ඉවාන් ඉවාන් ගල් ඉබ්බා
ගල උඩ තියලා වෙඩි තිබ්බා
..........................
සීනි වලට කූඹි වහල චෙරියෝ චෙරියෝ
සබරෙ ඇනෝ දැන් අඬනව අයියෝ අයියෝ
..........................
රෝස මලේ නටුවෙ කටු
බ්‍රා මෙන්ඩෝ ඔහොම හිටු
නටුව නොවෙයි මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි
.........................
හිනැහේවී ගස් ලබ්බා
ඇස් නටවා බල බලා
නැලවීයන් මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා
.........................
ටක් ගානව ටික් ගානව
ටිකක් කනව දොර වහනව
අනේ දේශො අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ
........................
කොටු වැටිච්ච පුංචි සරම - ඇඳන් නටන සඳරුවා
නිතර නිතර දබර කරන - මගේ මල්ලියා
මගේ සඳරුවා - සුරතලා චණ්ඩියා
සටහන : 'ගී පවුර' වැඩිහිටියන්ට පමණයි වීමේ අවදානමක් මතුවී ඇති බව පුංචි එවුන් විසින් නිරන්තරයෙන් චෝදනා එල්ල කරන්නට විය. අපි කිසිදු විටක ළමා ලොව අමතක නොකරමු. එබැවින් දරු පැටවුන් උදෙසා මෙවර ඉඩ වෙන් කරන ලදී. තවද මෙහි නම් සඳහන් නොවු දරු පැටවුන් උදෙසා ඉදිරි කාලයේදී ඉඩ වෙන් කිරීමටද අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙමු.
අසංක ගයාන් අබේසිංහ
ටික්කි ටිකරි මගේ පුතා - කොල අරගෙන ‘කුරුටු‘ ගාන
ReplyDeleteපුංචි පුංචි රූප වගෙයි - ඔබගෙ ආදරේ
(හුටා... ඒක ලමා ගීතයක් නෙමේනෙ!)
මගේ ආදරේ - දෙවනපෑතිස් රජ සමයේ
Deleteශිලා ලිපියක් වගේ...
පුංචි මාධවී දුවේ/පුතේ(???)...මෙහි පද වැරදි නම් පහළ ඉන්න 'සිංදු ඇනෝ' අයියගෙන් අහල දැනගන්න හොඳේ...ඒ අයියත් එක්ක සණ්ඩු අල්ලන්න එහෙම යන්නෙ නෑ හොඳද...
මී මැස්සා රූං රූං
Deleteමලින් මලට රූං රූං
මල් පැණි බොයි රූං රූං
මත් වැ නටයි රූං රූං
බකමූණා හූම් හූම්
හිඹුටු කඩයි හූම් හූම්
බුම්මාගෙන හූම් හූම්
ඔක්කෝටම හූම් හූම්
කළු කපුටා කාක් කාක්
හොරෙන් බලයි කාක් කාක්
වැළ මදුලට කාක් කාක්
උසි කපුටා කාක් කාක්
හොර කුකුළා කුක්කු කූ
රැයින් නැඟී කුක්කු කූ
තටු ගසමින් කුක්කු කූ
ගහින් බහියි කුක්කු කූ..
කප්පරකට පුවක් පුවක්
කොරවක්කයි පුවක් පුවක්
මට විටකට නුදුන් පුවක්
අපි තරහයි පුවක් පුවක්
පෙත්තප්පූ ක්‍රීං ක්‍රීං
කජු අත්තේ ක්‍රීං ක්‍රීං
කජු නොකඩන් ක්‍රීං ක්‍රීං
මද අපටයි ක්‍රීං ක්‍රීං
හැළි වඳුරා හායි හායි
අත්තක් උඩ හායි හායි
වැළ ගෙඩියට හායි හායි
මාන බලයි හායි හායි
බළු කුක්කා කීං කීං
අම්මාකොයි කීං කීං
ලුණු නැතිවයි කීං කීං
බත් දෙනකං කීං කීං
හොර බළලා ඤාව් ඤාව්
දීකිරි කෝ ඤාව් ඤාව්
පූරු පුරු පුරු ඤාව් ඤාව්
හුරතළයට ඤාව් ඤාව්
හොක්කි හොයා හොයා හොයා
නරි නයියිදේ කෑම හොයා
හරිම වසයි ඔයා ඔයා
දුවමු දුවමු දැන්ම හොයා
ගීපද - අරීසෙන් අහුබුදු ශූරීන්.
ගී තනු -ආර්. මුත්තුසාමි.
රන්වන් පාටයි කුරුටු පුතා
ReplyDeleteකිතුල් මලේ පැණි බීල ගියා
ආයිත් එනවලු ඒ සමනළයා
මල් වල පැණි බොන්ටා.. :p
ආච්චිලාට කරන උදව්
Deleteමුංඇට බැද කටේ දමව්
කමියා හට කරන උදව්
බස්තම ගෙන ලිපේ දමව්
අමු පොල්පිත්තක් කපලා
ReplyDeleteපොල් කට්ටෙන් අං තියලා
පොල්පිති වස්සෙක් හැදුවා
අපේ "කුරුට්ටා" වාගේ
හුනු කෑල්ලකින් නළලේ
පොඩි ලස්සණ අඟ ඇන්දා…
බෙල්ලේ ලනුවක් බැඳලා
දක්කනවා වත්තේ….
වත්ත පහළ තණ ගොල්ලේ
තණකොළ කපලා දුන්නා….
ඇලට ගිහිං වෙල අයිනේ
වතුරත් බොන්නට දුන්නා….
යමුද ඉතිං එක පිම්මේ
අස්ස ගුඩුං කියලා….
වත්ත වටේ අපි දෙන්නා
උඩින් උඩින් අඩි තියලා….
අමු පොල්පිත්තක් කපලා
පොල් කට්ටෙන් අං තියලා
පොල්පිති වස්සෙක් හැදුවා
අපේ "කුරුට්ටා" වාගේ….
මොනවද අම්මේ අකුරු ජාතියක්
Deleteසිංදු ඇනෝ පවුරේ ලියලා
කොහොමද අම්මේ ඒව ලියන්නේ
මේ හැටි මතකෙන් හැඩ දාලා
වත්තට යන්නම්
ReplyDeleteපොල්ලක් ගන්නම්
අටමා හොයන්නම්
හොදට නෙලන්නම්......
තුෂාර
මම එහෙ එන්නම්
Deleteඋඹව හොයන්නම්
පොල්ලක් ගන්නම්
හොඳට තලන්නම්
අපි වගේ පුංචි එවුන් ගැනත් හිතුවට, අසංක මාමාට ගොඩාක් ස්තූතියි ...!
ReplyDeleteබොලාල වගේ ආදරේ හිතෙන හීං එකාල ටිකක් ලැබීම කොයි තරම් වාසනාවක්ද ...ලොහ්...ලොහ්...
Deleteකුරුටු.....පුවාක්.....පුවාක්....පුවාක්...!
ReplyDeleteගොරක (රොහාන්...) ඩේන්...ඩේන්...ඩේන්...
Deleteමා වැනි බිළින්දා
ReplyDeleteනොතකන " පවුර හින්දා"
මගේ හිත ඉකිබින්දා
මෙවන් පවුරක් වෙන කොයින්දා
ප්‍රියන්ති ලස්සන බෝනික්කා
Deleteතනිවී හඬනා හැටි දැක්කා
ඒකයි බුකියේ ඉන්නව දැකලා
එක්කරගෙන ආවේ
කවුද ඩො ගල් ඉබ්බා ... ගහනවා සුළඟිල්ලෙන් සතියක් සිහිනැති වෙන්න අරිද?
ReplyDeleteකුරුටු පුවක් අසංකයා
රයිගමයාගේ ලොකු අයියා
කොක් නයිදේ තුශාරයා
ගම්පලයගේ පොඩි සීයා
මේ පුංචි ළමයි කියන කතාද ඈ...චී...චී...ඉවාන් පුතා...
Deleteරේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
ReplyDeleteහොයි
කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා
යකෝ..
කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා...
මචං
රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
(පුංචි ළමයි හරියට මල් වගේ... හරී.... අහිංසකයි.)
කැළණි ගඟේ පාවෙනවා ගස්ලබු ගෙඩියක්
Deleteඅපෙ පවුරට ඉන් ලැබුණා හොඳ ගස් ලබ්බෙක්...
අඩෝ...
කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලියේ ලමාපිටිය සජීවීව කරද්දී එය අහපු හැටි මතවුනා. ඒ කාලේ අහපු ළමා ගී රාශියක් මතකයේ තියනවා. හරිම මිහිරි සුන්දර මතකයක්.
ReplyDeleteළමා මතක විතර සුන්දර නෑ වෙන මොකුත්ම විචාරක තුමෝ...
Delete"කළු මැණිකගෙ ගල්ලෑල්ල කළුම කළු වගෙයි - කොටු වැටිලා ඉරි ගසාල ඒක හරි අගෙයි"
Deleteවිචාරක තුමෝ , මේකේ ඉතිරි පද ටික කියන්නෝ ...
හපොයි.
ReplyDeleteමොකෝ බං...
Deleteකුරුටු පුතේ මොකද හොරෝ
ReplyDeleteඅපි ආවේ නුඹෙ මතකෙට
ඔය ලස්සන කවිපද ටික
දෙනවද මට රුපියලකට
සබරේ ඇනෝ අඩන්නෑ හරිදෝ
ලාබෙට දෙන්නෑ අපේ මේ ගී පද මල්ලී
Deleteඑනවානම් කෙලින් වරෙන් වී නොම හැංගී
"අත්තාපල්ලා මුත්තාපල්ලා
Deleteමං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ"
සබරේ ඇනෝ ...
හැක් හැක්
චොයි...චොයිම චොයි...
ReplyDeleteනිල් අහස් තලේ නෑ... (බ්‍රා) වලාකුලු
ලස්සනයි පුරා.. (කුගැප) හදේ රැස් විහිදිලා..
එල ද බ්‍රා..නිර්මානයක්..
පට්ටයි අසංකයෝ එල ද බ්‍රා
මේව මගේම ඒව නෙවෙයි මෙන්ඩෝ...නිකං පොඩිකාලෙ අහපු මතකෙට උඹලව ඇතුළට ඔබලා ලියන්න හිතුනා...ඒ මතකය අතිශය සුන්දරයි මචං...
Deleteඅපුරු ළමයි ටික.
ReplyDeleteඒකනේ ඉතිං...උඹල වගේ මහ එවුන් හින්දා උනුත් නරක් වෙනවා...
Deleteඅනේ පවු මේ පොඩි උන් ටික....
ReplyDeleteඔව් බං...අල්ලලා හිල් පොල්කට්ටෙන් නාවන්න හිතෙනවා...
DeleteDath kakulu paalaa
ReplyDeleteSurathal sinaa seela
bolanda bas deela
kelee mun tika duuli gaalaa
Rain rain go away
DeleteCome again another day
බුහැත් බුහැක් බුහැක් බුහැක්
ReplyDeleteකුරුටු පුවක් පුවක් පුවක්
හිහි. මරු කයි ටික.
මොකෝ උඹ බලු කුක්කෙක් වගේ බුරන්නේ...ජල භීතිකාවද...
Deleteමේ පවුරේ බොහෝ
ReplyDeleteකුරුට්ටෝ පිරිලා ඇතේ
පැහිල ඉදිලා දෙකට නැවිලා
කුණු වෙලා යතේ
http://nelumyaya.com/?p=3464
අපිව දැම්මේ නැතුවට ගමයාගේ බලවත් විරෝධය.
කොළඹ ගමයට දෙන්න දෙයක් නැත
Deleteපෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් අැත......
මේ පොඩි මෙන්ඩාගේ ඉල්ලිමක්...
ReplyDeleteහා හා හරි හාවා...
කෑලේ මැදින් ආවා...
හිටගෙන ගග ගවා..
වටපිට ඇහැ ලෑවා...
අඩේ මෙන්ඩෝ............. පොඩි මෙන්ඩාව අාදරෙන් මතක් කරා කියන්ට.....
Deleteමෙන්න පොඩි මෙන්ඩාට අපෙන්
පුංචි බලු රාලේ
මම ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරල පෙරලා උන්නේ මිදුලේ.......
ජයවේවා පොඩි මෙන්ඩෝ........