Thursday, October 30, 2014

කෙරුවෙ නැතුවට තිබුණනෙ......


පොලිස් රාළහාමි : ජේන් උඹව ගෙනියන්නට වෙනව පොලීසි
ජේන් : ඇයි මේ හැටි මා කුදලා යන්ට හදිස්සි

පො : උඹම තමයි ගමටම මෙහි පෙරනු කසිප්පු
ජේ : කව්ද කිව්වෙ ඒ වග දැන් වීල කුලප්පු

පො : කිව්වෙ නැතත් දන්නව උඹෙ කැරැට්ටුව හොඳින්
ජේ : පෙරදි කළත් නැවතුවෙ එය වසරකට කලින්

පො : කසිප්පු පෙරුවේ නැතුවට ඇත උපකරණ
ජේ : යකාගෙ නීතිය එය වෙයි නැත උපහැරණ

පො : හා හා බේරමු එව්වා කියාලා නඩු
ජේ : එහෙම කළොත් නඩුවෙදි මම හෙළිකරමි බඩු

පො : ඒ මොකක්ද ඒ මොකක්ද කියාපිය බොලේ
ජේ : රාළහාමි නොවෙද මාව දූෂණය කළේ

පො : යකෝ තෝව මම නැහැ නොවැ දූෂණය කළේ
ජේ : ඉතින් කියමු ඒ බව නඩුවෙදි සැනසිල්ලේ

පො : වල් ගෑනියෙ උඹ කොහොමද ඔප්පු කරන්නේ
ජේ : කෙරුවෙ නැතත් සර් ළඟම ඇත උපකරණේ...


අසංක ගයාන් අබේසිංහ

46 comments:

  1. ඈ බන් එහෙම බැලුවම ඔක්කොම පිරිමි ස්ත්‍රී දූෂක චූදිතයො වෙනවනෙ. මළ කෙළියයි. මාත් සහන්‍යාට කියලා අදම කපව ගන්නවා!!! :D :D

    පට්ටයි අසංකයො.

    ReplyDelete
    Replies
    1. ඇහ්, ඒක හොඳයි. " අවධානමට පෙර සූදානම. "

      Delete
    2. පවු මචං අහිංසක කෙල්ල! මං තෝව මරණව එහෙම උනොත්, කපාගනින්කො ගෙදර අඹුවටම කියලා..!!

      Delete
    3. සහන්‍ය මොකටද...වරෙන්කො මං ගාවට...කපන්නම් බන්ඩි කියතෙන්ම...හැක්...හැක්...

      Delete
    4. සහන්‍ය කියන්නෙ කවුද බන්

      Delete
    5. මෙන්න සහන්‍යා..

      http://rscpriyashad.blogspot.com/2014/10/blog-post.html

      Delete
    6. සහන්‍ය කියන්නේ යකා මහත්තයෝ ඔය අපේ චතුරංග ප්‍රියශාද් ශූරීන් විසින් පවත්වාගෙන යනු ලබන 'ප්‍රියාගේ සිතුවිලි' නම් වූ බ්ලොග් අඩවියේ පළ කරන ලද කතාවක චරිතයක්...එතුමා ඉතින් ඔය අවාරෙට වගේ නින්දෙන් ඇහැරල කතාවක් දෙකක් කිව්වට ඒ කතා හැබැහින්ම ඉතාම රසවත් විදිහට ඉදිරිපත් කරනව...ඒ හින්දම ඒ කතා නැවැත්තුවම අපි උන්නැහෙට බැනල එහෙමත් තියනවා...ඉතිං එතුමා ඉතා නිහතමානීම ඒ බැනුම් අහගෙන ඉඳල ආයෙමත් ඉඳල හිටල කතාවක් දෙකක් දානව...ඕන්න එසේ ඒ ශූරීහු තම බ්ලොගය පවත්වාගෙන යන්නාහ...

      Delete
    7. \\එතුමා ඉතින් ඔය අවාරෙට වගේ නින්දෙන් ඇහැරල කතාවක් දෙකක් කිව්වට//

      ++++++++++++++++++++++++++++++++++++++++

      \\ඒ හින්දම ඒ කතා නැවැත්තුවම අපි උන්නැහෙට බැනල එහෙමත් තියනවා//

      ළඟදිම ආයෙත් බනින්නත් වෙනවා..!

      Delete
    8. හැබෑට බොලේ...මූ ආයෙත් අයිස් ගහන්න පටන් අරන් නේද...මට පේන්නෙ මේකව ෆලෝ අප් කරන්න විතරක් අපිට වෙනම බ්ලොග් එකක් හදලා වෙනම එකෙක්ව තියන්න වෙයි වගේ...

      Delete
    9. සහන්‍ය කියන්නේ යකා මහත්තයෝ ඔය අපේ චතුරංග ප්‍රියශාද් ශූරීන් විසින් පවත්වාගෙන යනු ලබන 'ප්‍රියාගේ සිතුවිලි' නම් වූ බ්ලොග් අඩවියේ පළ කරන ලද කතාවක චරිතයක්...එතුමා ඉතින් ඔය අවාරෙට වගේ නින්දෙන් ඇහැරල කතාවක් දෙකක් කිව්වට ඒ කතා හැබැහින්ම ඉතාම රසවත් විදිහට ඉදිරිපත් කරනව...ඒ හින්දම ඒ කතා නැවැත්තුවම අපි උන්නැහෙට බැනල එහෙමත් තියනවා...ඉතිං එතුමා ඉතා නිහතමානීම ඒ බැනුම් අහගෙන ඉඳල ආයෙමත් ඉඳල හිටල කතාවක් දෙකක් දානව...ඕන්න එසේ ඒ ශූරීහු තම බ්ලොගය පවත්වාගෙන යන්නාහ...(එකෙන්ම එකඟා.............................යි ) ;)

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. මේ මොකෝ දිලිනි නංගියෝ...බොහොම ස්තුතියි මේ බැනුමට දායක වුණාට...

      Delete
    13. ඒ වුණාට දිලිනි නංගි කමෙන්ට්ස් දෙකක්ම මකලනෙ...මට ඉතින් දුකේ බැරුවා...ඒවයෙ මොනව තිබුණද දන්නෙ නෑ...මට ඉතිං එක එක එව්වා හිතෙන එක වළක්වන්නත් බෑ...හිහි...

      Delete
    14. මේල් බොක්ස් එකේ ඇති බලහං, ආයෙ මොකටෙයි විස්සෝපයක්!

      Delete
    15. මේ මේ.......... අර සහන්‍යා ගේ කතාව දැක්කා ම කට කහනවා. මොනවා හරි කියන්න ම හිතෙනවා.. මචංලා ප්‍රියා කියන්නේ එළ කොල්ලෙක්... කාලෙකට බ්ලොගයක් තියෙනවා කියලා අමතක වෙනවා. ඉතින් අපි මතක් කලාම අපරාදේ කියන්න බෑ ආයෙම ලියනවා.. මොනවා වුණත් එළ කොල්ලා.. පොඩි අවුලක් තමයි තියෙන්නේ....

      තුෂාර විතාරණ

      Delete
    16. උගේ අරක කැපුවොතින් නම් ඔය අවුල ලිහෙයි නේ...තුෂාරයා...???

      Delete
    17. එකම කමෙන්ට් එක තමා...පොඩි අව්ලක් අන්තර්ජාලයේ. :)

      Delete
  2. අනේ මන්දා අසංකටත් හිතෙන දේවල් ...

    කොහොම උනත් නිර්මාණය නම් නියමයි. සැඟවුනු උපහාසයකුත් තියෙනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. අඩේ සඳරු...මේකට මටම ක්‍රෙඩිට් එක ගන්න එක කැතයි...මේ වගේ කතාවක් මම අහල තිබුණ...ඉතිං මම කළේ ඒක තව ටිකක් වෙනස් කරල අපේ 'ලිපොසියට' පොඩි උපහාසයක් දාන්නත් හිතාගෙන මෙහෙම ඉදිරිපත් කරපු එක...කොහොම වුණත් අගය කිරීමට ස්තුතියි...

      Delete
  3. අඩේ පට්ට පට පට බං... කියවගෙන ආවෙ හෙන සීරියස් කමෙන්ටුවකුත් හිතින් අරන්, කොහොමත් මේකෙ ලොකු කතාවක් තියෙනවානේ. ඒත් අන්තිම පදෙන් බඩත් එක්ක කොරවෙලා ගියා. උඹනම් මරු අසංකයෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝෂ්...මටත් ඕන වුණේ විහිළුවටත් වඩා උපහාසයක් එකතු කරන්නම තමා...මේ වගේ කතාවක් මම කලින් අහල තිබුණා...

      Delete
  4. ඇයි මෙයා ලිපෝසිය මතක්වුණේ?
    මෙන්න සමාන්තර විශ්වය.
    ෴www.berro.com/joke/hotel_bill.htm෴

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම ගැන පළමුව බොහොම ස්තුතියි...මේ කතාවත් පට්ටයි...දැනුයි කියෙව්වේ...බොහොම ස්තුතියි ලින්කුවට...ඒ එක්කම හොඳ වැඩේ මැනේජරයට...හිකිස්...

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි චන්දු...ඒ වගේම මේ පැත්තෙ ඇවිත් අපිව අගය කිරීමත් අගය කරනවා...

      Delete
  6. හුටා හිටින් උපකරණෙ හංගගෙන එනකං

    ReplyDelete
    Replies
    1. ඇයි ඉවාන් සාමාන්‍යයෙන් එන්නෙ උපකරණ උරුක් කර ගෙන ද :P :D:D

      Delete
    2. ඔය ඉවානයා ඉතින් ඕන වෙලාවක ඕක හරස් කරගෙනම තමා ඇත්තේ...හිකිස්...

      Delete
    3. //ඇයි ඉවාන් සාමාන්‍යයෙන් එන්නෙ උපකරණ උරුක් කර ගෙන ද//

      මල හත්තිලව්වයි...:D

      Delete
  7. චී චී මේ අසංක එක්ක බෑ මේ වැඩේ. ගැලපෙන උපකරණයක පින්තූරයක් දාන්න එපෑ. :D :D

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය උපකරණ වල පිංතූර දැම්මොත් මාවත් ලිපොසියෙන් කුදලගෙන යයි...හාපෝ...

      Delete
  8. මේක හරිම ප්‍රකට කතාවක් නේද
    නමුත් ඒ කතාව අහපු අයටත් යළි රස විදින්න පුළුවන් තරමට නිර්මාණාත්මකව ගොඩ නගල තියෙනව
    නිකම්ම කියනවට වඩා යමක් නිර්මාණාත්මව ඉදිරිපත් කිරීමෙන් සමාජයට කොයි තරම් අපූරුවට පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියලයි හිතුනෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යකා...ඔබ හරි...අහන දකින දෙය දෙන සමාජයට දෙන විදිහ ගොඩක් බලපානවා...

      Delete
  9. Replies
    1. බොහොම ස්තුතියි ෂැගියා...

      Delete
  10. ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියපු රට නේ..

    ReplyDelete
    Replies
    1. අම්මප මාතලන්...මේ වගේ රටක උපන් අපි කොයිතරම් පිංවන්තදෝ...

      Delete
  11. හිනා වෙලා හිනා වෙලා මගෙ පන යන්නේ
    මුන් එක්වී දැන් මා අංගොඩ දක්කන්නේ.. :)

    අපොයි දෙයියො තියේ නේද මගෙ උපකරණේ
    වැරදිල හරි කැපුණොත් නෑ නිවාඩු යන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඈ බොල කල්‍යාණ...අපිනම් මෙච්චර කල් හිතාන උන්නේ උඹ අංගොඩ තමයි පදිංචිය කියලා...ආයෙ අමුතුවෙන් දක්කන්නෙ මොකටද...හිහි...අනෙ අම්මෝ ඕක කපාගන්නවා එහෙම නෙවෙයි...පුළුවන්නම් තව වවාගනිං...එතකොට කාටද ආඩම්බර නේ...හිකිස්...

      කොහොම වුණත් උඹට මේ විහිළුවක් කළේ හොඳේ...ඇස් රතු කරගන්නවා එහෙම නෙවෙයි ඕං...උඹට බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete
  12. ඩයලොග් එක නම් එල..එත් කතාව ටිකක් දිග මදි වගේ කියල හිතුන...

    කොහොම වුනත් super වැඩක්..

    ReplyDelete
    Replies
    1. විභී...මමනම් හිතාගෙන හිටියෙ මේ ටිකත් දිග වැඩිදෝ කියලා...ලංකාවෙ මෙගා නාට්‍යයක් වගේ වුණොත් උඹලට එපා වෙයි කියලා ඉතින් ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිව්වා...ඉතිං ඊළඟ එව්වයෙදි සලකල බලමු...බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete
  13. අර අපේ යකා මහත්තයා කියලා තියන දේම තමයි මටත් කියන්න ඕන වෙලා තිබුනේ. මට ඉස්සෙල්ලා උඹට යකා ගහලා. ඒ නිසා මම යනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉතින් අරූ අයියා ගේමට එන්ටර් වෙන්නේ යක්කු නටලා ඉවර වුණාමනෙ නේ...හිහි...

      Delete
  14. දවල් මිගෙල් රෑ දනියෙල් වගේනේ රාලහාමී
    දවාලට ඉතිං බෑ සෙල්ලම් බං රාජ-කාරී කොරමී

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉතින් අපේ රටේ බොහොමයක් දවල් මිගෙල් රෑ දනියල්ලාම තමයි සුදීක...බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...