Thursday, November 13, 2014

ආදරේ......මා ප්‍රියේ......



ඔබ ගැන මේ දැනෙන හැඟුම
දරාගන්න බෑ මගෙ පපුවට
සුවඳ වෙලා අද මගෙ මුළු දිවියම
කුමක් කළෙද ඔබ මට මේ තරමට

මේ තරම් ආදරේ ඇයි ප්‍රියේ මා ලොවේ
තනිවෙලා හිඳි වෙලේ මා සොයා
ආ ඔබේ උණුසුමේ තනිවෙලා ගුලිවෙලා
හිඳිනෙමි දිවිතුරා මා ප්‍රියේ මා ප්‍රියේ

සිහිනයේ චේතනා හදවතේ වේදනා
බිඳහෙලා පුපුරලා යයි ගලා ආදරේ
මේ රැයේ සීතලේ නිදි ලොවේ හුදකලා
සුසුමකින් මා පතන්නේ පැතුමකි ආදරේ



අසංක ගයාන් අබේසිංහ

67 comments:

  1. මෙවන් හුදෙකලා පෙම්වතුන් ලොවේ කෙතරම්ම ඇත්ද.. ඒ වගේම සල්ලාලයන්ට රැවටිලා මංමුලා වෙන පෙම්වතියන් කොච්චර ඇත්ද. එවැනි හදවත් වලට එසේ වීමට පෙර මෙවන් හදවතක් මුණගැසේනම්..

    අපූරු නිර්මාණයක් අසංක.

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ සියළු සහෘදයන් වෙනුවෙන් මම අපේ මනෝෂ්ට මුලින්ම එකම එක දෙයක් කියන්න අදහස් කළා. අපේ තුෂාරයත් ටිකක් මේ ගැන දන්නවා. ඒත් කවුරුවත් හරියටම දන්නෙ නෑ. ඒත් සේරම හරියටම කියනකම් මේ දේ විතරක් කියන්නම්...මට මම මේ තරම් කල් හොයපු ආදරය ලැබුණා බං...ඇයට කරන උපහාරයක් සහ ආදරය දැක්වීමක් විදිහට ළඟදීම කවියක් දාන්නත් බලාපොරොත්තු වෙනවා...ඇයව මට හිමිවුණු විදිහත් හරිම සුන්දරයි...සැබැවින්ම එය අපූරුයි...ඉඩක් තිබුණොත් මම ඒ ගැනත් කියන්නම්...ඉතිං අපි දෙන්න අතර තියන නියමම ගැලපීම තමයි ඇයට මේ කවි නිර්මාණ විෂයය ගැන උනන්දුවක් නැතිකම(.............)...ඒ ගැනත් පස්සේ කියන්නම්කෝ...

      Delete
    2. ආයි...ආයි...මෙන්න මගේ උණුසුම් සුභපැතුම්, අනවසරයෙන්ම.
      නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා..
      http://masandumal.blogspot.com/2014/04/blog-post_30.html
      අසිරිමත් වූ දේකි මෙලොව ප්රේේමය නමිනා
      වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
      සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
      සව් සැප දෙන සිතුමිණ වන් ප්රේනමය සන්දා
      -සිංහබාහු-

      Delete
    3. ඔබ සියළු දෙනා වැනි හෘදයාංගම මිතුරු මිතුරියන් පිරිසක් ලැබීමම කොතරම් වාසනාවක්ද...ඉතින් මා වෙනුවෙන් කුමක් කළත් ඊට අවසරයක් ඕන නෑ මාධවී...ඔබ සියළු දෙනා මගේ හදට ඒ තරම් සමීපයි...බොහොම ස්තුතියි මුළු හදවතින්ම...

      Delete
    4. හුරේ........... මචෝ පට්ට සතුටුයි...සිරාවටම සතුටුයි...එහෙනම් ඒ ආදරේ සදාකල් වැජඹේවා..මෙන්න මේ වගේ...

      සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
      සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
      සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
      සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

      ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
      කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ

      මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
      එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ

      මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
      කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා

      සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
      එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

      පද රචනය : සෝමපාල ලීලානන්ද
      සංගීතය : සරත් දසනායක
      ගායනය : විජය කුමාරතුංග

      Delete
    5. සිරාවටම මචං...උඹේ සුභපැතුම ඉදිරිපත් කරල තියන විදිහ ගැන කියන්න වචන නෑ...ඒ ගැන මොකුත් කිව්වොත් ඒ පැතුමේ අගය නැතිවෙලා යයි කියල බයයි...උඹට බොහොම ස්තුතියි...උඹව මම හැබැහින් හමුවෙලා නැතත් මේ ආපු ගමනේ උඹ ආත්ම ගානක පටන් ආපු යාළුවෙක් වගේ...

      Delete
    6. සුබපැතුම් අසංකයා දැං නං බලංගොඩ එන්න වෙයි වගේ....

      Delete
    7. යකඩෝ කවිය ගැන මුකුත් කියන එක පැත්තක දාලා මේකට සුබ පතලා ඉන්න ඕන ඔක්කොටම කලින්...

      Delete
    8. දිනේෂ්.................

      මං නං ඔය කතාව කලින් ම දැනගත්තා... ඒත් කියන්න ඒපා කියලා කිව්වා කාටවත්...... දැන් මිනිහාම කතාව ඒළියට දාලා.............. හැක්

      තුෂාර

      Delete
    9. @ විදානේ,

      නෑ මචෝ...මේ යන විදිහට බලංගොඩ පේන මානෙක නවතින්න වෙන්නෙ නෑ...ඒක ෂුවර්...

      @ දිනේෂ්,

      බොහොම ස්තුතියි මචං උඹලගෙ මේ සුභ පැතුම් වලට...

      @ තුෂාර,

      උඹටනේ සහෝ ඉතින් මම මුලින්ම හැමදේම කියන්නේ...වැඩි විස්තර පසුව හමුවී කියනු ලැබේ...

      Delete
    10. මෙන්න මගේත් උණුසුම් සුබ පැතුම්.....

      යෙහෙන් වැජඹේවා...

      Delete
    11. උඹලා වගේ සහෘදයන් පිරිසක් එක්ක ඉද්දී ඒ ලෝකය හරිම සම්පූර්ණයි...බොහොම ස්තුතියි විභී...

      Delete
  2. සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ..
    පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ..

    ඉතුරු ටික සින්දු ඇනෝගෙන්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් කල්‍යාණත් සිංදු ඇනෝට දෙවෙනි නෑ වගේ...හිහි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
      පියවි ලොවේදී මා හමුවන්නට
      කවදාදෝ එන්නේ..... //
      මා නෙතු දෑලේ රඟනා තාලේ //
      රෑ තනිවූ යහනේ
      කඳුලැලි අතරේ බොඳ නොකරනු මැන
      ප්‍රාර්ථනා සිහිනේ...
      සයනේ සිහිනෙන්...
      රෑ තනි යහනේ බොඳවූ සිහිනේ //
      මා තනිවූ අරුමේ
      ඔබ හද පතුලේ මිහිදන් කළ මැන
      ජීවිතයේ සිහිනේ....
      සයනේ සිහිනෙන්....

      ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

      Delete
    4. වාංග මචා වාංග...ඔය ආවේ සිංදුවා...හුරේ...

      Delete
  3. //සුසුමකින් මා පතන්නේ පැතුමකි ආදරේ
    අවසානයේ සුසුමක් ඒත් තවමත් ආදරය නමින් ප්‍රාර්ථනාවක් .....

    ReplyDelete
    Replies
    1. මේක මේ පියවි ලෝකය සහ මායා ලෝකය අතර දෝලනය වෙන සිතුවිල්ලක් මගින් ලියපු එකක් හංසි...

      Delete
  4. ලෝකයේ පැවැත්ම සඳහා හේතුවන ප්‍රධාන ගාමක බලවේගයක්නේ ආදරය. කොහොමහරි හොඳින් පවත්වාගැනීම තමා වැදගත්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව සහතික ඇත්ත විචාරකතුමා. ආදරය ආදරය විතරක්ම විදිහට පවත්වගෙන යන්න පුළුවන්නම් ඊට වඩා සුන්දර දෙයක් නෑ ලෝකෙ...

      Delete
  5. දැං කාලේ සින්දු වගේ. කොල්ලා අඩනවා කෙල්ල ගෙම්බර් දානවා

    ReplyDelete
    Replies
    1. මේක මේ දැන් සින්දු වගේ ලැජ්ජා නැතුව ඇඬිල්ලක් නෙවෙයි දේශකයෝ...කොහොමත් ඉතිං කෙල්ලගෙ ගෙම්බර් එක ටිකක් නොතිබුණොත් මෙලෝ රහකුත් නෑ...අගේකුත් නෑ...අමාරුවෙන් ගන්න දේනෙ වටින්නේ...

      Delete
    2. "දැන් සින්දු වගේ ලැජ්ජා නැතුව ඇඬිල්ලක්"//

      ඇඩෝව් කවුද යකොව් ඇඩුවේ ....මට ලැජ්ජා කරනවද ??

      Delete
    3. පිස්සුද සින්දුවෝ...මම මේ කිව්වේ මේ අපේ දේශකතුමා කියපු දැන් කාලෙ සින්දු කියන එකට...උඹ ඉතින් එළ කොල්ලනේ(කොල්ලා ...???)...හිහි...

      Delete
    4. තාම කොල්ලා තමයි .භද්‍රයව්වනේ හැක් හැක් ..
      මමත් මේ කල්පනා කලේ දැන් සින්දු කියන කොල්ලන්ට කියන නම මොකක්ද කියලා .උන් අඬනවා ඇත්තේ සින්දුව හිට් කරන්න ගිය වියදම ගැන හිතලා වෙන්න ඇති මචෝ

      Delete
    5. යෞවනේ මල් වනේ...හැක් හැක්...යකෝ හැටේ කොල්ලො ඉන්න එකත් මදෑ...ඉතිං මචෝ... දැන් කෙල්ලන්ට තියන ලොකුම ප්‍රශ්නේ තමයි නියම කොල්ලෙක් හොයාගන්න එක...ඇයි ඉතින් බැලූ බැලූ එකා සින්දු (ඒවාට සින්දු කිව්වොත් අගෞරවයක්)කිය කිය හොටු පෙර පෙර අඬනවනේ...ඒ තරම්ම හිඟාකන්න ඕනද...ඕක ආදරේද...ඕක ඇවිල්ලා මමනම් කියන්නේ පොන්නකම(සැර වැඩි වුණත් මට ඊට මෙහා වචනයක් නෑ)...උඹ හරි මචෝ...

      Delete
  6. ඔබ නොදැක ඉන්න බැරි තරමට
    මගෙ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ..................................
    නෙතු ඔබව සොයනවා දවසෙම..........

    ඉරි දැම්මෙ ඒ කෑල්ල මතක නැති හංද...
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,
      ඔබ නොදැක ඉන්න බැරි තරමට
      මගෙ හිතට ඇවිත් හෙමි හෙමිහිට
      --ඔබ නැතුව ඉන්න බැරි තරමට--
      නෙතු ඔබව සොයනවා දවසෙම..........

      Delete
    2. යකෝ මහේෂයා උඹට ඕනම ටිකනේ බං අමතක වෙන්නේ...ඔන්න ඕක තමයි කෙල්ලන්ගෙන් බැනුම් අහන්න මුල...හිකිස්...ඇති යංතං අපේ මධුමාධවී හින්දා බේරුණා...

      Delete
    3. ඔබ නැතුව ඉන්න බැරි තරමට
      ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
      ඔබ නොදැක ඉන්න බැරි තරමට
      නෙත ඔබව සොයනවා දවසෙම

      මේ සීතල හිම ගිරි අරණේ
      මට හමු වූ වනපස කුසුමේ
      පෙති මත සතපා රැගෙන යන්න මා
      කුසුම් නිම්නයේ මාලතියේ....

      මේ ජීවන අවපස අහසේ
      ඔබ පුරපස සඳ වී පිපුණේ
      ඔබේ රැසින් මා දවාලන්න රෑ
      ළය මත සනහා රාජිනියේ.....

      සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
      ගී පද - සුජීව ප්‍රසන්න ආරච්චි

      Delete
    4. සිංදු ඇනෝ කියන්නේ සත්තකින්ම අපේ බ්ලොග් ලෝකයට සුන්දර ගීතයක්...ආලෝකයක්...

      Delete
    5. \\සිංදු ඇනෝ කියන්නේ සත්තකින්ම අපේ බ්ලොග් ලෝකයට සුන්දර ගීතයක්...ආලෝකයක්...//

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. //කුමක් කළෙද ඔබ මට මේ තරමට// මෙන්න මේක තමා මට පේන සාරාංශය.
    ප්‍රේමයේ දිණුම ගීතවත් කිරීම අමාරුයි බොහෝම විරහව ගීතවත් කරනවට වඩා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සත්තයි මාධවී...මේක කොහොම කළත් කියාගන්න බෑ...කොච්චර කිව්වත් හිතට මදි...ඉතිං ඒකෙ රහ තියෙන්නෙත් ඔය බැරිකමේම තමා මට හිතෙන්නේ...

      Delete

  8. ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩසි සඳට
    රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා
    ර‍ටා මවනවා

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා ඉඳපු
    ආදරයද මේ
    හිරු රහසේ කියා දුන්නු
    ආදරයද මේ ……

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව ‍රැඳවුන
    තොල් පෙති කන් පලදාලන
    ආදරයද මේ
    නුඹ රහසේ කියාදුන්නු
    ආදරයද මේ…

    ගිමන් හරින ...

    ගායනය - ඩබ් .ඩි . අමරදේව
    පද රචනය - ජානක සිරිවර්ධන
    සංගීතය - අරුණ ගුණවර්ධන

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ..................

      හරි ලස්සන සින්දුවක් මේක... ඇත්තට ම සින්දු ඇනෝ අමරදේව ශූරීන් මේ ගීතය කියනවා අහද්දි ඒකේ දැනෙන හැගීම කියලා නිම කරන්න බැරි දෙයක්.. ඒ හඩ මේ ගීතය හරි අගේට තමන්ගේ කරගෙන ගායනා කරනවා...

      ඒ ගමන් ම ඇනෝ මට අහන්න ලැබුණා වෙනස වැඩසටහනේදී ද කොහෙද බාචි සුසාන් මේ ගීතය ම ටිකක් ස්ලෝ ටෝන් එකකින් කියනවා... ඒකෙත් හරි ලස්සන රසයක් තිබුණා..... මං දන්නවා සමහරු නම් මේක විවේචනය කරාවි... ඒත් පුළුවන් වුණොත් අහලා බලන්න කියලා ඉල්ලන්න කැමතියි... මං හිතන්නේ යූ ටියුබ් එකෙන් මේක හොයා ගන්න පුළුවන් වෙයි.................

      තුෂාර විතාරණ

      Delete
    2. ඔව් මචෝ මම එක ඇහුවා ...පට්ට.බාචි ටැලන්ට් පොරක් .

      Delete
    3. මාත් දැන්ම අහන්න ඕන...

      Delete
    4. හ්ම් හ්ම්.. ඕව අහන්න කාලෙ තමයි දැන්.

      Delete
    5. මමත් ඒකගයි මනෝෂ්.................. දැන් කාලේ හරි...... හැබැයි තවත් ටිකක් හිටියානම් ඉතින් කාලේ අහවර කරගන්නවා අපේ කොලුවා...........

      තුෂාර

      Delete
    6. ඇත්ත කතාව තුෂාරයා...මම මේ හැමදේම අතහැරලා දාලා හිටියේ මගේ ජීවිතේ දේවල් කොහොම වෙයිද කියලා...ඒත් අන්තිම විනාඩියේ සේරම වෙනස් වුණේ මහ පුදුමාකාර විදිහට...මටවත් තවම හිතාගන්න බෑ...

      Delete
  9. සිහිනයේ චේතනා හදවතේ වේදනා
    බිඳහෙලා පුපුරලා යයි ගලා ආදරේ

    මේක පට්ට :D

    ReplyDelete
    Replies
    1. හදවත කවුරු හරි හොරකම් කරපුවාම ඔහොම දැනෙනවා හොරෝ...බොහොම ස්තුතියි උඹේ අගය කිරීමට...

      Delete
  10. අයියා මටවත් කීවෙ නැහැනෙ ඒ රහස.කාහොම වුණත් අපේ අයියා නෑනා හොයාගත්ත දවසෙ වගෙ සතුටක් දැනුනා.බ්ලොගයෙන් හරි සුබපතනවා කිරි පැණි ආදරයක් ලැබේවා කියලා........

    කාංචනා

    ReplyDelete
    Replies
    1. කියන්න ඉතිං ගෙදර එන්න එපායැ බං නංගි...මම මාස 2 ටත් වැඩි කාලයක් ඔහෙ ආවෙ නෑ...මේ ටික දවසේ තමයි මේ සේරම වුණේ...ඒක ටිකක් විතර දිග කොට කතාවක්...ඉතිං එහෙ ආවම බත් ටිකක් එහෙම කාල ඩෙසර්ට් එකකුත් කන ගමන්ම කතාව කියන්නම්කෝ...බොහොම ස්තුතියි ඉතිං සුභ පැතුමටත් ඔන්න...අයිය ගැනත් ඉතිං මම නොදන්නවයැ නේද...ඌත් ඉතිං මම වගේමනේ...පුදුම වදයක්නේ ගෙදරට දුන්නේ...හිහි...

      Delete
    2. වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...
      වාසනාවේවා...

      ජ ය වේ වා !!!

      Delete
    3. ආඬවනේ, ඒකෙ දිග.........

      Delete
    4. /ආඬවනේ, ඒකෙ දිග./
      එක්සසයිස් කරල වෙන්ටෑ

      Delete
    5. //එක්සසයිස් කරල වෙන්ටෑ//

      මොකක්ද බොල ඒකේ තේරුම....................

      Delete
    6. කොහොමද විදානයෝ උඹට ස්තුති කරන්නේ...හිතාගන්න බෑ...බලමු...

      උඹට බොහොම ස්තුතියි x 1000

      Delete
  11. කවිය ලස්සනයි අසංක. ම්ම්ම්... ආදර කතන්දරේ ට සුබ පැතුම්. දැන් තව තව ලස්සන කවි සිතුවිලි පහල වෙයි එහෙම නම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දනයො...බලමු කවි සිතුවිලි පහළ වෙයිද ඉහළ යයිද කියලා...වැඩේ කියන්නේ මට ඇයව කවියක් වුණාට ඇයට මේ කවි කෙරුවාව නොතේරේ...ඉතිං මට නිදහසේ මේකත් කරගෙන ඉන්ට ඇහැකි බාධාවක් නොවී...හික්ස්...

      Delete
  12. හනික යමන් පුල්ලි ගොනෝ...මෙල්ල නොවී තරඟෙටා :

    ආදරය යහමින් වටහා ගතු සුන්දරත්වයකි. සුබ පැතුම්!!

    ආදරය සුන්දර වරදකි...නිකමට වගේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. අරූ අයියා ඇඟට නොදැනී මට ගොනා කිව්ව නේ...අනේ...අනේ...(ඒ කතාවෙ වරදකුත් නෑ ඉතිං...හිකිස්...)

      බොහොම ස්තුතියි අරූ අයියෙ...කොහොම වුණත් ඔබ ආදරය කියන දේ දකින විදිහට මම කැමතියි...ඒ දෙන උපදෙස් වල තියනවා ප්‍රායෝගික ඇත්තක්...මම මේ ටික කිව්වේ කාලයක් තිස්සේ ඔබ ආදරය පවත්වාගෙන යා යුතු ආකාරය සහ ඒක දැනෙන ආකාරය ගැන සමහර කමෙන්ට්ස් වලින් දක්වපු අදහස් මගින්...

      Delete
  13. මේ වගේ දේවල් කියවනකොට මොනවද මන්ද වෙනව අෆ්ෆා..ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමම වුණා අෆ්ෆා...ඒකයි ඉතිං මෙහෙම කවි ලියන්නේ...බොහොම ස්තුතියි උමේෂ් මචං...

      Delete
  14. මුලින්ම ආවේ අගේ ඇති දවසක..
    ඉස් ඉස්සෙල්ලම සුභ පැතුම්!!!
    කවිය අගෙයි..

    පුළුවන්නම්
    http://osamagebomba.blogspot.com/2014/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...ඇමරිකාවෙන් අපිටත් නෙලයිද දන්නෙ නෑ...ඔසාමා & බෝම්බ !!! ...හික්ස්....

      කොහොම වුණත් ඔබේ සුභ පැතුමටත් අගය කිරීමත් බොහොම ස්තුතියි ඔන්න...අනිවා ඔය බ්ලොග් එක පැත්තෙත් අපි එනවා...

      Delete
    2. ඒ පැත්තට ගියා..... බෝම්භ ගහන්න පටන්ගෙන තියෙන්ෙන් ළගදීමයි....... ඉක්මනට ම ඒ පැත්තට ගිහිං සහයක් වෙන්න ලැබීම ගැන සතුටුයි.... ඔහොම යං ඔසාමා..............

      තුෂාර

      Delete
  15. නිර්මාණය නම් Excellent මචෝ...

    පුද්ගලික අත්දැකීමක්ද ?

    =-=-=-=-=-=-=-=-=-=-

    අලුත් ආරංචියට ඔන්න මම උඩින්ම සුබ පැතුම දාල අවේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නෑ විභී...පුද්ගලික අත්දැකීමක් නෙවෙයි...මේක මම තනියෙන් ඉන්න කාලෙක හිතට හිතුණු දෙයක පද ගැලපීමක්...ටිකක් පරණ කවියක්...දැන් දැම්මේ... ඒත් දැන්නම් ඔය කියපුවා ඇත්තටම දැනෙනවා වගේ...බොහොම ස්තුතියි මචං...

      Delete
  16. මේක නිකන් සින්දුවකට හොදයි.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුසී...අනාගතයේ අපි බලමු මේවා ගීත කරගන්න පුළුවන්ද කියලා...

      Delete
  17. Replies
    1. ස්තුතියි බ්‍රෙසියර් මෙන්ඩියෝ...හිහි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...