Wednesday, April 20, 2016

හාදු වැස්සක සුවය හන්දා - සීත අත් ගිනියම් ව තිවුණා......................




නුරා නෙතක රූසිරු සඟවන්නේ
සරා සලෙළ නා දළු රඟදෙන්නේ
පරා වළලු බිඳගෙන නලියන්නේ
හමා ඇදෙන සුළඟට රහසින්නේ

නෙතු අද්දර හිඳගෙන ඔබ පාන නුරා
නේක පැහැති සිත්තම් ඇඳ හීන පුරා
ගත උණුසුම් ව වෙව්ලන ඒ දෙතොල අරා
හාදු දහසෙ වැසි වැස්සා රැයක් පුරා

ගිනි ගහන හිරු කිරණ පරයා
රුපු දෑස් මග අරව අරවා
නුරා නෙත් කෙවෙනි අග තවරා
ඔබේ උණුහුම් සුසුම් දැවුණා
හද දෑල පිරි සුසුම් ඉහුණා
නුරා ඇරයුම් ළං ව දැනුණා
හාදු වැස්සක සුවය හන්දා
සීත අත් ගිනියම් ව තිවුණා......................



කාංචනා චන්ද්‍රසේකර



.

55 comments:

  1. Replies
    1. කවුද ප්‍රසන්න අයියා....................

      Delete
    2. අර විදානෙය. හැක්..

      Delete
    3. මට ඒත් සැක හිතුණා...... ප්‍රසන්න අයියාගේ මේල විදානේ අයියා පාවිච්චි කරනවා දැක්කා ම....................

      Delete
    4. පාස්වර්ඩ් එක මාරු කලා. දෙන් ඒක රන් කරන්නෙ මං. ප්‍රසන්න අයියා වෙනේකක් හදාගන්න හිටං..

      Delete
    5. කොහොමත් ප්‍රසන්න අයියාට දැන් වෙන රස්සාවකුත් හොයා ගන්න වෙන එකේ මේලක් හදාගන්න එක මොකක් ද නේද???????

      Delete
  2. Replies
    1. ස්තූතියි මෙන්ඩෝ.................

      Delete
    2. තුෂාර කිව්වා කතාව....... අර හයිකු අස්සේ හිරවෙලා තුෂාර පහුගිය ටිකේ ම ලියද්දි ඔය ගැන ලියලා තියෙනවා දැක්කා...........

      Delete
  3. තරහ වෙයි මට හිතෙන දේ කිව්වොත්. ඒ හින්ද යන්න යනවා

    ReplyDelete
    Replies
    1. පිස්සුද උපේක්ෂා............. මං මොකට ද තරහා වෙන්නේ.....????? කියලා ම යන්න......

      Delete
    2. කවි සංකල්පනාවේ කොටස් තුනක් මම දැක්කා. හැබැයි ඒ කොටස් තුන වෙන වෙනම ගත්ත නම් බොහොම පැණි බේරෙන රසවත් උනත් එකිනෙක හා තබපු ගමන් කාන්දමේ එකම පැත්ත වගේ විකර්ශනයක් සහ එකට නොයාමක් මට පේනවා. මම කවියෙක්, පොරක් නෙවෙයි. ඒ හින්දා හේතුව කියන්න දන්නේ නැහැ. අවන්කෙන් මට දැනෙන දේ කිව්වේ. බොරුවට ලස්සනයි කියල උඩදාල යන්න ඕනෙකමක් නැති නිසයි.

      පලවෙනි කවියෙන් අවසන් වෙන හැඟීම ඊළඟ කවියේ මුල් පදයට හරියට බැටන් එක මාරු කලේ නැතිවදෝ කියල හිතුනේ. ඔන්න මට දැනුන දේ කිව්වා. හැදුව නැතා මට අදාල නැත!

      Delete
    3. මුලින් ම කියන්න ඕනේ ස්තූතියි කියලා උපේක්ෂා.........

      ඔබ කියපු එක පස්සේ ගිහින් ආයෙම කියවලා බැලුවා. දෙවැනි සෙට් එකේ දෙවැනි පේළියේ වෙනස් කිරීමක් කරා. ඇත්තට ම එතැන ගැලපිලා තිවුනේ නැහැ....

      ඇත්තට ම මේ කවිය කොටස් දෙකකට තියෙන්නේ. පළමු සෙට් එකයි දෙවැනි සෙට් එකයි ටිකක් එක හැඩයකට යනවා. අවසන් කොටස පද අටක් එකට එකතු කරලා තියෙන්නේ. මට අවශ්‍ය වුණේ ඒ කොටස හරහා මේ කවියේ කියැවෙන හරය ටිකක් උලුප්පලා ගන්නයි.

      මේ කවිය පුරාවට ම තියෙන්නේ නුරාව හා සම්බන්ධ කතාවක්. ඒ විතරකුත් නෙමෙයි මේක පෙම්වතියක් සහ පෙම්වතෙක් ලිංගික ව එකතු වීමක් ගැන කියැවෙන කවියක්. ඒ නිසා මට ඕන කරා මේ කවියේ හැඩයෙන් ම ඒක පෙන්නන්න. ඇත්තට ම උපේක්ෂා කවිය පටන් ගන්නේ හරිම සුමට තාලයකට...... ඒක මේ සංසිද්ධියෙත් හැටි......

      දෙවැනි කොටසට එද්දි තාලයේ පොඩි වෙනසක් වෙනවා. ඒක ඇත්තට ම මුල් කොටස මාත්‍රා 16 එකක්... නමුත් දෙවැනි කොටස මාත්‍රා 18 කට විතර යනවා.... මෙතැනදී මාත්‍රා ගාන ගැන හිතනවාට වඩා මං බැලුවේ තාලය දිහායි. මට ඕනේ වුණා උඩ එකෙන් ටිකක් වෙනස් වුණ ටිකක් විතර සුමට බව කැඩුන පද ටිකකට යන්න...... ඒක මේ කවියෙන් කියැවෙන ලිංගික කාර්යයේ දෙවැනි භාගය නියෝජනය කරවන්නයි මගේ මූලික ම අවශ්‍යතාවය වුණේ.....

      අන්තිම කොටස කෙටි සහ ඉක්මන් වචන තියෙන පද දැම්මා. ඒකෙදී මාත්‍රා ගානනං ඇත්තට ම 14 යි.... එතැනදිත් මං කියන්නේ මට මාත්‍රා ගාන වැදගත් වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මේ කවියේ කියන සිදුවීමට අදාළ තුන්වැනි නැත්තං අවසාන කොටසට අදාළ තත්වය කවියේ පද හරහා කියවන්නාගේ ඇගට දෙන්නයි...... ලිංගික කාර්යයකදී අවසාන කොටස කියන්නේ ඉක්මනින් සිදුවන්නක්.... ඒකයි මං ගිනි, ගිනියම්, උණුසුම්, ඉහුණා, දැවුණා, වගේ වචන සමග කෙටි ඉක්මන් කොටස් භාවිතා කරේ........

      ඇත්තට ම උපේක්ෂා මේ සාකච්ඡාව ගැනීම ගැන ඔබට මං කොහොම ස්තූති කරන්නද මන්දා... මොකද නැත්තං මේ ගැන මට කියන්න වෙන්නෙත් නැහැ. කොහොම හරි ඔබ දකින අඩුපාඩු (හොද නම් කෙටිකාලීන ශක්තියක් විතරයි) ගැන කතා කරනවානං ඒක නිර්මාණකරුවාට ලොකු හයියක්.......

      මේ හැඩයන් ටික මට මුලින් ම කියන්න හිතුණත් ඒක මගේ ම කවිය මං ම විචාරය කරාවගේ වෙන නිසයි හංගන් හිටියේ....කොහොම හරි කමක් නැහැ ඔබ දැකවූ සහය මට කෝටියක් වටිනවා.....

      ජයවේවා.... (තව කියන්න තියෙන දෙයක් කියන්න.. අපි විවෘත ව කතා කරමු)

      Delete
    4. ඇත්තටම නංගි මේ පැහැදිලි කිරීම් එක්ක මම ආයෙ කවිය කියවල බැලුවා...ඔයා කියන මන්දගාමී හැඟීමේ සිට ශීග්‍රගාමී හැඟීම් මටනම් අපූරුවට දැනුනා...මෙහෙම කිව්වම තමයි තියරියක ඉඳගෙන කවි ලිවීමේ අපූර්වත්වය තේරෙන්නේ...විශේෂයෙන් කිසිම තියරියක් භාවිත නොකර නිකං ඉබාගාතෙ ලියන මං වගේ කෙනෙකුට...අවංකවම...

      අනික මේ වගේ හැඟීමක් මේ තරම් අපූරුවට හංගලා ඉදිරිපත් කිරීමේ ක්‍රමය නම් මරු...අගය තියෙන්නේ එතැන...නැත්නම් දැන් කාලෙ එවුන් වගේ..."මම පොල්ලෙන් ගැහුවා - අඹ වල්ල වැටුණා - හොයි හොයි " වගේ කිව්වනම් මේක මෙලෝ රහක් නැති වෙන්න තිබුණා...

      අසංක

      Delete
    5. ස්තූතියි අසංක අයියා............ විශේෂයෙන් ම අසංක අයියාගේ වාරය මට දුන්නට තැන්කූ හොදේ....

      Delete
  4. මොකද්දෝ හැගීමක් ඇතිවුණා, නෑ එක්කෝ ඕනේ නෑ .....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙම කවිය සාර්ථකයි....... කියන්න ලලිත් හංගන්න එපා.... කවි කියන්නේ දාහක් දේවල් හංගන් ඉන්න වචන ටිකක්නේ......

      Delete
  5. L is for the way you look at me
    O is for the only one I see
    V is very, very extraordinary
    E is even more than anyone that you adore can... (song of Nat King Cole)

    ReplyDelete
    Replies
    1. නයිස් ඇන්ඩ් තෑන්ක්ස් චතූ....................

      Delete
  6. //හාදු වැස්සක සුවය හන්දා
    සීත අත් ගිනියම් ව තිවුණා

    මටත් එහෙම උනාද මන්ද!

    ReplyDelete
    Replies
    1. තනි අලියා භයානකයි කියනවානේ...... මුකුත් කියලත් බැහැ.... නොකියත් බැහැ...... අනේ මන්දා....

      Delete
  7. ....හාදු දහසෙ වැසි වැස්සා රැයක් පුරා....../////

    මදැයි කාංචනා........ශෘංගාරාත්මක පද පේළියක්....රාත්‍රිය බොහෝ දිගුයි වගේ. ඒත් අවධියෙන්ම ඉන්න. මේ යෞවනයනේ..........

    ReplyDelete
    Replies
    1. ජීවිතයම අවදියෙන් සිටීම තමා වැදගත් අරුණ.......... ස්තූතියි කොමෙන්ටුවට සහ උපදේශයට........

      Delete
    2. ඒ.................... දැනුයි දැක්කේ මහේෂ් අයියාගේ බ්ලොගයෙන්.... මං ඒත් නමට කාටලා ගිහිල්ලා බැලුවා කවුද මේ අරුණ පෙරේරා කියලා.... ෆලෝවර්ස්ලා පහක් ඉන්න අලුත් ගොයියෙක්... මං හිතුවා අලුතෙන් බ්ලොග් පැත්තට ආපු සහෝදරයෙක් කියලා........ එතකල් මේ අපේ පරණ අරූනේ.......... ඇත්තට ම සතුටුයි අරූ මං කාලෙකට පස්සේ ලියපු කවියක් පැත්තට ආවාට....... ස්තූතියි.....

      Delete
    3. ඔව් ළමයා ඒ අරූම තමයි මේ අරූ. ඔයාගේ කව්ය මම රස වින්දා. වයිෆ් වැඩ ඇරිලා ගෙදර එනකම් ඉන්නවා මම හාදු දහසක් ඉතුරුකරගෙන.

      Delete
    4. හහ් හහ් හා....................... එහෙනං ඉක්මනට ඔෆිස් ඇරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අරූ........ තුෂාරටයි මටයි සංඛලා ව හම්බුණ වෙලාවේ ඇහුවා එහෙ අරූ ඉන්නවා ද කියලා...... සංඛ කිව්වා අරූ මූ කියන වයසක නෙමෙයි කියලා ඉන්නේ.... ඒත් ඉතින් අපිට ඒවා වැඩක් නෑනේ නේද??????? 

      Delete
    5. සංඛ මට කතා කරන්නෙත් ලොකු අප්පච්චි කියලා :D

      Delete
    6. එහෙමද....................??????? හර්ෂිත් අද හවස කතා කරා....... එහෙනං ඉතින් අපිටත් බැරියෑ ලොකු අප්පච්චි කියන්න නේද???????? හැක්

      Delete
  8. කියන්න දේවල් තියනවා එත් කියාගන්න බෑ ප්‍රසිද්දියේ කවිය ගැන.

    ReplyDelete
    Replies
    1. හයියෝ................. ඒවා හිතන්න එපා සලිත.....

      Delete
  9. හපොයි, වසංගතේ ඉවර වෙන්න කලින්ම...?

    ජයවේව!!!

    ReplyDelete
    Replies
    1. හාපෝ ජරාකට ඇරලා................... මේ විදානේ අර ප්‍රසා අයියා කියන කතා ඇත්තෙයි????????

      Delete
  10. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්..............

      Delete
  11. උබ ලියලා තියනවා හොදයි නංගෝ දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා අයියේ...........

      Delete
  12. Replies
    1. ස්තූතියි මලයා..............

      Delete
  13. Wanted to write a reply. Not just a comment. . On the move. No sinhala. Sorry. :(

    ReplyDelete
    Replies
    1. කවුද සිංහල හොරකම් කරේ............. මොනවා වුණත් අදහස් කියන්න...... ඒක ලොකු දෙයක්..........

      Delete
  14. Replies
    1. ඇයි අයියේ බය වුණාද?????????? ඔය වෙන්න ඕනේ ඕවාට නෙමෙයි.......

      Delete
  15. කවිය ලස්සනයි බෙයා..
    ඉසූ

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉසුරි පැටවු.........

      Delete
  16. "කිස් නම් හාදුව වේ
    අශා සිත බිහිවේ
    නිල් තරුයි නිලුපුලුයි
    නිල්මිනියි ඇහැක් වගෙයි ..."

    සංගීතය : ගලගෙදර එම්. එම්. හක්
    ගායනය : එච්. ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. ෂැහ්.............. ගැලපෙන්න ම හොයලා දුන්නාට ස්තූතියි සින්දු......

      Delete
  17. යකෝ මෙච්චර දිග කමෙන්ට්ස් දැක්කම කියන්ඩ ආපු එකත් අමතක වෙනව......

    ReplyDelete
    Replies
    1. කියන්ට තියෙන ඒවා ඉතින් කියන්ටත් එපැයි රසික............

      Delete
  18. කිස් එකක්
    ගැනද මේ කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. එකක් ගැන නෙමෙයි වැස්සක් ගැන...........

      Delete
  19. සුන්දර මොහොතේ මා සිහිවෙනවද
    කියනු කලූ මට කියනු කලූ...

    හිහ් හිහ් හී.... මට ෂිංදුත් මතක් වෙනව අප්පඩා.... යේක කවිය නං රොම්බ නල්ල.. ඇත්තමයි කවිය ලස්සනයි...

    හාදු මුරුගසන් වැස්සේ
    තෙමෙනු බැරිය රිස්සේ
    උණුසුම් හීනෙක රිසිසේ
    වෙලී ඉන්නයි සිතූසේ...

    ටඩාං... අපි ගියෝ

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්නේ අගේ ඇතුව මහේෂ්ගේ කවියත්......... කොහොමත් මහේෂ් සුපිරි කවියානේ........ තැන්කූ

      Delete
  20. මෙව්ව එකක් ගැන නේ ලියල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කස්සෝ සුභ පතන්නට මේ පැත්තට ආවාට..... හ්ම් ලියපු එක තේරුම් අරන් වගේ.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...