Sunday, November 2, 2014

නොවිමසනු ආයෙත්......


 
ඇසුවා ඔබ මගෙන්...
"කොපමණ තරම් ආදරේද මට?" කියා...
ගොළුවිය මා එසැනින්...
සැබැවින්ම මා එය නොදන්නා නිසා...

එහෙත්...

කෑ ගසා නොකීවද

මම ඔබට ආදරෙයි
මම ඔබට ආදරෙයි

තනිව හිඳිනා විට හැඬවෙනා තරම්...
එක්ව හිඳිනා විට සිහිනයක් තරම්...

විමසනු නොමැනවි එය ඉතින්
තවත් පැහැදිලි කරනු කියා...


අසංක ගයාන් අබේසිංහ

54 comments:

  1. කුරුණියකින්
    කෝදුවකින්
    තරාදියකින්වත්
    මනින්නට හැකිද,
    ........ආදරය!

    ReplyDelete
    Replies
    1. ඔය මොකෙන් මැනල හරි නොකිව්වොතින් මාර අවුලක් තමා මධුමාධවී...ඒක විසඳන එක ඊළඟ අවුල...

      Delete
    2. අහ් එහෙමත් පුලුවන්ද ?

      Delete
    3. එහෙම බෑ කියල තමයි නංගෝ මේ තරම් කියන්නේ...මේක මේ ගද්‍ය වලින් තේරුම් කරන්න බැරි හින්දා පද්‍ය වලින්වත් කියන්න බැලුවා...ඒත් නොතේරෙන හැඩයි...හිහි

      Delete
    4. මේ තරම්ම සංවේදීව කියලත්....අනේ මන්දා...

      Delete
    5. සංවේදී වැඩිවුණාමත් පිස්සු හැදෙනවලුනේ...මම හිතන්නෙ දැන් එහෙම වෙලාද කොහෙද...

      Delete
    6. එහෙම නම් මේන් මේක කියලා බලමුද?
      http://www.youtube.com/watch?v=Ku0JyLVJ8W0

      Delete
    7. බුදු අම්මෝයි...මේක කිව්වොතින් නම්...මගේ ඉස්සරහ දත් ටික ආනයනය කොරන්ඩ තමා වෙන්නේ...හිහි... (නියමයි නංගියෝ...හැබැයි කාටවත් කියන්න එපෝ...)

      Delete
  2. බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන්කඳ ඔයාව
    ආදර ගඟ සේදී දෙගොඩ තලා යන වතුරේ
    අහස් ගැබේ තරු කැට ගානේ ආදරය සුන්දර වළඳකී
    ආදරියේ නටන්න.....ගිඩි ගිඩි ඩිගි ඤෑව්........ :ඪ්

    කොහොමද ආදරේ ගැන මගෙ කවිය. තේරෙන්නෙ නැති තැනක් තියනව නම් ඔය කාගෙන් හරි අහන්න. මගෙන් නෙවෙයි හරිය... :D :D

    (අසංකගෙ කවිය ලස්සනයි, හැමදාම වගෙ..)

    ReplyDelete
    Replies
    1. Flapping with river bank of the love
      relieving wind blows
      At the time of you are with me
      the world is so beautiful
      පුලුවන්නම් තෝරන්න

      Delete
    2. තෝරන්න ඉංග්‍රීසි ඉගෙනගෙන ඉන්න එපැයි.......මේ ක්ලාස් යන ගමන්.

      Delete
    3. මලලසේකරයි කිව්වලු. දැන් තෝරපන් කො තේරවිලි.. :D

      මං හිතන්නෙ අරු අයියා ඔය මධුමාධවී කියල තියන්නෙ අර හාවගෙයි ඉබ්බගෙයි කතන්දරේ..!!!

      ඔන්න හාවයි ඉබ්බයි ගං ඉවුර දිගේ දුවගෙන එන කොට එක පාරටම "හායි මෙයා.." කියාගෙන හාවිච්චියෙක් පැනල හාවගෙ බඩේ එල්ලුනා. එතකොටම වේගෙන් ආපු ඉබ්බ වැදුන අර දෙන්නගෙ ඇඟේ. ඒ වැදුනු පාර උන් තුන් දෙනාම උඩින් විසි වෙනව ගඟ දිහාට. එතකොට චලනය වෙන වාතයෙන් හැදුනු සෞම්‍ය මන්ද මාරුතය වදිනවා ගන්ඝ් ඉවුරෙ ඉන්න කිඹුලෙකු ගෙ නහයෙ. ඌ " සා..... අද නම් ලස්සන දවසක්" කියන්න කට ඇරල සා.. කොටත් අර තුන් දෙනා උගෙ කට ඇතුලෙ. ඒක දැකපු ගහක් උඩ හිටි පිළිහුඩු ජෝඩුවක් "අනේ මේක කොච්චර ලස්සන ලෝකයක් දෑ...!! කියල කම්මුලේ අත තියා ගත්තා.

      හ්ම්ම්... වෙනත් අදහස්, යෝජනා ????

      Delete
    4. @ මධුමාධවී

      බුදු අම්මෝ...මේ මොකක්ද...ඔයා මාව බය කරනවනේ...තේරුම තියා මේක දැක්කමත් ඔළුව කර්පට් වුණා...හික්ස්...

      @ අරූ

      අරූ අයියා හරි...ඉංගිලිසි ඉගෙනගෙනවත් බැරිවෙයි මේකෙ තේරුම කියන්න...

      @ චන්දන

      මම හිතුව හරි...උඹට නම් නහුතෙට පිස්සු...ඒත් ඉතිං මේ මධුමාධවී කියන එව්වට පිස්සු නොහැදුනොත් තමයි පුදුම...

      Delete
    5. Flapping with river bank of the love
      ආදර ගඟුලෙහි ඉවුරෙ වැදී
      relieving wind blows
      සහන පවන් සැලූ...
      At the time of you are with me
      මා ලඟ ඔබ සිටිනා විටදී
      the world is so beautiful
      ලොවම දැකුම් කලූ

      (ට්‍රිප් එකක් යනකොට කියන්න)

      Delete
    6. හලි තෝයි හලූ....

      Delete
    7. හරි තෝයි කියන්නේ පිස්සු සිංහ පීකුදු...මධුමාධවිත් ලේසි පාසු කෙනෙක් නෙවෙයි වගේ බලාගෙන ගියාම...හිහි...සුද්දොත් සිංහල වෙන වැඩනෙ කරන්නෙ...හිකිස්...

      Delete
    8. Mouse mango jungle සින්දුව සම්පූර්ණයෙන් අහලා තියෙනවාද?

      Delete
    9. මධුමාධවී,

      නියමයි ඈ. නිකමට වත් හිතුනෙ නෑ ඔහොම එකක්.

      අසංක,
      :P

      Delete
    10. අරූ, කියන්නකො බලන්න.

      Delete
    11. "මී අඹ වනයේ ගී හඬ පතුරා කාටද අමතන්නේ..."

      හිහි...ඒක නේදෝ...මම හරි නේදෝ...

      Delete
  3. Somethings are better left unsaid..

    ReplyDelete
    Replies
    1. Yes Dishan...the unsaid things are very much meaningful and powerful...but the bad side of it that the understanding will occur at the last moment...however, the ultimate joy is very high...thanks for you...

      Delete
  4. ඔය ටික තේරුම්කරල දෙන්න කොච්චර අමාරුද අප්පා.. ඒ උනාට ඔය නිතර කියවන එකෙත් අමුතුම ගතියක් තියෙනවා. පද වැලනම් බොහොම අපූරුයි අසංක.

    ReplyDelete
    Replies
    1. අම්මප තමයි මනෝෂ්...කොච්චර තේරුම් කළත් නොතේරෙන ඒත් කොච්චරවාත් අහන පුරස්නෙ ඕකම තමා...

      Delete
    2. අහ් ඒ කියන්නේ අපේ අසංක අයියට වැඩේ හලි වගේ...

      Delete
    3. වැඩේ හලි කියන්නේ නංගෝ හලියට හලි...තව හලියයි ඉස්සලහට...හොම්බ වැදිල නැවතුණාම මම ඕගොල්ලන්ට නොවලදවාම කියල්ලම් හොලේ...

      Delete
    4. යේ යේ ජයවේවා!!!!!!!!!!!! සෙනසුරු මාරුවෙන් ජයයි වගේ...
      ;)

      Delete
    5. හෙනහුරා මමලුනේ නංගෝ...ඉතින් මටම වරදින්නේ කොහොමෙයි...???

      Delete
    6. අහ ඒකත් හැබැයි

      Delete
  5. අහන්නෑ නොව
    කියුවනම් ඔබ
    ඇත්තටම එය
    කොපමණක් තරමද කියා...

    පුංචි කාලේ
    කියනවා වගෙ
    දෑත් විදහා
    'මෙච්චරක් ආදරෙ' කියා... :D

    ReplyDelete
    Replies
    1. අපුච්චේ...අත් දෙක පෙන්නලා බේරෙන්න බෑ කල්‍යාණ...එහෙම පෙන්නුවම අහනවා ඔච්චරද කියලා...

      Delete
  6. Asanka Ayya,

    Nice poem. But I haven't Unicode facilities with this com. So will comment you later...........

    Thushara Witharana

    ReplyDelete
    Replies
    1. Thanks saho... what has happened your computer..???

      Delete
  7. ඕක ගෑනු ළමයින්ට තියන පොදු ලෙඩක්ද කොහේද.කියන්නෙ නැතුව,fb ස්ටේටස් දාන්නෙ නැතුව ක්‍රියාවෙන්,සැලකිල්ලෙන්,බැල්මෙන් ලැබෙන ආදරේ ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන එකට වඩා වැඩියි කියල කවද තේරුම් ගනියිද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවේ තියන සත්‍යතාව ගැන කියන්න වචන නෑ කටුසු...දැන් ඉන්න කෙල්ලන්ට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද...මේ මූණු පොතෙයි අනෙක් බහුබූතයි පස්සෙ අන්ධයො වගේ සීමාවක් නැතිව ගිහින් කවදා නියම ආදරය තෝරගයිද දන්නෙ නෑ...

      Delete
  8. උත්තර දෙන්න අමාරු ඒත් අහන්න ආස ප්‍රශ්න වලින් එකක්ලුනේ ... :)

    ReplyDelete
    Replies
    1. 'ලු' නෙවෙයි බොලේ තුශානි ඕක මේ බ්‍රෑන්ඩ් එකේ ඔන්බෝර්ඩ් එන කොටසක්...

      Delete
  9. කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

    සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
    ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... //
    සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
    තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

    කතරක තනි වී...

    විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... //
    ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
    මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

    කතරක තනි වී...


    ගායනය - මර්වින් පෙරේරා
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

    ReplyDelete
    Replies
    1. නියමයි ඉවාන්...ඒත් කෝ මේ අපේ සින්දුවා...උඹලා කස්ටිය ඌටත් බැස්ටිය දීලා වගේ...

      Delete
  10. ආදරෙයි කියල ඉතිං කොහොම මනින්නද ? :D

    ReplyDelete
    Replies
    1. මනින්නත් බැරි තේරෙන්නෙත් නැති එකම සංකල්පය...

      Delete
  11. ආදරය තරම් කවියට ගීතයට පදනම් වුන තවත් දෙයක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ආදරය හින්ද මතුවන විරහව තරම් ගීත ලියවුණු ක්ෂේත්‍රයක් නැති තරම්...

      Delete
  12. අනන්ත සෙනෙහසට කරන්න සම
    ලොවේ කොහිද, උපමා , උපමේය

    ReplyDelete
    Replies
    1. එහෙම හොයාගත්තු දවසට ආදරයත් නැතිවේවි සඳරු...ඒ කිව්වෙ මේකට උපමා උපමේය හොයන්න බෑ කියන එක...

      Delete
    2. ඔබ සමඟ 100% එකඟයි.

      Delete
  13. මේරා කොමෙන්ට් වෙයාර් හේ....?????

    බු ද් සා!!!!

    ReplyDelete
    Replies
    1. ස්පෑම් හේ ලු හේ, ඕ නහී හේ...!! :D

      Delete
    2. ඉට් ඉස් ඉන් යුවර් අන්ඩර් වෙයාර් හේ...

      Delete
    3. බොහොත් අච්චාහේ....

      Delete
    4. බොහොත් බොහොත් කුෂී...විදානේ සහබ් හේ කිලාඩියොංකා කිලාඩි හේ...

      Delete
  14. මමත් ආසයි ඔය ප්‍රශ්නේ හැම තිස්සෙම අහන්න....:)

    ReplyDelete
    Replies
    1. අහපිය...අහපිය...මේ ආත්මෙ ඉවර වෙනකම්ම අහ අහ හිටපිය...හරි උත්තරේ හම්බුවෙනව කියලයි ආයෙ...ඒක හම්බුණත් හිතට මදි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...