Wednesday, May 18, 2016

ඔබ සුළඟ වගේ......


ගත සනසා ඕවිල්ලේ
හිත සනසා සිලිලාරේ
නෙත සනසා නැළවිල්ලේ
ඔබ ඇදුනා සුළඟ වගේ

ගිය හුළඟක් යළි ඒදෝ
සිසිලස යළි දැවටේදෝ
අහංකාර නෙතක බැලුම්
හැඟුම් පුබුදුවයි...


රැය සරසා රන් එළියේ
තරු ගවසා මල් වැටි සේ
උදා ඉරක් නැගෙන පැයේ
ඔබ සැඟවුණි සඳක් වගේ

ඒ සඳ යළි පායයිදෝ
රන් එළි යළි දිස්වෙයිදෝ
ආල හැඟුම් කොඳ කැකුළක්
හද තුළ පුබුදයි...


නිදි වරමින් රෑ යාමේ
සරමි සිතුම් වනන්තරේ
ගිනියම් වූ යහන කොනේ
ඔබ පිපුනා මලක් වගේ

නිදි ලොව මට යළි එයිදෝ
වන සරණක් දිස් වෙයිදෝ
මංමුලාවු හිත ඇදෙන්නෙ
ඔබේ දෙසටමයි...



අසංක ගයාන් අබේසිංහ

59 comments:

  1. ගිය සුළඟක් යළි එන්නෑ
    ඒ සඳ යළි පායන්නෑ
    දැල් කඩේට රිං‍ගුවොතින්
    නිදි ලොව බොට නැතිවෙන්නෑ

    නියමයි.

    ReplyDelete
    Replies
    1. දැල් කඩේ ඇදලා යනවා වගේ නේද???????? ප්‍රසන්න අයියා පරිස්සමෙන් ඉන්නවා නේද????? අවුලක් නැහැ නේද????????

      තුෂාර

      Delete
  2. කෝ අද එක ගන්නා උන්
    ගංවතුරට කොටු වෙලාද
    පස් කන්දට යටවෙලාද
    පෙරවාගෙන තාම බුදිද

    ReplyDelete
  3. එක කොමෙන්ට මගේ තමයි
    දෙවෙනි එකත් මගේ තමයි
    තුනේ එකත් මගෙම තමයි
    උඹේ බ්ලොග්ගේ

    ReplyDelete
    Replies
    1. උගෙ ගෑනිත් උගේ තමයි
      මගෙ ගෑනිත් උගේ තමයි
      එතකොට මට හුළං
      මන් කොහෙන්ද බත් කන්නේ //

      හැහ්..හෑ

      මේක මේ කොහෙන්දෝ මට ඇහුණු එකක්...

      ස්තුතියි ප්‍රසා අයියේ...

      Delete
    2. ප්රසා උබට අවුලක් නැහැ නේද?
      කුරුට්ටෝ විදනයා හොදින් නේද

      Delete
    3. අපිව යට කරන්න ඔය සොබා දර්මයට බෑ බං.
      අනික නාය යන්න මේ අහලක කඳුත් නෑ.

      Delete
    4. ප්‍රසන්න අයියා වහළය උඩට ගොඩ වෙලා පරිස්සමෙන් ඉන්නවා. විදානයා මැන මැන හිටපු ඉඩම නාය ගිය නිසා මනින්න ඉඩමක් සොයමින් ඉන්නවා. සබරයා අවිස්සාවේල්ල අසලට ඇවිත් ගංවතුර බහින තුරු වැඩට යන්න බලාගෙන සිටී............ අපි නං ඉතින් පරිස්සමට ඉන්නවා.......

      තුෂාර

      ආ........... අසංක අයියා සද්දයක් නැත්තේ....... රේල්පාරවත් යටවෙලාද?????

      Delete
    5. තව ටිකාකාකායි යටවෙන්න තියෙන්නේ...රේල් පාර පෙනි පෙනී මහ පාර නම් යටවෙලා...

      Delete
  4. අසංකගේ ඉතා හොද දියුණුවක් දැක්කා මේ දිගටම ලියපු එ්වා එක්ක බලද්දි.. වෙල්ඩන්.. තවත් ඇස් අරින්න ලොකුවට.. ජය.. කවියක් කියන්නේ බොහෝ විට වචන වල පදනම උනත් එහි විචිත්‍රත්වය වැඩි වෙන්නේ විස්මය ඇති වන්නේ වෙනස්ම ආකාරයකට දැක්කමයි. වෙඩ්ඩා, සින්ඩේල්ලා, කල්පනා ඇබ්බොස්, බස්සි වගේ අය දෙයක් දිහා අමුතුම ඇසකින් හා ක්‍රෂ් එකකින් බලන්නේ.. ඒක එලියට එන කොට කවිය ඉතා මනරම්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකතුමනි...ඔබේ අවංක ඇගයීම ඉතා නිහතමානිව පිළිගනිමි...

      ඒ වගේම මට අවංකමව දැනෙන දේ කියන්නද...මේ වගේ ඇගයීම් ලබන්න මම ටිකක් බයයි...ඒකට එක හේතුවක් තමයි මම මේ නිර්මාණ කරන්නේ කිසිම අංගපුලාවකට නොවෙන හින්දා...ඉතින් විධිමත් දැනුමකින් තොරව ලියන මගේ කවි, නිකම් හිතට එන සිතුවිලි මටම හිතෙන රටාවකට පෙළගැස්වීමක්...ඒ හින්දා මගේ ඊළඟ නිර්මාණය අන්ත කසිකබල් එකක් වෙන්නත් පුළුවන්...

      ඒ හින්දා ඒව නොහිතා ඊළඟ නිර්මාණත් රස විඳින්න ඔබ සැම පැමිණේවි කියල හිතනවා...

      Delete
  5. කවි පෙල රහයි.
    "මංමුලාවූ හිත ඇදෙන්නෙ ඔබේ දෙසටමයි " ම්... ම්... අසංකයෝ.....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ 'ම් ම්' ගාල නැවතුනේ...උඹටත් මොකක් හරි හිතිලද...

      බොහොම ස්තුතියි දුමින්දයෝ...

      Delete
  6. ශහ්ඃ.. නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ෂහ්...මරු ගස්ලබ්බ...

      Delete
  7. මේක මරු..... සුපිරි පද වැලක් එකට ඇමිනීමක්...

    මේක කවියකට වඩා සිත් ගන්නා සුළු ගේය පද රචනයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්...ඉතා නිහතමානිව ඇගයීම බාරගනිමි...

      Delete
  8. මේක සිංදුවක් නේද.... එල එල... ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මොකක්ද කියල...හැහ්...හෑ...ස්තුතියි සජ්ජෝ...

      Delete
  9. තද බ්‍රෝ තද...:P

    ReplyDelete
  10. හා හා...ඔහොම යන් ...

    ReplyDelete
  11. ගැලපෙනවද නැද්ද මන්දන්නේ නැ ..ඔන්න ඔහේ දැම්මා ..කවි ටික නම් පට්ට අසංකයෝ ..ජයවේවා !!

    සුළඟ වගේ ඇවිදින්
    සුළඟ වගේ ඇවිදින්
    කොහි සිටදෝ - කොතැනටදෝ
    සුළඟ වගේ ඇවිදින්

    මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
    දුවකට සුර සැප සැදුවාදෝ

    පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
    පුතෙකුගෙ මනසක් පිරුවාදෝ

    ගී පද: බණ්ඩාර කේ විජේතුංග
    සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය : විශාරද මාලනී බුලත්සිංහල සමග ටී.එම්. ජයරත්න

    ReplyDelete
    Replies
    1. ගැලපෙනවද නැද්ද නෙමෙයි උඹ ආපු එකයි අපිට වටින්නේ සිංදුවෝ...

      Delete
  12. Replies
    1. නොදකිං මූ...ඇච්චා වගේ ඉන්න ගමන් හිතන දේවල්...

      Delete
  13. නිදි වරමින් රෑ යාමේ
    සරමි සිතුම් වනන්තරේ
    ගිනියම් වූ යහන කොනේ
    ඔබ පිපුනා මලක් වගේ///////////////

    මොකද කරේ ඊට පස්සේ.....මල් සුවඳ බැලුවද...

    ලස්සන...පාවෙන...ඇඟ වටේ එතෙන කවි පෙළක්...!!!!! එහෙම ඇඟ වටේ එතෙන කවි හම්බවෙන්නේ ඉඳලා හිටලා :

    ReplyDelete
    Replies
    1. සුවඳ බලන්න ගියොතින් නම් ඉතින් දැන් මල් වල් වෙනවා අරූ...බොහොම ස්තුතියි ඇගයීමට...හැබැයි වැඩිය ඔතාගන්න එපා...හැහ්...

      Delete
  14. හහ් හා.. අසංක අයියා මරු ඈ.

    ReplyDelete
  15. නිදි වරමින් රෑ යාමේ
    සරමි සිතුම් වනන්තරේ

    මෙන්න මේ කොටස ගොඩක් ලස්සනයි .

    මංමුලාවු හිත ඇදෙන්නෙ
    ඔබේ දෙසටමයි...

    හා හා ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. හපොච්චියේ...මෙතුත් මංමුලා වෙලාවත්ද...හැහ්...

      බොහොම ස්තුතියි මෙතු...

      Delete
  16. කුරුට්ටනි, උඹලත් දැන් එකතු වෙලා කවි පොතක් කරන්න කාලය එලඹ ඇතැයි මම සිතමි. ටිකක් හිතා බලපියවු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බොහොම ස්තුතියි දිනේෂ දිරිමත් කිරීමට...

      ඔය ගැන මීට මාසෙකට විතර කලින් අපි එකතු වෙලා කතා කරන්න හිටියා...ඒත් ඉතිං අපේ සභාපතිතුමා ගස්ලබු ලෙඩේ හදාගෙන අපිටත් ථලදාව දෙන්න හදද්දී අපි එපා කිව්ව හින්දා මීටිම කල් ගියා...හැහ්...හැහ්...හෑ...

      අපි ඒක ඉදිරියේදි කරලා උඹලටත් කොපියක් එවනවා අනිවා...

      Delete
    2. එල එල, එහෙනම් අපි මග බලාගෙන ඉන්නවා.

      Delete
  17. ශා අස‘ක ශා මාර ලස්සන කවියක්නේ..
    ඇත්තටම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි...

      Delete
  18. Replies
    1. සුපිරි ස්තුතියක් පිරිනමමි...

      Delete
  19. සිංදු දෙකාක් එකට ලියල වගෙයි. අලංකාරයි.

    ReplyDelete
    Replies
    1. තානාලංකාරය...හැහ්...හැහ්...හෑ...මෙවා සන්ධි විසන්ධි කොරන්න එහෙම යනව නෙවෙයි ඕං...

      බොහොම ස්තුතියි අජිත් අයියේ...

      Delete
    2. නැහැ නැහැ රස විඳිනවා විතරයි.

      Delete
  20. අපූරු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කස්සෝ...

      Delete
  21. සුන්දරයි නිර්මාණය...රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ඔන්න පොකුරු වැස්සටත් සුන්දර ස්තුතියක්...

      Delete
  22. මේ පිංතූරෙ ඉන්න ගැටිස්සි චීන ද? ජපන් ද? තායි ද? අයියා... ෆට්ට කවි පද ටික...
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹට තියෙන ප්‍රශ්ණ

      Delete
  23. මේක කවියක් නෙමෙයි.සිංදුවක්.
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටුස්සෝ...

      Delete
  24. //රැය සරසා රන් එළියේ
    තරු ගවසා මල් වැටි සේ
    උදා ඉරක් නැගෙන පැයේ
    ඔබ සැඟවුණි සඳක් වගේ//

    මට හිතට ඇල්ලුවෙ මේ පද හතර... ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී...

      Delete
  25. බෝගේ අදහස් නම් මාරයි බන්

    ReplyDelete
    Replies
    1. බෝගෙ ඇගයීමත් මාරයි බන්...බොහොම ස්තුතියි මචෝ...

      Delete
  26. ලියපන් බන්
    මේක දෙතුන් ගමනක් බලලා ඇති වෙලා

    ReplyDelete
    Replies
    1. තොට එකම බ්‍රා එක බලද්දි එපා වෙන්නෙ නැතුව වගේ...හැක්...හැක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...