Monday, April 11, 2016

පරසතු... මා සතු...



පරසතු කුසුමක පෙති සැලුනා
නුපුරුදු රසයක සුව හැඟුනා
සුවඳ සොයා ඉව පාරේ පියැඹූ
බඹරිඳු මා පමණද ලඳුනේ...

රහසක්ව කොඳුරලා
මඳ පවන හා එවා
කැන්දුවේ ඔබ ළඟට
මා පමණදෝ...


ජීවිතයේ නිම් තෙර මානේ වූ
ජීවන රසයේ පහස කියාදුන්
ඈ අමතක කර එනු මා ඔබ වෙත
කෙලෙස කියන් ලඳුනේ...

ඔබ වෙතට තැබූ පය
ඈ දෙසට යළි තබමි
යළිඳු මා නොපතන්න
සොයුරියේ...





-අසංක ගයාන් අබේසිංහ-

58 comments:

  1. එයාද...මෙයාද....
    එයාද...මෙයාද....
    එයාද...මෙයාද....
    එයාද...මෙයාද....
    ඔහොම දෙපැත්ත බලනකොට ‍අර මීයට වෙච්ච දේ තමයි වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...! ඒ මීයා කෑවෙ චීස්....!

      Delete
    2. ප්‍රසා අයියත් මීයන්ගෙ සීන් හොඳට දන්නව නේ...

      Delete
    3. ප්‍රසා දන්න මීයො...හැක්!

      Delete
    4. මදාවියට සිග්නල් හම්බවෙලා වගෙයි අවුරුද්දට.
      මීයො ගැන මට වැඩිය හොඳට දන්නෙ ඕක තමයි. හැක්..

      Delete
  2. පලමුවෙනි වර්ස් එක හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඉයන්ගෙන් මෙහෙම ඇගයීමක් ලැබීම ගොඩක් සතුටු හිතෙව්වා...

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි චතු...

      Delete
  4. මීයට පටියෙන් ගහන්න වෙයි

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹම ගහගනින්...හැක්...

      Delete
  5. මට නං වැටහුනේ නෑ තේරුමක් වැඩිය..

    ReplyDelete
    Replies
    1. ඒ උඹ චූට්ටං බබෙක් හින්දා...

      Delete
  6. අම්මට උඩු කොටු සීන් එකක්......
    අසංකය කෙලව ගන්ඩ යන්නේ හැක හැක......ඉස්සල්ල නැන්දම්මගෙන් ඊලඟට වයිෆරයගෙන්.....
    මමනන් කියෙව්වෙත් නෑ දැක්කෙත් නෑ...හැක හැක...

    ReplyDelete
    Replies
    1. එහම තමයි මචෝ...කෙලවගන්නකොට උපරිමයෙන්ම ඒක කරන්න එපාය...හැක්...

      Delete
  7. ලස්සන පද පේලිය...

    මට ප්‍රාර්ථනාවක් තියනවා...
    ///අනේ මේක වයිෆ් දකීවා////
    නැංදම්මගෙනුයි බිලිඳගෙනුයි හොඳ අවුරුදු කෑමක් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බිලිඳගෙන් කන්න තව ටිකක් කල් තියේ නිර්මාණි...හැක්...හැක්...

      Delete
  8. ඕකට කියන්නෙ මොකද්ද දන්නවද අසංක අයියා... දිව බොරු කිව්වත් අත බොරු ලියන්නෙ නෑ කියලා...! හි හී....!

    ReplyDelete
    Replies
    1. හා හා දන්නවා වගේ වැඩේ එහෙනං...

      Delete
  9. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දරේ...

      Delete
  10. එක සිත දෙතැනක නතර වෙලා ...

    නිර්මාණය නම් ලස්සනයි ..
    ඒත්, අසංක හදන්නේ රෝහල්ගත වෙලා අවුරුදු සමරන්න වගේ ...

    ReplyDelete
    Replies
    1. සඳරුවා ගොඩක් කාලෙකින්...එහෙම තමා...වෙනසක් කරන්නත් එපාය...හැක්...හැක්...

      Delete
  11. ගීතයකට ඉතාම කදිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපේක්ෂා දිරි ගැන්වීමට...

      Delete
  12. ජීවිතයේ නිම් තෙර මානේ වූ
    ජීවන රසයේ පහස කියාදුන්
    ඈ අමතක කර එනු මා ඔබ වෙත
    කෙලෙස කියන් ලඳුනේ...

    මෙහෙම හිතන එක ඇඟට ගුණයි වගේ ...

    බොහොම අපූරු පදවැලක්!

    ReplyDelete
    Replies
    1. ගුණ දේවල් රහ නෑනෙ මෙතු...හැක්...විහිළුවක් හොඳේ...

      Delete
  13. සරලයි සුගමයි..
    හැබැයි බරපතලයි..
    හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලෙස්සල යන්න ගස්ලබ්බක් කෑව නම් බරපතල නෑ...හැක්...

      Delete
  14. ඔහොමත් ලව් එකේ ඉඳලා සොයුරියේ කියන්නේ මොන හිතකින්ද යස්සයෝ?

    ReplyDelete
    Replies
    1. එයි මෙන්න මූ ඇවිත්...

      Delete
    2. තෝ කොහෙද හිටියෙ යස්සයෝ...ආයෙ ලියහං ඉක්මනට...නැත්තම් අපි ගන්නවා පේටන්ට් එක ඔන්න...

      උඹ නැතුව කම්මැලි බං...ආයෙ ලියහං...

      Delete
    3. මේක අසංකයගෙ කුමන්ත්‍රණයක්. හැක්..

      Delete
  15. ලස්සන නිර්මානයක්...

    ReplyDelete
  16. පරසතු. මා සතු. අන්සතු.

    ReplyDelete
  17. චෑ...... චෑ.... මන් හිතුවේ මේ ළමයි බොහෝම වැදගත් ළමයිය කියලා...

    ඉයන් කියපු එක හරි.. මට නම් ඒ ටික තිබුනා නම් ඇති

    ReplyDelete
    Replies
    1. වැදගත් කමට ඉඳලා වැඩක් නෑ මාතේ...නොවැදගත් වුණාම මාර එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්...

      Delete
  18. අම්මෝ...............T 56 න් කන්න වෙන්නේ. හ්ම්....

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ කාපු කෙනෙක්ම...නැත්තම් කොහොමෙයි ටී56 න්ම කියල දන්නේ...

      Delete
  19. මුල් පේළි දෙකේ එන තාලේ ඇයි බං ඊට පස්සේ පිලි පැනලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවා තමා මචෝ...ඒත් ගීතයකට ගළපගන්න ඕන කියල හිතලමයි පීලි පන්නලා ලිව්වේ...වැඩේ වැරදුනාවත්ද මන්ද...හිකිස්...

      Delete
  20. පලවෙනි කොටස ගීතවත්, අපුරුයි. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් එවුන් කිව්වේ පළමුවෙනි කොටස හොඳයි කියලා...

      බොහොම ස්තුතියි සොමි යා...

      Delete
  21. අන්තිමට සොයුරිය කියල ශේප් වෙනවා නේද අසංක. කොටස් දෙක දෙවිදියකට ගායනා කරනන් පුඋවන් විධිහට ලියල තියෙන්නේ. අර
    මා ලිනියේ - ඉන්ද්‍රජාලය මා මනසේ අන්ධකාරය ....වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අජිත් අයියේ මම ගීත ගැනවත්, කවි ගැනවත්, නිසඳැස් ගැනවත් කිසිම අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි...අවංකවම ඒවයෙ තියෙන්න ඕන ලක්ෂණ ගැනවත් අර්ථ දැක්වීම් ගැනවත් කිසිම අදහසක් නෑ...

      මම හැමදාම කරන්නේ ඔහේ හිතට එන විදිහට ලියන එක...දේවල් එක රාමුවකට දාගෙන වැඩ කරන්න මට අමාරුයි...මම හිතන්නේ මට ගැලපෙන කලාව මේ විදිහට නිදහස් ආරකට ලිවීම...කිසිම අර්ථ දැක්වීමකට යටත් නොවී...

      Delete
    2. මම ලියන්නෙත් මට පෙනේ විධිහ. මටත් එහෙම අධ්‍යාපනයක් නැහැ ඒ පිළිබඳව. එහෙම අවශ්‍යත් නැහැ නේද? නිදහස් ව ලියන එක තමා හොඳම.

      Delete
    3. ආයෙත් අහල...නිදහස් අදහස් මනරම්...ඒකම තමා අජිත් අයියේ මම මේ බ්ලොග් ලෝකයට නිර්මාණ ඉදිරිපත් කරන්න මුල් වුණු හේතුවත්...

      Delete
    4. //නිදහස් අදහස් මනරම් \\ සහතික ඇත්ත. (කලින් එක මැකුවේ වැරදි අකුරක් type වෙලා තිබ්බ නිසා...)

      Delete
    5. ගොඩක් ස්තුතියි චතු...මම කියෙව්වා ඔයා නිර්මාණකරුගෙ නිදහස ගැන ලියපු ලිපියත් මේ දැන්...ඇත්තටම මේ නිදහස අගය කරන මාධ්‍යයක් විදිහට බ්ලොග් කලාව අපූරුයි...හැබැයි අපි දැනගන්න ඕනෑ කිසිවකුට කරදරයක් නොවෙන ආකාරයට අපේ හැකියාවන් භාවිත කරන්න...අන්න ඒ රාමුව විතරක් මම හදාගෙන ඉන්නවා මේකෙදි...ඔබේ ලිපිය අතිශය වැදගත්...

      Delete
  22. කොහෙද අප්පා මේ ස්ටේෂන් එක?

    ReplyDelete
  23. පදපෙල වින්ඳා, පළමු කොටස පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල්...

      Delete
  24. මුල් කොටස ඉතාම අගේයි. හොඳින් රස වින්දා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...