දුවේ,
ඔය පහණ වගේ
දවසක දැල්වෙමින්
පාසල විතරක් නෙමෙයි
ලෝකය ම එළිය කරන්න...
දුෂ්කර මාවතක යන
හැම ගමනක ම අවසානයේ
ජයග්‍රහණය තියෙනවා...
සුමට පාරක ගිහින්
ජීවිතේ දිනපු උන්ට වඩා
නුඹලාගේ ජයග්‍රහණය වටිනවා...
මොකද ඒ ජයග්‍රහණය
දුක පරදා අත්පත් කරගත්තු
තනිකර ම නුඹලාගේ
ජයග්‍රහණයක් වන නිසා...
ජීවිතේ කියන්නේ ම
මහ අමුතු දෙයක්...
දුක කියන්නේ ම
හැමෝම විදින දෙයක්...
කදුළ කියන්නේ ම
සිනහවට අභියෝගයක්...
වේදනාව කියන්නේ ම
සතුටට ආරාධනයක්...
ජයග්‍රහණය කියන්නේ ම
පරාජයන් පරාජය කිරීමක්.....
ඊයේ දිනයේ අප විසින් රත්නපුර පැල්මඩුල්ල උඩරංවල විද්‍යාලයේ දරුවන්ගේ භාවිතාව සදහා ඡායාපිටපත් යන්ත්‍රයක්, ටෝනර් 03ක්, පාසලේ සියලුම දරුවන්ට පොත් රැගෙන ගියා. ඒ කටයුත්ත අති සාර්ථක ව සිද්ධ වුණා. අපි උදේ 10 ට යන්න සැලසුම් කරලා තිබුණාට මාර්ග දුෂ්කරතාවය නිසා අපිට පොඩි දුරක් යන්න පැය දෙකක් ගත කරන්න වුණා. විදානේ විසින් ෆොටෝ කොපි මැෂිම සහ පොත් ටිකත් ටෝනර් ටිකත් පටවාගෙන ඔහුගේ නිලරථයේ ගියා. විදානි, පොඩි විදානි, සබරේ ඇනෝ සහ රූපිකා මිස් ඒ රථයේ ගියා. විදානෙගේ ප්‍රිය බිරිදගේ නිල රථයේ රියදුරු වුණේ මම. මං ෂාරුක්ඛාන් වගේ යද්දි ලංකා බැංකුවට වෙලා ස්ථාවර තැන්පතුවන පොළිය ගණන් බලමින් සිටි ප්‍රසන්න අයියා ඒ ස්කූටරයට නංවා ගත්තා (ආ.... ප්‍රසන්න අයියා හොද මේකප් එකක් දාලා ඇවිත් හිටියා.... ) අපි දෙන්නා ස්කූටරයෙනුත් අර කලින් කියපු සෙට් එක කාර් එකෙනුත් කිලෝ මීටර් 10 ක් පමණ වූ දුෂ්කර ගමන පටන් ගත්තා.
විදානෙගේ රථයට පාරේ තියෙන වලවල් නිසා ගමන් කිරීම හරිම අපහසු වුණා. ඉතින් අපිත් පිටි පස්සට වෙලා හෙමි හෙමින් ගමන ගියා. උඩරංවල පාසලට යන්න කිලෝමීටර් 03 ක් පමණ පෙර අපිට හමුවුණ හංදියේ සිට අර විදානේ කියපු ඩිමෝ බට්ටා වර්ගයේ වාහනය සහ ත්‍රීවිලරයක් මගින් අපිට ප්‍රවාහණ පහසුකම් දුන්නා. ඒත් ස්කූටරයේ රියදුරුකම දිගට ම කරගෙන යන්න වුණේ පණ බයෙන් පිටිපස්සේ එල්ලිලා හිටපු ප්‍රසන්න අයියා ද පරිස්සමට අරගෙනමයි. කොහොම හරි නොහිතපු තරම් දුෂ්කර මාර්ගයේ තත්වය නිසා අපි පැයක් පරක්කු වෙලා පාසලට ගියා.
ඊට පස්සේ අපිට අර රූප වල තියෙන කෑම මේසය භාර දුන්නා. අපි ඉතින් ඒක පරිස්සමට පාවිච්චි කරා. එතනදී ඔන්න විදානේ හැලප 05 ක් කාපු කතාවනං අපි කාටවත් කියන්නෑ කියලත් පොරොන්දු වුණා. (ඒ ගැම්මෙන් තමා අර අග මුල ගැලපෙන කතාව විදානේ ස්ටේජ් එක උඩදි කරේ කියලත් මට පස්සේ පුද්ගලිකව ම කිව්වා) පස්සේ අපි 06 වසරෙන් ඉහළ දරුවන් රැස්කරලා පාසල විසින් ලෑස්ති කරපු චාම් සහ පොඩි කාලයක් ගත්තු වැඩසටහනට සහභාගී වුණා. දරුවන්ට ඒ හරහා ලොකු පණිවුඩයක් ගියා කියලත් අපිට වැටහුණා. ඒකෙදී කියපු දේවල් දෙකක් ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මට හිතට වැදුණ ම දේවල් දෙක.
01. නියෝජ්‍ය විදුහල්පතිතුමා - ඔබේ මිතුරු සංසදයේ නම ඔබට හොදට ම ගැලපෙනවා. ඔබ ඇත්තට ම නෙළුමක්. වෙනත් පාසල් වල සහ මිතුරන් අතර තියෙනවා 85 කණ්ඩායම 09 වැනි කණ්ඩායම වගේ මිතුරු සංසද. හැබැයි ඒවාගේ දී වෙන්නේ එකතු වෙලා ආතල් එකක් අරගෙන යන එකයි. නමුත් ඔබ එහෙම නැහැ. එවැනි මිතුරු සංසද තියෙන මඩ ගොහොරුවේ ම ඔබ හිටියට ඔබ එයින් උඩට ඇවිත් නෙලුමක් විදිහට පිපිලා රටටම සුවද දෙනවා. ඒකයි ඔබේ විශේෂත්වය.
02. ප්‍රධාන ශිෂ්‍යනායකයා - මේ වැඩසටහනේ දී අපිට දකින්න තියෙන වැදගත් ම දේ තමා මිතුරන් පිරිසක් කරන වැඩක්. මිතුරන් කියන්නේ එකතු වුණොත් මහා දෙයක් කරන්නට හැකි එකමුතුවක්. ඒ නිසා මේ මිතුරන් පිරිස අපිටත් හොද ආදර්ශයක් දෙනවා කවදා හරි දවසක අපිටත් හැකි වුණාම මේ විදිහට යමක් කරන්න කියලා.
මේ එයාලා කියපු වචන එහෙමම දානවා නොවුණට. ඒ කියපු දේ මීට ගොඩක් සමීපයි කියලා මට විශ්වාසයි. තව දෙයක් තමා මේ හැම කෙනෙකුගේ ම කතා වල දී සහ අපි සමග එළියෙදී කතා කිරීමේ දී පවා මං දැකපු අනික් විශේෂත්වය තමා මේ හැම දෙනාම නෙලුම්යාය බ්ලොග් මිතුරෝ බ්ලොග් සහෘදයෝ වගේ වචන කිසිම පැටලීමකින් සහ අමුත්තකින් තොරව භාවිතා කරා. ඔවුන්ට ඒක ඒ තරම් සමීප වීම ඇත්තට ම පුදුමයි. ඒ වගේ ම සතුටුයි. අනික තමා ඒ පාසල විතරක් නෙමෙයි ඒ ගමම අපි ගැන දැනගෙන හිටියා. හැමෝ ම අපිව බලාපොරොත්තුවෙන් හිටියා. අපි අර විදානෙ කියපු ඩිමෝ බට්ටට බඩු පැටවූ වෙලාවෙදිත් අනික් අය අපි කවුද කියලා දන්නවා. වැඩේ ඉවර වෙලා මමයි ප්‍රසන්න අයියයි හංදියට ආවාම විදානෙලා ආපු ත්‍රීවිලරයේ පැච් එකක් ගිය නිසා වෙනත් ත්‍රීවීලරයක් එවන්න පුළුවන් ද ඇහුවාම අපි එතැන තිබුණ ත්‍රීවිලරයකට කතා කරද්දි ඔවුනුත් ඇහුවා අර ඉස්කෝලේ උත්සවයට ආපු මහත්තුරුද කියලා. ඒ තරම් ඒ අය අපි ගැන දැනගෙන හිටියා. ඒකෙන් ම පේන්නේ ඒ ගමට පාසලට දරුවන්ට සහ මිනිස්සුන්ට ඒ පරිත්‍යාගයේ වටිනාකම කියලයි මං නං දකින්නේ.
ඇත්තට ම මේ වැඩේ දී ස්තූතිවන්ත වෙන්න ඕනේ හැම වැඩක් ම කරට අරන් කරපු විදානෙට. අනික් කෙනා තමා සබරේ. ෆොටෝ කොපි මැෂිම පළාත් සභාවෙන් නිදහස් කරලා දීම, ටෝනර් ලබා දීම, වගේ වැඩ සබරේ කරා. විදානේ පාසල සමග දිගට ම සම්බන්ධීකරණය කරමින් දවස් ගාණක් පාසලටයි පළාත් සභාවටයි ගියා. ඒ නිසා මේ දෙදෙනා විසින් මේ කටයුත්තේ වැඩි මහන්සියක් දැරූ බව අනිවාර්යෙන් ම මතක් කළ යුතුයි. ආ.... පළාත් සභාවේ රූපිකා මිසුත් ලොකු මහන්සියක් වුණා... (ඕක කිව්වේ නැත්තං හරි නැහැනේ නේද???)
මූල්‍යමය දායකත්වය අතින් නෙලුම්යාය හැටියට මේ වැඩේ ගැන සදහන් කළ විට ම අජිත් අයියා විසින් පොරොන්දු වූ පරිදි රුපියල් 15,000 ක මුදලක් ලබා දුන් අතර විදානේ විසින් නෙලුම්යායෙන් ලැබුනු තෑග්ගෙහි මුදලත් මුලින් ම යෙදවූවා. අනෙකුත් වියදම් අපි විසින් බෙදා ගැනීමේ පදනමින් වැඩේ කරගෙන ගියා. මීට අමතර ව මධුමාධවී, සබරේ, ප්‍රසන්න අයියා සහ අපි මුදලින් මේකට දායක වුණා.
විශේෂ ස්තූතිය - ස්කූටරයේ වලවල් වල වැටෙද්දි මීක් සද්දයක් නොකර පිටි පස්සේ එල්ලී පැමිණි ප්‍රීති සින්ටා ආ නැහැ නැහැ ප්‍රසන්න අයියාට......
මෙන්න නෙලුම් මල ගහපු ෆොටෝ කොපි මැෂිම
විදානෙගේ පෝස්ටුවට - http://cvpsur.blogspot.com/2016/05/blog-post.html
කුරුට්ටෝ
.
බොහොම හොද වැඩක් ගම්වල ඔයවගේ අහිංසක ළමයි ඉන්න පාසල් ගොඩක් තියනවා ...මගේ බ්ලොග් එක බලන්න ආවට ස්තුත්යි දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteඅපේ බ්ලොග් ලියැවිල්ලයි සමාජසත්කාර වැඩ ගැනයි නෙලුම්යාය ගැනයි තව විස්තර ඉස්සරහාට දැනගන්නට ලැබෙයි....... ඔබේ බ්ලොගය පැත්තට ගියා. සින්ඩියටත් දා ගත්තා.....
Deleteවැදගත් ම දේ දිගට ම ලියන එකයි. බ්ලොග් එක්ක ඉන්න....
ජයවේවා.
ඔන්න බ්ලොග් එකටත් join උනා
ReplyDeleteජයවේවා............
Deleteබොහෝම උතුම් ක්‍රියාවක්, ඔබ සැමට පිං.
ReplyDeleteබොහෝම උතුම් ක්‍රියාවක්, ඔබ සැමට පිං.
ReplyDeleteබොහොමයක් දෙනා උදව් වුණා.......... ඒ හැමෝට ම මේ ස්තූතිය අයිතියි..... ජයවේවා
DeleteGreat macho. I'm sorry for the blunder.. Will correct it soon. :)
ReplyDeleteNo prb macho........... its ok....
Deleteබොහොම ස්තූතියි ලස්සන් කවියටත් සටහනටත්. ඔයාල විදානේ ඇතුළු සැවොම මහන්සිවෙලා අතින් වියදම් කරගෙන කරපු දෙයක් මේක. ඒ නිසා අගයත් වැඩියි. ජයවේවා.
ReplyDeleteනෙලුම්යායෙන් ලැබුණ සහයෝගයත් ඉතා වැදගත් වුණා. කොහොමත් අපි නෙලුම්යාය නමින් තමා මේ දේවල් කරන්නේ. දැන් මේ පැත්තේ නං ඒ නම සමාජගත වෙලා තියෙනවා.... ඇත්තට ම සතුටුයි අජිත් අයියා..
Deletehttp://nelumyaya.com/?p=5755
ReplyDeleteස්තූතියි අජිත් අයියා...........
Delete+++++++++
ReplyDelete-----------------
Deleteඅගේ ඇති වැඩේ නෙව..
ReplyDelete(යකෝ ලියනකොට අකුරු පොඩ්ඩක් ලිකුවට දාහං බං.)
දිගින් දිගටම පිං රැස් වේවා..!!
ජයවේවා..!!
හරි හරි ලොකු කරන්නම්............ උඹලාට දැන් වයසයිනේ නේද???????
Deleteඇස ගසාගෙන ඉන්නේ , කලබළ වෙන්න එපා ඔහොම යන්.... නෙලුම්යායෙන් සම්මාන ලබාගත්ත අයගෙන් බොහොම පොඩි දෙනයි පෙන්න ඉන්නේ .
ReplyDeleteසම්මාන ගත්තු අය ගැන සමීක්ෂණයක් වගේ ඇනෝ............
Deleteසුපිරි වැඩක්...
ReplyDeleteතැන්කූ ඉන්දරේ.....
Deleteඑල, කුරුටු පවුල සහ අනික් සගයෝන්ට පිං
ReplyDeleteසාදු සාදු සාදු...............
Deleteහොඳ වැඩක්.... විදානෙත් ලියලා තිබුනා...
ReplyDeleteප්‍රසන්න අයියත් ලියලා....... සබරේ තමා පරක්කු............
Deleteහදවතින්ම සතුටුවෙන්න පුළුවන් හොඳ වැඩක් :)
ReplyDeleteස්තූතියි හංසියෝ..........
Deleteබොහොම උතුම් කටයුත්තක්...
ReplyDeleteඔව් තුශානි හැකි විදිහට දෙයක් කරන්නයි උත්සහ කරේ........ කට්ටියම සහයෝගෙන් කරපු වැඩේ අතිසාර්ථකයි......
Deleteජය වේවා.. නියමයි. අර අපේ අයියා බයෙන් ඉක්කුටියේ එල්ලිලා ගියා කියල නං මං විස්වාස කරන්නෙ නැහැ.
ReplyDeleteහෙණ අමාරුවෙන් තමා පිටිපස්සෙන් එල්ලං ගියේ.... මට පදින්න දීපං මට පදින්න දීපං කියලා මාව මරාගෙන කන්න හැදුවා....... ඒ තියෙද්දි තමා මං එක්කං ගියේ.....
Deleteශා රුක් කන්නා එක්ක යනකොට මොකට බය වෙන්නද බං. හැක්..
Deleteආය................ ඒ ගමන හරියට කොල්කටා නයිට් රයිඩර්ස් එකයි කින්ග්ස් ලෙවන් පන්ජාබ් එකෙයි මැච් එකක් වගේ...... මොකද ඒ ටීම් දෙකේ ඕනර්ස්ලා ෂාරුක් සහ ප්‍රීති නේ......... ග්‍රවුන් එක තමා විදානෙගේ නෝනාගේ නිල රථය වුණ ස්කූටිය.... හැක්
Deleteලඟපාත ඉඳලත් වැඩේට සෙට් වෙන්න බැරි උන එකට දුකයි... ඒත් වැඩේ අතිසාර්ථකව සිදුවුණ එක ගැන ගොඩක් සතුටුයි කුරුටු...
ReplyDeleteජයවේවා....!
ඊළග පාර උඹ නාවොත් විභාගෙන් ෆේල් කොරලා දානවා හිටං හරිය.....
Deleteසතුටුයි වැඩේට ඉගෙනගන්න එකෙක්ට පැන්සලක් හරි අරන් දෙන එක රටට,සමාජයට කරන හොඳම ආයෝජන.
ReplyDeleteඅපි ඒ දරුවන් කිව්වෙත් ඒක තමයි...... පාසලේ ගුරුවරු කිව්වෙත් ඒකයි..... දරුවන් කරපු කතා වලදී කිව්වෙත් ඒකමයි.... ඒ කියන්නේ ම ඔවුන් මේ දේවල හරය තේරුම් අරන් තියෙනවා........
Deleteජයවේවා!!!!
ReplyDeleteඅරූ................... මේ දරුවන්ගේ ජීවිත දැක්කා ම දුක හිතෙනවා. කිලෝමීටර් 10 ක් වත් යන්න ඕනේ ෆොටෝ කොපියක් ගහගන්න..... ළගපාත වෙන කිසිම තැනක නැහැ.... ඒ කිලෝමීටර් 10 ත් යන්න තියෙන්නේ ගස් ගල් උඩින් යනවා වගේ පාරක. ඒවා පාරවල් නෙමෙයි. ලංකාවේ පාරවල් අච්චරක් හැදුවා මෙච්චරක් හැදුවා කියලා උඩපනින දේශපාලනඥයින් මේවායේ එක්කං යන්න වටිනවා. විදානෙගේ කාර් එකේ යට වදිනවා යන්න විදිහක් නැහැ. බයික් එකක යනවා කියන එක මාර ගේමක්. අපිට අර කිව්ව කිලෝමීටර් 10 යන්න පැය දෙකක් ගියා. ඒකෙන් ම තේරෙනවානේ වැඩේ..... මං ඒ විදිහ පාරක බයික් එකක් පැද්දේ ජීවිතේ පළවෙනි වතාවට....... මේ පාසලේ ගුරුවරුවත් බයික් එකක එන්නෑ..... ඒ පාරේ යන්න බැරි නිසාලු..... බස් එකක් යනවා. ඒවා ගොඩක් උස නිසා ගස් ගල් උඩින් ඇදලා යනවා. සාමාන්‍ය පොඩි වාහන කිසිම දෙයක් යන්නෑ..... අපි නොදැන ගිහිල්ලයි අමාරුවේ වැටුනේ........
Deleteමේ දරුවන්ට ගිය පාර වාර විභාගයේ පේපර් අඩුවෙන් ඇවිල්ලා පේපර් බෙදද්දි බලනකොට කීපයක් අඩුයිලු..... ඒත් ෆොටෝ කොපියක් ගහගන්න අර කිව්ව දුර අර විදිහට යන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වලදී මාර අමාරුවක වැටෙන නිසාලු මේක ඉල්ලුවේ කියලා විදුහල්පතිනිය කිව්වා.... ඇත්තට ම දිය යුතු පාසලකට යමක් දුන්නා කිව්වහැකියි....
අහන්නත් සතුටුයි. හැමෝටම ධෛර්ය සහ ශක්තිය.
ReplyDeleteතැන්කූ.........
Deleteඇත්තටම සන්තෝසයි.. තව තවත් මෙවන් දේ කිරීමට සවිය ශක්තිය ලැබේබා..
ReplyDeleteජයෙන් ජයම වේවා
මහේෂ් මචං තැන්කූ වචන ටිකට................. ජයවේවා
Deleteඇත්තටම ගොඩක් හොඳ වැඩක්. ඉදිරියටත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා!
ReplyDeleteතැන්කූ තැන්කූ.................
Deleteකුරුටු සැම ගේ මනුස්සකමට මගේ ආචාරය !
ReplyDeleteකුරුටුලා විතරක් නෙමෙයි...... විදානේ සබරේ මධාවියා ප්‍රසන්න අයියා............ කස්ටිය ම තමා වැඩේ කරේ........... විදානේ සහ සබරේ තමා ලොකුම බරක් ඇද්දේ....
Deleteඋතුම් සමාජ මෙහෙවරක යෙදුන සැමට අපේ සැලියුට් එක
ReplyDeleteතැන්කූ..... තැන්කූ................ කට්ටියගෙම උත්සාහයක් තමා......
Deleteකොමෙන්ට් ටික කියෝල හෙට උදේට කොමෙන්ට් එකක් දාන්නං. තාම ෂොක් එකේ ඉන්නෙ ත්‍රාසජනක බයික් රයිඩ් එකක් හින්ද. හැක්..
ReplyDeleteනියම කවිය කුරුටු. ඒ වගේම වැඩේ සාර්ථකව අවසන් උනාට සතුටුයි.
Deleteඅනිවා ප්‍රසන්න අයියා.......... ළගදිම දවසක ප්‍රසන්න අයියලාගේ පැත්තේ එනවා..... එදාටත් අපි අරවගේ තේ මේසයක් හදලා වාඩි වෙලා කමු හරිය......
Deleteහැලප සාක්කුවෙ දාගෙන යන උං එහෙම එක්ක එන්න එපා. හැක්..
Deleteකියලා වැඩක් නැහැ. විදානෙයා සාක්කුවේ දාගෙන නොගියේ පරිප්පු විතරයි..........
Deleteහ්පොඉ මූ එකත් දැක්කද..
Deleteහ්පොඉ මූ එකත් දැක්කද..
Deleteබොහොම හොඳ වැඩක්
ReplyDeleteතැන්කූ මචං....... ගොඩක් දෙනෙක් මහන්සි වුණා... අපිත් උදව් වුණා........
Deleteහොඳ වැඩක් කියවන්න ඇවිත් ඔන්න අපි බ්ලොග් එකත් එල්ල ගත්තා..දිගටම එන්නං..
ReplyDeleteජයවේවා...........
Deleteපෙට්ටගම පැත්තට අපි කලින් ගියා. ඒ වගේ ම ඒක සින්ඩියටත් දා ගත්තා.... දිගට ම අපිත් එන්නම්..... ජයවේවා
ජයවේවා
ReplyDeleteඊළග වැඩකදිවත් සෙට් වෙන්න බලහං........ ආය එහෙම මගහරින්න එපා.... මේවා පිං ලැබෙන වැඩ බං..... ලබන ආත්මෙටවත් තියෙයිනේ.......
Deleteඉතා ම යහපත් වැඩක්.. ජය වේවා ඒ දූ දරුවන්ටත්, මේ සද් කාර්යයට වචනයකින් හෝ දායක වූ හැම දෙනාටමත්..
ReplyDeleteස්තූතියි වැසි.......... කට්ටිය ම වෙනුවෙන් භාරගන්නම්....
Deleteපුංචි දුවේ, මේ පහන් සිළුව වගේම දවසක ලොවම ආලෝකමත් කරන්න පුංචි නුඹට හැකි වේවා.. මතක තියාගන්න පුංචි දුවේ දහසක් බාධක මැදින් යන ගමන වෙහෙසකර උනත් , අවසානයේ නුඹට හිමි වෙන්නෙ මෙලොව කිසිවකුට පරදන්න බැරි නුඹේම හිතේ ශක්තියෙන් ගොඩ නැගුනු ලොවක්.. අනුන්ගේ පහනෙන් එළිය බලාගෙන සුමට පාරවල් දිගේ යන අයට වඩා පුංචි දුවේ නුඹ හැම අතින්ම දිනුම් එදාට.. එතෙක් ඉවසන්න... කදුළු පිරෙන නෙත් අතරින් හිනා වෙන්න... දුක පරාජය පරදා ජය ගන්න... අපි සැවොම නුඹට අත් වැලක් වෙන්නම් හැකි හැම විටම..
ReplyDeleteමේ වගේ උදව් උපකාර තව තවත් කරන්න මේ එකතු උනු හදවත් වලට ශක්තිය ලැබෙන්න පැතුම් පතන ගමන් කියන්නම ඕන මේ වගේ දෙයක් ලැස්ති කරලා කරන එක ලේසි දෙයක් නම් නෙමේ.. ඔයාලා හැමෝම කරන්නෙ ලොකු සේවයක් ජනතා සේවකයො තමන්ගේ සාක්කු පුරවගන්න වෙහෙසෙන රටක..
ස්තූතියි චතූ...................... මේ වචන ලොකු හයියක්....
Deleteහොද වැඩක් ජයවේවා !!!
ReplyDeleteහොද වැඩක් ජයවේවා !!!
ReplyDeleteස්තූතියි ප්‍රියන්ත සහෝ..........
Deleteහොඳ වැඩක් !
ReplyDelete