Thursday, October 9, 2014

මගෙ වෙලාව තමයි......!!!

 



රටේ පතළ ඉස්පිරිතාලයක වන
දවසක එක උළෙලක් විය සම්මාන
මෙතුවක් කල් කළ සේවය අගයන්න
දොස්තරලට දෙයි සහතික කුසලාන

සංවිධාන කර ඇත මෙම උළෙල හොඳින්
කවර කලෙකවත් කවුරුත් නොදුටු ලෙසින්
වේදිකාව සරසා ඇත අමුතු හැඩෙන්
නැවුම් අදහසක් එළිදක්වන අටියෙන්

උත්සවයට වාරය දැන් එළඹෙන්නා
දොස්තරලත් හරිබරියේ හිඳ ඉන්නා
නිවේදකගෙ වරුණාවන් දෙදරන්නා
හැමදෙනාගෙ තෝම්බුවන් දිගහැරෙනා

ඇස් දොස්තර මහතා හට පළමුකොට
සම්මානය දීමට ඇත සකස් කොට
ඇහැක් මැදින් එන සේ ඔහු සභාවට
ආකෘතියක් සකසා ඇත මනාකොට

ඇහේ මැදින් පැමිණී දොස්තර මහතා
හරි සතුටින් සම්මානය පිළිගත්තා
දෙවන අවස්ථාවත් එළඹී ඇත්තා
දත් දොස්තර මහතා දැන් සිටගත්තා

දත් තිස් දෙක හොඳටම ඇති මුඛ හැඩය
තනා ඇත්තෙ ලෙසට පේන වපසරිය
දොස්තර පැමිණී අතරින් ඒ මුඛය
කුසලානය ගත්තෙ මැදින් අත්පුඩිය

එක එක විෂය ලෙස ආකෘති සැකසීම
වේදිකාවෙ සිදුවෙයි හොඳ හැටි බෝම
දොස්තරවරු එකිනෙකාගෙ පැමිණීම
මතින් සිදුකෙරේ හොඳහැටි ඇගයීම

මෙහෙම ගිහින් උත්සවයත් අවසානයි
ඒ අතරේ තැනක මහත් කසුකුසුවයි
හරි සතුටින් එක දොස්තර මහතෙක් වෙයි
කිමද කියා ඒ අරුමය එළියට එයි

වහ කන්නයි වෙන්නේ මට ලැජ්ජාව
සම්මානයක් නොලැබුණි මගෙ වෙලාව
මොකක් මැදින් එන්නට වෙද හිනාව
දොස්තර මමයි නාරිවේද හා ප්‍රසව...!!!



( ඇසූ විහිළු කතාවක් කවියට නැගීමකි )


අසංක ගයාන් අබේසිංහ

67 comments:

  1. මලා, තව ටිකෙන් බිහිදොර අභියස

    ReplyDelete
    Replies
    1. යකෝ...ඉවානයා දන්න වචන...බිහිදොර...නියමයි.... !!!

      Delete
  2. මැද හරියෙන් කියවගෙන එනකොටම මට හිතුන ඔය ටික එයි කියලා. කොහොමද නිකං පොර කකුලක් එහෙම එළියට තියල ඕක අස්සෙන් රිංගගෙන එනකොට. මැවිල පේනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. ලස්සනට හිටී නේද මනෝෂ්...???

      Delete
    2. මට මැවිලා පෙනුනා. ශික් කැත හිත! ලබන පෝයටවත් සිල් අරන් දමනය කර ගන්න ඕන.

      Delete
    3. උඹලට පිස්සුද බං , මොකද පොර ඒකෙන් නැතුව වෙන එකකින් ඇවිත්ද

      Delete
    4. අම්මප අටම්...උඹට තමයි හරිම ප්‍රශ්නේ ආවේ...

      Delete
    5. අම්මට සිරි, ඔක්කොටම අමතක වෙච්ච එක අපේ අටම් අයියටනෙ මතක් උනේ. දෙයියෝ සාක්කි! ඒකත් ඇත්ත නේන්නම්. මොකෝ අපි කියල මලෙන්, දඹෙන්, දොඹෙන් උපන්නැයි.

      Delete
    6. එහෙනං...අටම් තමයි දවසේ කොල්ලා (කොල්ලා...???) ඕං...

      Delete
  3. ඇස් දොස්තර ගැන කියනකොටම මට ඔක හිතුන.කොහොම වුනත් කවියට නගපු හැටි හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ඉස්සර සම්මාන ගත්ත ප්‍රසව හා නාරිවේද දොස්තර කෙනෙක්ද?

      Delete
    2. බොහොම ස්තුතියි දමිත්...

      Delete
    3. @ඉවාන්,

      කව්ද දන්නේ නේද...???

      Delete
  4. මළ කෙලියයි! උත්සවේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වෙනවා තව නූලෙන්. :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බං...හිකිස්...

      Delete
  5. දොස්තර නාරි බුහුමන් ගන්න යන කලට
    වස්තර ඇඳන් යන්නේ කෙලෙසද උඩට
    පත්තර කාරයන් අටවන් කැමරාවේ කට
    මිත්තර යින්ද ඇත බලියන් කට කොනට

    උපන් බිලිඳුන් මෙලොව දකිනා බිහිදොර
    හපන් අයුරින් තනා ඇත සැරසිලිද කර
    වරෙන් කියමින් අමතනවා නිවේදක මිතුර
    හෙමින් ගැසෙමින් සිටිනවා නාරි දොස්තර

    සබයේ එකම පැතුම දොස්තරගේ පැමිණීමයි
    හබයේ සිටින මේ ඔහුට ඕනා ඉන් ගැලවීමයි
    උපයේ හපන් දොස්තර හෙව්වේ සැනහීමයි
    කෙරුයේ උපන් බිලිඳකු දෑතින් ගෙන ඒමයි

    දහසක් බිලිදුන්ට ලොව දකින්න අත දුන්න
    රහසක් කියමි සබයේ ඔහෙලට මම ඔන්න
    සහසක් ලඳුන් හට මව් පදවිය ලැබ ගන්න
    බිලිදෙක් උපදින්නේ මෙහෙමයි දැක ගන්න

    ReplyDelete
    Replies
    1. සොමි යා...උඹ නම් ඇත්තටම මාර කවිකාරයෙක් බං...ඇත්තටම උඹට බැරිද අපේ පවුරේ යාවජීව සාමාජිකත්වය අරන් මේකටත් කවි ලියන්න එන්න...අපි තුෂාරයගෙන් එහෙමත් ඕනනම් අහල බලමු...

      Delete
    2. @ සොමියා

      Superb and very Creative

      Delete
    3. @ සොමි
      එල පුතා...:)

      Delete
  6. මගේ ලොක්කටත් කිව්වා පොරත් බඩ අල්ලන් හිනා වෙනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හා හා හොරේ දැනුනා දැනුනා...මෙන්ඩියා ලොක්කව හිනස්සලා හොරෙන්ම ප්‍රොමෝෂන් සෙට් කරගන්න වගේ නේ...හික්ස්...

      Delete
    2. මගේ එකාට කිව්වනම් අද මාව මකවල ගන්නෙ.

      Delete
    3. ඇයි බං ඒකා ඒ තරම් බුම්මට්ටෙක්ද...???...හිහි...

      Delete
  7. මල ජංජාලයක් තව ඩිංගෙන් වෙන්නෙ... :D

    ReplyDelete
  8. අසංක ඕක විහුලු කථාවක් නෙවෙයි.. අැත්තම ඇත්ත සීන් එකක්.. අැස් දොස්තරට තෑගි හම්බුනු වෙලාවේ මෑන් තමයි කියල තියෙන්නේ වෙලාවට මම "නාරි හා ප්‍රසව" නොවුනේ කියලා...

    කාලෙකින් බ්ලොග් පැත්තට ගොඩවැදිල තියෙන්නේ හැක් හැක්.. ආපු ගමන් කපල දාන්න ගිය එක තමයි අවුල සහන්යට තිබුනා චාමරයාව මරල දාන්න..

    මේ ගීය ගැන මගේ අදහස මේකම නොවුනත් ලස්සනට සංවේදීව කථාව ගොනුකරල තියනවා.. ඒක තමයි හැකියාව කියන්නේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් විදානේ අයියේ මේ කොමෙන්ට් එක ප්‍රියා අයියගේ බ්ලොගත් එක්ක කොමෙන්ට් එක ටැපලිලාද?

      Delete
    2. //කාලෙකින් බ්ලොග් පැත්තට ගොඩවැදිල තියෙන්නේ හැක් හැක්.. ආපු ගමන් කපල දාන්න ගිය එක තමයි අවුල සහන්යට තිබුනා චාමරයාව මරල දාන්න.. //

      අඩේ විදානයා.......
      මේකේ සහන්යා හරි චාමර හරි නැහැ.. උන් ඉන්නේ ප්‍රියාගේ කතාවේ... උඹට නැට්ට පෑගිලා... (අපි මේ කතා කාටවත් කියන්නෑ. උඹට හරි නැහැනේ.. මොන තරහා තිබුණත් උඹ අපේ ෆිට් එකනේ)

      තුෂාර විතාරණ....

      Delete
    3. හෙක් හෙක් රැවටුනා නේද සෙරමල්ල.. මට වැරදුනේ නෑ බොලව් .. ඔය ප්‍රස්න වලට උත්තර මම මෙන්න මෙතැන දීල තියනවා හැක් හැක්..

      Delete
    4. අනේ විදානයේ.................

      දැන් තමයි දැන ගත්තේ තුන්වැනි කෑල්ලත් අපිට නෙමෙයි කියලා තියෙන්නේ කියලා... අනේ යකෝ විදානයෝ...වැරදුනා නම් කටවහගෙන ඉන්නයි. බුරන්නැතුව.............................

      මේ තුන්වැනි කොටස කාගේ බ්ලොගයට දාපු කමෙන්ටුවක් ද ??????

      Delete
    5. එහෙම එකක් නෑ සොමියා.. මේ සොමියට දාපු එකක්...

      අඩොව් ....!!!!! තුෂාරයා... මං අර අසංක ගොයියත් එක්ක මේක මෙව්වා කොරගන්නං හරිය !!!!(තැන තැන කියල මට ලැජ්ජ කරන්න එපා අනේ..)

      Delete
    6. අඩේ මාව නමපාරක් කරකවලා හත්පාරක් ටොකු ඇනලා අතහැරියා වගේ! දැනෙන සනීපෙ. හැක් හැක්.

      උඹව නිට්ටඹුවෙ උන් නරක් කරලා බං. :D

      Delete
    7. දැං නිට්ටඹුවේ උන් හොදටම නරක් වෙලා බාං :D

      Delete
    8. නිට්ටඹු විදානේ ...හූ ඈ

      Delete
    9. http://rscpriyashad.blogspot.com/2014/10/blog-post.html?showComment=1412854879423#c6318413865439828051t_9.html ඉවාන් මෙන්න මගේ යෝජනාව...

      අනිත් එක දැං නිට්ටඹුවේ උනුත් හිතාගෙන ඉන්නේ නිට්ටඹුවට සිග්නල් නෑ කියලා.. හැක් හැක්...

      Delete
    10. විදානයා අද තනියෙන් ගල් බෝතලයක් බීල සැන්ඩි නැතිව. ඊළඟට ඒ බෝතලෙන්ම හයියෙන් ඔලුවට ගහගෙන. ඔය තෝන්තුවා වෙලා ගනන් ගන්නෙපා මචංලා.

      අම්මප විදානයෝ, උඹනම් පට්ට බං. මං මීට කලින් මීට වඩා හිනා වූනේ, නන්දා අක්කා උඹ ලියපු සිංදුව ලයිට් එන්නත් කලින් කියල තිබ්බ කේස් එකට.

      Delete
    11. විදානේ කොලූ...තරහා නැතිව අපිට කියන්න පුළුවන්ද උඹ පාවිච්චි කරන්නේ මේවයින් මොනවද කියලා...

      1. කේ.ජී හෙවත් කේරල ගංජා
      2. හෙරොයින්
      3.අබිං
      4.ටැබ්ලට් නොහොත් ටැබා
      5.ගල්
      6.පොල්
      7.තව නම නොකී ජාති...

      උඹ මේ තරම්ම අවුල් වෙන්න හේතුව හිතාගන්න අමාරුයි...අනේ මන්දා...පව් කියලත් හිතෙනවා...බෙහෙත් ටිකක් ගන්න යමුද...මාත් එන්නම් උඹේ අත්වාරුවට...අපේ එකෙක්ට මෙහෙම වෙද්දී කොහොම ඉවසන්නද අප්පේ...

      Delete
    12. ඔය හතම එකට කලවං කලාම ඒකට කියන්න පුලුවන් මොකක් හරි නමක් තියෙනවද? ආං ඒක.

      Delete
    13. හරියට හරි...විදානයා ඕකටත් නමක් දායි...මම හිතන්නේ 'මළදානේ' වගේ...නැද්ද...

      Delete
    14. කව්ද යකෝ ඊයේ මගේ එකෙන් ලොග් වෙලා මෙතැන පිස්සු කෙලල තියෙන්නේ

      Delete
    15. අර සී.ජේ.විදානේ කියලා මළ යකෙක් ඉන්නේ...ආන්න ඌ වෙන්ටැ...හැක්...හැක්...

      Delete
  9. නියම ආකෘතිය හදන්න තිබුනෙ ප්‍රසව හා නාරිවේද දොස්තර මහත්තයටනෙ.අපූරු එකක් හදන්න තිබුන ආයෙ කවදාවත් අමතක නොවෙන්නම
    බලන අයගෙත් බුද්ධිය කෙළින් වෙන විදියට.මම කිව්වෙ බුද්ධිය ගැන වෙන එකක් නොවෙයි . මොකද උගත් වෘත්තිකයන්ගෙ සම්මාන වලට දෙන සිහිවටනනෙ.
    දත් තිස් දෙක මොකක්ද
    එහෙමයැ දකින අයගෙ සිත් සතන් ප්‍රානවත් වෙන දෙයක්නෙ වෙන්න ඕන
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත යකා මහත්තයෝ...ඒත් ඉතිං අපේ එවුන්ට මොක දැක්කත් බුද්ධිය නම් කෙලින් වෙන එකක් නෑ...හිකිස්...

      Delete
  10. හෙහ් හේ... චිත්ත රූපයක් මැවී මැවී නොපෙනී ගියේය... :D :D :D

    ReplyDelete
    Replies
    1. හෙහෙ හේ...මැවිලා නොපෙනී ගියා නම් අවුලක් නෑ චන්දනයා...හැම වෙලේම පේන්න පටන් ගත්තොත් නම් ඉතිං...බෙහෙත් නොමැත...හික්ස්...

      Delete
  11. හි..හි.. ක්‍රියේටිව් පද පෙලක් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි තුශානි...හි...හි...බොහොම ස්තුතියි හොඳේ...

      Delete
  12. මටත් හරිම සතුටුයි

    ReplyDelete
    Replies
    1. දොස්තරට ඒ විදිහට සම්මානය නොලැබුණු එකටද ඔබතුමාට සතුටු...???

      Delete
  13. නියම වැඩේ බන්....අර්ශස් ඩොකෙකුට සම්මානයක් ලැබුනා නම් එලියට එන තැන වතුර බාල්දියකුත් තියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ අරූ අයියා කියන ඒවා...මම මේ කමෙන්ට් එක ලිව්වෙත් සෑහෙන වෙලාවක් හිනාවුණාට පස්සේ...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  14. ඒ ඔතන පශු වෛද්‍යවරු එහෙම ඉඳල නැත්ද?

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ...ඔය විදිහට බැලුවොත් එන්න පාරවල් නැති වෙන්වා නේ...හිකිස්...

      Delete
  15. ලස්සන කථාවක් .. ලස්සන පද පෙළක්...!

    අහපු , දැකපු සිදුවීම් කවියට නඟන්න ඔබට තියෙන්නේ අපූරු හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරු...ඔබ සැමගේ දිරිමත් කිරීම් මැද මේ යන ගමන හරිම සුන්දරයි...

      Delete
  16. Replies
    1. බොහොම ස්තුතියි...ඩීඩීඩීඩීඩීඩී

      Delete
  17. මරු! මම දන්න වර්ෂන් එකේ දොස්තර මැරුනම පෙට්ටිය හදන්නෙ අදාල විදියට. (හෘද රෝග නං හදවතක් විදියට,...) පෙට්ටියක් උස්සගෙන යද්දි ප්‍රසව-නාරි බුවා කියනවලු මම මැරිච්ච දවසට උඹලට *&^ට තමයි කරගහන්න වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්...ඒ කතාවත් මරේ මරු...ඒ වගේම ඉතින් ඒකට කර ගැහුවමත් නියම ඇති නේ...හිකිස්...

      Delete
  18. මාරයි නියමෙට ගලපලා තියෙනවා. නාරිවේදී දොස්තරටත් සම්මානයක් තියෙන්නම ඕනේ ඒක පොඩි පහේ සේවාවක්ද?

    ReplyDelete
    Replies
    1. අම්මප පකිස්...කවුරුත් ඒ සේවාව අගයන්නෙ නැති හැටි...හිනාවෙන්නමයි බලා ඉන්නෙ ( මාත් එක්ක... )...හිකිස්...ඉතින් අගය කිරීමටත් ඔබට බොහොම ස්තුතියි...

      Delete
  19. ඒ යකානං ලැජ්ජාවෙන් හරි ඒ අහවල් ආකෘතියෙන් එලියට ඇවිත් තෑග්ග ගනියි. අර්ශස් වලට වෙදකම් කරන ඉස්පැසලිස්ට් උන්නාන්සේට තෑග්ග ගන්න එන්න වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. උන්නැහෙ ඉතින් එයි අර කිකිළිගෙන් බිත්තරයක් එළියට එනව වගේ නේ...හිකිස්...බොහොම ස්තුතියි විචාරකතුමනි...

      Delete
  20. අනේ හැබෑවට වෙච්චි දෙයක්
    අහලා නැගුනා මුවට මන්ද හාසයක්
    නාරි වෙදා හොඳ මොළයක් වගේ බොලන්
    ලියපං තවත් මේ වගේ කවි මල් මසුරන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් උඹටත්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...