Tuesday, May 3, 2016

ගඟ ගලා ගියා......


ඈත කන්දෙන් ගලා ආ සඳ
දහර සමගින් එක්වෙලා
ඔබේ සුදු මුදු නැවුම් ආලය
මගේ ලොව මන්මත් කළා

රැහැයි නාදෙක පාළු අරණක
දෙදෙන එක්වී තනිවෙලා
ලොව්තුරා රස පහස ගඟුලක
හිතුමතේ කිමිදුම් කළා

එකම ගඟුලක දෙපස ඉවුරක
අපි මෙසේ ඇයි වෙන්වෙලා
කිමිද එන්නට නොහැක මා හට
ගඟ දියත් සැඩ රළු වෙලා

ගඟ දියේ ඇයි ඔබ ගියේ
ඇය රැගෙන සරු කෙත් ගං බලා
මං මෙසේ අද තනි වුණේ මැයි
නිසරු නිම්නෙක හුදකලා


 

අසංක ගයාන් අබේසිංහ

42 comments:

  1. සෞන්දර්යයාත්මකයි නිර්මාණාත්මකයි...හදවත සුවපත් වෙනව

    ReplyDelete
    Replies
    1. අම්මෝ...මේ වැව් ගේ විචාරයේ බරපතළකම...වචන දෙකෙන් තුනෙන් සියල්ල ගැඹුරින්ම කිව්වා නෙව...

      බොහොම ස්තුතියි වැව්...

      Delete
  2. මේ අර අසංකයමද?
    හැක යකෝ මුට කවි ලියන්නත් පුළුවන් නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ මං මෙහේ...

      ඇත්තටම උඹල වගේ එවුන්ගේ දිරිමත් කිරීම් සහ අඩුපාඩු පෙන්වා දීම් හින්දම තමා බං මේ වගේ දුරක් හරි එන්න පුළුවන් වුණේ...ඒවට උඹල හැමෝටම ගොඩක් පිං...

      Delete
  3. මේක කියවන්න මට එක පාරටම ක්ලික් උනේ අර අෂ්ඨක කියන තාලේ.

    ReplyDelete
    Replies
    1. හා හා දැම්ම ඔය අෂ්ටක කියන්න වෙන අවස්ථා ගැන නොහිතුවට කාරි නෑ...හොඳට ඉගෙන ගනින් පුතේ...

      Delete
  4. සැනසෙන්නම් යහන්තලේ
    පපු තුරුලේ හිස තියාන.......
    නිවාසිහිල් නුඹෙ සුසුමෙන්
    හිස වෙත ඇල් පවන් එවන්....
    නිවෙන්නම් සඳවති නුඹගේ
    දයා තුරුල්ලේ.....
    එවන් සිනා මදපවනේ
    කරුණාවෙන් සිත සතපා....
    නැගෙන් හදගැඹේ මගේ සදවතියක් වී
    නිවෙන් මේ ගැඹේ මායිම...
    සදවතියක් වී
    .....
    සිරිවිමල හිමි.....

    අගෙයි.......සුන්දරව වදන් ටික පෙල ගස්සවල

    ReplyDelete
    Replies
    1. මේ සීමා මායිම් ඉක්මවා ලියන කවිත් බොහොම අගේ බව හැඟෙයි...බොහොම ස්තුතියි...

      Delete
  5. ////එකම ගඟුලක දෙපස ඉවුරක
    අපි මෙසේ ඇයි වෙන්වෙලා////

    අපි නැතේ වෙන් වී එසේ
    ගඟ දිගේ ඔබ එනු මැනේ
    නවාතැනක මා නැවතුනේ
    නුඹ වඩින තෙක් මගෙ සදේ


    අසංකගෙ අපූරු පබැදුම මං කෑව කියල දැනුනනම් සොරි හොදේ...

    ඔයාගෙ පද පෙළිය ගීතයක් වගේ අපුරුයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කවදාවත් හිතන්න එපා නිර්මාණි...ඔබ සැමගේ අදහස් උදහස් මත විතරමයි මේ හැම දේකම සාර්ථකත්වය රඳා පවතින්නේ...ඕගොල්ලො නැතුව අපි මොකටද මේ නිර්මාණ කරලා...

      දැන් ඉඳන් පැමිණ අදහස් දැක්වීම අනිවාර්යය කරනු ලැබේ...නියෝගයකි...හැක්...හැක්...

      Delete
  6. ///මං මෙසේ අද තනි වුණේ මැයි
    නිසරු නිම්නෙක හුදකලා///...

    ඔය හුදකලා බව සෑහෙන වටිනවා බං..
    ලස්සන පද සංකලනයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං...ඒත් උඹට කියන්න හුදකලා බව මාර රසයක් තමා...ඒත් ඒකෙ හිරවෙච්චි හිසරදයකුත් තියනවා කියල එක කාලයකදී මට හොඳටම දැනුණා බං...

      Delete
  7. අසංක ගයාන් ගේ කවි වලට කවදත් කැමතියි. ටි එම් ගේ "දෙගොඩතලා ගඟ ගලා " සින්දුවත් මතක් වුණා. ලසන්නයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියේ...අර කලිනුත් ඉවාන්ට කිව්ව වගේ ඔබ හැමගේ සහයෝගය සහ දිරිගැන්වීම් හින්ද තමයි අපිට යම් දක්ෂතාවක් ලැබිල තියනවනම් තියෙන්නේ කියලයි මගේ අදහස...

      Delete
  8. මේ බ්ලොගයත් ඔබේ සින්ඩියට දා ගන්න http://kasikabal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්...අපි ඔය කසිකබල් වැඩ වලට කැමතියි නෙව...හැහ්...හැහ්...

      ඒ වුණත් ඕව ඇඩ් කරන විදිහ මම නොදනිමි...ඒ හින්දා මේක ඇඩ් කරන වැඩේ අපේ තාක්ෂණික විෂයය භාර ඇමති ගරු තුෂාර විතාරණ මහතා වෙත යොමු කරමි...

      මීට ගරු ලේකම්

      Delete
    2. කසියා දැම්මෝ............... බ්ලොගය දිගට ම ලියන්න...... අනික් සින්ඩි වලටත් යන්න... අනික් පිරිසටත් මේ ගැන දැනුම් දෙන්නම්... ජයවේවා...

      මීට මහ ඇමති - තුෂාර

      Delete
  9. මේක කාට හරි කියල ගායනා කලොත් නරකද..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරල බලන්න ඕන කස්සෝ...උඹේ ඇගයීමට ස්තුතියි...

      Delete
  10. මේක නම් අර්ථ රසයෙන් ගත්තත් ශබ්ද රසයෙන් ගත්තත් සුපිරි.... ගීතයකට අනර්ඝයි... සුපිරි නිර්මාණයක් කොලුවෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් තුමනි...

      මේක ලියද්දි මම අදහස් දෙකක් හිතේ තියාගෙන ලිව්වේ...ගඟ කියන දේ මගේ හිතේ තිබුණේ එක තේරුමකින් ගත්තොත් 'කාමය' කියන අදහස...අනෙක් තේරුමෙන් ගත්තොත් 'දෙදෙනා මැද්දට කඩා පැන්න නෑදෑ පරපුර හෝ බාධාවක්' ගැන...හැබැයි කාමය ගැන හිතුවොත් මුල ඉඳන්ම ගැලපෙනවා...ඒත් බාධාව ගැන හිතුවොත් කවියේ මැදක ඉඳන් තමා ගලපන්න වෙන්නේ...මේ කිව්වේ ඉතාම කෙටියෙන් ඔෆිස් ටයිම් එකේ ඉන්න ගමන්...

      ඒ වුණත් තවත් බොහොම වෙනස් තේරුම් රාශියක් ආදේශ කිරීම අනිවාර්යයෙන් කළ හැකියි...

      Delete
    2. මම නම් දැක්කේ ඉතින් වල් පැත්තෙන්... අනර්ඝයි....

      Delete
  11. ගගක් වගේ ලස්සනට ගලායන පදරචනාවක් බන්.පද පේලි අපුරුවට ගැලපිලා.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් පීනන්න දන්නෙ එහෙම නැත්තම් බහින්න එපෝ...

      බොහොම ස්තුතියි මනෝ...

      Delete
  12. ගස්ලබ්බට අහු උනෙත් බාධක කියන අර්ථය.. ඒක එකපාරටම ඔලුවට එන දේ..කොහොමත් එහෙමනෙ බං..පස්සෙ පස්සෙනෙ කේස් ඇදෙන්නෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබු හැදෙන්නත් බාධක එමට...ඒව ඉතින් වගා කොරලම බලන්න ඕනෑ...බොහොම අමාරුයි හොඳ ගෙඩියක් පරිස්සම් කොරගන්න...හැක්...හැක්...

      බොහොම ස්තුතියි ලබ්බෝ අදහස් දැක්වීම ගැන...ඇත්ත තමයි...පස්සෙ තමා නැති කේස් මතුවෙන්නේ...

      Delete
  13. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      Delete
  14. මළා...
    (මං කීවෙ අර්ථය)
    සුපිරි
    (ඒ කීවෙ කවිය)
    පට්ටයි
    (කවද හරි සිංදුවක් වුණොත්)

    කවිය නං ගිනි ගින්දර බොලං... රිප්ලයි කමෙන්ටුවක් කොටන්න ආස වුණත් මේ බිසි අස්සෙ බෑ බං වෙලාවක් තිබ්බොත් ආපහු ඇවිත් යන්ට එනෝ

    ReplyDelete
    Replies
    1. තොට මෙච්චර දෙයක් කොටන්න වෙලාවක් තිබුණ කියන්නෙ උඹට තියෙන්නෙ බොරු බිසියක්...අනේ යකෝ...අපි නොදන්න උඹ...හැක්...

      ආයෙ වරෙංකො උඹව බෙල්ල මුලින්ම අල්ලගන්න...

      Delete
  15. Replies
    1. කවුද...මේකෙ ඉන්න කෙල්ලද...

      Delete
  16. //ලොව්තුරා රස පහස ගඟුලක
    හිතුමතේ කිමිදුම් කළා//
    එහෙම කිමිදපු දෙන්නට එහා ඉවුරෙ ඉඳල මෙහා ඉවුරට කිමිදෙන්න බැරිද බොල. හැක්..

    (එක්කො මං මේක තේරු ගත්තෙ වැරදියටද මංද)

    ReplyDelete
    Replies
    1. ආන්න ප්‍රසා අයිය ට්‍රැක් එකට වැටුණා...නියම තර්කය...ඕක බැරි හේතුව තමා මෙතන හිතන්න තියෙන්නෙත්...

      ගඟ දිය රළු වෙලා හින්දා ඕක කරන්න බැරිය කියලයි මම හිතුවෙ...ඒ කියන්නෙ ගඟ දියට උපමා කළේ 'කාම ගින්න'...ඉතින් ඒක ඉබාගාතෙ හැසිරෙන්න පටන් ගත්තම, ඇය අපේක්ෂා කරන ගින්නට වතුර ගහන තරම මදි හින්ද හරි, ඉල්ලුමට අනුව සැපයුම මදි හින්ද හරි ඒ ගින්න රළු වෙනවා...ඉතින් ඒකට මූණ දීගන්න බැරි වීමයි ගඟ හරහා පීනන්න බෑ කිව්වෙ...අන්තිමේ ඇය ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන් සරු තැනකට යනවා...

      මේ එක පැත්තක්...මේක තව තව පැති කීපයකින් බැලුවම උඹට ඕන එකක් ආදේශ කරගත්තැකි...

      Delete
  17. ගොඩ දවසකින් ආවේ ....

    ReplyDelete
    Replies
    1. ආයෙ ටික දවසකින් වරෙන්...

      Delete
  18. හරිම ලස්සනට ගලාගෙන යන පද පෙළක්..

    ReplyDelete
  19. තරු නෙතු දිලි දිලි
    මුව කමල පිපී පිපී
    කියන් මට සැලි සැලි
    නුබෙ සෙනේ හිමි හිමින්......

    මම කැමතිම යටින් අරුත් දාහක් විතර ගලාගෙන යන විදිහට ලියවෙන මේ වගේ පදවැල් වලට... ගීත වලට හරවන්න පුලුවන් සාර්ථක නිර්මාණ රැසක් බ්ලොග් ලොකේ තියනවා දිලි දිලි කවුරුහරි අත දෙනකන් ලයාන්විතව ගැයෙන්න ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...