ඉකිගහන හිත පාරගෙන නුඹ යන්න බැරි තැනකට ගිහිං
කොහොම ඉවසන් ඉන්නදෝ පුත ඉවසුවා මට හැකි තරං
අෑත දුරකට නුඹව යැවු පව විදෙව්වා පුත හදවතිං
එහෙව් අම්මෙක් මෙහෙව් දුක්ගිනි විදින්නේ කොහොමද හිතිං .......
මූණ දැක්කම නැගෙන ගිනි ගොඩ කීරි ගැහෙනවා මයෙ හිතේ
නුඹව සිප සනසන්න බැරි නෑ එන්න තුරුළට සුදු පුතේ
කැකෑරෙන දුක වාවගෙන මං කදුලු හංගන්නං හිතේ
හුස්ම අරගෙන නැගිටලා මට හිනාවෙන්නකො සුදු පුතේ ...........
පුංචි කිරිකැටි හිනා පෙන්නූ නුඹ අැයි ද මේ සැතපිලා
ලොවක් දිනනා තුරු හිටපු මම හීන අහුරක තනිවෙලා
මට කලින් නුඹ යන්න හිතුවත් කමක් නෑ පුත වැරදිලා
මාත් එනතුරු ඉන්න මයෙ පුත කොහේවත් නොගිහින් බලා ..........
තුෂාර විතාරණ
.
මාත් ඒනතුරු ඉන්න මයෙ පුත කොහේවත් නොගිහින් බලා ..........
ReplyDeleteමතු ආත්මෙක නුඹේ සුවදින්
මවු පදවි ගෙන වැජබෙනා
එනතුරා මා ඉදින් මා පුත
හදේ දුක් ගිනි නිවමිනා
ලස්සනයි කුරුට්ටෝ.........
ස්තූතියි සබරේ (මිත්‍ර)
Deleteළගදීම අත්දකින්නට වුණ අකල් මරණයක් නිසයි මේ පද ටික ඉබේට ම වාගේ ගෙතුනේ...... වේදනාව අකුරු කරලා පෝස්ටුවක් දාන ඒක තමයි හොදම දේ කියලා හිතුණා......
පුතෙක් අහිමි ශෝකය අම්මා කෙනෙකුට කොහොම අැද්ද කියලා හිතුණා......
පුත්‍ර වියෝගය
ReplyDeleteගී පවුර හැඩකරන කවක්
ජයවේ!
ස්තූතියි වර්ණ........ මේ මං බැලුවේ අපේ සබරේ අැනෝත් අැයි වර්ණ කෑල්ලක් ගාවගත්තේ කියලා..... යාලුවෝවත්ද????
Deleteවර්ණ කුලකයේ ඉන්න මිත්‍ර වර්ණ සබරේ ඇනෝ තමා කුරුට්ටෝ...
Deleteමොකෝ කොමෙන්ටු දැම්මට ලියන්නේ මහසෝනද කියලවත් බලන එකක්යැ ඉතින්
හැබෑ සිදුවීමක් ගැනද? හෆෝයි..
ReplyDeleteඔව් කමියා..................
Deleteමාර දුක කතාවක්.... හිතද්දිත් හිතට අවුල්...........
ඒ කතාව ලියපන් පොස්ට් එකක් විදිහට
Deleteඒතකොට මෙන්ඩෝ අපේ කවි බ්ලොගයට මොකෑ වෙන්නේ???????
Deleteමේ ලෝකෙ දෙමාපියන්ට උහුලන්නම බැරි දේ තමා තුෂෝ දරුවෙක්ගෙ මරණය දැකීම. විශේෂයෙන් ළමා වයසෙදි. ඊටත් වඩා අම්මා කෙනෙකුට දැනෙන දුක.
ReplyDelete(උඹ දැක්කද අර බංග්ලාදේශෙ අවුරුදු 13 ක පොඩි කොල්ලෙක් ගෙදර කෑමට
එළවළු හොරකම් කලා කියලා ගහල මරපු එක? මට ඒකත් මතක් වුණා.?
මධුවෝ........... මාධවියෝ...... (අනේ මන්දා උඹලාගෙන් කවුද කියලා)
Deleteඅැත්තට ම මේ කවිය ලියුවේ මේ විදිහේ දෙයක් දැකපු නිසා..... හිතට වාවන්නම බැහැ... ඒකයි ඒ දුක අකුරු කරේ...... ජීවිතය කියන්නේ මහ අමුතු දෙයක් කියලා හිතුණා...... සතුට දුක ඒක්ක ගෙවෙන මේ ජීවිතය තේරුම් ගන්න අමාරු දෙයක්........
අම්මලා දුක් ගන්නේ
ReplyDeleteපුතුන් හදන්ටා
පුතුන් හදන්ටා
පුතුන් රජුන් කරන්ටා
බාලොලි ලොලි බාලොලි ලොලි
නුඹට ඇහැක්දෝ
මගේ පුතා සොයන්ටා
ඒ නුඹටා ඒ නුඹටා බෑ ...
ඉරට ගියාවයි සඳට ගියාවයි
කොහේ ගියත් කුමක්
කරම්දෝ .....
අම්මලා දුක් ගන්නේ .......
ලෝකෙට ලොක්කා
වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ ....
බාසුරුවන්නේ පාටරුවන්නේ
මගේ පුතා කෙලෙස දකින් දෝ
ගායනය - ලතා වල්පොල
ගී පද - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
ස්තූතියි සින්දුවෝ...................
Deleteගීතයෙන් කවියට ඒළියක් දුන්නාට ස්තූතියි......
ඕවා ඔහොම තමයි පුතේ.. කාලෙකින් නේද?
ReplyDeleteඔව් දේශා.......... කාලෙකින්....
Deleteඒ වුණත් දේශෝ, මේ දේනම් ඔහොම තමා කියලා කියන්න බැරි තරම් දුකක්.... ඒ දේ දැක්කානම් දේශත් අවුල් යනවා ෂුවර්......
උඔලා දන්නවනෙ මම පොඩි මෙන්ඩා සම්භන්දයෙන් කොච්චර සංවෙදිද කියලා..මේ කවිය මට දැනුනා..
ReplyDeleteඔව් මෙන්ඩෝ..................
Deleteදරුවන් ගැන දෙමාපියන්ට තියෙන අාදරය කොයිතරම් ද කියලා තේරෙනවා මෙහෙම දෙයක් දැක්කාම...... ඒ බැදීමට කවදාවත් ප්‍රශ්ණ වෙන්න ඒපා කියලා අපිත් පතනවා......
ඔහ්
ReplyDeleteබොක්කටම වැදුණ...
අපූරු විදියට දුක හිතෙන කවියක්
ස්තූතියි මහේෂ්.............. පද ටික අගය කරාට......
Deleteතුශාර.. දෙමාපියනට මෙලොව දරාගත නුහුණු දරුණුතම වේදනාව. ඒක ඔබ කම්පිතව අකුරුකරලා. ඇත්තෙන්ම මෙය සැබෑ නිමිත්තක්ද ඔබ ඇසූ දුටු?
ReplyDeleteකෙසේ වුවද නිර්මාණය උපරිමයි.
සැබෑම නිමිත්තක් මනෝෂ්.............. අැහින් ම දුටු..... ඒකයි මේ වචන මේ තරම් ගැලපුනේ........ අත්දැකීම් වලින් ලියැවෙන දේවල් තවත් කෙනෙකුට ඒ හැගීම නියමෙට දැනෙන්න සලස්වනවා මනෝෂ්..........
Delete