Friday, April 15, 2016

මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා.....



දහඩිය හෙලළා හම්බකරපු
ධන ධාන්‍ය ටික ගෙට අරන්
තමන්ගේ ම මහන්සියෙන්
හොයාගත්තු වසන්තය ආවෝ ආවෝ කියන්නෙ
තමන්ට ම කියලා කූඩුවක් හදාගන්න බැරි
අනුන්ගේ පහණින් එළිය බලන කොවුලෝ.
ඒකයි මං කියන්නේ
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.............

එකෙක්ට එකෙක් පේන්න බැරිව
තුවක්කු අමෝරාගෙන උන්නු
කැති පොරෝ අරගෙන ගිහින්
බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළු
එකම නැකතට එකම ජාතියක් විදිහට 
එකට එකතු වෙලා කැවිලි බෙදාගන්න අවුරුද්ද
ඒකයි මං කියන්නේ 
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............

අවුරුද්දක් ම බඩගාගෙන 
සල්ලි පස්සේ දුවෑවිදලා
රජයේ නිවාඩු දවස් ටිකේ
ටීවි එකේ පෙන්නන ලංකාවේ නැති ගමක් දකින්න
තිලකවර්ධන එකේ සේල් පෙට්ටියෙන් තෑගි පොදිගහන
වැහි නැති හෙණ ගහද්දි සමරන අවුරුද්ද
ඒකයි මං කියන්නේ 
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............


කසුප් අනුරාධ



.

44 comments:

  1. අම්මප කසුප් ඔයා ඔහොම කියනකොට මටත් හිතෙනව මොකක් හරි අවුලක් තියනව කියල

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙම එහෙමයි.............

      Delete
  2. බොරු කියද්දී බැන බැන
    ඒත් ඒකම අහන බලන
    සල්ලි වලට තත්ත්පරේ විකුණන
    ප්‍රෝග්‍රෑම් අවුරුදු බව දැන දැන
    ඒත් ඒකත් අහන බලන
    ඔල මොට්ටල වුන් අපිම තමයි
    ඒකයි මං කියන්නේ
    අපිට මොකක් හරි අවුලක් තියෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉයන්..............
      මේක තනිකරම මාකටින් අවුරුද්දක්....... අපි විකිණෙනවා... එච්චරයි......

      Delete
  3. හැමතැනම අවුල් තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් සහෝ...........

      Delete
  4. කන්න අඳින්න විදිහක් නැති
    අන්ත අසරණයො ඉන්න රටක
    මගුල් වගේ අවුරුදු කන උන්
    තව තවත් තමන්ට කිරි ඉතිරේවා කිය කිය
    මුලු අවුරුද්දම කන කොට
    තේරෙනවා අපිටත්
    මෙතැන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. මේවාට තමා කියන්නේ විකාර කරනවා කියලා.........

      Delete
  5. අවුල් නැති පවුල් හොයනවා වගේ වැඩක් මේක... අවුලක් නැති අවුරුද්දක් හොයන එක..

    ReplyDelete
    Replies
    1. දැන්නං මේක හොදට ම අවුල්..........

      Delete
  6. ඔව් ඇත්ත තමා...
    මෙතන මොකාක් හරි අව්ලක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ලොකු අවුලක් තියෙනවා.......

      Delete
  7. ඒක තමයි ඒකෙ හැටි...
    වැඩිය හිතන්නෙ නැතිව ඉමු...
    ඕනෙ නම් අවුරුද්ද වර්ජනය කරන්නත් පුලුවන් මේ මම වගේ...

    ReplyDelete
    Replies
    1. මමත් වර්ජනය කරා........ (ඇත්තම කිව්වොත් මං ලෙඩ වුණා.. ඉතින් මුකුත් ම කරගන්න බැරි වුණා... තාම ලෙඩ ඇදේ)

      Delete
  8. හැම දෙයක්ම අවුල්වුන රටක ඕකේ විතරක් අවුලහොයන්නේ මොන ලබ්බකටද බං.ඔන්න ඔහේ ලයිශන් හම්බුන වෙලේ කරටි කැඩෙන්න ගහලා සඳුදා වැඩට පල.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි............... ඒත් උඹට කියන්න මචං පොඩ්ඩක් ලෙඩ වුණා. ඉතින් ලයිසන් කැන්සල්. ඒ වෙලාවට ඔය වැරදි අඩුපාඩු පේනවා වැඩියිනේ බං.... ඒකයි මේක ලියැවුණේ.... හැක්

      Delete
  9. ඇත්ත,

    ලොකු අවුලක් තියෙනවා..
    එත් මෙතන විතරක් නම් නෙමේ..

    ----------------
    බොහොම අමුතු වචන පෙළක්. ගානට තිතට විභීෂනගේ හිතට අල්ලලා ගියා..

    ReplyDelete
    Replies
    1. විභියටත් ඇල්ලුවා කියන්නේ වැඩේ සාර්ථකයි... ජයවේවා...

      Delete
  10. සහතික ඇත්ත. මොකක් හරි ලොකු අවුලක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ආය කෝච්චි ගමනක්වත් පටන් ගත්තේ නැත්තං ලොකු අවුලක් වෙනවා.... හැක්

      Delete
  11. අර මේල නොදැම්මොත් , ලොකු ම ලොකු අවුලක් වෙන්වා බොලටත්..

    ReplyDelete
    Replies
    1. තුෂාරයාට කියන්නං............ නැත්තං ලොකු අවුලක් වෙනවා.....

      Delete
  12. අවුල් ලිහනවා කියන අයත් තව අවුල් ඇති කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙම විචාමාමා ඇත්තම අවුල දැකලා තියෙනවා..... දැන් මේක අවුල් පිට අවුල් නේද?????? එහෙම වෙන්න වෙන්න අපිට නිකං හිතට අවුල් වගේ දැනෙන්නේ ඇයි අෆ්ෆා...

      Delete
  13. ඇත්ත,අවුලක් තියනවා...

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා මොකක් හරි අවුලක් තියෙනවා...

      Delete
  14. //එකෙක්ට එකෙක් පේන්න බැරිව

    තුවක්කු අමෝරාගෙන උන්නු

    කැති පොරෝ අරගෙන ගිහින්

    බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළු//

    දෙමළුයි සිංහලයොයි අතර යුද්දයක් තිබ්බෙ නෑ....තිබ්බෙ ත්‍රස්තවාදීන් හා රජයේ හමුදා අතර.....අනික මචං හමුදාවෙ හිටියෙ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි.....මුස්ලිම්,බර්ගර් වගේම දෙමල සෙබලු....සින්හල හා දෙමල මිනිස්සු අතර යුද්දය්ක් තිබ්බනන් බහුතර දෙමළ ජනයාට මෙතෙක් මේ විදිහට ජීවත්වෙන්ඩ බෑ.......මොකද උබකියන විදිහට දෙමලු පැරදිල....කදිරගාමන් මහත්තයත් මැරුවෙ ඒ ත්‍රස්තයන්මයි.......ඔවුන් දෙමල මිනිස්සු වෙනුවෙන් සටන් කරේ නෑ...ඔවුන් ත්‍රස්තරන්...බහුතරය දෙමළ ජාතිකයින් සිටි....

    අනිත් කාරනය මචං උඹ අතින් මේ දේ ලියවුනු එක....හිතාගන්ඩත් බෑ....මේවගේ කාරනා වලින්ම උඹට තේරෙනව ඇති තවම යුද්දය ඉවරවෙලා නෑ කියල..තවමත් අපි ඉන්නෙ දේශපාලුවො විසින් කොටුකරන ලද සංකල්ප තුල.......

    උබේ ඔය තර්කයට මචං ජාතීන් දෙකක්.....එහෙම නැත්තන් ආගම් දෙකක්........ අදහන්නන් හා ඇසුරු කරන්නන් එකම නැකතක් සමරන්නෙ කොහොමද වගේ කරුනක් උලුප්පන්න.....උඹලගෙ වගේ ප්‍රසිද්ධ බ්ලොග් එකක් මීට වැඩිය සැලකිලිමත් වෙන්ඩ ඕනෙ නේද මචං

    ReplyDelete
    Replies
    1. අලුත් බ්ලොගක් සප් එකක් දෙමු.....

      dumimda.blogspot.com

      Delete
    2. රසික මචං අලුත් බ්ලොගය පැත්තේ ගියා............ ඒක සින්ඩියටත් දා ගත්තා...... ඒ වගේ දේවල් දුටු ගමන් පෙන්නපන්. අලුතෙන් නැගිටින්න හදන උන්ට බ්ලොග් ලෝකයේ තියෙන සහෝදරකම හරිම වැදගත්. අපිටත් මතකයිනේ පළවෙනි දෙවැනි පෝස්ටු ලියලා මගබලාන හිටපු කාලේ......

      රසික මචං අපි උඹේ විස්තර කෙරිල්ල ගැන ටිකක් හිතමු. මං කැමති උඹේ තියෙන සාධාරණ විවේචන වලට. උඹ කියන්න තියෙන දේ කියනවා. හොද නරක දෙකම කියන්න උඹ බය නැහැ. ඒවා තමා මචං හොද කමෙන්ට්ස්.

      දෙමලුන් සහ සිංහලුන් අතර යුද්ධයක් තිබ්බා කියලා අපේ හිතුත් දන්නවා. ඒත් අපි ඒක වහනවා. යුද්දේ තිබුනේ උතුරයි දකුණයි අතර. යුද්දේ තිබුනේ දෙමලුන් සහ සිංහලුන් අතර. ඒකනේ ඒ කාලේ දකුනේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට ගහලා උතුරේ සිංහල මිනිස්සුන්ට ගහලා කලු ජූලියක් කරේ. දකුනේ පාරවල් ගානේ බස් නවත්ත නවත්ත දෙමළ නම් තියෙන අයගේ (විශේෂයෙන් උතුරේ පදිංචිය තියෙන අයගේ) අයිඩී බල බල චෙක් කරේ. නැත්තං මචං අයිඩී එකෙන් කොටි අල්ලන්න පුළුවන්යෑ.

      මෙහෙමයි රසික මචං. කොටි අතර එක සිංහලයෙක් හිටියට හෝ දකුනේ හමුදාවේ කීපයක් දෙමළ අය හිටියට හෝ (ඔවුනුත් දකුනේ හැදුනු වැඩුණු දෙමළ අය වගේ ම සිංහලෙන් ඉගෙනගත්) මේක බෙදා ගැනීමේ ගැටලුවක් හදාගත යුතු නැහැ. ප්‍රහාකරන් පෙන්නුවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කොටි සංවිධානය කියලා එකක්. ඒකේ කොහේවත් සිංහලුන් වෙනුවෙන් කරපු සටනක් තිබුනේ නැහැ. ප්‍රභාකරන් මැරුණම දුක්වුණ අනන්ත දෙමළ ජනතාවක් හිටියා. ඒත් පෙන්නුවේ නැහැ. ඒක අතිශය සාමාන්‍යයයි. ඒක වැරැද්දක් විදිහට දැකිය යුතු නැහැ. මොනවා වුණත් භූමිය මත යුද්ධය ඉවර කරාට පස්සෙවත් අපි තාම මේ දේ ගැන කතා කරන්න බයයි. බය නිසා ම අපි ඔබ කියන සාධාරණීකරණය කරමින් කොටින්ට විතරක් බැන බැන හිටියට මේ යුද්දෙ මුලට ගිහින් බලන්න මෙතැන තියෙන්නේ ජාතීන් දෙකක ගැටලුවක්. ඒ නිසා දැන්වත් මේ ජාතීන් දෙක සමගි කරන්න පාර හදාගත යුතුයි. මේ ආණ්ඩුව දේශපාලනික ව අරගත්තු පියවරවල් සාධනීයයි. ඒත් මහපොළවේ පැලවුණ ක්‍රියාමාර්ග නැති තරම්......

      Delete
    3. මචං ඔව්....ජාතීන් අතර යුද්ධයක්....මට මතක විදිහට කොටි ඉස්සල්ලම මැරුවෙ සිවිල් සිංහල වැසියෙක් නෙවෙයි ආරක්ෂක භටයෙක්...ඔවුන් ජාතීන් අතර සටනක් කරානන් මරන්ඩ ඕනෙ සිංහලයෙක්ව...සටන ආරම්බ කරන්ඩ ඕනෙ සිංහලයන්ගෙන්....ඒත් ඔවුන් දිගින් දිගටම මැරුවෙ හමුදා හා ආරක්ශක අංශ නිලධාරීන්...ඔව් සිවිල් වැසියන් මැරුව.....පූජකයන් ඝාතනය කරා ඒ ඔවුන්ගෙ ක්‍රියාවලට පිටුපෑව නිසා......මම කිසිම අවස්ථාවක කොටීන් වෙනුවෙන් පෙනී සිටින්නෙ නෑ...හැබැයි දෙමළ වැසියන් වෙනුවෙන් පෙනී සිටිනව...මේක මචං ලමය වැරැද්දක් කරහම තාත්තව අත්තඩංගුවට ගන්නව වගේවැඩක්...ඔව් මචං දෙමල වැසියන් ප්‍රබාකරන් මැරුවහම දුක්වුනා ඇඬුව .......ලමය කොච්චර ලොකු වැරැද්දක් කරත් ලමය මැරුනහම තාත්ත අඩනවනෙ.....

      බොදුබල සේනා,රාවනා බලය ඒවත් අන්තගාමී සමාජ කිරියාකාරී සංවිධාන ජාතිවාදී හා ආගම් වාදී....ඔවුන් නොකරෙ මිනිස්සු මැරීම විතරයි......ඒත් මතක ඇති ඤානසාර හිරකරපුවහම කෑ ගහපු සියල්ලන්ම සිංහලයො... බහුතරය නෙවේ...ප්‍රභාකරන් මැරුණහමත් කෑගහපු දෙමළු බහුතරය නෙවේ


      ජතීන් අතර යුද්ධයක් නම්, ඔවුන් අවසාන කාලයේ හිරකරගෙන හිටියෙ දෙමළ ජනතාව...මොකද ඔවුන්ට අවශ‍ය උනේ ජාතිය රැකගන්ඩ නෙවේ ඔවුන්ට රැකෙන්ඩ....ඒකාදිපති පාලකයෙක් ප්‍රභාකරන්....සිය ජනතාව වෙනුවෙන් වෙනත් ජාතියකට එරෙහිව සටන් කරපු හිට්ලර් වගේ සටනක්ද ප්‍රභාකරන් කරේ..නෑ...ඔහු ජාතිවාදයට....දෙමළ ජනයාට මුවාවෙලා ඔහුගේ අරමුණු ඉටුකරගන්ඩ උත්සහ කරා...පලිහ විදිහට යොදා ගත්තෙ සිංහල දෙමළ අරගලයක් නිර්මානය කිරීම....සහ ඒක දකුණේ දේශපාලකයන් විසිනුත් යොදා ගැනීම....

      Delete
    4. මේ කියනඩ අමතක උනා...බය කියන එක තේරුනෙ නෑ..කටද බය වෙන්නෙ.....

      Delete
    5. රසික උඹ කියන කතාව සාධාරණයි. ඒකේ වැරැද්දක් දකින්නෑ මං. මොකද මේක ජාතිවාදයක් ය කියලා අවුස්සන්න හොද දෙයක් නෙමෙයි තමයි. ඒක ජාතීන් දෙකට ම හොද නැහැ තමයි. ඒත් මචං මිනිස්සු අතර මේ ගුණාංගය රැකගෙන මේක ත්‍රස්තවාදයක් තමා කියලා වහලා දැම්මාට. ඒ ත්‍රස්තවාදයට පැල වෙන්න සුදුසු බිමක් හදලා දුන්නේ සිංහල සහ දෙමළ ජාතීන් දෙක අතර නිදහසින් පස්සේ ඇතිවුණ ගැටුම්කාරී තත්වයන්. ටිකක් අධ්‍ය්‍යනය කරොත් පැහැදිලි වෙනවා බණ්ඩාරනායක මහත්තයා සිංහල පමණක් කියන මාතෘකාව අරන් ආණ්ඩුවක් හදද්දි දෙමළ මිනිස්සු ගොඩක් කළකිරුණා. පස්සේ බණ්ඩා-චෙල්වා ගිවිසුම ගහලා ගම්සභා ක්‍රමය හදන්න යද්දි හාමුදුරුවරු පාරට බැහැලා ගිවිසුම ගිනිතිබ්බා. බණ්ඩාරනායක මහත්තයා දැනගෙන උන්නා තමන් ආණ්ඩුව හැදුවේ ජාතිවාදය ඔස්සේ කියලා. ඒ නිසා දෙමළ ජනතාවට සාධාරණ බලය බෙදීමක් දෙන්න ඔහු සූදානම් වුණාම හාමුදුරුවරු ඒක විනාස කරලා අන්තිමට ඔහුව චීවරධාරියෙක් ම මරලා දැම්මා. ඊට පස්සේ ඩඩ්ලි-චෙල්වා ගිවිසුමෙන් දිස්ත්‍රික්සභා ගේන්න උත්සහ කරත් ඒකත් කරගන්න බැරි වුණා. දෙමළ නායකයින් සමග කරන්න හදපු හැම දේශපාලනික ගණුදෙනුවක් ම බහුතර සිංහල ජනතාව විනාස කරා. ඒ විතරක් නෙමෙයි රසික මැතිණිගේ කාලේ විශ්ව විද්‍යාල වලට ගැනීමේ සීමාකම් හැදීම උතුරේ ජනතාව දැක්කේ තමන්ට කරපු සීමාවක් විදිහටයි. තව මේ අතර දෙමළ ජනතාව අතර ශ්‍රී විරෝධය, හර්තාල් කිහිපයක් සහ හතලින් ගණන් වල සිට ම ආපු 50 ට 50 ඉල්ලීම වගේ දේවලුත් තිබුණා. ඒත් ඇත්තම කතාව තමා අපේ කිසිම නායකයෙකුට මේ ජාතීන් දෙකට ම සාධාරණ විසදුමක් 80 ගණන් වෙනතුරුම දෙන්න බැරි වීම.

      මේකේ වාසිය තමා ප්‍රභාකරන් ගත්තේ. මෙහෙමයි. මේ ගැන කතා කරපු සංවිධාන වගේ ම නායකයොත් උතුරේ හිටියා. චෙල්වනායගම්,GG පොන්නම්බලම්, 77 විපක්ෂනායක වුණ අමිර්තලිංගම් වගේ අය වගේ ම උමාමහේෂ්වරන්ලත් හිටියා. ඒ අතර ම සටන්කාමී සංවිධාන විදිහට සභාරත්නම්, කුට්ටිමනීලාගේ ටෙලෝ සංවිධානය, අරුල් ප්‍රකාසම්ලාගේ ඊරොස්වගේ සංවිධානය, පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට ආපු ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී එක වගේ සටන්කාමී සංවිධානත් තිබුණා. ඒ නිසා මචං මේක ත්‍රස්තවාදයක් විදිහට විතරක් දැකලා අතහැරලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ පදනම බැලුවා ම ජාතීන් අතර බෙදීමක් නිසා හටගත්ත දෙයක් කියලා පේනවා.

      මෙහෙමයි අපි යුද්ධය හොදින් හෝ නරකින් ඉවර කරාට මචං ඒ යුද්ධයට හේතු වුණ හැබෑ පසුබිමට තාම බෙහෙත් කරලා නැහැ. ඒක තමා අපි කතා කරන්න බය දෙය. අපි යුද්දෙ ඉවර කරානං අපි කල්පවත්නා සාමයක් හොයගන්න නං මේ ජාතීන් අතර තියෙන බෙදීම නැති කරන්න ඕනේ. ඒක මිනිස් හිත් අස්සේ තියෙන ආකල්ප එක්ක තියෙන ගණුදෙනුවක්. ඒක කරන්න පටන් ගන්න කලින් උඹ ඔය කියන මිත්‍යාෙවන් අපි අයින් වෙලා ඇත්තට ම මේ දෙපිරිස අතර බෙදීමක් තියෙනවා කියන දේ පිළිගන්න ඕනේ. නැත්තං මේ ආණ්ඩු දෙකම ඒක නොකර අත්පිහදාගෙන සද්ද නැතුව ඉන්නවා වගේ හිටියාම තවත් ප්‍රභාකරන වගේ අපතයෙක් ඉපදුණ දවසට ඌට ආයෙම යුද්ධයක් කරන්න පාර අපේ කට්ටියම ලස්සනට හදලා තියේවි.. මේක සිංහල දෙමළ විතරක් නෙමෙයි රසික මුස්ලිම් කියන කොටසටත් අදාළ දෙයක්.......

      අපි බය වෙන්න ඕනේ මේක එළිපිට කතා කරන්න නෙමෙයි මේක හංගන් ඉදලා අනාගත සමාජයම ආයෙම මිනීමරාගන්න තැනකට ගෙනියන්නයි........

      Delete
    6. ඔව් මචං ඕක ඉංගීසීන්ගෙ කාලෙ ඉදම්ම තිබ්බ බෙදීමක්...උන් ජාතීන් අනුව මහජන නියෝජිතයක් පත්කරල බලා පොරොත්තු උනෙ මේ දේ...සිංහලයන්ට සිංහල නායකයො....දෙමලුන්ට දෙමල නායකයො...මුස්ලිම්ට මුස්ලිම් නායකයො...ඔය විදිහට වෙන්කරහම උන් දැනන් හිටිය මේ මෝඩ මිනිස්සු කෙලව ගන්නව කියල.....ඒකම තමා උනෙ...නිල නොලත් ලෙස දිගටම සිදුවෙන්නෙ...

      //අපි කල්පවත්නා සාමයක් හොයගන්න නං මේ ජාතීන් අතර තියෙන බෙදීම නැති කරන්න ඕනේ.//. ඕකම තමා මචං මාත් පලවෙනි කමෙන්ට් එකෙම්ම කීවෙ.....ඔය කවියෙ ඒ හැදින්වීමෙන් වෙන්නෙ තව දුරටත් බෙදීන වැඩිවීම....අපිට ගැහුවෙ දෙමල...කොටි තමා දෙමලු කියන එකෙන් ආය සිද්ද වෙන්නෙ වෛරය තව දුරටත් උඩුදිවීම නේද??එල්ටීටී දෙමල ජනයා දැන් නෑ...ඔවුන් මැරිල බහුතර රටින් පිට...සුලුතරය පුනුරුත්තාපන...රජය ගන්නා ක්‍රියාමර්ග උඩින් සව්කොල ගහනව වගේ මැටි වැඩ......මම හිතන විදිහට සයිබරේ අපිට පුලුවන් ඒ වෙනුවෙන් ලොකු වැඩක් කරන්ඩ

      Delete
    7. උඹ හරි රසික මචං......... කවියෙන් හැම දෙයක් ම කියන්න බැහැ. ඒත් ටිකක් වෙනස් විදිහකට හිතන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න පුළුවන්. මට ඕනේ වුණේ එච්චරයි. මොනවා වුණත් ඒ සාකච්ඡාව මාර වටිනවා.... අපේ අවසන් පැතුමත් වටිනවා. ඒ වෙනුවෙන් හැකි දෙයක් කරමු.... විය යුත්තේ එයයි.... ජයවේවා....

      Delete
  15. ඇයි බන් ජෝතීර් විජ්ජාව බොරුවක් කිය කියා ඒකට කින්ඩිය දාන මහා පොරවල් ඔක්කොම වගේ අවුරුද්දට විෂ් කොරලා එවලා කියහංකෝ හිටං

    ReplyDelete
    Replies
    1. එවලා එවලා................. මටත් එවලා........ තිස් ගානක් ම එවලා....... දෙකක් දාලා අවුරුදු සමරද්දි ආය මොන ජෝතීර් ද මාතා........

      Delete
  16. Replies
    1. නෑ මං කියන්නේ ඉතින් එහෙම දේවලුත් තියෙනවානේ නේද????

      Delete
  17. මචන් අවුරුද්දේ මොකක් හරි අවුලක් තියෙනවා, එත් එක අවුරුද්දෙමත් නෙවේ, මිනිස්සුන්ගේ හිත වලයි ඒ අවුල තියෙන්නේ. එත් අවුරුදු කියන එක සංකල්පයක් වශයෙන් වැරදි නැහැ, ඒ වටේ ලොකු බැඳීමක් ඇති වෙනවා. එත් එකත් අද වාණිජ රුඋපි වෙලා ඉවරයි, වෙලා නෙවෙයි, කරලා. එක පාටකින් විතරක්ම බලන්ට එපා මචන්. අන්න එතනත් මොකක් හරිma අවුලක් තියෙනවා. ජය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සොමියා..................

      හැමෝ ම එක පැත්තක් කතා කරද්දි අනික් පැත්තත් ටිකක් අවුස්සලා තියන්න විතරයි ඕනේ වුණේ........... ෆුල් අවුට් කියලා හිතන්න එපා බං...... නිකං දෙබරයට පොඩි ගල් කැටයක් ගැහුවා විතරයි.... හැක්

      Delete
  18. ඔය ටීවී වල යන
    වැල් බයිල බලන් නැතුව
    මස්සිනා එක්ක ෂොටක් දාල
    ගෙදර අය එක්ක හොඳට කාල බීල
    අපි වගේ හිටපං
    එතකොට ඔය අවුල නැතිවෙයි.

    ප.ලි.
    මූ ලෙඩවෙලා හින්ද බොන්න නැතිකමට දුකට ලියවෙච්ච එකක්ද කොහෙද මේක. හැක්..
    ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රසා අයියා පොට ඇල්ලුවා........... අවුරුදු දවස් වල ලෙඩ වෙලා ඇදට වැටුණාම මාර අවුල් අෆ්ෆා....... ප්ලෑන් සේරම වතුරෙනේ..... විපක්ෂෙට වැටුණාම ආණ්ඩුවේ වැරදි පේනවා වගේ දැන් හැම දේම පේන්නේ ඇදේට... හැක්....

      Delete
  19. ඇත්තම තමා ොකක් හරි අවුලක් යෙනව

    ReplyDelete
  20. ඇත්තම තමා ොකක් හරි අවුලක් යෙනව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...