Sunday, July 5, 2015

ළමා පිටිය......





ඉවාන් ඉවාන් ගල් ඉබ්බා
ගල උඩ තියලා වෙඩි තිබ්බා

..........................
සීනි වලට කූඹි වහල චෙරියෝ චෙරියෝ
සබරෙ ඇනෝ දැන් අඬනව අයියෝ අයියෝ
..........................
රෝස මලේ නටුවෙ කටු
බ්‍රා මෙන්ඩෝ ඔහොම හිටු
නටුව නොවෙයි මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි
.........................
හිනැහේවී ගස් ලබ්බා
ඇස් නටවා බල බලා
නැලවීයන් මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා
.........................
ටක් ගානව ටික් ගානව
ටිකක් කනව දොර වහනව
අනේ දේශො අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ
........................
කොටු වැටිච්ච පුංචි සරම - ඇඳන් නටන සඳරුවා
නිතර නිතර දබර කරන - මගේ මල්ලියා
මගේ සඳරුවා - සුරතලා චණ්ඩියා



සටහන : 'ගී පවුර' වැඩිහිටියන්ට පමණයි වීමේ අවදානමක් මතුවී ඇති බව පුංචි එවුන් විසින් නිරන්තරයෙන් චෝදනා එල්ල කරන්නට විය.  අපි කිසිදු විටක ළමා ලොව අමතක නොකරමු. එබැවින් දරු පැටවුන් උදෙසා මෙවර ඉඩ වෙන් කරන ලදී. තවද මෙහි නම් සඳහන් නොවු දරු පැටවුන් උදෙසා ඉදිරි කාලයේදී ඉඩ වෙන් කිරීමටද අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙමු.

අසංක ගයාන් අබේසිංහ

41 comments:

  1. ටික්කි ටිකරි මගේ පුතා - කොල අරගෙන ‘කුරුටු‘ ගාන
    පුංචි පුංචි රූප වගෙයි - ඔබගෙ ආදරේ
    (හුටා... ඒක ලමා ගීතයක් නෙමේනෙ!)

    ReplyDelete
    Replies
    1. මගේ ආදරේ - දෙවනපෑතිස් රජ සමයේ
      ශිලා ලිපියක් වගේ...

      පුංචි මාධවී දුවේ/පුතේ(???)...මෙහි පද වැරදි නම් පහළ ඉන්න 'සිංදු ඇනෝ' අයියගෙන් අහල දැනගන්න හොඳේ...ඒ අයියත් එක්ක සණ්ඩු අල්ලන්න එහෙම යන්නෙ නෑ හොඳද...

      Delete
    2. මී මැස්සා රූං රූං
      මලින් මලට රූං රූං
      මල් පැණි බොයි රූං රූං
      මත් වැ නටයි රූං රූං

      බකමූණා හූම් හූම්
      හිඹුටු කඩයි හූම් හූම්
      බුම්මාගෙන හූම් හූම්
      ඔක්කෝටම හූම් හූම්

      කළු කපුටා කාක් කාක්
      හොරෙන් බලයි කාක් කාක්
      වැළ මදුලට කාක් කාක්
      උසි කපුටා කාක් කාක්

      හොර කුකුළා කුක්කු කූ
      රැයින් නැඟී කුක්කු කූ
      තටු ගසමින් කුක්කු කූ
      ගහින් බහියි කුක්කු කූ..

      කප්පරකට පුවක් පුවක්
      කොරවක්කයි පුවක් පුවක්
      මට විටකට නුදුන් පුවක්
      අපි තරහයි පුවක් පුවක්

      පෙත්තප්පූ ක්‍රීං ක්‍රීං
      කජු අත්තේ ක්‍රීං ක්‍රීං
      කජු නොකඩන් ක්‍රීං ක්‍රීං
      මද අපටයි ක්‍රීං ක්‍රීං

      හැළි වඳුරා හායි හායි
      අත්තක් උඩ හායි හායි
      වැළ ගෙඩියට හායි හායි
      මාන බලයි හායි හායි

      බළු කුක්කා කීං කීං
      අම්මාකොයි කීං කීං
      ලුණු නැතිවයි කීං කීං
      බත් දෙනකං කීං කීං

      හොර බළලා ඤාව් ඤාව්
      දීකිරි කෝ ඤාව් ඤාව්
      පූරු පුරු පුරු ඤාව් ඤාව්
      හුරතළයට ඤාව් ඤාව්

      හොක්කි හොයා හොයා හොයා
      නරි නයියිදේ කෑම හොයා
      හරිම වසයි ඔයා ඔයා
      දුවමු දුවමු දැන්ම හොයා

      ගීපද - අරීසෙන් අහුබුදු ශූරීන්.
      ගී තනු -ආර්. මුත්තුසාමි.

      Delete
  2. රන්වන් පාටයි කුරුටු පුතා
    කිතුල් මලේ පැණි බීල ගියා
    ආයිත් එනවලු ඒ සමනළයා
    මල් වල පැණි බොන්ටා.. :p

    ReplyDelete
    Replies
    1. ආච්චිලාට කරන උදව්
      මුංඇට බැද කටේ දමව්

      කමියා හට කරන උදව්
      බස්තම ගෙන ලිපේ දමව්

      Delete
  3. අමු පොල්පිත්තක් කපලා
    පොල් කට්ටෙන් අං තියලා
    පොල්පිති වස්සෙක් හැදුවා
    අපේ "කුරුට්‌ටා" වාගේ
    හුනු කෑල්ලකින් නළලේ
    පොඩි ලස්සණ අඟ ඇන්දා…
    බෙල්ලේ ලනුවක් බැඳලා
    දක්කනවා වත්තේ….
    වත්ත පහළ තණ ගොල්ලේ
    තණකොළ කපලා දුන්නා….
    ඇලට ගිහිං වෙල අයිනේ
    වතුරත් බොන්නට දුන්නා….
    යමුද ඉතිං එක පිම්මේ
    අස්ස ගුඩුං කියලා….
    වත්ත වටේ අපි දෙන්නා
    උඩින් උඩින් අඩි තියලා….
    අමු පොල්පිත්තක් කපලා
    පොල් කට්ටෙන් අං තියලා
    පොල්පිති වස්සෙක් හැදුවා
    අපේ "කුරුට්ටා" වාගේ….

    ReplyDelete
    Replies
    1. මොනවද අම්මේ අකුරු ජාතියක්
      සිංදු ඇනෝ පවුරේ ලියලා
      කොහොමද අම්මේ ඒව ලියන්නේ
      මේ හැටි මතකෙන් හැඩ දාලා

      Delete
  4. වත්තට යන්නම්
    පොල්ලක් ගන්නම්
    අටමා හොයන්නම්
    හොදට නෙලන්නම්......

    තුෂාර

    ReplyDelete
    Replies
    1. මම එහෙ එන්නම්
      උඹව හොයන්නම්
      පොල්ලක් ගන්නම්
      හොඳට තලන්නම්

      Delete
  5. අපි වගේ පුංචි එවුන් ගැනත් හිතුවට, අසංක මාමාට ගොඩාක් ස්තූතියි ...!

    ReplyDelete
    Replies
    1. බොලාල වගේ ආදරේ හිතෙන හීං එකාල ටිකක් ලැබීම කොයි තරම් වාසනාවක්ද ...ලොහ්...ලොහ්...

      Delete
  6. කුරු‍ටු.....පුවාක්.....පුවාක්....පුවාක්...!

    ReplyDelete
    Replies
    1. ගොරක (රොහාන්...) ඩේන්...ඩේන්...ඩේන්...

      Delete
  7. මා වැනි බිළින්දා
    නොතකන " පවුර හින්දා"
    මගේ හිත ඉකිබින්දා
    මෙවන් පවුරක් වෙන කොයින්දා

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති ලස්සන බෝනික්කා
      තනිවී හඬනා හැටි දැක්කා
      ඒකයි බුකියේ ඉන්නව දැකලා
      එක්කරගෙන ආවේ

      Delete
  8. කවුද ඩො ගල් ඉබ්බා ... ගහනවා සුළඟිල්ලෙන් සතියක් සිහිනැති වෙන්න අරිද?

    කුරුටු පුවක් අසංකයා
    රයිගමයාගේ ලොකු අයියා
    කොක් නයිදේ තුශාරයා
    ගම්පලයගේ පොඩි සීයා

    ReplyDelete
    Replies
    1. මේ පුංචි ළමයි කියන කතාද ඈ...චී...චී...ඉවාන් පුතා...

      Delete
  9. රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
    හොයි
    කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා
    යකෝ..
    කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා...
    මචං
    රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
    (පුංචි ළමයි හරියට මල් වගේ... හරී.... අහිංසකයි.)

    ReplyDelete
    Replies
    1. කැළණි ගඟේ පාවෙනවා ගස්ලබු ගෙඩියක්
      අපෙ පවුරට ඉන් ලැබුණා හොඳ ගස් ලබ්බෙක්...
      අඩෝ...

      Delete
  10. කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලියේ ලමාපිටිය සජීවීව කරද්දී එය අහපු හැටි මතවුනා. ඒ කාලේ අහපු ළමා ගී රාශියක් මතකයේ තියනවා. හරිම මිහිරි සුන්දර මතකයක්.

    ReplyDelete
    Replies
    1. ළමා මතක විතර සුන්දර නෑ වෙන මොකුත්ම විචාරක තුමෝ...

      Delete
    2. "කළු මැණිකගෙ ගල්ලෑල්ල කළුම කළු වගෙයි - කොටු වැටිලා ඉරි ගසාල ඒක හරි අගෙයි"

      විචාරක තුමෝ , මේකේ ඉතිරි පද ටික කියන්නෝ ...

      Delete
  11. කුරුටු පුතේ මොකද හොරෝ
    අපි ආවේ නුඹෙ මතකෙට
    ඔය ලස්සන කවිපද ටික
    දෙනවද මට රුපියලකට


    සබරේ ඇනෝ අඩන්නෑ හරිදෝ




    ReplyDelete
    Replies
    1. ලාබෙට දෙන්නෑ අපේ මේ ගී පද මල්ලී
      එනවානම් කෙලින් වරෙන් වී නොම හැංගී

      Delete
    2. "අත්තාපල්ලා මුත්තාපල්ලා
      මං අල්ලන්නට බැරුවානේ
      මං අල්ලන්නට බැරුවානේ"

      සබරේ ඇනෝ ...
      හැක් හැක්

      Delete
  12. චොයි...චොයිම චොයි...
    නිල් අහස් තලේ නෑ... (බ්‍රා) වලාකුලු
    ලස්සනයි පුරා.. (කුගැප) හදේ රැස් විහිදිලා..

    එල ද බ්‍රා..නිර්මානයක්..
    පට්ටයි අසංකයෝ එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මේව මගේම ඒව නෙවෙයි මෙන්ඩෝ...නිකං පොඩිකාලෙ අහපු මතකෙට උඹලව ඇතුළට ඔබලා ලියන්න හිතුනා...ඒ මතකය අතිශය සුන්දරයි මචං...

      Delete
  13. අපුරු ළමයි ටික.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං...උඹල වගේ මහ එවුන් හින්දා උනුත් නරක් වෙනවා...

      Delete
  14. අනේ පවු මේ පොඩි උන් ටික....

    ReplyDelete
    Replies
    1. ඔව් බං...අල්ලලා හිල් පොල්කට්ටෙන් නාවන්න හිතෙනවා...

      Delete
  15. Dath kakulu paalaa
    Surathal sinaa seela
    bolanda bas deela
    kelee mun tika duuli gaalaa

    ReplyDelete
  16. බුහැත් බුහැක් බුහැක් බුහැක්
    කුරුටු පුවක් පුවක් පුවක්

    හිහි. මරු කයි ටික.

    ReplyDelete
    Replies
    1. මොකෝ උඹ බලු කුක්කෙක් වගේ බුරන්නේ...ජල භීතිකාවද...

      Delete
  17. මේ පවුරේ බොහෝ
    කුරුට්ටෝ පිරිලා ඇතේ
    පැහිල ඉදිලා දෙකට නැවිලා
    කුණු වෙලා යතේ
    http://nelumyaya.com/?p=3464
    අපිව දැම්මේ නැතුවට ගමයාගේ බලවත් විරෝධය.

    ReplyDelete
    Replies
    1. කොළඹ ගමයට දෙන්න දෙයක් නැත
      පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් අැත......

      Delete
  18. මේ පොඩි මෙන්ඩාගේ ඉල්ලිමක්...
    හා හා හරි හාවා...
    කෑලේ මැදින් ආවා...
    හිටගෙන ගග ගවා..
    වටපිට ඇහැ ලෑවා...

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්ඩෝ............. පොඩි මෙන්ඩාව අාදරෙන් මතක් කරා කියන්ට.....

      මෙන්න පොඩි මෙන්ඩාට අපෙන්

      පුංචි බලු රාලේ
      මම ගෙදර නැති වේලේ
      කවුද මගේ බෝලේ
      පෙරල පෙරලා උන්නේ මිදුලේ.......

      ජයවේවා පොඩි මෙන්ඩෝ........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...