Sunday, May 29, 2016

මේ සඳම අද අෑ දකිනවානම්........................











නීල තරු හිනැහෙනවා 
සරා සඳ පූදිනවා
නොපෙනෙනා දුර ඈත ඉඳගෙන
නෙත් අගින් මුමුණනවා

ආදරේ සුව ඇයිද නොදැනෙන්නේ
දිනූ සෙනෙහස ඇයි අහිමිවන්නේ
මේ සඳම අද අෑ දකිනවානම්
ඳේ ඇයි ඈ මා ළගින් නැත්තේ

කෝල වදනින් මා සවන් සනහා
නිල් උපුල්මල් බැල්මකින් රවටා
මේ ස දිහා අපි බලාගෙන ඉමු
ජීවිතේ ඇති තුරා හිත්පටලා



තුෂාර විතාරණ



.

48 comments:

  1. "සඳපානේ
    මද අඳුරේ
    අත් පටලා යමු අායේ"

    ReplyDelete
    Replies
    1. ඒකත් ගැලපෙනවා නේද?????? කෝ මේ සින්දුවා.........

      Delete
  2. මේ සඳ දිහා අපි බලාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. සද හැමෝට ම පේනවානේ......... එකම හද හැමතැනට ම පේනවානේ........

      Delete
  3. සිංදුවකට කියාපු ඈ.....

    මොකද බං මෙච්චර කල් වෙලා හිටියෙ..

    ReplyDelete
  4. සිංදුවකට කියාපු ඈ.....

    මොකද බං මෙච්චර කල් වෙලා හිටියෙ..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් ගයයිද බලමුකෝ නේද?????????

      Delete
  5. ඇයත් බලාගෙන මා දිහා
    උඹ වගේමයි මුමුණමින්
    ඇයට තනියක් නෑ දැනෙන්නේ
    වෙන කෙනෙක්ගේ තුරුල්ලේ

    මීට හඳ

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි.......... ඉයන් කොහොම ද ඒක දන්නේ ඈ..............???????

      Delete
    2. වෙන එකෙක්ගෙ තුරුලෙ ඉන්නවනං හඳ දිහා බලාගෙන මක්කොරනවද බං.

      Delete
    3. කොහේ හිටියත් අන්තිමට උඩ බලාගෙන හදයි තරුයි ගණන් කරකර තමා ඉන්න වෙන්නේ.... ඔන්න මං දැන් කිව්වා කියලා මතක තියාගනින් ප්‍රසා අයියේ........ හැක්

      Delete
  6. හඳ දිහා මං බලන් ඉන්න හැටි දැක ගන්න
    ඉඟි කරන තරු වලින් ඇස් අහකට ගන්න
    හූල්ලන මගෙ සුසුම් හඳ මඬලෙ දැකගන්න
    ගුරුපාට පැල්ලමේ ඇත්තෙ කඳුළුයි ඔන්න...


    ලස්සන නිර්මාණයක් තුෂාර...

    ReplyDelete
    Replies
    1. ගුරුපාට පැල්ලම................. පට්ටයි පොකුරු......... සුපිරියි........

      Delete
    2. බොහොම ස්තුතියි තුෂාර...ඔයාගේ නිර්මාණය රස නිසා තමයි, තව කෙනෙකුට ඒ වෙනුවෙන් දෙයක් ලියන්න හිතෙන්නේ...

      //මේ සඳම අද අෑ දකිනවානම්
      සඳේ ඇයි ඈ මා ළගින් නැත්තේ//

      මේ පද පෙළ තමයි මේ නිර්මාණයේ රස වැඩි කරන්නේ...

      Delete
    3. නිර්මාණ කියන දේ ලියන්න හිත දෙන්නේ ඔබ වැන්නන්ගේ අගය කිරීම් නිසාමයි..... ජයවේවා.....

      Delete
  7. නන්දා මාලනියගේ 'මුළු නුවරම නිදිගත් මේ මොහොතේ' ගීතය මතක්වුණා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.............. ඒකත් ගැලපෙනවා...... විචාමාමේ මේ හැමගීතයක් ම ගැලපෙන්නේ ලෝකේ හැම මිනිහෙකුගේ ම අත්දැකීම් ගොඩක් විට සමාන වෙන නිසා වෙන්න ඇති..... ඒකයි එකම අදහස වෙනස් විදිහට ලියැවෙන්නේ.....

      Delete
  8. හරි හරි. මෙච්චර කල් නෑවිත් හිටපු හේතුව දැනගන්න පුලුවං
    පෝය කිට්ටුවෙනකොට ඔහොම තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න සමජාතීය කට්ටිය ඉක්මනට ම ඒවා තේරුම් ගන්නවා නේද????????? 

      Delete
    2. අදාල නෑනේ........ අදාල නෑනේ............

      Delete
  9. කෝල වදනින් මා සවන් සනහා
    නීල කැල්මින් මා නුවන් රවටා
    අපි බලා ඉමු මේ සඳ දිහා දිලෙනා
    ජිවිතේ ඇති තුරා හිත් පටලා...

    මුල් කවි දෙක එක්ක මේ කවිය මෙහෙම උනොත් හොඳයි කියලා හිතුනා.. ලස්සනයි තුශාර..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ............ මේ කමෙන්ටු හරි වටිනවා කවියක් ලියන්නෙකුට..... මගේ අදහස කියන්නම්.....

      //කෝල වදනින් මා සවන් සනහා
      නීල කැල්මින් මා නුවන් රවටා// මේ කොටස එක තාලයකට කියැවුණාට

      //මේ සඳ දිහා අපි බලාගෙන ඉමු
      ජීවිතේ ඇති තුරා හිත්පටලා// මේ කොටස වෙනම එකක් විදහටයි කියැවෙන්නේ. මේක උඩ කොටසෙත් අවසන් පද දෙක සමග ගැලපෙන්නයි දැම්මේ.... මේකට තාලයක් දානවානම් එකම ආරකට යනවාට වඩා අවසන් පද දෙකේ මාත්‍රා ගාණ සහ හැඩය වෙනස් කරලා වෙනස් හැඩයක් ගන්න හැකියි.....

      කොහොම වුණත් ඔබේ අදහස් දැක්වීම වටිනවා...... තවත් විදිහකට හිතන්න ඒක උදව්වක් වෙනවා....

      ජයවේවා

      Delete
  10. සඳක් කියාවිද අහසක රැඳෙනු බැරි කියා
    හදක් හිතාවිද මුනිවත දරනු හැකි නියා
    හිතක් අසාවිද දියමත හඳින ඉර සොයා
    ගලක් හඬාවිද අකුණක් දුරක ඇත තියා

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කුමාරි..................

      මේ පද ටික පදනම් කරගෙන ලියමුකෝ කවිපද ටිකක්.......

      Delete
  11. සඳේ ඔබ.... ඇයිද මේ යාමේ....
    සඳ තනියම... රෑ තුන් යම...
    සඳ හොරෙන් හොරෙන්
    ආයිත් සැරයක් හොරෙන් බලා....

    ReplyDelete
    Replies
    1. පස්ට.............. පස්ට............ අර අන්තිම ගීතය කියන්නේ මාතලන්ද???????? 

      Delete
  12. ටිකින් ටික නුඹ පෙනහල්ලෙ පිරුනා
    බිඳෙන් බිද ගත සැහැල්ලුව දැනුනා
    අතින් අල්ලන දුරින් ඇති සඳ
    සැඳෑ අහසේ නේක තරු දිලුනා

    හෙහ් හෙහ් හේ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අගෙයි...... අගෙයි............ ලබ්බත් දැන් දැන් පෙනහැල්ල ගැන එහෙම හිතනවා නේද??????????? බැදපු ගමන් ඔහොම තමා..... හැක්

      Delete
  13. ජීවිතය පුරාවට හද දිහාම බලා ඉදලා හරියනවද? කරන්න වෙන දේවල් නැතිදෝ. හැක්... හැක්...

    ලස්සනයි කවි ටික
    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ බං........ කොහේ ඉදන් බැලුවත් එකම හදනේ පේන්නේ........

      Delete
  14. අපූරුයි තුශාර..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි....... කෝ කසුනා....

      Delete
  15. පිස්සු හැදෙන සඳ....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ බං......

      Delete
  16. ආදර කවියක් නිසා ඒ ගැන නම් අදහසක් නෑ, ඒත් ෆොටෝ එක නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා පටන් ගන්නේ...... ෆොටෝ එක ලස්සනයි කියලා පස්සේ අනික්වත් ලස්සනයි කියයි.......

      Delete
    2. බොලව් ෆොටෝ එක ලස්සනයි කිව්වේ මට එකෙන් පිටසක්වල ග්‍රහලෝකයක් මතක් උන නිසා.

      Delete
  17. අපූරුයි තුෂාර අයියා...! තනුවකුත් දාමුද?

    ReplyDelete
    Replies
    1. කඩෙන් තමා බං තනුවක් ගන්න වෙන්නේ....... හැක්

      Delete
  18. ඇයද සඳ දකින්නට ඇති..හිත හිමින් අඬන්නට ඇති..

    ReplyDelete
    Replies
    1. මොනවා...................... ඉන්දරේ හිතන දේවල්......

      Delete
  19. Replies
    1. ස්තූතියි ප්‍රියා................

      ස්තූතියි අජිත් අයියා......... (අහුවෙයංකෝ.....)

      Delete
  20. ජීවිතේ තියනකල් හිත් පටලන් හඳ දිහා බලාගෙන ඉමු...? හ්ම්ම්ම්. හාකො එහෙනං. එහෙමද ආස...?
    නෑ මං ඇහුවෙ ඉතිං කන්න, බොන්න, නාන්න, වැඩට යන්න බැරිද...?

    හැක් හැක්. ලස්සනයි තුෂාර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...