දෙසවන් සැනසූ වදනක් නෑසෙයි - පාළු නිහඬ බව හද පාරයි
දෙකොපුල් රැන්දූ සුවයක් නොදැනේ - එහි රැඳුනේ කඳුලැලි පමණයි
පෙරදා ඔබ හිටි මිහිරි අතීතය - තවදුරටත් මට සිහිනයකි
අදහාගනු බෑ ඔබ ළඟ නැති බව - ඇයි හැරගියෙ මා අයියණ්ඩි
හැමදින එළඹෙන මොහොතක් පාසා - දෑස කෙවෙනවා ඉන්නට බෑ
උණුසුම් සුව පිරි පපුවේ තුරුළට - එන්නට අවසර දැන් මට නෑ
ගිලී ගියෙමි මා එකවර අඳුරේ - ඔබ කොයි ලෝකේ වසන් වුණේ
දැනේවිනම් මගෙ පපුවේ ගින්දර - එනු මැන නැවතත් අයියණ්ඩි
මුළු ලොව දැක්කේ ඔබගේ දෑසිනි - මගේ නෙත් වලින් පලක් නැතේ
ඔය මුව රැන්දූ සුවබර වදනින් - මා ලද සෙනෙහස අපමණ වේ
කැන්දූ සිනහව දල්වා ආලය - ඔබෙන් පමණි මා එය දුටුවේ
අනේ මගේ කඳුලක උණු ගින්දර - දැන් නොදැනේදෝ අයියණ්ඩි
තවත් මේ ලොවේ ඔබ නැති අඳුරේ - ඉන්නට බෑ මට මේ භවයේ
යන්නට ඕනේ කිසිවක් නොහැඟෙන - ලෝකයකට තව නොම දුක්වී
ඒත් කුමක් වෙනුවෙන් මා අද දින - නිමක් නොවී ඇයි මේ ලතවී
එකම එක් වරක් එන්නකො මා වෙත - යන්නට පෙර මා මින් නික්මී
අසංක ගයාන් අබේසිංහ
ලස්සන පැදිපෙළ මචන්
ReplyDeleteජයවේ!
බොහොම ස්තුතියි මචෝ...
Deleteලස්සනයි අසංක අයියා................ පද ටික ලස්සනයි... හැබැයි දුක කතාවක් හැංගිලා තියෙන්නේ.,,,,,, නේද???????
ReplyDeleteකියන්න බැරි වුනානේ මම තුෂාර
Deleteඔව් බං...මේ කවිය ලියන්න හිතුණු ඇත්ත කතාවකුත් තියනවා...අගය කිරීමට බොහොම ස්තුතියි බොලේ...
Deleteඅසංකයාව නම් දාලා ගිය එකමයි කාරිය.. හොඳ වැඩේ ඕකට
ReplyDeleteඅහිංසක කෙල්ලන්ව එකපාරම අතහැරලා දාන තෝ වගේ එකෙක්ට තමා මේක ලිව්වේ...හැක්...හැක්...
Deleteදුක කියන්නට කෙනෙක් නැති දා
Deleteදුක ඇසූ නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ..
වියළි තතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා විත්
මට මාව නැති කලේ කොහොම ද..
හදවත ඇවිලුනු අතීත දුක් ගිණි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නැත..
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ඩිෂාන් නානායක්කාර
සංගීතය - එච්. එම්. ජයවර්ධන
පට්ටයි සිංදුවෝ...උඹේ මේ හැකියාව මම හිතන්නෙ ගීත ක්ෂේත්‍රයේ කප් ගහල ඉන්න එවුන්ටවත් නැතුව ඇති...
Deleteඅයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
Deleteයන්ට එපා අයියා යන්ට එපා.....................
පින්සාර මා අයියා
පින්සාර මාගෙ සෝයුරා
ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
නංගීව ශෝක ගින්නෙ දා
යන්ට එපා දැන් මා හැරා
එල්ලෙමි මං ඔබේ ගෙලේ
අහසේ දියේ වලාකුළේ
මතුවේ ඔබේ උතුම් ගුණේ
ඇනෙනා කටු ශරීරයේ
වද මල් සේ යාවි ලේ ගලා
නොදැනේ ශරීර වේදනා
ඵල නෑ විකාර ජීවිතේ
මරණෙත් සැපයි මෙ ලෝකයේ
අයියාගේ රම්‍ය දර්ශනේ
නොපෙනේ අනේ වසන් උනේ
සැතපෙම් ඔබේ මිනී වළේ
ආත්මේ අපේ ඇලී ගැලී
උපදීවා ස්වර්ග රාජ්‍යයේ
පින්සාර මාගෙ සෝයුරා
ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
ගායනය : රුක්මනී දේවි
ගී පද : ජී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාන්ඩුරංගන්
ගෑණු ළමයෙක් වෙන්ට ඕනෑ මේක කියන්නෙ.
ReplyDeleteඅසංක අයියාට ද කිව්වේ??????
Deleteතුෂාර
මමා.. ඔව්. එහෙම නැත්නම් දේදුනු වර්ණ පොරක් කියල වගේ තමයි මටත් හිතුනේ.. හැක්.
Deleteහත්තිලව්වයි කමියාට ප්‍රතිකාර අවශ්‍ය වී අැත.....
Deleteයකෝ කාන්තා දෘෂ්ථි කෝණයකින් (බර වැඩිනම් කියාපල්ලා ) ලිව්වම කියන කතා...මුන්ටත් ඉර පායනවනේ ඉතිං...
Deleteඅසංක
දේදුන්නෙන් එන සමනලුනේ ....හැක් හැක්
Deleteහ්ම්ම් ඒකනම් ඇත්ත කුරුට්ටෝ
ReplyDeleteඒත් ගිය එකා ආයි එන්න නම් එපා......
කුරුට්ටෝ මොකෝ මේ හයි වේ එකේ පෝස්ටු දාන්නේ... මං නොහිටිය දවස් ටිකට පොස්ටු වැහි වැහැලනේ.... ඔන්න ඔක්කොටම කොමෙන්ටු දැම්මෝ...
එහෙම තමා අපි...දෙනකොට දෙනවා නාන්න...නැතිවෙනකොට වතුරවත් නෑ...හැක්...හැක්...බොහොම ස්තුතියි මිත්‍රයෝ...
Delete
ReplyDeleteබ්ලාහ්
සෝක බරිතයි සෝචනීයයි...
ඔව් ඩුකයි
ඩුක පුමේ තියාපං...එතකොට හරි...හැක්...හැක්...
Deleteකඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
ReplyDeleteපැරදුන ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුද් සුළඟේ...
තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
විරහ වේදනාවේ..
ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
අප මාළිග තැනුවේ
ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
මතක සිහින මැකුනේ..
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
මේවගේ ඒව ලියන්න ඉතින් ප්‍රේමකීර්තිම ඉන්න ඕන...අපිට හැරෙන්නවත් බෑ...ඒ වගේමයි මේව තෝරල බේරල මෙතන ගැලපෙන විදිහට දාන්න සිංදුවම ඉන්නත් ඕන...අපිට හිතාගන්නවත් බෑ...
Deleteඇයි මචං මේ. එදා තුශාරත් මේ වගේම පෝස්ට් එකක් දාල තිබ්බා.. නිර්මාණය අති සංවේදියි.. විශිෂ්ඨයි..
ReplyDeleteමේක මචෝ නිකමට හිතුණු එකක්...කෙල්ලෙක්ට දැනෙන්නෙ කොහොමද කියලා එයාගෙ පැත්තෙන් හිතලා ලියපු එකක්...කොහොම වුණත් මම ආරෝපණය කරගත්තු හැඟීම උඹලට දැනුනනම් ඒ ඇති මචං...මම යම්තාක් දුරකට සාර්ථකයි කියලා හිතන්න...බොහොම ස්තුතියි මනෝ...
Deleteඒ වගේම සොයුරු වියෝවක්..
ReplyDeleteමා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
ගායනය..අමරදේව
පද..කුලරත්න ආරියවංශ
සංගීතය..රෝහණ වීරසිංහ
මේ ගී පදවල සාර්ථකත්වය කොතරම්ද කිව්වොත් මටම වුණා වගේ දැනෙනවා...විශේෂයෙන් අද මේ ජීවිතේ හිස් නිසරු බව දැනෙද්දි ඒ හුදකලාව ගෙනෙන්නේ හරිම වෙනස් හැඟීමක්...
Deleteකවිය නියමයි...
ReplyDeleteටැන්කුයි...ටැන්කුයි...ඉන්දරේ...
Deleteටික දවසක් එන්න යන්න බැරි උනා... අසංක තාමත් නාහෙන් අඬනවා කලින් වගේම.... හැක හැක.... කවි ටික සුපිරි.... ජයවේවා...
ReplyDeleteකඳුළු හුරතල් වැඩිද මන්දා
Deleteපුංච් දේටත් හැඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කඳුළු දුක රහසේම වින්දා.....
මලක මොළකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුළ වැටුනා අහිංසක ලෙස....
ගායනය - අසංග ප්‍රියමන්ත
ඇඩෝව් සජ්ජා...උඹ නෑවිල්ලා හිටපු ටිකේ මම ලියපු ඒවා බලාපිය ඉස්සෙල්ලා...කොයි තරම් අසභ්‍ය කවි ලිව්වද කියලා...හැක්...හැක්...
Deleteඕකනම් කලිං හිටලා අතඇරලා දාපු කෙල්ලෙක් අසංකට දීපු එකක්මයි.....පව් බං
ReplyDeleteහත්තිලව්වයි අසංක අයියා................ මොනවද මේ කතා....
Deleteයකෝ මේ මල් මල් සේරම දැනගෙනවත්ද...අපොයි...
Deleteනොයන්න සිතුනද - යා යුතු වේමය
ReplyDeleteආ ගමනක් කොහි වේ නම් ලොව තුළ
යන ගමනද එහි අග ලියැවී ඇත...
යන ගමන කොයි තරම් කිව්වත් පුදුම දුකක් මචෝ...
Delete