Thursday, April 28, 2016

ලෙඩේ මොකක්ද?......



දවසක් දා එක සීයෙක් - දොස්තර හමුවට ඇවිදින්
තමන්ට ගැටළුවක් ඇතැයි - මෙලෙස පැවසුවා

මට හරියට නින්ද යන්නෙ - නෑනෙ දෙගොඩ හරිය වෙලත්
පහුවදාට හරි හමනට - ටොයිලට් යන්නෑ

මලබද්ධය වගෙයි නේද - නින්දත් හරියට නොවේද
ඒව අහල දොස්තර තැන - තුණ්ඩුව ලිව්වා

තවත් සීය කෙනෙක් ඇවිත් - තමුන්ගෙ ලෙඩ කන්දරාව
දොස්තර මහතැන් වෙත මේ - ලෙසට පැවසුවා

අනේ මහත්තයො මා හට - නින්ද යනව යස අගේට
මළ මුත්‍රා පාන්දරම - ඕසෙට යනවා

වෙන මිනිස්සු මෙහෙට එන්නෙ - ලෙඩ කියාන ඕව නොයන
ඔහේට ඇති ලෙඩක් නැතැයි - දොස්තර කිව්වා

පයිත්තියං මහත්තයට - ඒක ලෙඩක් නොවෙනු කොහොම
මට ඇති මහ හිත රුදාව - ඉවසන්නට බෑ

නින්ද හොඳට පැමිණුනාට - උදේට සේරම ගියාට
දවල් දොළහ පැනලත් නොවැ - මට ඇහැරෙන්නේ...


අසංක ගයාන් අබේසිංහ

82 comments:

  1. එන්න එන්න වාඩිවෙන්න .
    අය්යෝ අය්යෝ ..
    මොකද ඔතන ඇයි හිටගෙන වාඩිවෙන්න වාඩිවෙන්න
    මේ මිනිහා හිටගෙන නිදි මෙන්න මෙතැන වාඩිවෙන්න 
    නම මොකක්ද ? තිරික්කලෙන් 
    මොකක් කිවා ? තිරික්කලෙන් මන් ආවේ තිරික්කලෙන් 
    ආපු විදිහ මට මොකටද ඒවා ඇහුවේ කවුරුද 
    නමයි ගමයි වයස එක්ක කියනවා මට ලෙඩේ මොකද 
    අපොයි එක මම වික්කා අලුත් එකක් අරගත්තා 
    දැන් මට ඇති එකම රතේ ගොනා බඳින බර කරත්තේ 
    හතර වරම් වරම් ගත්තු අනෙ ඇත්තට මෙහෙම පුත්තු 
    කන ඇහීම අඩු වෙලාද ඉහේ ඇම්ම තද වෙලාද 
    කුර ගෙවිලා අඩමානෙට කකුල හිටින්නේ බාගෙට 
    දැම්මත් ලනුවක් නාහෙට ගොනා යන්නේ අනුමානෙට 
    අසනීපෙන් ඉන්නේ කවුද තමුසේ බෙහෙත් ගන්නේ නැද්ද 
    මොකද කිව්වේ නැ ඇහුනේ ගහේ හෙරලි නැ පැහුනේ 
    අවිස්සෙනවා මගේ කෝපේ කාටද ඔය අසනීපෙ 
    මගේ රතේ බැන්ද ගොනා අසනීපෙන් උන්න නොකා
    ඌට දෙන්න ගෙනා බෙහෙත් වැරැද්දකින් මට පෙවුනා
    එදා ඉඳල බඩගින්නට තණකොළ ඕනෑමයි මට
    කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට
    කලි යුග කාලේ අරුමේ අරුම පුදුම ලෙඩක්නෙ මේ 
    උන්නැහේ මේ අහනවා ඕකට මේ දේ කරනවා 
    බෙහෙතක් දෙන්නම් තමුසෙට පොවනවා ඒවා ගොනටා....

    ගායනය - ෆ්‍රෙඩි සිල්වා

    ReplyDelete
    Replies
    1. යකෝ මෙ ෆ්‍රෙඩිය හැමදේම මේ වගේම කියනව නෙව...පුදුමෙ කියන්නෙ මේව සින්දුව හොයාගන්න එකනෙ...

      Delete
    2. පට්ට පට පට සිංදුවක්....හොයාගෙන අහල බලහන්

      Delete
    3. නම මොකද්ද? - තිරික්කලෙං...

      ආන්න හොඳම කෑල්ල.

      Delete
    4. මේක ඉස්සර කැමතිම සින්දුවක්. රේඩියෝව කන ලඟට අරගෙන අහන්නෙ.

      Delete
    5. මෙන්න අහන්න ...
      https://app.box.com/s/mltw5n6ya5shs3rhhlx6lj9m3065cyqv

      Delete
    6. යකෝ මේක ගිය දුර...

      Delete
  2. Replies
    1. උඹට වගේම...හැක්...හැක්...

      Delete
  3. දෙවෙනි අංකල්ට තියෙන ලෙඩේ අසංකයට වෙච්ච දෙයක්ද මංද කියල සැකයක් ඇතිවේ.

    ReplyDelete
    Replies
    1. සැකයක් හිතන්න දෙයක් නෑ...මේක ලියද්දිම ප්‍රසා අයියව මතක් වෙලා ගියා...බුහැක්...

      Delete
  4. අෆොයි...! දොස්තරට හාට ඇටෑක් ආවද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. හාට් ඇටෑක් හොඳයි කියල හිතෙන්නැති...මේ වගේ ලෙඩ වලට වඩා...

      Delete
  5. Replies
    1. ඔව් පළාතම විනාසයි...

      Delete
  6. Replies
    1. දෙපාරක්ම විනාස වෙලා...

      Delete
  7. පට්ට............

    තුෂාර

    ReplyDelete
  8. අසංක අය්යේ ... හරියන්නෙ නෑ ඔහොම ..ඉක්මනින් බෙහෙතක් ගන්න වෙයි :P

    ReplyDelete
    Replies
    1. පොල් මුඩ්ඩක් තමා ඉතිං හරියන්නේ නගෝ...හැහ්...

      Delete
  9. අසංකටත් තව ටික කාලෙකින් ඔය පළවෙනි අංකල්ට වගේ හරි දෙවෙනි අංකල්ට වගේ හරි දොස්තර ලඟට යන්න වේවි... මොකද වයසත් හරි ඇතිනෙ නේද
    හික් හික් හික්

    අපූරුයි හොදේ....

    ReplyDelete
    Replies
    1. අප්පේ...නිර්මාණිට වඩා වසර 2 යි වැඩි...ඔන්න බොරුනම් බලමු...හැහ්...

      පළවෙනි අංකල්නම් හොඳයි අප්පා...

      Delete
  10. මරු...
    කන්සෙප්ට් එක ජනප්‍රිය වුණාට ඉතිං කවදාවත් පරණ වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උඩුවෝ...

      Delete
  11. ඇදේම යනවද?
    බෙඩ්ෂීට් එකෙන් පිහිද ගන්නවද?

    :)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වෙලාවට උඹ කරන දේම තමා...හැක්...හැක්...

      Delete
  12. හැක්, හරියන්නේ නැහැ ඔහොම නම්.

    සීයට ඇති ලෙඩක් නැතේ
    මහලු වෙද්දී ඔහොම වෙතේ

    ReplyDelete
    Replies
    1. සොමි යා ටත් එහෙම වෙතේද...???...හැක්...හැක්...

      Delete
  13. තොට කවුද මගේ ලෙඩ ගැන කිව්වේ. අහුවෙයකො වැරදිලාවත් මේ පැත්තේ ඇවිත්.

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව විචා සීය මොකෝ පරක්කු කියල...නාගෙන එන්න වෙලා යන්න ඇති නේ...හැක්...හෑ...

      Delete
    2. නෑනේ, මෙතනට ඇවිත්නෙ ඇදගෙනම නාල තියෙන්නෙ!!

      Delete
    3. වසසෙ වැරැද්දනෙ බං...

      Delete
    4. විචාට තියෙන්නෙ කාගෙ ලෙඩේද?

      Delete
  14. අපේ මධාවියා මතක් උනා බං....

    මේ අපේ තුශාර ගැනද??

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද හරියටම කිව්වේ...අපේ අහිංසක තුෂාරයා...හැහ්...හෑ...

      අපේ මදාවියා දැන් ලියන්නෙ නැත්තෙ ඇයිද මන්දා බං...

      Delete
    2. ආ............. තුෂාර තමා ඇයි මොකද???????? අහුවෙයංකෝ මයියංගනේ ටවුමෙදි.... පන්නනවා හසලකට යනකං බොලාව හරිය....

      Delete
    3. ආ... මම තුෂාර

      Delete
    4. අඩෝ පැන්නුවොත් දානවා දහ අට වංගුවෙන් පහලට..

      Delete
  15. Replies
    1. ඒව එහෙම තමයි යකෝ...

      Delete
  16. වයසෙ වැරැද්ද නේ!

    ReplyDelete
  17. සැ්ක් කෝ
    දේ පාංදොඩම හැක් හැක්
    දැං අසංකට ද තුෂාරටද එහෙම වුනෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ ගැනයි මේ ලිව්වේ...හැක්...

      Delete
  18. " හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාලුවෝය
    මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි...
    එක දවසක් මේ දෙන්නා දෙමන්සලක මුන ගැසිලා
    හවුලෙ වැඩක් අරබන්නට කතිකා කෙරුවා "

    ඉස්කෝලේදී ඉගෙනගත්ත ඒ කවිය මතක් වුනා ඔය කවිය කියද්දි.
    ලස්සනයි.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙත් කැමතිම තාලෙ.

      Delete
    2. ස්තුතියි දුමින්ද...

      Delete
  19. ලොක් ලූස් වෙලා.. හපෝයි... බෙහෙතක් අරන් දියන් මචං.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ...

      Delete
  20. උඹල යකාගේ යාළුවො නෙව , තුශාරයට ඔහොම වෙනක්ට මෙතන සින්දු දදා අතල් ගන්නේ නැතුව් බෙහෙතක් අරන් දෙන එක නෙවේද උඹේ යුතුකම

    ReplyDelete
    Replies
    1. බෙහෙත් ගත්තා බං...... ඒත් බටේ වහන්න බැරිලු... ඒ නිසා මං නින්ද යන්නැතුව නැගිටලා ඉන්න පෙති ගත්තා....... කොහොමද මගේ ඩොකාගේ මොලේ...

      තුෂාර

      Delete
  21. මටත් ඔය ලෙඩේමැයි....දවල් දොලහට ඇහැරෙන

    ReplyDelete
    Replies
    1. අනිත් ලෙඩෙත් එසේමැයිද...

      Delete
  22. ඉතින් ඩොකා මොකැයි කියුවේ යාළුවට? ඇඩල්ට් ඩයපරයක් ඇඳන් එලාම් එක කණේ බැඳන් නිදාගනින් කියුවද?

    ReplyDelete
    Replies
    1. නෑ බං ඇත්තට ම මේ සිද්ධියට මුහුණ දුන්නු විදානෙට (මං පුද්ගලයාව ඇත්තට ම හෙළිකරාට අසංක අයියා තරහා වෙයිද මන්දා) ඩොක්ටර් දිග හෝස් එකක් දීලා කිව්වාලු මොලේ පාවිච්චි කරලා වැඩේ කරගන්න කියලා.

      තුෂාර

      Delete
    2. අන්න හරි...හැක්...

      Delete
  23. දැන් ලෙඩේ කාටද තියෙන්නෙ.අසංකට නං වෙන්න බෑ.එහෙමනං මෙතන ලියන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ලෙඩේ තියෙන්නේ අර හැලපකඩේ ලියන හැලප(අ)යියාට......... හැක්

      තුෂාර

      Delete
  24. ඒයි උඹලාත් වයසට ගියාම....?

    ReplyDelete
  25. හොද වෙලාවට සීයලා ගැන ලිව්වේ ආච්චිලා ගැන නොලියා , ඉවර කරන්න වෙන්නේ නෑ එහෙනම්...හික්ස්

    ReplyDelete
  26. අනේ අහින්සක තුශරයා....

    ReplyDelete
  27. අනේ අහින්සක තුශරයා....

    ReplyDelete
    Replies
    1. ඔව් බං.......... උඹ විතරයි මගේ පැත්තට ඉන්නේ.... අනික් හැමෝම අනං මනං කියනවා බං....

      තුෂාර

      Delete
  28. තමන් කැමති දෙයක් ලියන එක උඹලගෙ කැමැත්ත...

    ඒත් බ්ලොග් අඩව්යේ අනන්‍යතාවය රැක ගන්නවා හොඳයි... ඒ මගේ කැමැත්ත..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි...අනන්‍යතාව අනිවාර්යයෙන්ම රැකගත යුතුයි...

      මට හිතෙන්නේ ඔබ කියන්නේ මේ වගේ විහිළු දේවල් දාන එක 'මධු මාධවී' බ්ලොගයට සමාන කිරීමක් වෙන එක ගැන වෙන්න ඇති මූලිකවම...මම වැරදි නම් නිවැරදි කරන්න...

      මට හිතෙන්නේ මාතලන් එක එක්කෙනා මොකක් හරි දෙයක් හිතාගෙන දෙයක් දිහා බැලුවොත් පේන්නෙ ඒ දේමයි...මේක ලියපු මාව මෙන්න මේ වගේ එකෙක් කියල හිතුවොත් ඒක එහෙමයි...එහෙම නැතුව මම අනුන්ගෙ අදහස් හා තාල කොපි කරන එකෙක් කියල හිතුවොත් ඒත් එහෙමයි...

      මෙතන මම කරන්නේ අර ඔබ කලින් කිව්ව විදිහට මම කැමති දෙයක් ලිවීම...ඒත් ඒකට භාවිතා කරන අමුද්‍රව්‍ය වල පේටන්ට් අයිතිය මට නැති බවත් පිළිගන්නවා...අපි මේ ලියන හැම දේම අනුන්ගෙන් ඉගෙන ගත්තුවා...භාෂාව වුණත්, සංකල්පයක් වුණත්, තාලයක් වුණත්, විහිළුවක් වුණත් කොහෙන් හරි පරණ පුරුද්දක් ඇතුව තමා කරන්නේ...හැමදේම සාපේක්ෂයි...

      උදාහරණ විදිහට කිව්වොත් මම මෙතැනම ලියල ඇති ආදරය, විරහව, ගණිකාවො ගැන, මැදපෙරදිග ගැන, සමාජ සිදුවීම් ගැන සහ වෙනත් දේවල් ගැන ඕන තරම් කවි...ඒත් ඒවයෙ වචන සෙට් එක මගෙ වුණාට සියළුම දේ මගේම නොවෙන බව මම දන්නවා...ඒත් ඒක මෙතැන දාන්න ඕන කියන සිතිවිල්ල පහළ වුණේ මට හින්දා සහ ඒක දැම්මෙ මම හින්දා ඒකෙ අයිතිය වැඩි ප්‍රමාණයක් මට...

      කොහොම වුණත් ඔබේ අදහසට ගරු කරන අතර මට දැනෙන විදිහට අපේ බ්ලොගය හැම දේ ගැනම කතා කරන්න විවෘත හින්දා ඕන දෙයක් කවි වලින් කැමති ආකාරයට ඉදිරිපත් කිරීම තමා අපේ අනන්‍යතාව කියලා මම හිතන්නේ...

      Delete
  29. ටොයිලට් එකේ ඇඳක් දාල දෙමු.. :)

    ReplyDelete
  30. අනේ දෙවියනේ.....

    ReplyDelete
  31. එල එල නියම අදහස් ටික

    ReplyDelete
  32. එ් ලෙඩාගෙ ගෙදර අයට උදේට හරි සන්තෝස අැති නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...