Wednesday, May 11, 2016

සාධාරණ මැවිල්ල......



විෂ්ණු දෙවිඳු දවසක් දා නිදැල්ලේ
මහා බ්‍රහ්මයා සමගින් වාඩිවෙලා
පුංචි චැට් එකක් දාගෙන හිඳින්නේ
ලෝකෙ සිද්දවෙන දේවල් ගැන හිතාලා

ඔන්න ඉතින් හොඳ මොහොතක් බලාලා
විෂ්ණු දෙවිඳු ඇහුවේ මේ පුරස්නය
මහා බ්‍රහ්ම තුමනි ඉතින් කියනු මැන
හොඳම ලෙසට මැව්වේ ඔබ කුමන රට

මහා බ්‍රහ්මයා දෙවරක් නොසිතාලා
පැනපු ගමන් 'සිරි ලංකා' ලෙස කිව්වා
ඊට එපිට කරුණු තවත් දැනගන්න
විෂ්ණු දෙවිඳු කන අයාන දැන් ඉන්නා

මුහුදෙන් වට වූ මුතු ඇටයකි ඒක
දේශගුණය සමබරවයි මම මැව්වේ
ස්වාභාවික විපත් එහෙම බෝ අවමයි
සාරවත් පසක් එහෙමත් තියෙන්නා

මැණික් නිධිත් මිනිරන් හෙම තියෙන්නා
කවදා හරි ඛණිජ තෙලුත් හොයාගනී
භූමිය යට නෙක සම්පත් බොහොම ඇතී
ඉතින් කොහොම වේදෝ මගෙ මැවිල්ල

විෂ්ණු දෙවිඳු අකම්පාල වී බොහොම
යාප්පුවෙන් මහ බ්‍රහ්මය විමසන්නා
ඔබ වහන්සෙ අසාධාරණය බොහොම
එක රටකට සේරම දේ ඇයි දීලා

බොහ් ගාලා හිනා ගියා මහ බඹුට
මුව අයාන විෂ්ණු දෙවිඳු බලා හිඳී
ගොඩක් වෙලා හිනා වෙලා මහ බ්‍රහ්ම
දුන්නෙ උත්තරේ මේ ලෙස පහදාලා

සේරොම දුන්නත් 'සිරි ලංකා' රටට
ඊට මැව්ව මිනිස්සු ටික බලපල්ලා
අම්මට නෑ අප්පට නෑ කොන්දක් නෑ
නෑ ප්‍රතිපත්ති කිසි එකෙකුට ඇති වැදගත්

එකා පිටට එකා වැටෙයි නරා වළේ
උන් උන්ගේ කකුලෙන් ඇද බිම දාලා
කුළල් කා ගනී උන් උන් පිල් බෙදිලා
දූෂණ නාස්තිය ඉහවහ ගොස් දමලා

උනුත් කා ගනී එහෙයින් රටත් කැවෙයි
'සිරි ලංකා' රටේ විදිහ ඔහොම තමා
මෙච්චර හොඳ බැලන්ස් රටක් තියනවනම්
කියනු යෙහෙකි දෙවිඳු විෂ්ණු දැන් මහට



                                                                  -අසංක ගයාන් අබේසිංහ-

41 comments:

  1. ලංකාව ගැන ලියැවුනු සුපිරිම ගීතය සුනිල් පෙරේරාගේ සිංදුව තමයි..

    එල !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සෑමෝ...ස්තුතියි...

      Delete
  2. දැං ඔය කෂ්ටිය ගිහිල්ල විෂ්නු දේවාලෙ පොල් ගහනකොට දෙයියො වැකේෂන් ගිහිල්ල වෙන්නැති ඉන්න ඇත්තෙ. හැක්..

    නියමයි.

    ReplyDelete
    Replies
    1. දෙයියො බලන්නම මිනිස්සු ටික...ස්තුතියි ප්‍රසා අය්යේ...

      Delete
  3. දීපාල් සිල්වගෙ
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
    කියන සිංදුව මතක් උනා..

    අපූරුයි.. නියමයි අසංක...

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව ගිය ආණ්ඩුවෙන් තහනම් කොළා නේද...

      බොහොම ස්තුතියි නිර්මාණි...

      Delete
  4. හැබැයි ඉතින් හිතක් හිතුනොත් ඕන එකෙක් කකුල් කෙටිදෙකෙන් අල්ලලා පොලොවෙ ගහල ආයෙත් අනිත්පැත්ත හැරිලා නිදාගන්නවා.. අන්න එහෙමයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනෙක් උනව පොළොවෙ ගහන්න නම් අපේ උන් දක්ෂයි ඕං...ස්තුතියි ලබ්බෝ...

      Delete
  5. //අම්මට නෑ අප්පට නෑ කොන්දක් නෑ
    නෑ ප්‍රතිපත්ති කිසි එකෙකුට ඇති වැදගත්//++++++++

    බලන් ගියාම අපිට මුකුත්ම නෑනෙ බන්..

    අගෙයි අසංකයො

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය නැති ටික හදාගත්තනම් රට ගොඩ ගත්තහැකි...නේද ප්‍රියා...

      Delete
  6. මේක නම් මරු කවිය :D දෙය්යන්ට වැරදුනේ මිනිස්සු මවපු එක තමා :D

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් දෙයියන්ටත් වරද්දන්න තමයි ට්‍රයි එක...

      Delete
  7. පට්ට බැලන්ස් කිරිල්ලක් නේ කරලා තියෙන්නේ...

    විෂ්ණු වත් ඔහොම හිටියාට එල පොරක් නේ බලන් ගියාම...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං මහා බ්‍රහ්ම...

      Delete
  8. බලන්න අනේ ඔලු තුනක් තියාගෙනත් හරියට මවල නෑනෙ

    ReplyDelete
    Replies
    1. අලින්ටනම් ඉතින් ඕවයැ වගක්යැ...

      Delete
  9. Replies
    1. You are hardware...I am software...if you are everywhere...it is unfair...

      Delete
  10. ම්... ම්... මම කැමතිම මාතෘකාවක්නේ.
    හරිම රහයි

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද...

      Delete
  11. එල එල .. පර්ර්ලිමේන්තුව මැව්ව එකෙන් තමයි ඔක්කොටම කෙළවුණේ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව සජ්ජෝ...

      Delete
  12. සිරි ලංකාවේ සිරි

    ReplyDelete
    Replies
    1. ලලිත් පෙරේරගෙ සිරි...හැ...හැ...

      Delete
  13. මිනිස්සුන්ව මවලා තියෙන්නේ විශ්ණු තුමා ඩෝප් වෙලා ඉන්න වෙලාවක.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් ලංකාවෙ උන්ව...

      Delete
  14. ඒ බැලන්ස් කිරිල්ල ගැන ඉතින් මොනවා කියලා කියන්නද. ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති රටක් නේ බං මේක...

      Delete
  15. ඒ හිංදලු විස්නුවට බට කොල කන්න වුනේ.. හැක්
    ඇත්තට බං රටකට ගිය කල

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බං අපි මාර ජාතියක්...

      Delete
  16. තරාදිවත් බැලන්ස් නෑ මෙහෙම... සිරාවට..

    ReplyDelete
  17. Replies
    1. ස්තුතියි ඉන්දරේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...