Sunday, April 10, 2016

දඬුවම...








දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයි
සමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සා

ඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයි
නවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනා

ඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදි
බෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නා

අමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලා
රට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නා

අහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරාන
ගෝත්‍රිකයො රැළක්  - සැනින් කඩාන පැන්නා

තොපි මොකදැයි මෙහෙ කොරන්නෙ - අපෙ නිජබිම හරහ යන්නෙ
ගෝත්‍රයේ නායක තැන - දැන් විමසන්නා

අනේ අපිට සමාවෙන්නෙ - අතරමංව මෙහෙට වැටුණෙ
අපෙ මිනිහා හැකි තරමට - තේරුම් කෙරුවා

උඹල අතරමං වුණු බව - ඇත්තක් බව පෙනී යන්නෙ
ඒත් දඬුවමක් නොමැතිව - අපි යවන්නෙ නෑ

එක එකාට කසෙන් පහර - සීය බැගින් දැන් දෙනවා
ඇත්ත කිව්ව හින්දම එය  - ලිහිල් කොරඤ්ඤං

උඹල කැමති දෙයක් පිටේ - බැඳගන්නට අවසර ඇත
එනව හොඳයි පළමු එකා - මෙතනට විගසින්

කොට්ටයකුත් ඉල්ලාගෙන - ඒක පිටේ බැඳලාගෙන
බිරිඳ මුලින් කස පහරට - පිට දික් කෙරුවේ

අන්තිම හරියේ දඬුවම - කොට්ටෙ පැළී කස පහරට
ටිකක් වැදී ලේ පෙරාන - බිරිඳ පැමිණුනා

ඒක දැකපු නැන්දම්මා - කොට්ට තුනක් ඉල්ලාගෙන
ඒව හොඳින් ගැට ගහගෙන - පිටියට බැස්සා

නැන්දම්මා බොහොම හොඳින් - ගොඩදාගෙන ඒ දඬුවම
අපෙ මිනිහගෙ වාරය දැන් - මතුකර දුන්නා

උඹෙ පිටටත් ගැට ගහන්න - කොට්ට ගේන්නද විමසා
ගොත්‍රයේ නායක තැන - විමසා හිටියා

අපේ මිනිහා දොහොත් මුදුන් - දී වැඳලා නායක වෙත
මෙන්න මෙහෙම කියපි ඉතින් - දඬුවම ඉල්ලා

අනෙ පිංවත් උත්තමයිණි - කොට්ට එපාමයි මා හට
නැන්දම්මව පිටට තියා - ගැටගහන්නකෝ...!!!



                                                                -අසංක ගයාන් අබේසිංහ-

52 comments:

  1. දුස්ටයා... හික්

    ReplyDelete
    Replies
    1. හා හා විදානයනං නැන්දට ආදරෙයි වගේ...

      Delete
  2. නැංදම්මා එක්ක ඇරියස් එකක් කවර් කරනවාද කොහෙද??

    අප/ුරු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඇරියස් නම් කොච්චරක්ද...විහිළුවට හොඳේ...හක්...හක්...

      ස්තුතියි නිර්මාණි...

      Delete
    2. මේ යන විදිහට අසංකගේ නැංදම්මට ආරන්චි උනොත් තමයි වැඩේ...

      පත්තරයා ශුවර් නෑ....

      Delete
    3. දැනටමත් වැඩේ දෙල් වෙලා නිර්මාණි...මගේ මායියා දැක්කා මේ කවිය...හපෝයි...ඩිෂුම්...ඩිෂුම්...

      Delete
    4. එහෙනම් නැංදම්මාට කියන ඝාතාව එහෙම මතක් කරගන්න වෙයි.

      එහෙනම් ඉතින් කුරුටුට
      බුදුසරණයි....

      Delete
  3. මම හිතුවෙ වයිෆ් මිනිහව පිටේ බඳින්න කියාවියි කියල...
    එහෙවු ජාතිය...

    ReplyDelete
    Replies
    1. අම්මප තමයි පැදුරේ...සමහර උන්ව නම් විශ්වාස නෑ තමා...හැක්...

      Delete
  4. ඌප්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්! ;)

    ReplyDelete
    Replies
    1. වාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...

      Delete
  5. මේක දැකපු නැන්දම්මා - මඩු වලිගය අතට අරං
    අසංකයාගේ කොන්දට - ෂොට් එක දුන්නා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හිටං..හැහ්...හැහ්...

      Delete
  6. හැක් හැක්. මොලේ තියෙන එකෙක්. මට අර මදාවිය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුවෝ...කෝ මේ මදාවියා...දැන් වැඩේ අත්හැරලද කොහෙද...ලෙඩ වෙලා කියලත් ආරංචි වුණා හැබැයි...

      Delete
  7. සිම්පල් නේ! නැන්දම්මව පිටේ තියල ගැටගහල, නැන්දම්මගෙ පිටේ කොට්ට ගැට ගහනෝ!

    ReplyDelete
    Replies
    1. බෑ...බෑ...එක දෙයයි පිටට බැඳගන්න දෙන්නෙ අලියෝ...

      Delete
    2. කොට්ට තුන එකක් විදියට ද count වෙන්නෙ :O

      Delete
  8. අසංකයෝ මායිය හෙම දැක්කොත් කොට්ට නැතුවමයි තලන්නෙ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ හිතන්නෙ දැනටත් මම කන්නෙ කොට්ට තියල කියලද...හැහ්...හැහ්...ස්තුතියි රසිකයෝ...

      Delete
  9. නැන්දම්මා ඔතනට ආපු ගමන්.. ඕක මාරු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බෑණගෙ මොලේ...නැන්දම්මව කලින් යවාපු එක...හැක්...

      Delete
  10. පාරවල් පහ ගහද්දි ගෝත්තිරික නායකයට සංසාරෙත් එක්ක එපා වෙයි උන්දැගෙ කියවිල්ලට.. අන්තිමට ඉතුරු පාරවල් 95 ත් අරූටමයි කන්ඩ වෙන්නෙ ටොපිය ..

    ආයෙ අපි දන්නැද්ද වැඩ සිද්ද වෙන විදිය … හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ පත්තරෙත් කස පාර කාල තියන හැඩයි...හැක්...හැක්...

      Delete
  11. නැන්දම්මට පුලුවන් නම් ඒ කොට්ට තුනේ සාස්තරේ දුවට කල් තියා කියලා දෙන්න... අපරාදේ ලේ එන්න කලින් පැන ගන්න තිබ්බා.. :) :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චතු...ඒත් දුව කලින් පැන්න එකනෙ වැඩේ...

      Delete
  12. අසංක පුතේ අවුරුද්දට ගමේ වරෙංකෝ … !!!

    - නැන්දම්මා -

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ එන්නෙ නැතෝ...!!!

      -අසංක-

      Delete
  13. කවුරුත් නැද්ද අසංකයගෙ නැන්දම්මට මේක තැපැල් කරල යවන්න කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මේක වයිෆ් දැක්ක හෙන්රි අයියේ...එයාම යවයි වගේ...අයියෝ...ඉහි...ඉහි...

      Delete

  14. පුවතක්:-

    නැන්දම්මා විසින් මෝල් ගස් පහරක් කා.. කුරැටු ගෑ ගී පවුරේ අසංක හදිස්සි අනතුරැ අංශේ... හිකිස්

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු කටේ කියන කතාද මේ කිඹුලියේ...අම්මෝ...මෝල්ගස් පාර...

      Delete
  15. අවුරුද්දට ගෙදර එන බෑණාව පිළිගන්න මඩු වලිගෙත් අරන් රෙඩි වෙලා ඇති නැන්දම්මා!

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට මඩු වලිගෙන් බේරුනොත් ඇති සිතූ...

      Delete
  16. හෙලා දකිමු.
    -සමස්ත ලංකා නැන්දම්මලාගේ සංගමය-

    ReplyDelete
    Replies
    1. මේක පහත අයුරින් වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න...හැක්...


      හෙළා දකිමු.

      මීට විශ්වාසී,

      සභාපති (කටුසු මහතා ),
      සමස්ත ලංකා නැන්දම්මලාගේ සංගමය

      Delete
  17. කතාව තව ටිකක් රසවත් කරලා අරන් වගේ ...

    දැන් එතකොට නැන්දම්මාගෙ දුව එයාගෙ හස්බන්ඩා වෙනුවෙන් ඉස්පිරිතාලෙට ගෙනියන කෑම බීම එහෙම හරි රස ඇති නේද ? හික්ස් .

    ReplyDelete
    Replies
    1. මාර රහයි මෙතු...මේගොල්ලොත් බලා ඉන්නෙම බෑණලව ඉස්පිරිතාලෙ යවන්නමයි නේ...අනේ...අනේ...

      Delete
  18. නන්දම්මව ගැට ගහන්න කියන්නේ නැන්දම්මගේ පිට බෑණගේ පිටට තියලද?

    ReplyDelete
    Replies
    1. ඕන්න ඉතිං විචා අංකල්ට හිතුණු දේ අම්මපා...අනිත් පැත්තටමයි හිතන්නේ...ඉතිං මක්කැයි කොරන්නේ...

      Delete
  19. නැන්දම්මට පට්ට ආදරේ බෑණා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ආදරේ වැක්කෙරෙනවා මචෝ...

      Delete
  20. අන්තිම වෙනකන් හිතුනෙ නෑ.. එළ.බකස් ගාල හිනාවක් ගියා.. හෙහ් හෙහ්..
    අඩේ.. මදාවියාව තදටම මතක් වෙනවා.චැඃ.. මේල් බලන්නෙත් නැද්ද කොහෙදෝ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ...

      මදාවියාව මතක් වෙන්නත් එක්ක වගේ තමයි මේ වගේ තාලෙකට ලිව්වේ...ඌ ගැන ආරංචියක්වත් නැති ගානයි බං...මේ සැරේ ගමේ ගියාම ඌව බලන්න පුළුවන් වුණොත් හොයාගෙන යනවා...

      Delete
  21. අසංක අය්යගේ නැන්දම්මේ ........... මෙන්නෝ :P

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙන්නෝ...හූ...හූ...හංසි කේලං කියනෝ...

      Delete
  22. ඇයි ඔය මිනිස්සු නැන්දම්ලා එක ඔච්චර වෛරයක් තියන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බැඳලම බලහංකෝ...හැක්...හැක්...(විහිළුවට හොඳේ...)

      Delete
  23. පිටේ යමක් බැඳගන්ඩ දෙනවය කියපු ගමං අවසානය තේරුණා... හොඳයි. මදාවියත් නෑනෙ දැං...

    ReplyDelete
    Replies
    1. ඔන්න හොරේ අහුවුණා...මේවගේ දෙයක් කලින්ම තේරෙනවනං ඉතිං උඹත් මේ සැම්පලේම එකෙක් වෙන්ටැ...හැක්...හැක්...

      මදාවියා නැතුව පාළුයි බං...හැමදාම උගේ සයිට් එකට ගියත් මොකුත් නෑ...ආපහු එනවා...

      Delete
  24. අන්න මිනිස්සු..

    -------------------
    මේ එක නෙමෙයි.. මධු මදාවියා ද මෙලඩි ය දැම්මේ?

    ReplyDelete
  25. පුදුම මිනිහෙක් නොවැ.. ගෑණියි නැන්දම්මයි ගුටි කන කං තමන් ඉදිරිපත් නොවී බලන් උන්න..))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...