Tuesday, May 31, 2016

පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න.............



දෙනෙත රූරා වැටෙන කඳුළු කැට ඉකිහගයි
මේ හුළං තව තවත් පහන්සිළු අවුලවයි
පාළුවට කවුළුපත් හැරලන්න බැරි හැඩයි
රාස්සිගේ අව්ව විත් සියොළඟම දවාලයි

එපා රෑ නෙත ඇදුනු හීන කැට පාගන්න
පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න
හීන කතරක පේන මිරිගුවට පණ දුන්න
ඉඩෝරෙට කොළ හැළුණු ගස මමයි පිළිගන්න

හිම පියළි වැටේවිද ඉරි තැළුණු බිම් මතට
සරා සඳ නැගේවිද කළු ගැහුණු කඳු අගට
පිපුණු මල් තියේවිද සමනලුන් නැති කලට 
හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට.........



තුෂාර විතාරණ




.


64 comments:

  1. හෙට සොඳුරු කරගන්න
    කුමක් කළ යුතුද අප.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. මිනින්දෝරුවෝ ආශ්‍රය නැවැත්විය යුතුයි.........

      Delete
    2. යූ ආර් ටූ ලේට් බ්‍රෝ. මම ඊයෙත් ඒ වගේ එකෙක් ආස්සරේ කළා.

      Delete
    3. ආ එහෙනං දැන් කරන්න දෙයක් නැහැ....... වැද්ද ගන්න කලින් බලන්න එපැයි සෙරෙප්පු හරි පැත්තට දාලාද කියලා.......

      Delete
    4. තුසාරයා...
      වැරදි සපත්තුව දාං එන්ඩද??

      Delete
    5. හරි හරි තරහා ගන්න එපා හෙට ආන්සර් කරන්නම්.......... ආය ඕකට සෙරෙප්පු මාරු කරගන්න ඕනේ නැහැනේ...

      Delete
  2. වැහැපං මහ වැස්සක්..

    ReplyDelete
    Replies
    1. wdfh;a wuqfvhs mqlhs jf.a miafikauhs' yela''

      Delete
    2. ඒක ඇත්ත.........යකෝ වැහි වුණත් ඔහොම කිව්වා ම බය වෙනවා බොල...

      Delete
    3. Praසන්ன අයියෙ මොකෝ... නිදිමතේ ද? නැත්නම් මූඩියක් වත් පෑගුනා ද? හැක්!

      Delete
    4. ඔය ටික සිංහල දාලා කොටලා බලහං.......... ඔය ප්‍රසා අයියා කොච්චර වැනෙන්න ගහලා හිටියත් කියන්නේ තේරුමක් ඇති දේවල් බං...... (ප්‍රසන්න අයියා තමා මේක මෙහෙම ලියන්න කිව්වේ හරිය)

      Delete
    5. සීක්‍රට් කෝඩ්ස් මල්ලි සීක්‍රට් කෝඩ්ස්. හැක්..

      ඔය කුරුට්ටට කියපු විදියටම දාල තියෙන්නෙ.

      Delete
    6. එහෙම කියලා ෂේප් වෙන්න බැහැ හරි...... කිව්ව ගාන අර සම්පත් බැංකු ගිණුමට දැම්මානම තමා ගණුදෙනුව ඉවර වෙන්නේ....

      Delete
    7. Fjagtha nmj koro.... yala yala

      Delete
  3. //හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට//
    මෙහෙම කිව්වට හෙට එළිවෙනවමනෙ ඉතිං..

    ReplyDelete
    Replies
    1. ගියොත් වචනයක් ආවොත් අලියෙක්නේ කියලා හිතලයි කිව්වේ...... හැක්

      Delete
  4. රවී වගේ නාකි කට්ටියට නක්කලේටද මේක ලිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ඉයන් සහෝ රවි සහෝ ඔද කොල්ලා.............

      Delete
  5. දෙනෙත රූරා වැටෙන කඳුළු කැට ඉකිහගයි
    දෙනෙත රූරා වැටෙන කඳුළු කැට ඉකිගහයි


    හෙට එලි නොවුනොත් මල මගුලයි.අනේ මචං මේක වෙනස් කරලා හෙට ඉක්මනට එලිවෙන්න කියලා දාපංකො.

    එල ඈ!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ නිදිද?????????????? යකෝ තාම රෑ වුණෙත් නැහැ.....

      Delete
  6. හරිම ලස්සනයි කුරුටු... හැමදාමත් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරකා............... බොහොම ස්තූතියි

      Delete
  7. දැන් ඉතින් ඉර පායලා උදේ වෙන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ආයනං ඉතින් එලිවෙන්න එකක් නැහැ..............

      Delete
  8. Replies
    1. ස්තූතියි ඉන්දරේ සහෝ.........

      Delete
  9. එපා හෙට එළිවෙන්න.. සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉස්කෝලේ යන්න වෙන හින්දාද...... අනේ උඹලා වගේ ළමයි යෑ......... ඒකට අපි ඒ කාලේ........

      Delete
    2. මොන ළමයිද.. මම ඉස්කෝලෙන් අවුට් උනේ 2012.

      Delete
    3. ආ............. 2012 අවුට් වුණා කියන්නේ මහමිනිස්සු යෑ..... ළමයි තමා.......

      Delete
  10. /////හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට.........///

    විට්ටර්ගේ එපා හිරු පායන්න කියන සිංදුව මතක් උනා...
    අපූරුයි තුශාර.. ලස්සන පද පේලිය...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි........... ඒකෙත් මේ වගේ ගතියක් තියෙනවා..... ස්තූතියි නිර්මාණී......

      Delete
  11. //හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට// ඉරට පොල් කට්ටක් තියමු තුෂාර අයියා.. හැක්... ලස්සන කවි පේලි ටික...
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ජයවේවා......... ජයවේවා.....

      Delete
  12. Good good. Very good liriks you write.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රටා............. ජයවේවා...

      Delete
    2. ආයෙමත් ආපු එක සතුටුයි...... සින්ඩිගත කරගත්තා.....

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
  13. සිරාවට එතකොට හෙට ඉර පායන් නැතිවෙයිද බං..අඩේ මරු මරු
    ඇඳටම වෙලා රෙෂ්පට් එකට හිටියෑකි.ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඔව් බං.................. ඉර පෑව්වත් ඉතින් ඇදේ ඉන්න එකේ........ ඒක හොදයි තමයි..

      Delete
    2. එපා හිරු පායන්න
      අදින්පසු මගේ ලොවට
      අදයි අවසන් දවස ඇගෙන් මා...
      මගෙන් ඈ සමුගන්න

      සැඳෑ තරු නොදිලෙන්න
      සරා සඳ නොනගින්න
      වෙලී යුඟදුර සතර
      අනු දිසා ගිල ගන්න
      ගලා යන නදී දොල බිදී...
      හිදී නැවතී ඉන්න

      එපා හිරු පායන්න...

      පිය මඩුලු තුරු සිරස
      එපා මල් පළදින්න...
      වසන්තය නිමා විය
      කොවුලනේ ගොළු වන්න
      සොබා දම් නෑසියනි සැලී...
      සැලී කම්පා වන්න..

      ගායනය/සංගීතය - වික්ටර් රත්නායක
      ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

      Delete
    3. ලස්සන පද රචනයක් සහ වික්ටර් මහතාගේ අගේ ඇති ගායනයක් සින්දුවෝ........ ස්තූතියි

      Delete
  14. හෙට එළි වෙන එක නවත්තන්න බෑ වගේම ජීවිතේ තව හුඟක් දේවලුත් නවත්තන්න හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි ජීවිතේ දිනේෂ්.......

      Delete
  15. මගේ අම්මෝ්..... කුරුටුව දැක්ක කල්

    ReplyDelete
    Replies
    1. ආ................ නාය ගිහින් ඉවරද??????? මේ ඒක නෙමෙයි අර බ්ලොගයක් ලිය ලිය හිටිය එකත් ඔය නායට යටවුණාද????????

      Delete
    2. ඌව තමා මාත් මේ හොයන්නේ...... කොයි ගියාද අප්පා......

      Delete
    3. දැන්වත් හොයාගන්න බලන්න......... නැත්තං ආගිය අතක් නැති වේවි....

      Delete
  16. හැමදාමත් වගේ අදත් අපූරු කවියක් බං.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං........ බොහොම ස්තූතියි

      Delete
  17. ඕයේස්........ගැටලුවක් නෑ අද එලි උනා....

    මේකෙ අමුතු මෙව්ව එකක් තියනව බං....පට්ට

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ හෙට බං......... හෙට එළිවෙන්නෑ ෂුවර්.....

      Delete
  18. ///පිපුණු මල් තියේවිද සමනලුන් නැති කලට ///////

    සමනලුන් ඉඳීවිද පිපුණු මල් නැති කලට...

    මට ඕක හිතෙන්නෙම ඔහොමනේ... දාහ, දසදාහ,ලක්ෂය, දස ලක්ෂයේ සිට කෝටි ප්‍රකෝටි දක්වා දුවන මල් පූජා ගැන අහලමද මන්දා...

    ReplyDelete
    Replies
    1. කොච්චර කලත් මල් පිපෙන්නේ සමනලුන් එනවාට කැමැත්තෙන් අරූ......... හා නැද්ද??????

      Delete
    2. නැතුව...නැතුව...අපි නොදන්න මල්....

      Delete
    3. මල්නං මල් අන්න මල්.........

      Delete
  19. සිනාසෙන අපිමයි හඬන්නේ
    බොළඳ කිරි දරුවන් ලෙසින්
    කලල් මැඬ අපිමයි පිපෙන්නේ
    සුවඳ සුදු සියපත් වෙසින්

    නියඟ ඇවිලෙන අහස නොදනී
    දිනෙක මහ වැසි වැටෙනවා
    වැටෙන මහ වරුසාව නොදනී .....
    දිනෙක යළි හිරු නැගෙනවා

    පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
    පලබරින් අතු ඉති නවා
    අමාවක ඝන අඳුර පැනයයි......
    වඩින පුරපස සඳ බලා

    ගී පද - කේ. එම්. අයි. ස්වර්ණසිංහ
    තනුව -රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. අහලා නැහැ සින්දුවෝ.......... දැන්තමා අහන්න ඕනේ...... ස්තූතියි....

      Delete
  20. ඔයාගේ කවි එන්න එන්නම හොඳයි. ආදරයේ වේදනාව වගේම අනිත් මාතෘකා ගැනත් හිතන්න පුලුවන්නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියා...........

      Delete
  21. දවාලන පාළුව කාන්සිය කදිමට සිත්තම්වෙලා කුරුටු

    ReplyDelete
  22. දවාලන පාළුව කාන්සිය කදිමට සිත්තම්වෙලා කුරුටු

    ReplyDelete
  23. සිත දවාලන පාළුව කාන්සිය කදිමට සිත්තම් වොල කුරුටු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...