 වැනි විතර හයිකුව. ඒත් මං එක දෙයක් දන්නවා. මේ තමා මං පළකරපු අසාර්ථක ම හයිකුව. මොකද මේ වෙලාවෙත් මං මේ ගැන තවත් දේවල් කියවනවා. ගැටලුවකට තියෙන්නේ ජපන්නු තමන්ගේ භාෂාව තමා ගොඩක් විට භාවිතා කරන්නේ.. ඒවා ජාත්‍යන්තර භාෂාවන්ට ඇවිත් තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා අපිට හයිකුවේ හැබෑ පතුල හොයන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.
මං දන්න විදිහට බූන්දියේ හයිකු සම්බන්ධ ලොකු දැනුමක් එකතු වෙලා තියෙනවා. ඒත් හයිකු ගැන ජපන්නුන්ගේ බිමේ පැල වුණ සහ ජපන්නුන්ගේ ඔලුවලින් එළියට ආපු විචාරයන් කියවන්න ඇති හිගය නං ලොකු අඩුවක්...... කොහොමත් මේ පද පේළි තුන හරහා ගොඩනැගෙන මේ සංවාදය වුණත් බ්ලොග්කාව්‍යකරණයට ලොකු සහයක් වේවි කියලා හිතනවා....
හෙන්රි අයියේ මේ ගැන පරිශීලනය කළ හැකි දේ හෝ උදාහරණ ඇති තැන් ඇතොත් කියන්න.... ජයවේවා....
මුල පේලියෙයි අග පේලියෙයි විරසකයක් තියෙන්න ඕනේ. නැත්ද?
Deleteනොකී කතට ගොඩක් ප්‍රශ්න තියෙනෙව වගේ අපේ තේරීම් ගැන. මේක කියෙව්වද? ඇයි අපි එහෙම දුන්නේ කියලවත්. ලඟින් යන ඒවා අමාරුවෙන් තේරුවා කියන්නේ මොකක්ද කියලද හිතෙන්නේ.
Deletehttp://kolambagamaya.blogspot.co.uk/2016/03/2016.html
හයිකු
හයිකු තේරීමේදී මේවා හයිකු නොවේ යයි චෝදනා එල්ලවිය හැකි වුනත් මේ නිර්දේශයන් ඒ සඳහා සුදුසු බව සිතමු. සම්ප්‍රදායික ජපාන හයිකු වල ඇත්තේ පේලි තුනක් පමණක් වන අතර මුලික අදහස වන්නේ ඉන් කැපීම/ කැපෙන (කිරු) කිරීම යන්නයි. මුලික අදහස හා අවසන් පේලියේ අදහස කැපෙන මැද වචනය කිරෙජි නම් වේ. මේවා ලියවෙන්නේ මාත්‍රා (syllables) 5 (මුල් පපේලිය ) -7 (දෙවන පේලිය) -5 (තුන්වන පේලිය ) වශයෙනි.
හයිකුවක උදාහරණයක් වශයෙන් කියෝ මුරකමි ගේ (1865-1938) මේ කවි පෙළ (නෙළුම් මල් ගැන කියැවෙන බැවින්ම ) මෙසේ සටහන් කරමි.
Murakami, Kijo. (1865-1938).
The moment two bubbles
are united, they both vanish.
A lotus blooms. (උපුටා ගත්තකි.)
පහත නිර්දේශ කෙරුණු කවි පෙළවල් ඉහත නිතිය නොසලකා ලියවුනු කෙටි කවි වූවත් හයිකු බ්ලොග් වලට ආරම්භයක් දීම සඳහා "ලඟින් යන" තේරීමක් කල බව කරුණාවෙන් සලකන්න.
මේ කතාව එවෙලාවේ මං දැක්කා. ඇත්තට ම නිවැරදි ම හයිකු කොහේවත් ලියවිලා නැහැ කියලා දැන් මටත් වැටහෙනවා. මොනවා වුණත් අජිත් අයියා හෙන්රි අයියා පෙන්වා දෙන දේවල් අපි ධනාත්මකව ගත යුතුයි කියලයි මගේ නං අදහස. මං හිතනවා මේ සිද්ධ වෙන සාකච්ඡාවනුත් එක්ක ඊළග අවස්ථාවක් සදහා අපිට හොද හයිකු හොයාගත හැකි වේවි.......
Deleteඅපට අවශ්‍ය වුනේ මෙන්න මේ සංවාදය
Deleteඅපි මේ සංවාදය තව තවත් විවෘත ව තියමු...... ඒක බ්ලොග්හරහා ගොඩනැගෙන හයිකු ගැන අධ්‍යයනයක් වෙන බව පේනවා. ඒ විතරක් නෙමෙයි මේ තුළ තරු කියනවා වගේ ස්වතන්ත්‍ර යැයි කිවහැකි හයිකු වෙනුවෙන් අපිට කළ හැකි දේ මොනවද කියලත් බලමු......
Deleteහයිකු කවි ඇත්තටම අපූරුයි.... ඔයාගේ පළවෙනි උත්සහයත් අගෙයි...
ReplyDeleteස්තූතියි නිර්මාණී..............
Deleteකසුනාවත් මතක් කළ බව කියන්න...
ටිකක් විතර අමුතු උනත් එකෙත් පොඩි මෙව්වා එකක් තියනවා.
ReplyDeleteමෙහෙමයි සලිත...................
Deleteටිකක් මේවා ගැන හොයලා බැලුවා ම අලුතෙන් ඉගෙන ගන්න දාහක් දේවල් තියෙනවා කියලා තේරෙනවා....... මුලින් නං කාලය අපරාදෙ වෙයිද කියලා හිතුනා... ඒත් දැන් කාලය මදි කියලා හිතෙනවා......... බලමු.. මොනවා හරි හම්බෙයිනේ.......
මේ හයිකුවේ නම් ගත යුත්තක් තියෙනවා... හයිකු මූලධර්‍මයක් වගේ...
ReplyDeleteමාතා.................
Deleteකියවගෙන යද්දි හමුවෙන දේවල් එක්ක මේ සංවාදය ගොඩනැගීම තමා මගේ අදහස.... ඒ නිසා කවියෙ තියෙන්නේ ආරම්භයක් විතරයි. තවත් විදිහකට කිව්වොත් මේ සාකච්ඡාවට ආරාධනයක් විතරයි.
හයිකු කියන්නේ එක විදිහකට නිදහස් කවි ආරක්. තවත් විදිහකට එහෙම දෙයක් නෙමෙයි. අපේ ජනකවි වලටත් වඩා අනන්‍යතාවයන් බොහොමයක් තියෙන මහා ඉතිහාසයක් තියෙන සරල කියන දෙයින් එහා තියෙන දෙයක්. මේ දෙආකාරයට ම මේක විග්‍රහ කරන්න හැකියි.
හැබැයි මේකේ පටලවා ගැනීම් කීපයක් ම තියෙනවා. පළවෙනි ම දේ තමා කුඩා කවි හැම එකක් ම හයිකු නොවන වග. පොඩියට කවියක් ලියුව පළියට ඒක හයිකුවක් නෙමෙයි. හැබැයි එහෙම නැහැ ඒක හයිකුවක් තමා කියලත් කෙනෙකුට තර්ක කරන්න හැකියි. මොකද පරණ ජපන් හයිකු කවීන්ගේ කවි කියවද්දි පේන දෙයක් තමා මේ 5,7,5 කියන මූල ධර්මය ඒවායේ නොතිබීම. ඒ විතරක් නෙමෙයි බොහොමයක් ඒවායේ පේළි තුන කියන මූල ධර්මයත් නැහැ. ඒකයි මං කියන්නේ මේක එක විදිහක නිදහස් කවි ආරක් ය කියලා.
අනික් පටලවා ගැනීම තමා පද ගණන සහ මාත්‍රා ගණන අතර ඇති පටලවා ගැනීම. සමහරුන් හිතනවා මේක අකුරු (අකුරු ගණන මෙතැනදී ගන්න වෙන්නේ ජපනුන්ගේ භාෂාවේ තියෙන හිරකන කතකනා කියන අක්ෂර දෙවර්ගය අපේ භාෂාවන් හා සන්සන්දනය කරලා මාත්‍රා ගණනක් පෙන්නන්න බැරි නිසයි.) 575 විදිහට ලියන්න ඕනේ කියලා. ඇත්තට ම එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ.
ජපන්නුන්ගේ භාෂාවේ තියෙන රූපාක්ෂර වලදී එක අකුරකින් වචනයක් කියනවා. ඒ නිසා ඔය 5 කියන්නේ අකුරු පහක් නෙමෙයි. සමහරුන් මේක වැරදි විදිහට හිතාගෙන ඉතාම කෙටි අකුරු ගානකට සීමා වෙලා මේ කවි වර්ගය කිසිවක් කියාගන්න බැරි මහා උගතුන් විතරක් කියන දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒත් එහෙම නැහැ. අපි මේ කවි ආර අපේ භාෂාවකට ගේද්දි මේ රූපාක්ෂරයක් වෙනුවට වචනයක් ම ගන්න වෙනවා. සමහර විට ජපන්නුන්ගේ රූපාක්ෂරයකින් කියන දේ අපේ භාෂාවකට ගේද්දි වචන දෙකකට විතර යන්නත් වෙනවා... ඒ නිසා ඒ සීමාවල් අපි තේරුම් අරන් මේක හරියට අධ්‍යයනය කරොත් මේක හොද විවෘත කවි ආරක් කරන්න හැකි වෙනවා.....
කුණුහබ්බ.. හික්
ReplyDeleteවසංගතයා
Deleteහිටහං මං කොළයක් අරන් ගෙඩියක් ගෙඩියක් ගානේ ගාලා උඹට රුපියල් 10 ක කොළයකුත් ඔතල් ලියුමක් එවන්න.........
Deleteහයිකු කවියේ මා දන්නා තරමට පදවලින් නෙවි මාත්‍රාවලින් තමයි පේළියට නියමිත වචන ගණන තීරණය වෙන්නෙ.. කවියටම මාත්‍රා 17 යි... ජපන් හයිකු කවිය ගැන ඩොරති බ්‍රිටන් කියන කිවිඳිය සඳහනක් කරනවා මේ විදියට..
ReplyDelete“ජපන් කවියකි
මාත්‍රා දහහතක
හැඩය එය
කුඩාය
බෙලිකටුවකි සිහින්
මහ සමුදුරක සිතුවිලි
ගුලි කරගෙන සිටින”
බස්සිගේ හයිකු උණ ලිපියෙන් තවත් විස්තර දැනගන්න හැකි වේවි..
http://bassigenawathana.blogspot.com/2015/03/haiku-mania.html
ඇමරිකන් හයිකු ගැන
http://www.divaina.com/2013/08/01/sarasavi%203.html
හයිකු කවි අඩවියක්.... මාලතී කල්පනා කිවිඳියගෙ...
http://haikuaddara.blogspot.com/
++++++++++++
Deleteතරුරසී ස්තූතියි මේ පැත්තට ආවාට..............
Deleteඔය කියන අඩවි තුනම කියෙව්වා. මාත්‍රා ගාන ගැන කතාවත් උඩින් සදහන් කරලා තියෙනවා. හයිකු අද්දර ලියැවිලා තියෙන කවි බොහොමයක් සහ ඒවා ම බූන්දියේ ලියැවිලා තියෙන ඒවත් කියෙව්වා. ඒවා කියවලා බැලුවා ම පැහැදිලි ව ම ඔය මාත්‍රා කතාව බිද වැටෙනවා. ඒ කිසිවක් තුළ හරියට ම මාත්‍රා 17 රැකලා නැහැ.
හැබැයි ඔබ කියන මාත්‍රා 17 බෂෝගේ පරණ පොකුණ වගේ කවියක දී ඒ විදිහට ම තියෙනවා. උදාහරණයට මං පහතින් දක්වන්නම්.
古池や蛙飛び込む水の音
මේක හිරකනා වලට ගත්තා ම ෙමෙහමයි දාන්න ෙවන්ෙන්
ふるいけやかわずとびこむみずのおと
ඉංග්‍රීසියට ගත්තා ම මෙහෙමයි.
fu-ru-i-ke ya (5)
ka-wa-zu to-bi-ko-mu (7)
mi-zu-no-o-to (5)
අදහස ගත්තා ම මෙහෙමයි.
old pond
a frog leaps in
water's sound
මෙතැනදී ඒක හරි බව අපිට පෙන්නන්නට හැකියි. ඒ වගේ ම ඔබ සදහන් කරලා තියෙන දිවයින සටහන වටමඩල අතිරේකයක් විදිහට ගිය එක වෙන්න ඕනේ.... මේ සියල්ල කියෙව්වා තරු. ඒත් අපිට අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමා ජපන් භාෂාවේ තියෙන අක්ෂර වර්ග දෙක ගැන සහ දැන් අපිට මේවා කියවන්න ලැබෙන ඉංග්‍රීසින් විසින් විග්‍රහ කරන ලද හයිකුව ගැන කියන දේ. ඔබ කියන දේ හරි. මාත්‍රා ගැන (මාත්‍රා කියනවාටවත් වඩා අක්ෂර) 17 කතාව අපි මෙතැනට ගත්තාට ඒක හිරකනා කතකනා කියන අක්ෂර එක්ක සහ ඍජු සිංහල පරිවර්ථනයකට යද්දි මේ කියන විදිහට ම මේක පවත්වා ගත හැකි ද කියන එකයි.
අනික අපි මේක පේළි තුනක් ගැන කතා කරාට බෂොගේ සහ මුල්කාලීන ජපන් හයිකු ලියැවිලා තියෙන්නේ එක පේළියට.....
අනික තරු Yosa Buson (1716–1783) වගේ හයිකු ලියූවන් ගත්තා ම ඔවුන් ඇත්තට ම හයිකු කවි හැටියට භාවිතා කරපු බවක් පේන්නෙත් නැහැ. ඒවාට කිව්වේ ගද්‍ය කියලා. අනික තමා බුසොන් කියන්නේ හයිකු ලිවීමටත් වඩා (ඒකට හයිකු සහ හයිකයි කියලත් කියනවා) හයිකු වල පසුබිම් චිත්‍ර වලට මහා ප්‍රසිද්ධියක් දරපු කෙනෙක්. ඒවා චිත්තරූප මවපු මහා නිර්මාණ වුණාලු. ඒ කියන්නෙම මේක අපි හිතාගෙන ඉන්නාට වඩා පැතිරුණු කලාවක්... අපි තාම මේකේ මුල්ලක් අල්ලං දගලනවා කියලයි මට හිතෙන්නේ.......
ඔබේ ඉහත කමෙන්ටුව මං පසුව දැක්කෙ.. මේ අදහස හරි. ජපන් රූපාක්ෂරයක් කියන්නෙ සමහර වෙලාවට වචනෙකටත් එහා ගිය අර්ථයක්.. හයිකු ගැන ගැඹුරු සෙවීමක ඉන්න බව පේනවා.. මමත් නොදැන සිටි කරුණු දැනගත්ත මේ පැහැදිලි කිරීමෙන්...
Deleteනැහැ.................... මං ඔබෙන් මෙහෙම උත්තරයක් බලාපොරොත්තු වෙන්නෑ. මං කැමති ඒ තර්ක කිරීමට ම පමණයි. ඒකගවීම අපි අන්තිමට ම කරමු. ඔබට උත්තර දෙන්න කියවපු තරම දන්නේ මං විතරයි. මං දන්නවා මේක ඒකගවීමක් නෙමෙයි කියලා. මං දන්නෑ ඔබට තියෙන කාලය කොහොමද කියලා. මං ලෙඩ වෙලා අැදට වෙලා ඉන්න පළියට ඔබට වෙලාවක් නැතුව අැති. ඒත් හැකි නං ඔබේ පදනමේම ඉදගෙන අපි කතා කරමු.......
Deleteජයවේවා...
කුඩා දේ වඩා සංකීර්ණයි කියන්නේ ඒක තමා..
Deleteකුඩා දේ සංකීර්ණයි කියලා කියන්නේ ඒක නොතේරෙන එවුන් විතරයි දේශා...... කුඩා වෙනවා කියන්නෙම ඒකෙන් හැලෙන දේවල් වැඩියි. සමාන උන් අතර විතරයි යම් හෝ තේරුම් ගැනීමක් කරන්න හැකි. ඒ නොතේරුං කමට අපි කියන්නේ ඒක මාර සංකීර්ණයි කියලයි. කොහොමත් අපිට තේරුම් ගන්න බැරි දේට (තේරුම තේරුම් ගැනීමටත් වඩා එහි පසුබිම, වටපිටාව, සැකැස්ම, ගැඹුර තේරුම් ගැනීම) අපි මහා වටිනාකමක් දීලා ඒක පූජාච පූජනීයං කරනවානේ..........
Deleteකියවා ඇති ලිපි කිහිපයකින් දැන ගත් කරුණු ඇර ගැඹුරු හැදෑරීමක් කරල නැහැ කුරුටු.. මේ ඒකට වෙලාවත් නෙවි.. ඔබේ හැදූරීම් එක්ක හයිකු කවිය ගැන ලිපියක්ම ලිව්වොත් නරකද?
Deleteහයිකු සංකීර්ණයි.. ජපන් අක්ෂර හා එහි සංවේදනයන් සංකිර්ණයි.. අප තේරුම් ගන්නා ආකාරය සංකීර්ණයි. හයිකුවක මුලාරාම්භය හා උඹ කියන විදියට බෂෙෘ් වගේ විශිෂ්ථටයන් බිහි වූ කාලය අතර එහි විචලනයත් විවිධයි..
Deleteමේ අපහසුයි, සංකිර්ණයි කියන එකත් සාපේක්ෂයි. නමුත් එකම දෙයක් ඇත්ත කියල හිතෙනවා. ජපන් අකුරු වලින් ගම්‍ය වන අදහස (එම සංස්කෘතිමය හා සමාජිය වටපිටාවන් තුලම) වෙනත් භාෂාවකින් ඒ අයුරින්ම ඉදිරිපත් කළ හැකි යැයි සිතන්න අමාරුයි.. ඒක සංකීර්ණයි.. නමුත් හයිකුවක පේලි තුනයි පද පහයි හතයි කියන එක ලේසියි.. මම හිතන්නේ උඹට හයිකුවේ පේලි තුත තුල තියෙන අස්වාභාවික අසාමාන්‍ය සමානත්වය හා සම්බන්ධය අදුරගන්න බැරි වෙලා කියලයි.
//කුඩා වෙනවා කියන්නෙම ඒකෙන් හැලෙන දේවල් වැඩියි.//
Deleteටිපිකල් වෙන්ඩ එපා බං.. එහෙනං මයිකෝ පොසෙසර් එකෙත් කෑලි හැලෙන්ඩ එපායැ..
ඒ ගැන අදහසක් නැතුව නෙමෙයි. ඒත් ඔබ දන්නවානේ අපි තාමත් මේ කවි බ්ලොගය කතන්දර ලියන තැනක් කරන්න උත්සහයක් නැහැ. ඒ ගැන අපි සාකච්ඡාවක් කරා. ඒත් අපි ආපු අවසන් තීරණය තමා මේ වෙලාවෙත් අපි පටන් ගත්තු සහ අද වෙනකල් කරපු විදිහට ම බ්ලොගයේ අපි ලියන්නේ කවි විතරමයි. (මං අද දැනගත්තු විදිහට මේ තමා අපේ 400 වැනි පෝස්ටුව - ඒ කියන්නේ අපේ 400 වැනි කවිය) හැබැයි අපි ලියන හැම කවියක් හරහා ම ගොඩනැගෙන සංවාදය තුළ අපි ඔය කියන ලිපියකින් කිව යුතු දේ කරමු ය කියන එකගතාවයටයි අපි ආවේ.
Deleteමෙහෙම දේකුත් තියෙනා තරු. පහුගිය ටිකේ ම අපි දැකපු දෙයක් තමා කවි වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා කීප දෙනෙක් ම කිව්වා. ඒකත් අපිට එක විදිහක පන්නරයක්. ඒ නිසාමයි අපි කවි වලින් කරන්න පුළුවන් දේ කරන්නේ. බොහෝ දෙනෙක් පතරංග දිග ඇරගෙන හිතේ තියෙන කුණුහරප ඔක්කොම බ්ලොගයේ ලියනවාට එහා ගිය ලොකු දෙයක් කවි බ්ලොගයකින් කරන්න හැකියි. අපි ඒක අත්දැකීමෙන් ම දන්නවා. හැබැයි මීටත් වඩා හොද සංවාදශීලී කියවන්නන් පිරිසක් හැදෙන කල් ඒක අභියෝගයක් කියලත් අපි දන්නවා. අපි බලමු තරු අදින් හෙටින් බ්ලොග් ඉවර වෙන්නෑනේ.......
ඔබ කියපු දෙය වෙන දෙයක් වුණාට උත්තරය වෙන එකක් කියලා හිතන්න එපා. ඔබත් කවි ලියන නිසයි මේක ලියැවුණේ..........
ජයවේවා...
ඔව් තරුරසි.. මේ කමෙන්ට් කියවගෙන එනකොට මටත් කුරුටුලාට කියන්න ඕනවෙලා තිබුනේ මේ හයිකු අද්දර බ්ලොග් එක කියවන්න කියලා.බණ්ඩාරයන් ලියු මේ කවි දෙකට මම හරිම කැමතියි.Aru.
Deleteමමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ..
බණ්ඩාර කේ. විජයතුංග
චිත්‍රානි
පෙරුම්පුරා බස් නැවතුමට
ආ සඳ
‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන.
බණ්ඩාර කේ. විජයතුංග
කෙකර ගා
බිත්තර දමා
නයින්ට කෑමට දෙන
ගං කිකිළී..
උදය ආර්. තෙන්නකෝන්
දේශා.............. ඉස්සල්ලා ම උඹේ විවේචනයට (දෙවැනි කමෙන්ටුවට) උත්තර දෙන්නං....
Deleteඋඹට වැරදුන තැන තමා මචං පරිඝණකයක කෑල්ලකුයි ජීවිතයයි එකට සම්බන්ධ කරන්න ගිය එක. ජීවිතය කලාව සිතුවිලි කියන්නේ කුඩා කරලා සීමා කළ යුතු දේවල් නෙමෙයි බං. පොඩි කරලා සීමා කරන්නේ තාක්ෂණය. තාක්ෂණය මාර දියුණුයි කියලා හිතාගෙන හිටියාට අපි තාම ස්වාභාවිකත්වය ඉස්සරහා කුරාකූඹි බං. ඕක පොඩි කරන්න කලින් ලොකු දේවල් වලට ප්‍රෙව්ශ වෙන එක ගැන හිතුවානං අපි මීටත් වඩා ඉස්සරහාට ගිහිල්ලා බං.....
මචං මයිකෝ ප්‍රොෙසසර් හරි වෙන මොකක් හරි ගැන පෙන්නුවාට උඹේ සිතුවිලි කියන මහා සාගරයට ඒක සමාන කරන්න පුළුවන්ද???????? අකුරු පොඩි ගානක් තියෙන භාෂාවක් ගනින්කෝ... උන් ලිවීම අතින් දුප්පත්, උන් සාහිත්‍ය අතින් දුප්පත්, උන් ඉතිහාසය අතින් දුප්පත්, වෙන එකක් තියා උන් හිතීම සහ තර්කනය අතිනුත් දුප්පත්, ඒකයි බං ජපන්නුන්ගේ භාෂාව ඉංග්‍රීසි වගේ භාෂාවකින් තේරුම් ගන්න ගියාම සිංහල වගේ දියුණු භාෂාවකින් හිතන්න පුරුදු වෙලා ඉන්න අපිට මේක විකාරයක් වෙන්නේ......
මයිකෝ චිප් එකක් කියන්නේ මොකක් ද බං මේවා එක්ක බලද්දි.......... ඒක තව ටිකක් පොඩි කරලා විසික් කරලා දාපං......
Aru පොතක කියෙව්වා මතකයි ලංකාවෙ මුලින්ම හයිකු කවියක් ලිව්වෙ බණ්ඩාර කේ විජේතුංග බව... එතන උදාහරණට දීල තිබුණෙ මේ කවිය...
Deleteමමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ..
අරූ....................... අරූ................. අරූ...................
Deleteඅජිත් අයියා හම්බුණාමත් ඔබ ගැන ඇහුවා...... ඔබ දන්නවා ඇති සංඛ (මෑතක ලංකාවට ආපු නෝනයි මහත්තයි දෙන්නා - උන් දෙන්නා මගේ බැචාලා) උන් දෙන්නාගෙනුත් ඔබ ගැන ඇහුවා.... ආයෙම දැකීම සතුටක්....... ප්‍රීතියක්... කාන්චනා දැක්කා ම ඔබ ආපහු කමෙන්ටුවක් දාලා කියලා සතුටුවේවි.......
සුන්දර හයිකු තුනක්. මේවාට කවි කියන්න මං කැමති නැහැ අරූ.... මොකද හයිකු වලට ජපන්නු මුල්කාලේ කියලා තියෙන්නේ කවි කියලා නෙමෙයි. ඒවා එක විදිහක ගද්‍ය. ඒක තමා පසුකාලීන ව පේලි තුනකට කැඩිලා රීති හදාගෙන ආවේ. මොනවා වුණත් ඒ උදාහරණ තුන අගෙයි......
මාත් අහලා කියවලා තියෙන්නේ මාත්‍රා 17 කතාව තමයි ඔරිජිනල් ජපන් 'හයිකු'ව.. නමුත් ඒක අපිට එහෙමම වෙන්න ඕනි කියලා මම හිතන්නේ නෑ.. හැබැයි මාත්‍රා 17න් ඇත්තටම කතන්දරයක් ලියන්න පුලුවන්නම් දක්ෂකමක් තමයි. පුළුවන් තරම් අඩු වචන ගණනකින් ලොකු කතන්දරයක් කියන්න හදන කවි අපිට 'අපේ හයිකු' කර ගන්න පුළුවන්. අර උඩ කොමෙන්ට් එකක නොකී කතා කරලා තියෙන චෝදනාව මම කලින් දැකපු නිසා හයිකු කියන කැටගරිය මගේ තනි කැමැත්තට 'හයිකු/කෙටි කවි' විදියට වෙනස් කරා. අපි සම්මාන දුන්නේ 'හයිකු/කෙටිකවි' අංශයට. කරුමෙට ඒක ගන්න එකෙක්වත් ආවේ නෑ. සමහරවිට ඔය වචන දෙක තුනකින් ලියන කවි වගේ ඒවා ලියන උන්ටවත් අගේ නැතුව වෙන්න ඇති.. හැක්.. මේක හොඳයි ලංකාවේ හයිකු (හෝ ඊට සමාන යමක්) ගැන කතාවක් ඇති කරන්න.
Deleteyou did not get the point bro..sad
Deleteකුරුටු.........මහාචර්ය ආරිය රාජකරුණා මයාගේ 'ජපන් හයිකු කාව්‍යය' වගේ පොත් කියවලා බලන්න.
Deleteසංඛව මම දන්නවා. ආපහු හම්බවුනොත් මම මතක්කල බව කියන්න. ඉක්මනට සනීපවෙන්න කියලා පතනවා.Aru.
හරි හරි................ පොත ගැන ඔත්තුවට තැන්කූ......... ඇත්තට ම අරූ හයිකුව ගැන වෙනත් රටවල් වල ඉදන් වෙනත් ම කාලයක අපි කරලා තියෙන රචනාවන් බොහොමයක් ඇති. මමත් දැන් දැන් එ්වා පස්සේ තමා දුවන්නේ. හැබැයි ජපනුන්ගේ භාෂා විශේෂත්වය, ජපනුන්ගේ පසුබිම, ජපනුන්ගේ සිතුම්පැතුම්, මේවා එක්ක අරන් බැලුවා ම පස්සේ කාලේ අපි හදාගත්තු මේ රීති සාධාරණද කියලා හිතෙන නිසයි මං මේ සංවාදයේ අනික් පැත්තේ ඉන්න තාමත් උත්සහ කරන්නේ...... ස්තූතියි මේ මගපෙන්වීම් වලට...
Deleteසංඛයා කොළඹට වෙලා හෝ ගාලා වැඩ. දැනට දෙපාරක් සෙට් වුණා. නෙලුම්යාය ඉවර වෙලා කඩේකට ගිහින් අපිව එනවනකල් කතා කර කර රෑට කෑවා. ලෙඩ වෙලා නිසයි අවුල. ළගදිම උන් දෙන්නයි අනික් සෙට් එකයි අපේ ගෙවල් පැත්තේ ගෙන්නලා රවුමක් එක්කං යන්නයි හිතාන ඉන්නේ........
බ්ලොගය/වෙනත් බ්ලොගයක් ලියන්න තාම හිතෙන්නැද්ද?????????
@ දේශා............... April 19, 2016 at 12:56 PM
Deleteමේ කතාව ඇත්ත දේශා. අපි මේ කතා කරන්නේ හයිකුවේ උපතින් අවුරුදු සිය ගාණන් ඉස්සරහාට ඇවිත්. ජපන් භාෂාව ඉංග්‍රීසියට පරිවර්ථනය වෙලා හැදුන දේවල් දිහා බලාගෙන (බොහෝ විට) වෙනස් ම සංස්කෘතිය ඉදලා මේවා විචාරය කරන්න ගියාම මේක වෙනවා තමා...........
මේක මචං හරියට කුඹුරේ හීහාද්දි මී හරක් දක්කන්න මී හරකාටත් දැනෙන විදිහට අඩහැරයක් පාන එකක් ඉංග්‍රීසියෙන් පරිවර්ථනය කරලා ප්‍රංශ කාරයෝ ඒ ගැන මහා විවාදයක් හදාගෙන පසුකාලීන ව රීති හැදුවා වගේ දෙයක් මචං.....
///බ්ලොගය/වෙනත් බ්ලොගයක් ලියන්න තාම හිතෙන්නැද්ද?????????/////මම Pra jay ගේ ටීම් එකට ජොයින් වෙන්න ට්‍රයි එකක් දෙනවා.. කියවීමයි, කමෙන්ට් කිරීමයි. ඒක ෆුල් ආතල්.Aru.
Deleteඒක දෙවැනි ආරම්භයක් විදිහට හොද වෙයි...... ඒත් අපිට අරූ කියන බ්ලොග් ලියන්නා නැතිවෙයි............ පුළුවන් විදිහට විතරක් පටන් ගමු..... ලියන නොලියන එක පස්සේ බලමු..... මොකද පටන් නොගන්න තාක් කවදාවත් ඔබ ලියන්නෑ.... පටන් ගත්තොත් ඔබ කවදා හරි ලියයි........
Deleteමොකද කියන්නේ............
@ කමියා................
Deleteමේ සාකච්ඡාව මේ ගිනිගත්තු එක අස්සේ ගහන්නැතුව උඹ වෙනමම කෙටුවානං තවත් හොදයි කියලා හිතනවා.... කෙටි කවි සහ හයිකු කියන්නේ දෙකක් වෙන්නෙම හයිකුවට තියෙන ජපන් අනන්‍යතාවය නිසා තමයි. ඒක දෙකක් වුණාට එකම කැටගරියක් අස්සේ තියා බැලීම ගැටලුවක් නැහැ කියලයි මටනං හිතෙන්නේ. හැබැයි හයිකු (ආයෙමත් කියන්නේ මේක කවියක් කියල හිතලා කොටු වෙන්න එපා මචං) ලක්ෂණ විවිධ විදිහට මතුවෙන්න නිර්මාණ කරන්න බ්ලොග්කරුවන්ට හැකියි. කොහොමත් බ්ලොග්කරණය කියන්නේ නිම්වළලු බිදගෙන යන කලාවක් නිසා හයිකුවට වටිනාකමක් දෙන්නත් මේක හොද තෝතැන්නක් වේවි.
මචං ඔය මාත්‍රා කියන කතාව අපිට මෙතැනදී අදාළ කරගන්න ම බැහැ. මොකද මාත්‍රා තියෙන්නේ අපේ භාෂා වලට. ලගු ගුරු අකුරු වලින් ඇගිලි ගණන් කර කර මාත්‍රා හදන්නේ අපි. ඒත් ඒකම තවත් භාෂාවකට යද්දි වෙනස්. විශේෂයෙන් ම අපි මේ කතා කරන ජපන් කියන්නේ මුල් කාලීන ව රූපාක්ෂර වලින් ලියැවුණු භාෂාවක්. ඒ රූපාක්ෂර දියුණු කරලා ඔවුන් අදටත් භාෂාවේ එක පැත්තක් විදිහට ඒක භාවිතා කරනවා. ඉතින් එහෙම භාෂාවක් එක්ක ගත්තා ම මේ කතාව තවත් අමුතුම පැත්තකට යනවා. කොහොම වුණත් මේ සංවාදයන් හරහා අපිට හොද අවසානයකට එන්න හැකි වේවි...
කමියා උඹ බලන කෝණය අනුව අර කැටගරියට අලුත් පණක් දෙන්නත් එකෙන් හැකි වේවි........ එක එක මිනිස්සු එක එක දේවල් දිහා බලන්නේ එක එක විදිහටනේ.... උඹ බලන විදිහ වෙනස් වෙන්නේ උඹේ කරට පැටවිලා තියෙන දේවලුත් එක්ක.... කමක් නැහැ.... ඒකටත් හයියක් වෙන්න ලැබුණොත් ඒකත් සතුටක්...
චැක් සිංහල ටික හදං එන ඩිංගල බොලා ජාතක කොටල නේ.. කෝ මේ ප්‍රා.. හැක්..
Deleteහයිකු ප්‍රැක්ටිස් කොරනව
Deleteහායි දේශක මාමේ
සුලඟ හමයි
පොල්කටු අඟුරු රසයි
මට හිතුණා............ පර භාෂාවකින් කොටලි තියෙද්දි මොකක් හරි තමා කියලා.. කියන්න බැනේ බං විජාතික බලවේගයක කුමන්ත්‍රණයක්වත්ද දන්නවා යෑ....
Deleteඅඩෝ ප්‍රා නං දෙනවා හිටගෙන ම.................
ඒකත් එකක් කටවහගෙන ඉන්න බැරි නිසා තමා ගෙදර උන්දෑ පොල්කටු ඉස්ත්‍රික්කෙන් ම කෙලලා තියෙන්නේ මූණට...... මොනවා කරන්නද????
කුරුටු ගෑ සිංදු තාප්ප
Deleteකට්ට සම්බෝල
පෙන්ගුයින් පතුලට කිමිදෙයි
හත්තිලව්වයි..............
Deleteකුරුටු ගෑ ගී පවුර බ්ලොගය කියව කියවමින් කට්ට සම්බෝලත් සමග බත්කමින් සිටිය දී බිරිද විසින් එල්ල කරන ලද පහරින් (ලියා දැක්විය නොහැකි තැනකට) පොඩි ප්‍රා තාමත් ඇදුම් දෙන බව මින් ප්‍රකාශ වෙයි........
මේ හයිකු විචාරය කරගන්න ඉතින් අපි ඉන්න හින්දා හොදයි.... නැත්තං කාට ද තේරෙන්නේ.... නේද???
//කුරුටු ගෑ ගී පවුර බ්ලොගය කියව කියවමින් කට්ට සම්බෝලත් සමග බත්කමින් සිටිය දී බිරිද විසින් එල්ල කරන ලද පහරින් (ලියා දැක්විය නොහැකි තැනකට) පොඩි ප්‍රා තාමත් ඇදුම් දෙන බව මින් ප්‍රකාශ වෙයි......//
Deleteමරු. හිනා ගිහින් ලැප් ටොප් එක පුරා කෝපි
නෑ ඉතින් ප්‍රා වගේ හයිකු පොරක් ලියන මේ හයිකු අපි වගේ ඉතින් යන්තං මේවා ගැන හොයා බලන උන් දන්න තරමින් හරි විචාරය කරලා දෙන්න එපැයි....... නැත්තං ඉතින් මේ රටේ මිනිස්සු අනාථ වෙනවානේ ඉයන් අයියේ..... හා නැද්ද හොදයි.....
Deleteකමක් නෑ ලැපටත් අවුරුදු තියෙන්න එපැයි... වැඩිම වුණොත් දවස් දෙක තුනක් රෑට රෑට තටමනවා ඇහෙයි.... ඊට පස්සේ ඔය වේලන ගතිය ඇරිලා යනවා....... තේ නෙමෙයි කෝපිනේ..........
කමියා ඔය ශා දන්තනාරායන මගේ FB එකේ ඉන්නවා. එයා දිනුවද? එහමනම් මම මෙසේජ් එකක් දාන්නම්.
Deleteතරුවෝ , ඇයි යෝදියේ මේක නිර්දේශ කලේ නැත්තේ.
http://haikuaddara.blogspot.com/
කමියා හයිකු නැහැයි කිය කියා නැහුනේ.
දැන් මේ හයිකු සංවාදය යන ලෙවල් එකට හොඳ ඒවා ටිකක් කියෙව්වහැකි. මම හයිකු සම්මානයක් දෙන්න හැදුවේ වෙන අදහසක් ඇතුව. හොඳ තියුණු කවි ට්විටර් වගේ මෙසේජ් විතරක් යන අඩවි වලට දාන්න පුළුවන්.
මට මතක් වුණෙත් නෑ අජිත් අයියෙ.. මෙතන තියෙන්නෙ කල්පනා කළ හයිකු පරිවර්තනනෙ... ස්වතන්ත්‍ර නිර්මාණ නේද සම්මානවලට සලකා බැලුවෙ...
Deleteඅජිත් අයියා මං දන්න තරමින් හයිකු අද්දර බ්ලොගය ගිය වසරේ ලියැවුණේ නැහැ. ඒ නිසා නිර්දේශ නොවෙන්න ඇති. අනික තමා ඒක ජපන් හයිකුකරුවන්ගේ අනගි මට්ටමේ හයිකු පරිවර්ථනය කෙරුණ තැනක්. ඒක නිසා ඒක පරිවර්ථන ගණයට නේද වැටෙන්නේ.....????? ඒකයි ඒක නිර්දේශ නොවෙන්න ඇත්තේ.
Deleteමේ පෝස්ටුවට අපේ කට්ටිය දෙන කාලය අවසන් නිසා වෙන පෝස්ටුවක් දාන්න වුණා. ඒත් මේ සංවාදය හිතුවටත් වඩා හැම අතින් ම ඉදිරියට ගියා. ඒ වගේ ම එක මගේ අධ්‍ය්‍යනයටත් හොද සහයෝගයක් දුන්නා. ඒ නිසා හයිකු ගැන කියවන්නෙකුට සහ ලියන්න හිතන්නෙකුට හොද කාරණා ගොඩක් එකතු කරන්න හැකි වුණා. ඇත්තට ම අජිත් අයියා අපි මෑතකදී කතා කරගත්තු විදිහට අපි උත්සහ කරන්නේ පෝස්ටුව තුළින් මග පාදලා කමෙන්ටු හරහා හරවත් සංවාදයක් හදන්නයි... මේකෙදී ඒක සාර්ථක වුණා.....
ඉතින් අජිත් අයියා අපි මේ හයිකු සංවාදය බ්ලොගයේ මුල්ලක එල්ලලා තව දුරටත් ඒක සක්‍රීය ව තියා ගන්න උත්සහ ගන්නවා. බ්ලොග්කරුවන් ඒකට සක්‍රීය ව දායක වෙනකල් අපි ඒක කරනවා. තව ටික වෙලාවකින් පස්සේ මේ පෝස්ටුව සහ සංවාදය අපේ බ්ලොගයේ එක පැත්තක් එල්ලා ගන්නවා......
මේ හයිකු මොනවද????? ඒවා නෙලුම්යාය තුළ දී මොන විදිහට ද අදාළ කරගන්නේ.???? හයිකු වලට තව දුරටත් සම්මාන දෙනවාද නැද්ද?? ?? දෙනවානං මොනවාද නිර්ණායක කියන දේවල් හදා ගැනීමට මේක සහයක් වෙනවානං අපිටත් සතුටක්.........
'හයිකු අද්දර' අප්ඩේට් වෙලා නැහැ ගොඩ කාලෙකින්. මමත් මේ අවධානයෙන් ඉන්නේ කොයි වෙලේ හරි එකක් දායි කියල.
Deleteහැබැයි බූන්දියේ ලියැවෙනවා නේද?????????
Deleteමේ සංවාදයට මගේ දැණුම පුංචි වැඩියි..
ReplyDeleteඒත් මට මෙහෙම දෙයක් හිතෙනවා...
ඇයි අපි හයිකුම ලියන්න හදන්නෙ?
නියමයි මචං...................
Deleteඋඹ හිතුවාට උඹේ දැනුම පුංචි වැඩියි කියලා. උඹ මෙතැන තර්ක කරන බොහොමයකට වඩා බුද්ධිමත්. ඒකයි උඹ මෙහෙම දෙයක් ඇහුවේ. හයිකු ලිව්වෙත් අපි නෙමෙයි නං. හයිකු කියන්නේ අපේ වචනයකුත් නෙමෙයිනං. හයිකු අපිට අයිතිත් නැත්තං.. ඇයි දැන් හයිකු.......
ඒකත් හරි පිලේ. ඒත් මචං ඒකට මගේ උත්තර තමා මේක. මචං මං දෙකවසරේ විතර ඉදලා කවි ලියනවානං. දැන් අවුරුදු 3 ක් විතර කවි වලින් ම පුරවපු බ්ලොගයකුත් කරගෙන යනවානං අමුතු තාලේ කවි වගේ ජාතියක් ගැන (විශේෂයෙන් ජපන්නු ගැන ඇති වුණ උනන්දුවක් උඩ) හිටපු ගමන් උණක් හැදිලා හෙවීම අවුලක් වෙන්න බැහැනේ. මේක වරු කීපයකින් බැහැලා යනවා. ඒත් ඊට කලින් පුළු පුළුවන් දේවල් අවුස්සලා ටිකක් වැඩිපුර හොයා ගන්න ඕනේ.......
පිලේ පැදුර , නියම කථාව
Deleteලයිකු හරි පොල්සම්බෝල හරි කියල නමක් දාගෙන ලියමු පේලි 5, 1,3,5 පේලි වලට මාත්‍රා 4 ගාණේ, 2, 4 ට මාත්‍රා 6 යි, හරි මොනව හරි එකක්. අවුරුදු 200 කින් විතර පොරවල් ඒව ගැන කෙස් පලාගෙන කතා කරයි. හෙහ් හෙහ්
අනිවා............ ඉයන්.....
Deleteමරාගයි. බැනගයි. ගහගයි. සම්මානත් දීගයි. ඒ කල්ලා රෑට බොන ගමන් ඒවා ගිටාර් ගගහා කියයි. ඒ ඕන එකක් උඩ ඉදන් බලාගෙන (එතකොට අපි මැරිලානේ. කොහෙවත් ඉපදෙන්නත් පිණ නැති එකේ පාවි පාවි ඉදියිනේ) ඉන්න ඇහැකි වෙයි. ඒත් අන්තිමට ඉතියෝපියාවේ හරි සෝමාලියාවේ හරි මේ ගැන බ්ලොගයක හරි පත්තර කොළයක හරි ලියපු එකෙක් මේක නිකං උගේ වගේ විග්‍රහ කරද්දි නං ආයෙ ඉපදිලා හරි මූණ කුඩු වෙන්න දෙකක් අනිනවා ෂුවර් කියලා අපිට හිතහදාගන්න වෙයි.....
ඔන්න ඔහේ ඒ හින්දා ඕන්නෑ නේද ඉයන්..... මං පිලේ ව ෂේප් කරගන්නං...... අපි ලයිකු නොලියා ඉමු....... ඒක අපිට ම හොදයි......
මෙන්න ලෝකේ පලමුවෙනි පොල්සම්බෝල කවිය
Deleteතුෂාරයා බීල ඇවිත්
බයිල කියල තොවිල් පොලේ යක්කු බයවෙලා
බේරෙන්නට පැනයන්නට
ඒව තමයි හයිකු කියල උන්ව රැවටුවා
හොදිත් නැතුව ගම ඊටින්
පොල් සම්බෝල සාහිත්‍යයේ උච්ච ස්ථානයක්.
Deleteඒත් හයිකු වලට ඔයිට වඩා ගැලපීමක් හා සරල සුගම අර්ථයක් තියන ඒවා ඕනෑ. මෙන්න මේ වගේ :-
"ඉයන් හිටගෙන මගම සෝවාන්
ට්‍රාන්ස්ෆෝමර් හිපපොටේමස්
පොලොස් ඇඹුලට හකුරු මදි"
හරි........... ළමයි අපි දැන් ප්‍රා අංකල්ගේ මේ හයිකුව විග්‍රහ කරගනිමු....
Deleteඉයන් හිටගෙන ම මගම සෝවාන්
මේ කියන්නේ ඉයන් අංකල් ප්‍රා බලන්න එන අතර මගදී වෙන යාලුවෙක් හමුවී සෙට් වී ඇති බවයි.
ට්‍රාන්ස්ෆෝමර් හිපපොටේමස්
එනම්, ඉයන් ගෙදර එන බව අසා ප්‍රාෙග් නැන්දා කෑම උයාගෙන බලාගෙන හිට ඇතත් දැන් එන්නැති බව දැනගත්තා ම නැද්දා පුපුරන්නට ඉඩ ඇති බවයි. (හිපපොටේමස් කීවේ කාටද කියා කීමට අවශ්‍ය නැති බව සිතමි.)
පොලොස් ඇඹුලට හකුරු මදි
මේ බව දැනගත් විට බාගෙට තැම්බෙමින් ඇති පොලොස් මාලුව හැලිය පිටින් ගෙනැවිත් ප්‍රා මාමාට බැණ වැදී කාපිය මේක දැන් ඉතින් කියා කියන බව දන්නා නිසා ගෙදර තියෙන හකුරු ඇද්දැයි ඔහු විසින් කලින් ම විමසා බලා ඇති බවක් මින් කියැවේ...
හත්තිලව්වයි..................
Deleteඉයනෝ...... පොල්සම්බොල් කවියක් ලියලා නොවැ..... හිටින් දැන් ම අජිත් අයියාට මේලක් දාන්න වෙනවා.... නෙලුම්යාය අනාත වෙන වැඩ කරන්න එපා බොලව්...... දැන් ඉතින් කමියා වහකනවා මේක දැනගත්තා ම ... යකෝ මේක මොන කැටගරියට දාන්නේ කියලා...... පව්බං මට මැවිලා පේනවා අජිත් අයියා තට්ටෙ (ආ නෑ ඔලුව) කහ කහ මේ ගැන කල්පනා කරනවා...... කමියා රැවුල ඇද ඇද ඉහේ අතගහගෙන මේක කල්පනා කරනවා........ පව් ඉයන් උන් ටික..........
මං කිව්වා කියක හිතා ගන් කුරුටුවෝ.
Deleteමං ඒත් ඒ කාලෙත් (අජිත් අයියා දකින්නත් කලින්) කල්පනා කරා ඇයි මේ තොප්පියක් දාගෙන රූපයක් අරන් තියෙන්නේ කියලා...... පළවෙනි පාරට දැක්ක ගමන් ම ඒවගේ තිබුණ ප්‍රශ්ණ ඔක්කොට ම උත්තර ලැබුණා........... හැක්........
DeleteThis comment has been removed by the author.
ReplyDelete//ගොම් බෙට්ටක් උඩ නිල මැස්සෙක්
ReplyDeleteගඳයි කිය කියා මොකට ඉන්නවද කවුද දන්නෙ
ජන්මෙට වඩා පුරුද්ද ලොකු ඇති// අනේ නිකන් හිතුනු එක ලිව්වෙ හොඳ.....ද?හික්z....අනේ සෝයි අනේ..හයිකු කියල දේකුත් තියෙනවා කියල මතක් උනා....තැන්කෝ කුරුටුz....
අඩේ තඩි බොසා.......................
Deleteඇගේ තරමට හයිකු ලියහං ඈ............
This comment has been removed by the author.
ReplyDeleteහයිකු කවි ගැන වැඩි තොරතුරු දැන ගත්තා.ස්තූතියි . ලියන්න හිතුණා හයිකුවක්.
ReplyDeleteඇත්තට ම අපි හැමෝට ම පොඩි යෝජනාවකුත් කරන්නත් එක්කයි මේවිදිහ නිර්මාණයක් කරේ..... ඒත් ඒ නිර්මාණය හිතුවාටත් වඩා හොද සංවාදයක් ගොඩනැගූ නිසා ඒක වෙනමම පැත්තකට ගියා.... වෙනමම පැත්තක් කිව්වාට ඇත්තට ම හොදම පැත්තට තමා ඒක යමින් තියෙන්නේ....
Deleteඅපේ යෝජනාව තමා ඔබ වගේ ගද්‍ය සටහන් ලියන අයට සටහන අගට එම ගමන අත්දැකීම හෝ කතාව සංක්ෂිප්ත වෙන හෝ එහි ආසම හිතෙන කොටසක් අරගෙන පොඩි පද තුනක (හයිකු වගේ නං) නැත්තං පද හතරක (සදැස් පද ගැලපීම් මාත්‍රා අමතක කරලා) ඔබේ ම ආරක කවි කෑල්ලක් ලියන්න කියලයි......... එකපාරක් උත්සහ කරලා බලන්න....... දිගට ම ලියන්න හිතේවි...... ඔබට නං ඒක කොහොමත් කරන්න පහසුයි....... දැන් ආසාවකුත් ආපු එකේ කරලා බලමුද???????
ජයවේවා....
කවි නම් ඉතිං මම ලියනවා ෆේස්බුක් එකේ එහෙම. පත්තර වලත් ඔය ඉඳ හිට පළවෙන්නේ.
Deleteඒත් හයිකු ලියලා නම් නැහැ. උත්සහ කරලා බලමු නේද?
This comment has been removed by the author.
Deleteඒක හරි ඒක හරි............. අපි කියන්නේ පද්‍ය නොලියන වෙලාවට බොහොමයක් බ්ලොග්කරුවෝ සටහන්.... කතා..... ගමන් විස්තර ලියනවානේ... මේවා අගට අන්තිමට පොඩි පද කීපයක හයිකුවක් හෝ කවියක් හෝ කුරුටු ගාන පොඩි සම්ප්‍රදායක් හදන්න කියලයි යෝජනා කරන්නේ........ නරක නෑ නේද යෝජනාව.....
Deleteමොන ඉඳහිටද...ඔය නිතරම පළවෙන්නේ....බ්ලොග්කාරියෙක් වෙන්න කලිං නේද කවිකාරියක් වුණේ...
Deleteඔය එන්නේ හැබෑ තත්වය හිටු කියලා...........
Deleteමමනං හයිකු දන්නෙත් නෑ...මොන මඟුලක්වත් තියරියක් විදිහට දන්නෙ නෑ...මට ඒව ඉගෙන ගන්න පුදුම කම්මැලි බං... ඒත් ඉතිං හිතට එන ඒව ඔහේ ලියාගෙන යනවා මොකක් හරි මගෙ ඇඟට දැනෙන තාලයක් එන විදිහට...සමහර විට ඒව කොහෙදි හරි මම අහපු, කියවපු දේවල්වල ප්‍රතිථලයක් වෙන්නත් පුළුවන්...ඉතිං ඊට පස්සෙ මගේ ක්‍රමේ ගැන මමම තියරියක් හදාගන්නවා වගේ වැඩක් නම් කරනවා...හැහ්...හැහ්...හෑ...
ReplyDeleteඅසංක
ඕක අසංක අයියා මාර උතුම් මිනිස්සුන්ට පිහිටන ලක්ෂණයක්...... ඒ කියන්නෙම අසංක අයියාට ලෝකයේ මාර කවියෙක් වීමේ ලක්ෂණ තියෙනවා. මොකද දන්නවාද? අනුන්ගේ ක්‍රෙම්ට කවි ලියපු පොරවල් කවදාවත් තමන්ගේ ම කියලා අලුත් කවි ආරක් හදන්නෑනේ... දැන් හයිකුම ගන්නකෝ පළවෙනි හයිකුව ලියපු ජපනා වෙන අය ලියන කවි දිහා බල බල ඒ වගේ ඒවා ලිය ලිය හිටියානං ඉතින් අද හයිකු නෑනේ....... ඒ නිසා ඕක මාර දියුණු විය හැකි ලක්ෂණයක්....... හෙන අනාගතයක් තියෙන ලකුණක්....... ජයවේවා....
Deleteවැඩද????? අපිනං නිවාඩු....... පොඩි කට්ටක් තිබුණාට වැඩට යනවාට වඩා හොදයි.....
ඕං ගැහුවා ජාත්‍යන්තර හින්ට් එකක්...අප්පා ලැජ්ජාවෙ තන්තෝසෙ බැරුවා...අනාගතේ කෙසේ වෙතත් අනාථ වෙන්නනම් පුළුවන් වෙයි...හැහ්...හැහ්...හෑ...
Deleteඅපි වැඩ සහෝ...අපිට කොහිදෑ ඉතිං බොලාට වගේ ලෙඩ නිවාඩු...පුහ්...
අසංක
මොකද කියන්නේ දාමුද අරකාට වස්කවියක්........ නැත්තං බ්ලොගේට දාලා අල්ලාගමුද???? නැත්තං හිතේ දුක යන්න කියලා ලියමු ද කවියක්...... මොකද දැන් ඕකව හොයන්නෙත් අපේ පොලීසියනේ.......
Deleteඅපි දන්න සම්භාව්‍ය කවි - https://en.wikipedia.org/wiki/Limerick_(poetry)
ReplyDeleteඅඩෝ....................... පට්ට මග පෙන්වීමක් ප්‍රා............
Deleteහාස්‍ය කවි....... Limericks
මේ ගැනත් ටිකක් මෙතැන ලියලා ම යන්නම්...... මේ හයිකු වලි අස්සේ මේකත් කට්ටිය අතරට යාවි........ මේක වෙනස් ම ආරක්..... කොටින් ම කිව්වොත් පද පේළි පහක් තියෙන හාස්‍ය කවි ක්‍රමයක්.......
මේ පේළි පහෙන් තුන හා හතර අනික්වාට වඩා කෙටි පේළි.... ෙම්ක 18 වැනි සියවසේ මුල්කාලේ තමා අාරම්භ වෙන්ෙන්. නමුත් 19 වැනි සියවසේ Edward Lear තමා මෙය ප්‍රසිද්ධ කිරීමේ මූලාරම්භයා හැටියට ගැනෙන්නේ... ඔහුගේ Book of Nonsense (1846) තමා මෙහි මුල් ම කෘතිය..... මේක හරි සුන්දර කවි ක්‍රමයක්........ උදාහරණයක් පහතින් දක්වන්නම්....
There was a young man of Japan
Whose limericks never would scan.
When asked why this was,
He replied "It's because
I always try to fit as many syllables into the last line as ever I possibly can.
මේ පද්‍ය ක්‍රමයේ අවසන් අකුර ගැලපීමක් කරනවා.... නමුත් මැද තියෙන තුන හතර පද පේළි කොටට ලියන නිසා ඒවා වෙනමම සදැසක් විදිහටත් රකින වෙලාවල් තියෙනවා. සමහර විට ඒක ගැන එච්චර හිතන්නෑ.... (මොනවා වුණත් මේ උඩින් ලියලා තියෙන්නේ හයිකු ගැන ද කියලත් හිතුණා.... හැක්)
තවත් සුපිරි එකක් මේ විදිහට ලියලා තියෙනවා....මේක ගණිත කතාවක් එක්ක එන එකක්.... එ සමීකරණය නැතුව මේක තේරේවි ද මන්දා... ඒත් කමක් නැහැ කියවලා බලන්නකෝ...
A dozen, a gross, and a score
Plus three times the square root of four
Divided by seven
Plus five times eleven
Is nine squared and not a bit more
බණඩාර කේ. විජේතුංග ලිව්ව මේ කෙටි කවිය අර්ථපූර්ණයි. හයිකුද නැද්ද මංදා...
ReplyDeleteමාතෘකාව
පාළු දුම්රියකි ජීවිතේ....
සුදු මල
ඇයි
පිපුණේ නුඹ
රේල් පීලි මැද..
හෙන්රි අයියේ.................
Deleteතරු රසිත් මේක සටහන් කරා... බණ්ඩාර කේ විජේතුංග තමා පළමු වරට ලංකාවේ හයිකුවක් ලියුවේ කියලා ඇය සටහන් කරලා තිබුණා. මේවා හයිකු දැයි ඔබ පැණයක් තියන එක සාධාරණයි. මොකද අපි හදාගෙන ඉන්න මාත්‍රා හෝ අකුරු හෝ වචන හෝ පද හෝ 575 කියන රීතීන් විසින් මේක නැවත ප්‍රශ්ණ කරනවා කියලා අපි දන්න නිසා.
ඒත් ඇත්තට ම අපි බැලිය යුත්තේ හයිකුවල තියෙන තාක්ෂණික පැත්තට වඩා ඒවායේ තියෙන ගුණාත්මක පැත්ත දිහායි කියන එකයි මමනං යෝජනා කරන්නේ....
මෙතැනදී ඒන වැදගත් ෙදයක් තමා හයිකු කියන්ෙන් ජපන් භාෂාවෙන් කිව්වොත් කිරු කියලා කියන කැපීම ගැන කියැවෙන්නක්..... සමීප ව යන දේවල් දෙකක් ගැන හයිකු වල කියැවෙනවා. ඔබ දක්වන උදාහරණයේ ඒන දුම්රිය සහ මල තමා ඒ ෙද්වල් දෙක....
තවත් උදාහරණයක් ගනිමුකෝ...........
ගිම්හාන සඳ එළිය
පණුවෙකු නිහඬව
සිදුරු කරයි
චෙස්නට් ගෙඩිය
මේක බෂොගේ හයිකුවක්. ගත්තේ මාලතීගේ හයිකු අද්දරින්. මෙතැනත් දේවල් දෙකක් තියෙනවා. පණුවා සහ චෙස්නට් ගෙඩිය...... මේක තමා හයිකු වේ එක් ගුණාංගයක්...... ඒ නිසා අකුරු ගාන මත හයිකු දැකපු අපි එයින් එහාට ගිහිල්ලා ඒ තුළ කියැවෙන කැපීම නැත්නං ද්වී වස්තූ ඡේදනය ගැනත් බැලීමට පුරුදු වෙනවානං හොදයි........
ඒ නිසා ආයෙමත් කියන්නේ හෙන්රි අයියේ ඔබ පෙන්වන බණ්ඩාර කේ විජේතුංගයන් මේ ගැන දැනගෙන තමා ඒක ලියලා තියෙන්නේ.......
මේකේ තව පැත්තක් තියෙනවා ඒ තමා හයිකු තුළ නිතර ම කියැවෙන කීගෝ නැත්තං සයිජිකි කියන දේ..... ඒ ගැනත් වෙන තැනක ලියන්නම්........ මේවා මාත් ඉතින් ඉගෙන ගන්නා ගමන් නෙවැ....... එකපාරම දෙන්න හොද නෑ........
මාත් මේ ගැන වැඩි යමක් දන්නෙ නැතත් මහාචාර්ය ආරිය රාජකරුණා මහත්මයාගෙ පොත ගැන කියන්නං කියලයි හිතුවෙ. උඩ කමෙන්ටුව ඇනෝ කෙනෙක් කියල තියෙන හිංද ඒකත් හරියන්නෑ.
ReplyDeleteහයිකු කියන්නෙ පේනවට වඩා සංකීර්ණ කාව්‍ය විශේෂයක් බව පමණයි මම දන්නෙ.
නන්දන වීරසිංහ සහ ආරියවංශ රණවීර කියන්නෙ ලංකාවෙ සාමාන්‍යයෙන් හයිකු ලියන දෙන්නෙක්. අලුත් පොතක් කලා හයිකු තියෙන රුපියල් පංසීයයි. නමුත් නම අමතකයි. හෙව්වොත් හොයාගත හැකී...
නම මතක් වුනොත් කියන්නං.
ජයවේවා
ආ............. මහේෂ් සහෝ....කොහෙද උදේ ඉදන් හැංගිලා හිටියේ...... උඩින් ආරිය රාජකරුණා ගැන ලියලා තියෙන්නේ වෙනින් කවුරුවත් නොව බොල අරූ..... ස්තූතියි අදහස් දැක්වීමට...
Deleteහයිකු කිව්වම මතක් උනේ ඔපරේටිං සිස්ට්ම් එකක් ගැන... (https://www.haiku-os.org/) මගෙ ඔලුවට එන්නෙ ඕවනෙ..
ReplyDeleteහොඳ වැඩක්, තව ලියමු කවි.. හයිකු!
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තුෂාර අයියේ!!!
Deleteරොහාන්......
Deleteමේ දැන් උඹ ගැන කතා කරා විතරයි. විදානේ දුක ඇමතුමක් දීලා කිව්වා අජිත් අයියා මේල් ඇඩ්රස් එක හොයලා එව්වා කියලා. දුක අංකයත් හොයා ගත්තා ය කිව්වා.... ඇමතුමක් ගන්න උත්සහ කරනවාය කියලත් කිව්වා. අලුත් ම වැඩේට සෙට් කොරන්නයි යන්නේ කොලුවෝ....... ගම පැත්තේ නිසා අත්හැරලා කොහොමෙයි....... විස්තර ටික මං මේලක් දාලා තියන්නම්... පොඩි වෙලාවක් දෙන්න....
තුශාරයට නිවන් සුව...නෑ නෑ...නීරෝගී සුව....
ReplyDeleteආ.............. උඹ හිතාගෙන ඇති........ යකෝ 85 ක් ජීවත් වෙනවා....... ඊට දවසක්වත් කලින් මැරෙන්නෑ........ ගලේ ගැහුවත්.... හැක්
Deleteහයිකු ගැන මම ඒ හැටි දන්න දෙයක් නෑ. නමුත් ජපන් භාෂාව යන්තම් අතපත ගාලා තියෙන ජපානෙ ජීවත් වන්නෙකු ලෙස මම තුෂාර කමෙන්ට් තුලින් මතු කරලා තියෙන බොහෝ කරුණු වලට එකගයි.
ReplyDeleteජපන් භාෂාවෙ එක කන්ජියකින් කියන දේ කියන්න අපිට වචන දෙක තුනක් ඕනි වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් මගේ ආයතනෙ නම ලියන්නෙ කන්ජි හයයි ඕනි. වචන බෙදීමක් නෑ. කන්ජි හය එක දිගට ලියනවා.
ඒක ඉන්ග්‍රීසි වලින් ලියද්දි අකුරු 43 ක් සහ වචන හතක් තියෙනවා. සින්හලෙන් අකුරු 27 ක් සහ වචන අටක් ඕනි.
අනෙක එකම කන්ජිය වෙනස් වෙනස් තේරුම් දෙනවා. ඒ වගේම එකම වචනය වෙනස් අර්ථයෙන් භාවිතා වෙනවා. ඒ නිවරදි අර්ථය වචනය ලියවෙන අකුර අනුව හෝ තැන අනුවයි හදුනා ගන්නෙ.
උදාහරණෙකට කවුරුත් දන්න " සන්" පදෙ ගත්තොත් මේක හිරගන වලින් ලිව්වොත් "さん" "මහත්මයා/මහත්මිය" වගේ කවුරුත් දන්න තේරුමකුයි "三" කියන කන්ජියෙන් ලිව්වාම "තුන" කියන තේරුමයි "山" කියන කන්ජිය ලිව්වාම කන්ද කියන තේරුමයි ලැබෙනවා.
ෆුජි කන්ද හදුන්වන්නෙ " ෆුජිසන්" කියලා. ජපානෙ ජීවත්වෙන සමහර විදේශිකයො පවා හිතන්නෙ " ෆුජිසන්" කියන්නෙ ෆුජි කන්දට ගෞරවයෙන් Mr Fuji කියනවා කියලා.
අන්න වටිනා සම්පතක් ලැබුණා අපිට හයිකු ගැන කතා කරන්න....... මටත් පොඩි කාලේ පොඩි වාසනාවක් තිබිලා ජපන් ශිෂ්‍යත්වයක් හම්බුණා. ඒ අතරම ජපානෙට යන්න කියලත් පොඩි චෑන්ස් දෙකක් විතර කැරකුණා. ඒත් ඒ හැම පාරම මට විභාග නිසා ඒක අකමැත්තෙන් වුණත් මගහැරගන්න වුණා. ඒ වගේ ම ඒ කාලේ අපිට ජපන්භාෂාවත් ඉගැන්නුවා. වතෂිවා තුෂාර දෙස් වගේ දේවල් ඉගෙන ගත්තා විතරක් නෙමෙයි. හිරකනා කතකනා අක්ෂරමාලා ගැනත් ඉගෙන ගත්තා. යන්තං විතර නම ලියාගන්නත් හැකියාවක් ඉස්සර තිබුණා. ඒත් දැන් ඒවා ඇත්තට ම අමතක වෙලා.
Deleteකන්ජි තමා අපි කතා කළ යුතු තැන. ඇත්තට ම සද කන්ජි කියන්නේ රූපාක්ෂර නේද???? ඔබ ඒ ගැන මනාව පැහැදිලි කරලා තියෙනවා. මේක භාෂාවක් හැදෙන මුල්කාලේ හැම භාෂාවකට ම තියෙන ප්‍රාථමික ලක්ෂණයක්. රූප භාවිතා කරලා අදහස් ප්‍රකාශ කිරීම තමා පසුකාලීන ව භාෂාවක අක්ෂර විදිහට ඒවා දියුණු කරන්නේ. නමුත් වෙනත් භාෂාවලින් පෝෂණය වුණ භාෂාවක් ගත්තා ම මේ ලක්ෂණ ඒ විදිහට නොතිබෙන්නට පුළුවනි. නමුත් ජපන්භාෂාව ගත්තා ම විශේෂත්වය තමා ඒ මුල්කාලීන රූපාක්ෂර තාමත් ඒ විදිහට ම දියුණු වෙමින් ඉදිරියට පැමිණ තිබීම. මේ නිසා ඔවුන්ට අක්ෂර මාලාවක් තියෙන (මං දන්න විදිහට අකුරු 200 කට අධිකව තියෙනවා) අතර ම අනික් අතර කන්ජි නමින් රූපාක්ෂර මාලාවක් (මේකට මාලාවක් කියන්න බැහැ හරිනම් මොකද මේකට රූපාක්ෂර දහස් ගාණක් අයිති වෙනවා) තියෙනවා.
සද මං හිතන්නේ ඔබේ පැහැදිලි කිරීම අපිට හරිම වටිනවා. හැකිනං මේ ගැන තව ටිකක් දේවල් ලියනවාද??????????? එවිට අපිට පුළුවන් මේ කන්ජි සහ හයිකු එකට අරන් අපි මේ සීමා වෙලා ඉන්න බැමි වලින් නිදහස් වෙලා හැබෑ හයිකුව හොයා ගන්න උත්සහ ගන්න.......
ඔබට ආයෙමත් ස්තූතියි.......
සොරි තුෂාර. මට මේ වෙලාවෙ මේ වගේ දේකට පුන්චි කාලයක්වත් වැය කරන්න අමාරුයි.
Deleteකෙටියෙන්ම කිව්වොත් හිරගන තියෙන්නෙ ජපන් භාෂාවෙ වචන ලිවීමට. කතකන තියෙන්නෙ විදෙස් භාෂාවලින් ආ ජපන් නොවන වචන ලියන්න. උදාහරණයක්- මම විදේශිකයෙක් නිසා මගේ නම.
නැත්නම් "පාන්"- පාන් මෙහෙත් පාන්ම තමා. ඒක හිරගන වලින් ලියන්නෑ ඒක එයාලගෙ භාෂාවෙ වචනයක් නොවන නිසා. නමුත් මේ "කන" ජාති දෙකේම මූලිකව තියෙන්නෙ එකම ශබ්ද ටික. මූලික ශබ්ද 46 යි තව එව්වට කෑලි බෑලි එකතුවෙලා හැදෙම ශබ්දයි එක්ක ඔක්කොම 114 ක් ද කොහෙදෝ තියෙනවා.
කන්ජි කියන්නෙ රූපාක්ෂර තමා. චීනෙන් තමයි ඇවිත් තියෙන්නෙ. දහස් ගානක් තිබ්බට ඔය 1500 ක් විතර දන්නවනම් දෙයක් හොදින් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ කන්ජි වල යෙදීම ගැන යම් තේරුමක් තියෙනවනම් කන්ජි දෙතුන් සීයක් දන්න කෙනෙකුට වුනත් පොඩි දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන්.
උදාහරණ: මිසු කියන්නෙ වතුර. මේක ජපන් වචනයක් නිසා " හිරගන" වලින් ලියන්නත් පුළුවන්. නැත්නම් එක කන්ජියයි. "水"..,,, මේක මෙහෙම තනියම හරි වෙන හිරගන කතකන ටිකක් මැද්දෙ හරි තිබ්බොත් " මිසු" ම තමා. ඒත් සාමාන්‍යෙන් කන්ජි දෙකක් හෝ වැඩිගානක් එකට තියෙනකොට තේරුම එහෙමම තියෙද්දි උච්චාරණේ වෙනස් වෙනවා ( උච්චාරණේ චීනෙට පනිනවා)
"水" තනියම ඉන්නකොට " මිසු" උනාට මෙන්න මෙහෙම තව කන්ජියක් හෝ කීපයක් එක්ක එනකොට ඒක කියවෙන්නෙ " සුයි" කියලා
"水田 " (すいでん /suiden) = සුයිදෙන්" කියන්නෙ " මඩ-කුඹුර". මේ කුඹුරට යෙදෙන රූපාක්ෂරේ බලන්න කුඹුරක ලියදි වගේ නැද්ද කියලා. වතුර කන්ජියත් එක්ක තියෙන නිසා මේක ශබ්ද කරන හැටි නොදැනගත්තත් කන්ජි දෙකෙ තේරුම වෙන වෙනම දන්නවනම් " වතුර සහිත වගා බිමක්" කියන තේරුම ඉබේටම ඔළුවට එනවා
http://www.sinhalaelibrary.com/japan%201.html
Deleteසද ඔබ හොද හැදින්වීමක් කරලා තියෙනවා. මේ වෙලාවේ ඒක අපිට ප්‍රමාණවත්. මොකද මේ ජපන් භාෂාවේ තියෙන සුවිශේෂීත්වය නොදැන 575 වගේ ඉතා ප්‍රාථමික තැනක ඉදගෙන හයිකු ගැන කතා කරපු අපි දැන් ඊට වඩා ගොඩක් වෙනස් විදිහට ඒක දිහා බලන්න හුරු වෙලා තියෙනවා. ඒ තුළ තියෙන එක දෙයක් තමා ජපනුන්ගේ භාෂාවේ අකුරු අපිට වෙනත් භාෂාවකින් කිසිමදාක ගණන් කරන්න බැහැ කියන දේ. ඔබ ඒක මනාව පැහැදිලි කරලා තියෙනවා. ස්තූතියි.....
Deleteඅපි තවත් දැකපු දෙයක් තමයි හයිකුවක් තුළ සමීපව යන ප්‍රස්තුත දෙකක ඡේදයක් ගැන කියැවෙනවා කියන එක. මේක ප්‍රධානම ලක්ෂණයක්.......
තවත් ලක්ෂණයක් තමා ජපන් හයිකුවේ හැම බොහෝ විට ඍතුව ගැන සදහන් වෙනවා. ජපානය කියන්නේ ඍතු වෙනස හොදට ම දැනෙන රටක්. ඒ නිසා ඔවුන්ගේ ජීවිත හැම වෙලාවෙම ඒකට අනුව හැඩගැහිලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඍතුව සදහන් කරනවා කියන්නේ දිනය කියනවා වගේ වැදගත් දෙයක්. ඒත් අපි ඒක ලංකාවට ගත්තාම අපිට ඒ විදිහට දැනෙන ඍතු වෙනස්කම් නැහැ. සමහර විට මෝසම් වැස්ස, බක්මහ අකුණු වගේ දේවල් වලින් ඒක දනවන්න හැකි වුණාට මටනං හිතෙන්නේ ලංකාවේ අපිට ජපානේ මිනිස්සුන්ට වගේ ඍතුව ඒ තරම්ම දැනෙන්නේ නැහැ. ඒක ලංකාවට විශේෂ වුණ ගොවිතැන එක්ක සම්බන්ධ කරලා ගත්තා ම ඊට අදාල ඉඩෝරය, වැස්ස, පින්න වගේ දේවල් ලැබෙන කාලයන් එක්ක සම්බන්ධ කරාට නං අවුලක් නැහැ. මොකද ඒක අපිට සමීප නිසා.......
මේ ඍතු වෙනස ජපනුන් හදුන්වන්නේ කීගෝ කියලා.......... ජපන්නුන්ට අනුව ඔවුන්ගේ ඍතු සාමාන්‍යෙයන් මේ විදිහට දක්වන්න හැකියි.
Spring: 4 February–5 May
Summer: 6 May–7 August
Autumn: 8 August–6 November
Winter: 7 November–3 February
ෙම් ඍතුවත් ඒක්කම ගැලපිලා යන ජපනුන්නට ම අාවේණික වෙච්චි තවත් දෙයක් හයිකුවට අදාල වෙනවා. ඒක ඔවුන් හදුන්වන්නේ සයිජිකි කියලා. නැත්තං කියෝසෙ කියලත් කියන්න පුළුවනි. මේක තවත් වැදගත් දෙයක්. මේ තමා ඒ ඒ ඍතු වලදී ඍතුවට අදාළව අහස පොළව සත්තු ගස්වැල් වගේ දේවල් වල සිද්ධ වෙන වෙනස.... ඔවුන් ඒක පැති කීපයකින් ම බලනවා.
1. ඍතුව
2. අහස
3. පොළව
4. මනුෂ්‍යයා
5. පැවැත්ම
6. සතුන්
7. ගස්වැල්
මේ සියලු අංශයන් ඒ ඒ ඍතු වලදී සිද්ධ වෙන වෙනස්කම් ගැන හයිකුවේ දී හරි සුමට ව ස්පර්ශ කරනවා. අනික තමා ඍතුව කෙලින් ම නොකීවාට මේ ඒක දෙයකින් හරි ඍතුව ගැන සදහනක් වෙන්න පුළුවන් කියලත් අපි මතක තියාගන්න ඔ්නේ......
උදාහරණ කීපයක් කියන්නම්....
වසන්ත ඍතුව ගත්තා ම සතුන් කියන ඝණයට ගෙම්බන් ප්‍රධානයි. ගෙම්බන් නිතර කෑ ගැසීම මේ ඍතුවේ ලක්ෂණයක්...... නමුත් ග්‍රීෂ්ම ඍතුවට මදුරුවන් සහ සර්පයින් ප්‍රමුඛයි. සරත් ඍතුව ගත්තා ම ඒ මූලිකත්වය පොඩි පොඩි කෘමීන්ට සහ පළගැටියන්ට ලැබෙනවා......
වසන්තයේ දී සකුරා සහ කැලෑ මල් වලට ලැබෙන තැන ග්‍රීෂ්මයේ දී සූරියකාන්ත නෙලුම් සහ මානෙල්වලට ලැබෙනවා. සරත් සමයේ දී ඒ තැන ලැබෙන්නේ පීච්, අැපල් හා මිදි වලටයි.......
මං හිතන්නේ උදාහරණ වලින් වැඩේ පැහැදිලි වෙන්නට අැති. අපි හිතනවා හැම හයිකුවක ම මේ ඍතුව කියැවෙන්න ඔනේ කියලා. ඒහෙම දෙයක් නැහැ. හයිකු ලියන්නා සදහන් කරන මලක් ගහක් සතෙක් මිනිස්සුන්ගේ උත්සවයක් වගේ දේකින් වුණත් ඔහු ඍතුවට අැගවීමක් කරනවා... ඒ ඔවුන්ට ඍතුව ඒ තරම්ම වැදගත් නිසා...... නමුත් මේක අපිට ඒන විට මේ විදිහට ම ගන්න වෙන්නේ නැහැ.......
තවත් අලුත් කරුණු ටිකක් මතු කරන්නයි උත්සහ කරේ..... නමුත් අපි තාම කතා ෙනාකළ පැතිත් තියෙනවා. හයිකු කවි නිකන් ම ලියුවේ නැහැ. ඒවා ඒක්ක බද්ධ වුණ රූප ජාතිත් තියෙනවා. චිත්‍ර කලාව හා හයිකු ඒකට අරන් බැලීම වෙනමම පැත්තක්. අනික තමා ජපන්නු කියන්නේ අපිට සාපේක්ෂ ව දුක් විදපු ජාතියක්...... ඉතිහාසය අරන් බැලුවා ම ඒක මනාව පේනවා. මං කියන්නේ දෙවැනි ලෝක යුද්ධය වගේ මෑත ගැන නෙමෙයි...... ඉස්සර ඉදලා ම ඔවුන්ගේ තත්වය හරි වෙනස්..... ඔවුන් මේ තරම් උත්සහවන්ත ජාතියක් වුනෙත් ඒක වෙන්ටෑ....... මේ හැම දෙයක් ගැනම මනා අධ්‍යයනයක් නැතුව අපිට හයිකුව විතරක් තනියම අරගෙන 575 වගේ අන්තිම දිළිදු විග්‍රහ වලින් හයිකු හොයන්න යෑම මේවායේ අයිතිය තියෙන මිනිස්සුන්ටත් කරන්නා වූ අපහාසයක් කියලයි මං නං හිතන්නේ........
හැබැයි හයිකුව ඒ විදිහට ම තිබිය යුතුය කියන තැනත් මම නැහැ. ඒ ඒ දේවල් වෙනස් විය හැකියි....... මොකද මේකත් ඒක කලාවක්......... වෙනස්වීම යනු කලාවේ කලාව කියලයි මං විශ්වාස කරන්නෙත්......
ජයවේවා...
මේන්න බලාපිය මගේ හයිකුව...හැක්...හැක්...හෑ...
ReplyDeleteඅපේ බ්ලොගයත් හරියට හයිකුවක් වගේ
එක පේළියට එකොළහක් හිටියට ලියන්න ඉන්නෙ තුන්දෙනයි
ඒ විතරක්නං මදැයි බැණුමුත් අහනවා
අසංක
පට්ට අසංක අයියා............... ඔය ලියලා තියෙන්නේ අපේ කස්ටියගෙම රෙදිටික ගලවලා හයිකුවක්..... අපේ එදා සාකච්ඡාවත් අවුල් වුණානේ......... ලෙඩ තත්වයත් එක්ක කිසි දෙයක් කරගන්න බැරි වුණ එක ගැන ඇත්තට ම කණගාටුයි අසංක අයියා.... ඉසුරිත් අවුරුද්දටවත් එන්නැතුව එදාට එන්න හිටියේ... අන්තිමට ඉසුරිට අවුරුදුත් නැතිවුණා අපේ මීටින්ග් එකත් නැතිවුණා. හැබැයි එදානං කට්ටියම සෙට් වෙන්නයි හිටියේ... කමක් නැහැ... අපි දැනට මේල්වලින් සාකච්ඡාව කරමු....... දැවෙන ප්‍රශ්ණ ටික ගැන එකගතාවයක් හදාගෙන යමු....... ජයවේවා....
Deleteහැකි වුණ ගමන් සාකච්ඡාව සහ තීන්දු තීරණ ටික ගනිමු.....
හයිකු සඳැස් නිසඳැස්
ReplyDeleteමොන මඟුලකින් හරි කමක් නෑ
කියවෙනවා නම් අදහස්
කෝමෙයි ඒක? හෙහ් හෙහ්
ජයවේවා..!!
යකෝ මේක ගස්ලබු හයිකුවක්...... මට මේ දවස්වල හැමදාම උඹව මතක් වෙනවා....... මට ගස්ලබු හැදිලා බොල........ තෝ තමා මේවාට වගකියන්න ඕනේ..... අහුවෙයංකෝ............. කපාගෙන කනවා මම........
Deleteජපන් වචන වලින් මම දන්නේ .........පන් පන්............ විතරයි එකත් අර මල ගිය ඇත්තෝ පොතෙන් තමයි
ReplyDeleteඒ මදෑ.............. වෙන ඒවා මොකටෙයි................. හැක්
Deleteමං දන්නෙත් නැතුව මගෙ අතින් හයිකුවක් ලියවිලා, මහ අලකලංචියක් වෙලා.
ReplyDeleteඅලකලංචි වෙන්නැතෑ............ උඹලා පැදුරටත් නොකියා යන්න ගියාම...... යකෝ ගුරුවරු වුණාම දරුවන්ට උගන්නන්න ඕනේ අතීතය මතක තියාගන්න විදිහ..... ඉදහිටලාවත් මේ පැත්තට ඇවින් යමන්...... උඹ ගුරුවරයෙක් ද වුණේ නැත්තං එකපාරම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වත් වුණාද ??? යකෝ මේ තරම් බිසියක්.........
Delete//යකෝ ගුරුවරු වුණාම දරුවන්ට උගන්නන්න ඕනේ අතීතය මතක තියාගන්න විදිහ..... //
Deleteඑහෙම හිතන්නෙපා මචං.. හීනෙකින්වත්.. බිසී නිසාම නෙවේ.ඉන්නවනම් එල්ලිලාම ඉන්නෝනි බං,අවුවට වැස්සට ගොඩවෙලා වැඩක් නෑ.මට තව ටිකකාලයක් දියන්.උඹල මට අතදීල තැනකට ගෙනාව.මං දැන් ඒ තැන මඟ අරිනව නෙවෙයි මේ.
යකෝ අපි ගැන අමතක කරා කියලා නෙමෙයි බං කිව්වේ..... බ්ලොග් ලිව්වේ උඹ අපි මොන හරි හයියක් වුණා විතරයි....... අපි කිව්වේ බ්ලොග් අමතක කරන්න එපා කියලයි....... අපිව පැත්තකින් ම තියහංකෝ......... අපි හැමෝම මිනිස්සුනේ බං......... ඒක නෙමෙයි..... සම්පූර්ණයෙන් ම අයින් වෙලා ඉන්න එපා..... ආව වෙලාවට ආවා කියලා සටහනක් තියලා යමං... හැකි විදිහට බ්ලොග් වලට ගොඩවෙලා උඹේ බ්ලොගයත් හැකි විදිහට ලියහං...... එච්චරයි වෙන්නෝනි.... මේකේ ඇලිලා ඉදලා වැඩ පාඩු කරගන්න එපා..... මේක විනෝදාංශයක් කරගනින්... ඒ ඇති.....
Deleteඅප්පට බොල මෙතන හයිකු විශ්ව විද්‍යාලයක්නෙ........ඉගෙනගෙන දෙකක් තුනක් ලියන්ට ඕනෙ....
ReplyDeleteමං මුලදිම කිව්වේ රසික මට කවදාවත් හයිකුවක් දැනිලා තිබුනේ නැහැ කියලා. ඒ නිසයි මං හයිකු පස්සේ පැන්නුවේ නැත්තේ..... අඩුම තරමේ අජිත් අයියා නෙලුම්යායට මේ ගැන පොඩි හැදින්වීමක් දාද්දිවත් ඒ ගැන හිතුනේ නැහැ..... ඒත් හදිස්සියේ ඇති වුණ සිතුවිල්ලක් පස්සේ ගිහිල්ලයි මේ ගැන කියෙව්වේ...... ගොඩක් දේවල් හොයා ගත්තා..... තාම හොයනවා.... තාම ඉගෙන ගන්නවා...... මේ ගැන හොයාගෙන හොයාගෙන යද්දි හම්බෙන දේවල් මාර සුන්දරයි...... ඇත්තට ම අපි ලැප් එකක් ඉස්සරහා වාඩි වෙලා මේක හොයනවාට වඩා දෙයක් ජපානය පැත්තට ගිහිල්ලා අඩුම අවුරුද්දක්වත් ජපන් සාම්ප්‍රදායික ගමකට වෙලා කරන්න තියෙනවානං කොයිතරම් සුන්දර වෙයිද කියලා මට දැන් හිතිලා තියෙන්නේ........ ඒත් මේ වෙලාවේ මගේ පර්යේෂණ කාර්යයක් අස්සෙත් හිරවෙලා ඉන්න නිසා මේවා වෙනුවෙන් ජීවිතයෙන් ලොකු කාලයක් දාන්න අපහසුයි...... (ඇත්තට ම දාන්න වෙලාව තියෙනවානං දැම්මත් කමක් නැති පැත්තක් කියලා දැන් හිතිලා තියෙන්නේ) තවම හොයනවා.... තව තව හැකි දෙයක් මේ විදිහට එකතු කරන්නම්.......
Deleteස්තූතියි අවංක සහයට..........
යකෝ පේළි තුනක් ගිහිල්ල තියෙන දුර. හැක්..
ReplyDeleteපේළි තුනක් කිව්වාට ජීවිත කාලයන් තුනක්වත් ඕනේ වෙනවා මේ පේළි තුන තේරුම් ගන්න....... ලෝකේ හැම දෙයක් ම මෙහෙමනේ ප්‍රසන්න අයියා.......
Deleteහැබැයි මං දැන් එක දෙයක් දන්නවා.. ප්‍රසන්න අයියයි අමුඩෙයි දෙන්නෙක්.... ඒකට මට තියෙන සාක්ෂි හම්බුණ වෙලාවක මං කියන්නම්..........
කුරුටු මේ කවියෙන් පටන් ගත්තේ අනගි සංවාදයක්. මේකම තමයි බ්ලොග් වල අගයත්.
ReplyDeleteස්තූතියි අජිත් අයියා.........
Deleteමං මුලදිත් කිව්වේ මේක අධ්‍යයනයක් හරහා කරපු වැඩක් කියලා.....කොහොමත් අපි දෙයක් හොද අධ්‍යයනයක් එක්ක කරනවානං ගොඩක් සාර්ථක වෙනවා.... (ඒත් මං කියන්නේ මේ ලියපු පද තුන සාර්ථකයි කියලා. මං මුලදි ම කියලා තියෙනවානේ මේක තමා මං ලියපු අසාර්ථක ම හයිකුව කියලා) නමුත් බ්ලොග් කියන්නේ මේ වගේ හරවත් සංවාදයකට සුපිරි තෝතැන්නක්... ඒක දන්න නිසයි අපි වෙන කොහේ නැතත් බ්ලොග්වල විතරක් ඉන්නේ....
මේ සංවාදය හැකි තරම් කරනවා අජිත් අයියා. මේක හැම අතකින් ම සහයක් වේවි... හයිකු ඉගෙන ගන්න කෙනෙකුට.. ලියන කෙනෙකුට.... මේ ගැන හොයන කෙනෙකුට.... විශේෂයෙන් ම මං වගේ මේක නෙතේරුණ කෙනෙකුට.....
මේ සංවාදය අපි බ්ලොගයේ පැත්තකින් එල්ලනවා....සංවාදය තව දුරටත් විවෘත කරලා සින්ඩිය පැත්තෙත් පොඩි ආරාධනාවක් දාන්න හිතාන ඉන්නවා...... හැකි විදිහක් ඇතොත් මේ සංවාදය මෙතැන හරි වෙන තැනක හරි කමක් නැහැ ඇදගෙන යමු.......
සම්මානයට නිර්දේශ ඉදිරිපත් කරන සංවිධායක මඬුල්ලේ සභාපති ගරු තර අටම්පහුර මහතා ඇතුළු අනිකුත් ගෞරවනීය සාමාජිකයන් වන විචාරකයාණන් , උපේක්කාවන් , කලන මිතාණෝ වැනි සම්භාවනියයන් හයිකු අයින් කරන්න කියල යෝජනා කරල තියෙන්නේ. ඒ අයත් මෙතනට ඇවිත් අදහස ප්‍රකශ කොලා නම්.
Deleteහ්ම්..........................
Deleteනියම වෙලාවක කරපු සංවාදයක් කියලා දැන් තමා තේරෙන්නේ........ හයිකු මොනවද කියලා මරාගත්තා මදිවට දැන් හයිකු රකින්නත් වලිකන්න වෙයි වගේ.......... අජිත් අයියා මං මෙහෙම කියන්නම්. හයිකු කියන්නේ ඇත්තට ම එක විදිහක රැල්ළක් තමා. ඒ රැල්ළ කොච්චරක් ද කියනවානං අපි දකින සමහර මුල් කාලීන බ්ලොග්වල සහ පසුකාලීන ව වෙබ් වුණ බූන්දි වගේ තැන්වල පවා හයිකු වලට සැලකිය යුතු ඉඩක් දුන්නා.....
හැබැයි හයිකු සම්බන්ධයෙන් ගත්තා ම මං දකින ගැටලුව තමා පරිවර්ථන වලට එහා ගිය හයිකු ගැන කතා බහක් තාම අපි අතර නැහැ. මං තව ටිකක් හොයලා බැලුවා ඔය අංශයෙන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල සිසුන් අතරත් හයිකු කියන්නේ එක විදිහක ස්ටයිල් එකක්. ගොඩක් දේවල් ස්ටයිල් වෙන්නේ ඒක අමුතු ට්‍රෙන්ඩ් එකක් කියලා පෙන්නන්නනේ.... ඒක ලංකාවේ හැටි...... බොන්සායි... අර කඩදාසි කලාව වගේ ජපනුන්ගේ විවිධ කලාවන් තියෙනවා....... හැබැයි හයිකු කියන්නේ ඔහේ උඩින් අතපත ගාලා අතඇරලා දැමිය යුතු දෙයක් නෙමෙයි කියලා මං දැන් දන්නවා. ඉතින් අපි ඔය කියන දේ ගැනත් කතා කරමු.......
අපි නං යෝජනා කරන්නේ හයිකු කියන කලාව අපි බ්ලොග් සම්මාන වලින් හැලීම නොකළ යුත්තක්. නෙලුම්යාය කියන්නේ බ්ලොග්කෙරුවාව ශක්තිමත් කරන මේ වෙලාවේ තියෙන ලොකුම දේ. ඒක හයිකු වගේ සුන්දර කලාවක් බ්ලොග්කරුවන් අතර ප්‍රචලිත කරන්න හොද සහයක් දෙන එකයි කළ යුත්තේ.........
හයිකු තෝරද්දි මේවා දැනගෙන ද කරේ කියලා කෙනෙක්ට අහන්න පුලුවනි. ඒකට අපේ උත්තරය විය යුත්තේ අනේ අපි ඒවා දන්නේ නැහැනේ කියලා ඒක අතහැර දැමීම නෙමෙයි. ඒ ගැන අපි හොයා බැලීම. ඒ ගැන සංවාදයන් ඇති කිරීම සහ ඒ ගැන දැනුම උපදින්නට අවස්ථාව සැලසීමයි. මට එකක් විශ්වාසයි. මේ සංවාදය මෙතැනින් නොනැවතී ඉදිරියට ගියොත් ඊළග වතාව වෙද්දි අපිට හැකිවේවි ජපනුන්ටත් සතුටු වෙන්න හැකි තරමේ හයිකු ලියන සිංහල බ්ලොග්කරුවන් ගැන..........
මං කිව්වේ කුරට්ටන්ගේ ස්ථාවරයයි......
මාත් ට්‍රයි කරල බලන්න ඕන පලමු හයිකුවට
ReplyDeleteලස්සන රොස මල
ඇයි පිපුනේ
කටු පිරුන ගසක් මුදුනෙම
හයිකුවක් වගේ ද මන්දා ..හැබෑටම මාත්‍රා කියන්නේ මක්කෙටැයි
ආදර හයිකුව නං ලත්තනයි
මේ හයිකුවත් ලස්සනයි....... හැබැයි හයිකුවල තියෙන ලක්ෂණයක් තමා දෙවැනි පේලිය ටිකක් අනික් දෙකට සාපේක්ෂව දිගකම... ඒක එහෙමම විය යුතුයි කියලා දෙයක් නැහැ..... නමුත් කෙනෙක් හයිකුවක් දිහා බලනවා කියලා හිතාගෙන බලද්දි ඒක බලාපොරොත්තු වෙනවා.......
Deleteහැබැයි මේකේ අනික් ලක්ෂණනං ගොඩක් තියෙනවා...... රෝස මල සහ කටු කියන ප්‍රස්තුත දෙකක් තියෙනවා. රෝස මල් ගැන සදහන් කිරීම තුළ ම ඍතුවක් (කාලයක්) ගැන සදහනක් තියෙනවා. ඒ අනුව බැලුවා ම ඔබේ පළමු හයිකුව මගේ පළමු හයිකුවට වඩා ගොඩක් සාර්ථකයි............
ජයවේවා......
හයිකු ගැන කොච්චර කියවලා තිබ්බත්, ලියන්න නම් බැරි වුණා හයිකුවක් කොච්චර ට්‍රයි කළත්..
ReplyDeleteමේ කවිය නම් අපූරුයි..
ස්තූතියි සිතුවිලි...............
Deleteඅපිට ඕන කරේ හයිකු ගැන හොද සංවාදයක් හදන්න සහ හයිකු ගැන අධ්‍යයනයක් ඔස්සේ එකතු කරපු කරුණු ටිකක් කවදා හරි භාවිතයට සුදුසු විදිහට පෙළ ගස්සන්නයි......
හයිකු වලට හොඳ වැදගත් සංවාදයක් ගිය නිසා මම කොමෙන්ට් පිටින්ම නෙළුම් යයටත් දැම්මා. අන්න මාතලන් ෆේස්බුක් එකේ හයිකුවක් දාල.
ReplyDeletehttp://nelumyaya.com/?p=5614
ස්තූතියි අජිත් අයියා.............
ReplyDeleteමේ සාකච්ඡාව හදන්න අපි දෙවැනි හයිකුවත් දැම්මා.... දැන් සාකච්ඡාව ආයෙම පටන් ගනිමු... අජිත් අයියලත් එතැනට එනවානං හොදයි..... හැමෝම........
මාතාගේ හයිකුව ගැන වෙනමම කතා කරන්නම වෙනවා.... අඩෝ මාතා...... ජයවේවා
හොඳ සංවාදයක්! ජයවේවා!!
ReplyDeleteස්තූතියි බස්සි..........
Deleteහයිකුවක් යනු පද 17ක එකතුවක් නෙමේ,,. මාත්‍රා 17ක එකතුවක්.. සංවාදය හොඳයි.. :) :)
ReplyDelete