Saturday, April 30, 2016

මැයි දිනේ තොපෙයි යකුනේ.........


මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
එළිය වැටෙන්නත් කලියෙන්
ගල් ගැහෙන හීතලට ගැහෙමින්
දළු නෙලන්න වත්තට යන 
තොපෙයි බොලව්නේ.........
කළු ගැහුණු තොපේ හම විකුණගෙන
මහතැන්වල සැප පුටුවල කැරකෙන 
මහඋන්ට ඉතුරු අවුරුද්දම තියෙනවා යකුනේ.........

මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
බ්ලොග් ගල් සිමෙන්ති එක්ක 
උදේ ඉදලා කළුවර වැටෙන කල්
ඔට්ටු වෙමින් දාඩිය පෙරණ
තොපෙයි බොලව්නේ.........
කරගැට ගල් වෙච්චි තොපේ අත්වලින් නැගලා
සීතල කාමර වලට ගොඩ වුණ උන්ට
එදාටවත් කඩේ යන්නැතුව හිටපල්ලා යකුනේ.........

මැයි දිනේ තොපෙයි මිනිසුනේ..........
ගිනි ගහන කාෂ්ටකේ යට 
තාර උණුවෙන මහපාරවල් වල
මුට්ට කරගගහා ජීවිතේ හොයන
තොපෙයි බොලව්නේ.........
මුට්ට වලට කරගහලා හුරු වුණ තොපේ උරහිසෙන්
අහසට නැගලා තොපිට තරු පෙන්නන උන් දෙන
ගල් බෝතලේට පෙරේත වෙන්න එපා යකුනේ.........


කසුප් අනුරාධ


.

68 comments:

  1. Replies
    1. මුන් හැමදාම සාදුකින් තමා පූසෝ............ මෙහෙම කිව්වටවත් ඕවා තේරෙයිද මන්දා....... යකෝ කඩේ යනවා යනවා ඉවරයක් නෑනේ..... දැන් මැයිදිනේ තියෙන ලොකුම දේ තමා ගාල්ලට යනවාද කිරුළපනට යනවාද කියන එක... මුන්ට අමතක වෙලා මේක ඡන්ද රැස්වීමක් නෙමෙයි කියලා.....

      Delete
  2. පිස්සු..,
    හම්බෙන ගල් කාලටත් කෙලින්නයි මූ හදන්නෙ...

    ReplyDelete
  3. පිස්සු..,
    හම්බෙන ගල් කාලටත් කෙලින්නයි මූ හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. දැං උඹ ගල් භාගෙකටම කෙලල තියෙන්නෙ. හැක්..

      Delete
    2. විදානෙගේ බාගයයි.... ප්‍රසා අයියාගේ බාගයයි.... දැන් බෝතලයයි..... 03 වෙනිදා හවසමයි මතක් වෙන්නේ... ඒ ඇයි ??????????

      Delete
  4. හැමදාම කඹුරලා එදාටත්
    බත් පැකට් එකටයි ගල් කාලටයි කඹුරන
    කංකරුවො කවද තේරුං ගනීද
    තමන්ට රටක් පෙරලිය හැකි බව

    ReplyDelete
    Replies
    1. මුන් හිතාගෙන ඉන්නේ තමන්ට පුළුවන් දළු ගෝනි පෙරළන්නයි, බ්ලොග්ගල් ගඩොල් පෙරළන්නයි, මුට්ට පෙරළන්නයි විතරයි කියලා. මුන්ව නැගිට්ටවන්න මෙහෙම තේරුං කරලත් බැහැ.... උන්ට තේරෙන්න ම ලියන්න ඕනේ.... ඒත් එහෙම ලිව්වොත් ඒක මේකේ දාන්න වෙන්නේ නැහැ......

      Delete
  5. ඔව් ඒක ඇත්ත කුරුටු

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත හැමදාම පෑගෙන මේ මිනිස්සුන්ට ම නොතේරෙන එකයි අවුල....... මේ විකුණන්ගේ උන්ගේ සහ දරුවන්ගේ අනාගතය....

      Delete
    2. මමත් අත්වින්ඳා කුරුටු...ඒත් දැන් එවුනුත් ඒ පස්සෙම යනව. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න කෑස්ති නෑ...ඒකයි

      Delete
    3. ලංකාවේ දේශපාලනය හැම රෙද්දක් අස්සට ම රිංගලා. මේකයි වැරැද්ද. අපි ලෝකයේ වෙනත් රටවල් බැලුවත් මැයි දිනේ වගේ ඒවා ඔවුන් භාවිතා කරනවා තමා දේශපාලනය සදහා. ඒත් අපි මේ දේශපාලුවන්ට ඉඩ දීලා තියෙනවා වැඩියි..... අපි සමහර දේවල් දේශපාලනයෙන් වෙන් කරගන්න අවශ්‍යයි....... නැත්තං හැමදාම මේක තව තවත් ඔඩුදුවනවා....

      Delete
  6. උන්ගේ මැයි දිනේ දැන් අනුන්ගේ වෙලා උන්ගේ නෙවේ වෙලා අයියා. මට නම් කියන්න තියන්නේ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මේක වකුගඩු රෝගීන්ගේ දිනය වෙනුවෙන් රසායනික පොහොර සමාගම් සංවිධානය කරන රැළිවලට යන්න පොරකනවා වගේ දෙයක් තමා....... තව උදාහරණ නං දෙන්න හැකියි හිටු කියලා.... අර ලෝක ළමා දිනයට වැඩිහිටියන් සංවිධානය කරලා කතා පවත්වන වැඩසටහන් දිහා බලාගෙන දවසම පුටුවලට වෙලා බයෙන් ඉන්න ළමයිනුත් මෙහෙමම තමා. ඔය හැම දිනයක් ම ඉතින් ඔහොමනේ අගහරුවෝ......

      Delete
  7. එදාට කඩේ නොගියහම ස්තීර නොවන රැකියාව ස්තීර කරන්නෙ උඹද?,කොල්ලව ඉස්කෝලෙකට දාගන්ඩ ගියහන මන්ත්‍රිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ උඹද?,හදිස්සියකට නෙවේ කොයි වෙලාවකවත් වැඩක් කරගන්ඩ මන්ත්‍රිය ලඟට යන්නෙ උඹද?,මේ වගේ අනිත් ප්‍රශ්න වලට උත්තර උඹ ගාවද?,එහෙමනන් අපි උන්ට කඩේ නොගිහින් ඉන්නන්....උඹට පුලුවන්ද?....අනිත් එක බං කටට රහට බත් පතක් කන්නෙ එදාට...සීල් අරක්කු බෝතලයක් බොන්නෙ එදාට.......ලැජ්ජ නැතුව උදව්වක් ඉල්ල ගන්නෙ ඕකට ගියහැන් පස්සෙ-(කම්කරුවෙක්)

    ReplyDelete
    Replies
    1. ඒක හරි.................. ඔන්න ඔහේ පලයං... බත්පතක් කාලා සීල් අරක්කු ටිකක් ගසලා පැද්දි පැද්දි ගෙදර ගිහින් නිදාගනින්. ආ...... ඒක නෙමෙයි උඹේ දරුවනුත් පෝලිමට ලෑස්ති කරහං අර උඩින් කියපු වැඩ ටිකට කඩේ යන්නයි මැයි දිනේට ට්‍රිප් යන්නයි.

      මීට ආසන සංවිධායක

      Delete
    2. මේකයි කසුප් අර කම්කරුව කියල තියෙන්නෙ........අපි හැමෝම කියන්නෙ කම්කරු දිනේ කම්කරුවගෙ නෙවේ...උන් වහල්කම් කරනව....දේශපාලුවො උන්ට ඕනෙ විදිහට කඩේ යවා ගන්නව.......හැමදාම හැමවෙලේම කම්කරුවමයි...තැලෙන්නෙ පොඩි වෙන්නෙ.....ඇයි මෙහෙම වෙන්නෙ කියල කවුරුත් කථා කරන්නෑ...අර කම්කරුව කියල තියනව වගේ...ඒ වැඩ දේශපාලුවො ලඟට ගිහින් නොකර ගන්ඩ........හැකියාවක් තියනවනන්,ඔවුන්ට දන නොනමා ඉන්ඩ හැකියාවක් තියනවනන්...කම්කරුවො කවදාවත් දේශපාලුවන්ගෙ පුක ලෙවකන්ඩ යන්නෑ......පුකට පයින් ගහනව මිසක්.......

      Delete
    3. මෙහෙමයි රසික මචං.

      මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු තමන්ගේ බලය මොකක් ද කියලා දන්නැහැ. අපි ඡන්දය දීලා කෙටිකාලයකට බලය පවරපු උන් කියන්නේ සදාකාලික බලය තියෙන ජාතියක් නෙමෙයි කියලා මේ මිනිස්සුන්ට තේරුමක් නැහැ. තමන්ට තියෙන බලය ගැන මේ මිනිස්සු දන්නෑ. කම්කරුවන් කම්කරුවන් හැටියට එකතු වුණොත් ඔවුන්ට තියෙන බලය තේරේවි. අපි කියන්නේ ඒකයි. මිනිස්සුන්ගෙන් උදුරාගෙන දේශපාලකයෝ බලු විදිහට භාවිතා කරන බලය ආපහු ජනතාවට ලැබිය යුතුයි. කම්කරුවන්ට පුළුවන් නං වතුකම්කරුවන් හැටියට, මේසන්වරුන් හැටියට, වගේ තමන්ගේ වෘත්තිය හැටියට විතරක් එකතු වෙලා කම්කරු දිනය සමරන්න ඒකයි ඔවුන්ගේ ජයග්‍රහණය........

      Delete
  8. ඔව් ඔව් ආයිබෝවන්, මැයි දිනේ කියලා, අරක්කු බාගෙකුයි, බත් පැකට් එකකුයි දීලා, අපිව එක්ක යන්න කට්ටිය පොරකනවා. නමුත්, එදත් මොනවාහරි කුලියක් මලියක් කොරලා, කීයක් හරි හම්බු කොරගත්තේ නැත්නම්, ගෑනියි දරුවොයි බඩගින්නේ.

    අනේ උන්ගේ අම්මගේ මැයි දින.

    ReplyDelete
    Replies
    1. //අනේ උන්ගේ අම්මගේ මැයි දින//

      අම්මපා මේක තමයි හරිම වචනේ..... උන්ගේ අම්මාගේ මැයි දිනේ......

      Delete
  9. කම්කරුවෙක් කියයි

    මැයි පළවෙනි දාට
    අපේ දිනේ උනාට‍
    මහ උන් කියන තැනට
    නොගියෝතින් අපට
    මැයි දෙක දා සිට
    ඉන්න වේය ගෙදර

    හැම දිනක් වාගේම
    එදාටත් ඒ ලෙසම
    කඹුරමූ අපි උන්ට

    “මැයි 1 දා ජාත්‍යන්තර කම්කරු දිනය"

    ඒකත් දැන් එක්තරා දිනක් පමණයි කුරුටු..


    ReplyDelete
    Replies
    1. නිර්මාණය අගෙයි නිර්මාණී..........

      මේ ගැන හරි සංවාදයක් හැදුනොත් ඔය කඩේයන එක නවත්තන්න සමාජයෙන් ම බල කිරීමක් එයි. එදාට අපිට සතුටු වෙන්න ඇහැකි නේද????

      Delete
  10. ඇත්තටම මේක ලෝක කම්කරු දිනයනේ. දැන් ඒකෙන් කම්කරු කැල්ල හැලිලා මැයි දිනේ වෙලා. කම්කරුවන්ගේ ඔලු පලපු එවුන් , පලන එවුන් සහ පලන්න ඉන්න එවුන් අත්වැල් බැඳගෙන බයිලා කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ................

      මේ මිනිස්සුන්ගේ ජීවිතේ ම දුකක්. ඇත්තට ම ඒක දුකක් කරගෙන තියෙන්නේ. නැත්තං තමන්ගේ කියලා තියෙන එකම දවසෙත් තමන් ව හූරගෙන කන උන්ට කඩේ යයි යෑ....... මේක නොවිය යුත්තක් කියලා යංතං හරි දැනීමක් සමාජයට ඇති කරන්නයි අපිට උවමනා. කම්කරුවෝ කම්කරුවෝ විදිහට දේශපාලකයින්ගෙන් මිදිලා කම්කරු දිනයක් සමරපු දවසට තමා අපිට සතුටු වෙන්න පුළුවන්......... මේ දේ තේරුම් ගත්ත දවසට ඒක වෙනවා....... ඒ කවදාද කියන එකයි අවුල....

      Delete
  11. මට නම් හිතෙන්නේ කුරුටු මේ නුල් බොලේ ලෙහන්න දැනට යන විදිහ ප්‍රමාණවත් නැහැ, ලියන කියන එක හොදයි, නමුත් ඇත්තට මේ මිනිස්සුනට එකින් වෙන දෙයක් නැනේ, අපි මොන තරන් කිව්වත් බඩගින්න කියන්නේ කියන දේ අහන කෙනෙක් නෙමේ, එක දවසක් හරි තමන් අසා කරන දෙයක් කල බිලා ඉන්න තැනට ඇවිත් තියෙන්නේ එක දවසකින් නෙමේනේ , එක විදිහිකිනුත් නෙමේ, ඒ නිසා මුලක ඉදන් පටන් අරන් විවිධාකාර දේවල් එක විට ගැටලුව ලිහන්න ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් එන්න ඕනේ , එදා වෙනකන් අපි ලියමු. :)

    ReplyDelete
    Replies
    1. මාර්ටින් ලූතර් කිං කියලා තියෙනවා

      ඔබට පියාඹන්න බැරිනම් දුවන්න
      ඔබට දුවන්න බැරිනම් ඇවිදින්න
      ඔබට ඇවිදින්න බැරිනම් බඩගාන්න
      කොහොම හරි කමක් නැහැ
      වැදගත් වෙන්නේ ඔබ ඉදිරියට යෑමයි........

      අපි අපිට හැකි දේ කරනවා. අපි කවි ලියනවා. ඔව් අපි කවි ලියනවා... හැබැයි හැකි වුණාම අපි පියාඹනවා.........

      Delete
    2. මං මේක අහල තියනවා, එත් අදයි දැනගත්තේ ඒක කිව්වා කෙනා ගැන ..පියාබනව කියන වචනේ දැක්කම මට මෙන්න මේක මෙතන දාලා යන්න හිතුනා



      Delete
    3. කොයි හතිත්ලව්වේ........... දාලා ගිය එක පේන්නෑනේ....

      Delete
    4. Comment එකේ "මෙන්න" කියන තැන click කරන්න. ඇයි දන්නෙ නැ ලින්ක් කලට වෙනම පෙන්නේ නැත්තෙ. :(

      Delete
    5. හරි හරි හොයාගත්තා........ ලින්ක් පෙන්නන එකේ අවුලක් වගේ.... එක් හදන්නම්.... මොනවා වුණත් අර නිර්මාණයනං හරිය අගෙයි...... කොහොමත් ඔබේ නිර්මාණවල ඒ ලක්ෂණය තියෙනවා..... ඒකයි ඔබේ අනන්‍යතාවය

      Delete
    6. ආය තැන්කූ මොකටද අෆ්ෆා......

      Delete
  12. කංකරු දිනේ නිවාඩු නැහැ
    ගේම ඉල්ලුවා.. අරගල කලා
    නිවාඩු ගත්තා
    බිව්වා
    මාසෙ පඩිය බලනකොට
    දවසක පඩි
    කපලා

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න ක්‍රෙම්...... කොහොමත් ලොක්කෝ අපිට කෙලින එක තමා බං කරන්නේ. අපි දිනුවා කියලා හිතුවාට අන්තිමට පැරදිලා... උන්ට තර්ක තියෙනවා බං.... දුකටත් එක්ක ඊළග දවසෙත් බීපං.....

      Delete
  13. සාදුකින් පෙලෙන එවුන්

    ReplyDelete
    Replies
    1. දැන්වත් ඉතින් නැගිටියව්.........

      Delete
  14. අපේ අය වෙන රටවල අයට වඩා හුඟක් වෙනස්. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් ලෝකෙන් උතුම් රටනේ බං............ වැඩත් උතුම්......

      Delete
  15. කම්කරුවන් එය බලෙන් ගත්තොත් මිස දේශපාලකයින් දෙනකං බලා සිටීමෙන් නම් කිසිදා වැඩක් නොවන බව තේරුම් ගැනීමට නම් කල්යයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්............ කම්කරුවා කම්කරුවෙක් විදිහට තමන්ගේ දිනය සමරන දවසට තමා හැබෑ කම්කරු දිනයක් බලාගත හැකි වන්නේ.......

      Delete
  16. May day belong to workers. Not politicians. Today politicians theef every thing. But Mithris may rally is only to workers. workers are join with Mithri. He is only one leader to working class. No people to mahinda. Mahinda try to theef may day too.

    ReplyDelete
    Replies
    1. Actually can't see much difference between MR & MS. Politicians........

      Delete
    2. yap, That's correct. Specially politicians..........

      Delete
  17. ඇත්තටම මැයි දිනය කාගෙද???

    ReplyDelete
    Replies
    1. ඕක තමා කතා කළ යුතු දේ මෙතූ.......... දැනට නං මේක කම්කරුවාගේ නෙමෙයි. එච්චරයි......

      Delete
  18. ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිකර මැදින් කුස ගින්දර දිවෙනවා
    අළුත් පාර හැදෙනවා
    හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා
    පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
    දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
    දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
    අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
    රන් දහඩිය තාර වෙලා උඩින් ගලනා
    මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැම දා බලා ඉන්නවා

    ගී පද:කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය : රෝහණ වීරසිංහ
    ගායනය : එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දුවෝ...................ගැලපෙන ම සින්දුව තමා ඔය... ජයවේවා...

      Delete
    2. How this sindu matching songs this perfect, quickly & accurately.. what a talent..

      Delete
    3. ඕකා සින්දු උල්පතක්.........

      Delete
    4. එව්වා එහෙම තමෝ...............

      Delete
  19. මැයි දිනය : දේසපාලකයාට කම්කරුවෙක් කියා කෙනෙක් සිටින බව මතක් වෙන දවස..
    එදාට ගිහිනුත් අවු කාස්ටකේ බෝඩ් කෑලි උස්සං ඉන්න ඕනි නේ....

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වා ම මතක් වුණේ අර පෙබරවාරි 04 කියන්නේ රටවල් දෙකක නිදහස් දිනයලුනේ.

      1. ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍යෙයන් නිදහස් වීම
      2. බිතාන්‍ය - ශ්‍රී ලංකාවෙන් නිදහස් වීම

      Delete
  20. ගොඩක් කම්කරුවෝ හිතාගෙන අද දේශපාලුවන්ගේ දවසක් කියලා. බස් වල හුරේ අහවලට ජයවේවා කිය කිය ගියේ අද.

    ReplyDelete
    Replies
    1. ඔව්වෝ දන්නවානං අද උන්ගේ දවස කියලා ලැජ්ජා හිතෙයි නේද මනෝ.........

      Delete
  21. අපේ මිනිස්සුන්ට ඕව තේරෙනවනම් බැරිය

    ReplyDelete
    Replies
    1. ඒක හරි බං..... ඒත් මේවා කියද්දි කියද්දි මොනවා හරි හිතෙන්නැතෑ නේද?????

      Delete
  22. නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන මහක
    රතට රතේ සරසාගෙන පෙලට එක
    ගතට වෙර යොදා වෙහෙසෙන අපේ දුක
    හිතට නොගෙන සමරයි උන් ඇයි කුහක

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන දාහක් දේවල් කවියෙන් කියලා... සුපිරියි.... ලස්සනයි.....

      Delete
  23. එකනම් ඇත්ත බන් මේ ටික කියවන යනකොට අපේ මිනිස්සු මොනතරම් මෝඩයොදා කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ උෂාන්......... මේක තවත් එක මෝඩකමක් විතරයි....

      Delete
  24. ලංකාවේ දේශපාලකයෝ කියන්නේ කම්බ හොරු.උන් අපෙන් මැයි දිනය පවා හොරකම් කරගෙන ඉන්නේ බං.

    ReplyDelete
    Replies
    1. එ්ක හරි මනෝජ්........... උන් අපේ ඡන්දය ඉදලා හැම එකම හොරකං කරලා ඉවරයි....

      Delete
  25. අපෝ බෑ ඔය කියල විදියට වැඩ කරල කෝමද ආතල් එකක් ගන්නෙ
    කාත් එක්ක හරි ගහගෙන බීල හූ කියල සූ කොරල ගන්න පන් ඔයාල දන්නවද මෙයා...
    ඒකනෙ අපේ දිනේ මෙයිලට දීල අපි චූන් එකේ ඉන්නෙ

    කාට කියන්නද බං මේවා

    ReplyDelete
    Replies
    1. මැයි දෙවැනිදාට උන් ඔහොම කියන්නෑ...................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...