Monday, October 6, 2014

පිං මඳ වීදෝ......අප හට......



මැද පෙරදිග දෙසින් හමා
මෙරටට එන උඩු හුළඟට
ජීවිතයම උකස් තියන
අපෙ සොයුරියනේ...

නුඹෙ ජීවන රඟ මඬලම
ඒ හුළඟට ඇඹරී යයි
දැන දැන උන්නත් ඒ බව
අපි කුමක් කරම්...

වහල්කමේ රුදුරු යවුල්
කිඳා බසී නුඹ හද තුළ
තිරිසන්කම දිග හැරේවි
නුඹෙ සියුමැලි සිරුරු මතින්...

දුප්පත්කම ඇපයට ගෙන
කාමුක රස පහස සොයන
නොමිනිසුන්ගෙ වනන්තරේ
නුඹලා මුව පොව්වන් වේ...

නුඹේ රුහිරු ගත සූරා
බුදින ශ්‍රමය දෙගොඩතලා
නුඹෙ දිවියද එහිම ගිලෙයි
විදෙස් විනිමයේ නාමෙන්...

නුඹේ වේදනාව දැනෙන
නුඹේ අඳෝනාව ඇහෙන
පාලනයක් ලබනට අපෙ
පිං මඳ වීදෝ...



( මනෝෂ් සඳරුවන් නොහොත් 'සඳුමල්' සොයුරාණන් ලියූ 'අබුඩාබියේදී ය දයාබර ස්වාමීනි' ලිපිය කියවා ඒ මතින් මාගේ හැඟීම ප්‍රකාශ කිරීමකි )

අසංක ගයාන් අබේසිංහ

78 comments:

  1. කවිය හොඳයි. කවිය අවියකි කියනව නෙ.
    ඒත් අසංක, ඔබේ කවි තුල එකම වචනය නිතර නිතර යෙදෙන බවක් මා දකිනවා. උදාහරණයක් ගත්තොත් මේ නිර්මාණය තුල, නුඹෙ, නුඹ, නුඹලා.... එහෙම ආවම රසය අඩු වෙනව කියන එකයි මගෙ හැඟීම. තව එකක්.. අමුවෙන්ම නැතුව වක්‍රව තමන්ගෙ අදහස කියන්ට පුළුවන් නම් කාව්‍යමය අගය වැඩියි. එහෙම නේද. මං දන්නව කියන තරම් ලේසු නැති බව ලියන්ට ගියාම. ඒත් නිකන්ම මැස්ස ගහනවට වඩා අවන්ක අදහස කියල යන එක නෙව වටින්නෙ. මං වැරදි වෙන්ටත් පුළුවන්.
    ජය !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඇනී...මෙවැනි විචාර කෙතරම් වැදගත්ද?...ඔබේ පැවසූ සියලු දෙයම මම අනිවාර්යයෙන්ම නැවත වතාවක් අධ්‍යයනය කරනවා...ඔබ වැනි අයෙක් නිර්ණාමිකව නැතිව කෙලින්ම ආවනම් තවත් මා ගරු කරනවා...කෙසේ වුවත් ඔබට බොහොම ස්තුතියි...හැමදේටම හොඳයි කියනවට වඩා මෙහෙම දේකුත් ඇහෙන්න ලැබීම නිර්මාණකරුවෙකුට බොහොම වැදගත් බවයි මගේත් හැඟීම...

      Delete
    2. ඇනෝට මගේ ආචාරය!!!!!!!!!

      Delete
    3. ඔන්න ඇනෝ උඹට මගේ ආචාරය නම් අරූට කලින් මම දුන්නා හොඳේ...හික්ස්...

      Delete
  2. අසංක..

    ඔබ වැනි මිනිසුන් තව සුවහසක් මේ සමාජය මොරගගා ඉල්ලනවා. ඔබටත් මටත් කල හැකි දේ තමයි මේ.. හදවත් අවධි කිරීම, ඇස් ඇරවීම.. අපි හැමෝටම එකතුවෙලා කරන්න පුලුවන් තcඅ දෙයක් තියෙනවා. ඒ.. ඔබේ අවසන් පැතුම ඉටු කිරීම.

    "නුඹේ වේදනාව දැනෙන
    නුඹේ අඳෝනාව ඇහෙන
    පාලනයක් ලබනට අපෙ
    පිං මඳ වීදෝ..."

    එදා කුංකුණාවේ හාමුදුරුවෝ..සිරගතව සිටිත්දී ලියූ කවියක්...

    අනේ කුහුඹින්නේ..
    තොපටත් රජෙක් ඉන්නේ..
    අපට නැත ඉන්නේ..
    රජෙක් ලැබුනොතින්..
    කැවුම් කිරිබත් කන්ඥං
    පෙරහැර කරඥං,
    සාධුකාරෙන් ගිගුම් දෙන්ඥං

    අපේ දුක ගැන අසන..අපට වැඩියෙන් හඬන.. තමන්ටම ආදරය නොකරන රජෙක් අපිට පහළ වෙච්ච දවසකට.. අපේ මේ අහිංසකියන්ගෙ අඳෝනා මිහිරි ගීත බවට පත්වෙයි. ඒ යුතුකම ඒ වගකීම තියෙන්නෙත් අපිටමයි. මේ රටේ මහජනතාවටමයි. ඒ බලය, ඒ අයිතිය ඔවුන් නිවැරදි ලෙසට පාවිච්චි කලදාක.. අපි හැමෝටම ලස්සනට ජීවත් වෙන්න පුලුවන්, නිවහල්ව ජීවත් වෙන්න පුලුවන්.. අර ජාතික ගීයෙ තියෙනවා වගේ රටක් බිහිකරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමයි..

      අනේ කුහුඹින්නේ..
      තොපටත් රජෙක් ඉන්නේ..
      අපට නැත ඉන්නේ..
      ඒ නිසාවෙනි අප තැවෙන්නේ..

      රජෙක් ලැබුනොතින්..
      කැවුම් කිරිබත් කන්ඥං
      පෙරහැර කරඥං,
      සාධුකාරෙන් ගිගුම් දෙන්ඥං

      Delete
    2. ඒක ඇත්ත මනෝෂ්...කොහොම වුණත් මෙවැනි නිර්මාණයක් කිරීමට අදහසක් ඇතිවුණේ ඔබගේ කතාව කියෙව්වට පස්සේ...ඔබ හරිම සාර්ථක විදිහට ඒ අහිංසක සහෝදරියන්ගේ බලාපොරොත්තු සුන් වෙන ආකාරය කියා තිබුණා...ඔබ පැවසූ ආකාරයට අපි එකතුව පුළුවන් තරමක් දුර යමු...සමහර විට සියළු දෙනාගේ එකතුවෙන් කිරීමට නොහැක්කක් නොමැත...බොහොම ස්තුතියි ඔබට...

      Delete
    3. ඒකනම් ඇත්ත අසංක,

      ගීතයකට මං කතාවක් ලිව්වා, ඔබ ඒ ගීයයි කතාවයි දෙකම එකතු කරල අලුතින්ම හරිම අපූරු කාව්‍ය සංකල්පනාවක් නිර්මාණය කලා. මේ සියල්ලන්ගෙන්ම අපේ සමාජයට, පණිවිඩයක් දෙන්න පුලුවන් උනා. ඒක හරිම වැදගත් අසංක. ඒත් එක්කම ඔබ මගේ ලිපියට මේ නිර්මාණය තුලින් ලබා දුන්නේ අපරිමිත වටිනාකමක්. ඇත්තමයි.. ඔබට ස්තූතියි අනේකවාරයක්..

      Delete
    4. මේ වගේ කතා කළ යුතු දේවල් නොපැකිළව ඉදිරිපත් කරන ඔබටත් බොහොම ස්තුතියි මනෝෂ්...ඒ හින්දා අපි හැමෝටමත් මුළු සමාජයටමත් කාන්දු වෙන්නේ හරවත් දේවල් සහ මනුස්සකම යනු කුමක්ද කියන පණිවුඩය...

      Delete
  3. දුක් විඳින සියලුම සොයුරියන් වෙනුවෙන් ...................

    දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
    ඒ රන් කාසියෙ අයිතිය නැති ලඳුනේ ..
    දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
    තේ දල්ලේ රස ලොවට බෙදන ලඳුනේ ...

    ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

    ඉදිකටු තුඩුවෙන් කාසි මවන ළඳුනේ..
    ඒ රන්සේලයෙ අයිතිය නැති ළඳුනේ..
    වැලිකතරේ බිම කාසි මවන ළඳුනේ..
    හිස් මිනිසුන් හට සැපත සදන ළඳුනේ..

    ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

    හිස්මිනිසුන්ගේ කුස් පුරවන්නේ
    සුසිනිදු සළුවෙන් ගත සරසන්නේ
    විල්ලුද යහනක ගත සතපන්නේ..
    කාපට් පාරක ඉගිලී යන්නේ..

    ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

    ගායනය - බෙවිස් මනතුංග

    ReplyDelete
    Replies
    1. සින්දු...ඔබ නම් නියම මිනිසෙක් තමයි...මේවා කොහෙද තියෙන්නේ...අපි ජීවිතේට අහලා නැති, ඒ වගේම තැනට ඔබින සින්දු ගේන ඔබේ මේ හපන්කම ගැන ඊරිසියාත් හිතෙනවා වෙලාවකට...කොහොම වුණත්...බොහොම ස්තුතියි සින්දු...

      Delete
    2. මෙන්න අහන්න ...

      https://www.youtube.com/watch?v=-8YACUqsI20

      Delete
    3. තැන්කියු සිංදු

      Delete
    4. ස්තුතියි සිංදු...

      Delete
    5. බෙවිස් මනතුංග පොරක්!!!!!!!!!!!

      Delete
    6. අරූ අයිය වගේම???...හිහි

      Delete
  4. අසංක, කවිය කියවාගෙන එද්දීම මට මතක් උනේ මනොෂ් ලියපු පෝස්ට් එක.. ලිපිය අන්තිමට ඒ ගැන සඳහන් කරල තියෙනවා.. එය බොහොම අගෙයි, ඒ වගේම තමයි ඒ පෝස්ට් එකේ ලින්ක් එකත් http://masandumal.blogspot.com/2014/10/blog-post.html මෙන්න මේ වගේ ඔබලා දැම්මනං මිනිහටත් හිට්ස් ටිකක් මරාගන්න තිබුනා...

    රට විරුවන් කිය කියා ආයෙත් විකුනන අපේම සොයුරියන් ගැන ලියවුනු කවියට ස්තුතියි අසංක..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අයියෝ මං මේ වැදගත් දේවල් පැත්තක තියලා විකාර කියවනවා..

      මේ අසංකයෝ කෝ අර තුෂාර විතාරණයා..

      එතකොට උගේ හාමිනේ කව්ද?
      (මාත් අදහසක් තියං ඉන්න ලස්සන කෙල්ල නෙවෙයි නේ.. හැක් )

      අනික උගේ හාමිනේ ගැන අපිට කියන්න බැරි මොන බඩකඩුත්තුවක් හිනිදද?

      ඒකා මේ දවස් වල වහං වෙලා ඉන්නේ ඇයි ?

      කරුණාකර ඕකට එලියට එන්න කියනවද?

      බු දු ස ර ණ යි !!!

      Delete
    2. බොහොම ස්තුතියි විදානෙ...ඇත්තම කිව්වොත් මේ ලින්ක් එක නොදැමීම මගේ තාක්ෂණ දැනුමේ දුප්පත්කම හින්දා වුණු දෙයක්...මේක ඔබන විදිහ ගැන නිදහස් වෙලාවක අපේ තුෂාරයගෙන්වත් අහගන්න ඕන...ඒ වගේම ස්තුතියි අගය කිරීමටත්...

      @තුෂාර,

      බුදු අම්මෝ...මෙන්න විදානයා අහන පුරස්න වලට උඹම උත්තර දීපියෝ...මටනම් බෑ ඕවට ගෑවෙන්න...මේ අහගන්න ඒව මදැයි හත්තිලව්වේ...

      Delete
    3. විදානේ......................

      උඹට මොකට ද මගේ දයාබර බිරිද ගැන. උඹ උඹේ එක බලාගත්තා නම් ඉවරයිනේ... ආ............. ඒක නෙමෙයි කවුරු ගැන ද ඔය අදහසක් තියාගෙන ඉන්නේ.. මටත් ඕක තේරුණා.... දැන් ඉතින් විදානි හොයලා මේ ගැන කියන්න වෙයි වගේ....

      හරි විදානේ.......... උඹට තියෙනවා ගෙස් කරන්න අවස්ථාව... පුළුවන් නම් කියමු බලන්න.............................

      Delete
    4. අම්මට සිරි. මෙන්න මූනු පොඩ්ඩ. රූපෙන්ම ඇවිත්. මරු මරු.

      Delete
    5. ඔව් මනෝෂ්..............

      මූණ හංගන් ඉන්න ගියාට විදානයා එහෙම ඒවට ඉඩ දෙනවායෑ.... මේ අහන දේවල් වලට කට විතරක් නෙමෙයි මූණත් වහගෙන ඉන්න බැරි වෙනවා මනෝෂ්.............................

      මනෝෂ් දන්නවාද විදානි ගැන එහෙම විස්තරයක්... මොකද අනාගත සුභසිද්ධිය තකා අරකාගේ චරිතය ගැන ඒ දැරිවිව දැනුම්වත් කිරීම වඩා යහපත් බව හැගෙනවා...

      Delete
    6. එකම එක පාරක්ද කොහෙද කටහඬනම් අහල තියෙනවා. මං කතාකරපු වෙලේ කිව්වා විදානයා නානවා කියල.

      \\ඒ දැරිවිව// ඒ.. අවුල් වගේ නේ බං?

      Delete
    7. මං නම්බර් එක මාරු කලා බොලව්.. හැක්

      / උඹට තියෙනවා ගෙස් කරන්න අවස්ථාව... පුළුවන් නම් කියමු බලන්න............................./ ගෙස් කරල පවුල් කඩන්න බෑ බොලව්....

      Delete
    8. කුරුටු.. ලින්ක්ස් දාන්නේ මෙහෙමයි කියලා මෙතන තියෙනවා


      මටත් බ්ලොග් මචං කෙනෙක් තමයි කියලා දුන්නේ.

      Delete
    9. අරූ අයියණ්ඩිට බොහොම පිං...

      Delete
  5. රත්වෙච්චි වැලි කැට කැට ගානේ
    වැටුණු කඳුළු ඇත පිනි පිනි වාගේ
    වියරු සුළඟ ඔහෙ හමන නෑනේ
    හෙලුනු සුසුමක අරුත දන්නේ

    වැරහැලි සමග අසුරා පොදි ගගගත් හීන
    සැමියා සමග පැදුරේ රෑ තුන්යම දුටු හීන
    දරුවන් සිතා ලිප්බෝක්කේදී ගත් හීන
    පාපියෙකුගෙ දෑතින් බොඳවී වැටෙනා හීන

    පිවිතුරු පතිදම දෙගොඩ තලා
    සෙනෙහස් ගඟ දරු ගලා ගියා
    විකසිත බව ඇය ලඟම තියා
    වන මල් කැකුලක් පරව ගියා

    //ලියුනු බහ හොඳින් කියවා බලන් සකි
    එබස කියවා ඉදින් නාඬා හිඳිනු සකි
    අපට ඇත්තේ දැකුමට ලොව එක දෑසකි
    එ දෑසම බලයට නැතුයේ නම් හිඩැසකි//

    ReplyDelete
    Replies
    1. සොමියා...වෙන කියන්න කිසිවක් නෑ...ඔබ නියමම කලාකරුවෙක්...මගේ දැනුමේ හැටියට...කුගෑගීප වෙනුවෙන් ඔබට අපේ ආචාරය...!!!

      Delete
    2. උපහාර නම් ඔනාත් නැහැ සහෝදරයා, ඒක මට නිකන් බර වැඩි වගේ :D

      ඇත්තටම අපිට වෙන්න ඕන පහල මේ පද දෙකේ තියෙන දේ නේද? එහෙම වෙච්ච දවසකට අනේ විස්වෙටම බැරිනම් අපේ මේ පුංචි රටට හරි බැරිය අවුරුදු දවස් වල වගේ කිරිබත් කැවුම් හදාගෙන කන්න, අර යුද්දේ දිනන දවසේ වගේ සතුටු වෙන්න, එහෙම නේද අපේ සින්දු ඇනෝ මිත්‍රයා, මට හම්බ උනේ පද දෙකයි, බැරිද සින්දුවේ පද හොයලා ද්නෙන්න

      //විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්
      ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුලු ශක්තිය යොදවම්//

      Delete
    3. අඩේ සොමි___යා...බර වැඩිනම් ඉතින් කාටහරි ටිකක් දුන්නට අවුලක් නෑ...හික්ස්... කොහොම උනත් උඹ පහල තියන පද පේළියෙන් කියල තියන දේ ඇත්ත වෙන ලෝකයක් කොතරම් සුන්දර වෙයිද...

      Delete
  6. මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්
    සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
    යන්න නුඹ උගසට දරු සෙනේ අරන්

    ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා
    දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
    අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
    පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා

    කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
    නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
    මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
    අඩන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි

    අසංක ප්‍රියමන්ත

    ReplyDelete
    Replies
    1. මේ ගීතය මීට පහළින් මාතලන් කියන දේටත් ටිකක් විතර ගැලපෙනවා...දෙගොල්ලොම විඳින්නේ දුකක්...ගැහැණු පිරිමි විදිහට වෙන් නොකරම...

      Delete
    2. වළාකුලක් ගෙන මුවා කරමු
      හිරු ගිණිගෙන වියරුව
      නලියන වැලි කතරේ
      රත්වුණු වැලිකැට පුපුරණ
      මැදපෙරදිග වැලි කතරේ

      වතුර මලෙන් නා දොළ අමතක කර
      දූලි සුළං විඳ වෙළ අමතක කර
      විදුලි පහන් මැද සඳ අමතක කර
      දෙපා අබියසට ගමු අපි සුර පුර

      නගර දනවූ මැද සුවිසල් මන්දිර
      අතැර උයන් රට නොරටුන් ලං කර
      පඳුරු පතොක් කටු අත ගා උල් කර
      විනෝද වෙමු අපි ලේ මස් දිය කර

      ගායනය : විජය කුමාරතුංග

      Delete
    3. මනෝෂ් අපේ සින්දු ඇනෝට ඇඩ්‍රස් නැති කරන්න වගේ හදන්නේ...හික්ස්...කොහොම වුණත්...මේ මාතෘකාව ගැන ලියැවුණු අතිශය හැඟීම්බර ගීත බොහොමයක් තියන බව එළිවෙන්නේ මෙහෙම විශේෂ අවස්ථාවක ඒවා ගැන බලන විටකදී තමයි...බොහොම ස්තුතියි මනෝෂ් ඔබට...

      Delete
    4. හප්පා.. සිංදු ඇනෝ අහලකටවත් කිට්ටුවෙන්න පුලුවන්ද අපිට. ඒ ගී උල්පතක්. උල්පතින් වතුර විදිනවා වගේ අපේ සිංදුවට සිංදු උනන්නෙ. ඇස්වහක් කටවහක් නෑ කොල්ලට දෙවි පිහිටයි.

      Delete
    5. ඔව්...ඔව්...සියලු ආරක්ෂාවයි...එකෙන්ම...

      Delete
  7. කාන්තාවන් විතරක් නෙමෙයි කිසිම කෙනෙකුට තම දූ දරු ඥාතීන්ගෙන් වෙන්වීම බොහෝම දුකක්... ඒක දන්නේ ඒ දුක විඳපු එකෙක් විතරයි.. අනික් උන් විකුණන්න පුළුවන් එක දෙයක් අල්ලගෙන මුලාවක වැටිලා ඉන්නවා.. මේ කාන්තාවන්ට වඩා දුක් විඳිනවා.. කම්කරු රැකියාවලට යන පිරිමි..

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදි මාතලන් ඒ කරුණ ගැන...කවුරු වුණත් දුක දුකම තමයි...ඒ වුණත් අපිට පිළිගන්න වෙනවා කාන්තාවකට මේ තත්ත්වය දරුණු විදිහට බලපාන බව...විශේෂයෙන්ම අසරණ කාන්තාවන්ට...මම කියන්නේ විහින්ම කුපාඩිකම් සිදුකරගන්නා අතළොස්සක් කාන්තාවන් ගැන නෙවෙයි...ලිංගික හිංසනය පැත්තෙන් ගත්තොත් මැදපෙරදිග යන අපේ කාන්තාවන් විඳින දුක ඔවුන් විසින් බැලමෙහෙවර කරනවාට අමතරව මුහුණ දිය යුතු වැටුප් රහිත දුකක්...

      Delete
    2. දඬු මොනරෙ පිටින් ගිහින් එන්න
      පෙම්බර ස්වාමී
      දරු පැටව් බලා ඉන්නම්
      ඔබ නමින්ම පේවී...

      පුන්සඳ කොපුලත කඳුළු බිංදු
      වියලී යාවී
      අපෙ හඬ අරගෙන ඈත අඬන
      සක්වා ලිහිණී

      දොළොස් මහේ පාන පත්තු වෙලා හදවතේ
      ඒ එළියෙන් මට පේනව අපේ ආදරේ

      ගිය ගමන් තැපැල් කරමී
      සඳ කිඳුරු ජාතකේ
      නාඬන්න දේවියේ

      නේරංජාවද මා මේ එතෙරව ආවේ

      යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
      කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
      මම නාඩා ඉන්නේ

      ගායනය : ගුණදාස කපුගේ / සමිතා එරන්දතී මුදුන්කොටුව
      පද රචනය : අමිල තේනුවර
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
    3. යකඩෝ මනෝෂ්...උඹ සින්දුවාට ආවඩන ගමන් ඌටම බැටේ දෙනවා වගේ නේ...එනවනම් සින්දුවා මේ වෙද්දි ඉන්න ඕන...ඒත් ඔබේ තේරීමට ලක්වුණු ගීතයත් නියමයි...

      Delete
    4. මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
      හොඳ පරිස්සමින් ඉඳපන්
      මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
      නුඹ මූදුකරේ තනියෙන්

      යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
      ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
      මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
      නුඹ නොදැක්ක සේ ඉඳපන්

      මගෙ අමල් බිසෝ…

      ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
      ගෙට එබී බලයි හොරැහින්
      මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
      නුඹ හෝදිසියෙන් ඉඳපන්

      මගෙ අමල් බිසෝ… //

      සංගීතය: රෝහණ වීරසිංහ
      පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ

      Delete
    5. හරියට හරි...තකට තක...සින්දුවාට සොරි...

      Delete
    6. නෙලන්නට ගිහින් පළවැල ගෙනෙන්නම් ඉතින් බරටම
      අනේ දරුවනේ නාඩම් කියූ අම්මලා

      සත් සමුදුරෙන් එහා බැසගෙන
      සිත්තොසින් නොවේ මැරි මැරි
      කප්පරක් කිලිටි උන් ලඟ වැටී උල උලා

      මත් එව්න් ඇවිත් එතකොට
      අත් දෙකෙන් අරන් හනිකට
      එක්කරන් ගොහින්
      දරුවන් අනේ තනිකලා අනේ තනිකලා
      පොඩි එව්න් අනේ තනිකලා

      හිස් අතින් එහෙන් එනකොට
      සත්මහල් උඩින් බැසගෙන
      සත් පියුම් මෙහේ තැන තැන
      අනේ පරවෙලා අනේ
      පරවෙලා අනේ පරවෙලා
      සත් පියුම් මෙහේ පරවෙලා

      -රූකාන්ත ගුණතිලක-

      Delete
    7. සල්ලි පොකුරු මිල්ලේ අහුරු
      සිහින විලේ බඹර රැගුම් පානා
      පුංචි රටක පුංචි අපිට
      සිහින සැබෑ වෙන්න වරම් ඕනා
      සතුටු කඳුළු වැස්ස මතින්
      මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
      හිතේ සවිය ග‍තේ විරිය
      අපිට ඇතිම එකම හිරිය වීලා

      මුහුදු හතේ රළ රැල්ලේ
      පොර බදලා අපි ආවා
      නාග විමන් මකර කටින්
      රිංගාලා අපි ආවා

      රස්සාවට නගින උදේ
      මචෝ කියලයි පිලිගන්නේ
      කම්හල නැග බහින තුරා
      අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
      තියන විටදි අත දිග හැර
      මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
      කඩිසර කම තිබෙන තුරා
      අපේ දවස කළ එළි වී එන්නේ

      හද කොහෙදෝ ගිහිල්ලා දෝ
      හීන් සැරේ මඟ ඇරලා
      අපි දන්නා හඳ මාමේ
      අපි නම් නෑ පැරදීලා

      කටු වටකර තිබුණත්
      අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
      එහෙම ඇවිත් ගමේදි මේ
      සේසත දවසින් වියදම් වෙන්නේ

      ආපු ගමන් ආයෙත් යං
      මිල්ලෙ සොයන් අපි එනවා
      අද යනවා හෙට එනවා
      එහා මෙහා ඔහෙ යනවා //

      අද යනවා හෙට එනවා
      එහා මෙහා ඔහෙ යනවා

      ගායනය, සංගීතය - ජය ශ්‍රී

      Delete
    8. වරේවා!!! හුරේ... මචෝ අර මිල්ලෙ සොයා ෆිල්ම් එකේ සිංදුවත් දාපන්කෝ.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. මනෝ මේ සින්දුවද ?

      පිටරට විස්තර මෙව්වා
      අහගෙන ඉන්න ඔයාලා

      දෙවරක් හිතලා බලලා
      යන්නලා හිතලා ඔහෙලා

      ගමේ තියන ඉඩන් ගෙවල් උගස් තියලා
      යන්න හදවා පිටරට මිල්ල සොයලා
      සිලිං පව්ම් ඩෙලර් යුරෝ වලට රැවටිලා
      දිවි දෙනවානේ කන්ටේනර් ඇතුලට වීලා

      බොට්ටු වල මුහුද මැද්දේ මරුව සමග පොර
      කඳු පල්ලම් කැළැ මැදින් ගමන බයන් කර
      වටින ජීවිතේ එක්ක කරන සෙල්ලම
      මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ

      පිටරට විස්තර මෙව්වා...

      ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
      ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
      ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
      හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට

      උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
      ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
      විඳුමට හැර විපාකයට යන්න එපා රට
      රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිල වට

      පිටරට විස්තර මෙව්වා...
      ගායනය :- ජය ශ්‍රී

      Delete
    11. ආ..ඔය තියෙන්නෙ බඩු. එළ කිරි. ඕක මං කැමතිම සිංදුවක්. මට ඕක මතක මිල්ලෙ සොයා ෆිල්ම් එකේ වගේ.

      Delete
    12. මම එන්නේ ඩුබායි රටේ ඉඳලා

      - ඇම් ඇස් ප්‍රනාන්දු

      කව්ද බොල ඇලිස්

      - රොනී ලීච්

      Delete
    13. මේ තවත් ගීත දෙකක්. ස්තූතියි මාතලන් අයියණ්ඩිට.

      Delete
    14. මේක නිකං දැන් මියැසි ගී රාවයක් වෙලානේ...මටනම් ඇත්තටම පුදුමයි මේ තරම් ගීත ගොඩක් කොහෙ තිබුණද කියලා...මටනම් සත්තකින්ම ඕන වෙලාවට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ...එහෙව් එකේ...මෙහෙම ඒවා ඉදිරිපත් කරන ඔබ සැමට බොහොම ස්තුතියි මචංලා...

      Delete
  8. කමෙන්ටු වලින් කවියට ලොකු වටිනාකමක් එකතු වෙලා..සතුටුයි.
    හැමදාම වගේ උඔගේ හැකියාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ උඹටත් බ්‍රා...බ්‍රා...බ්‍රාස්....මෙන්ඩියෝ...

      Delete
  9. මිනිස්සුන්ගේ දුක් දන්නේ සංවේදී හදවතක් තියෙන තවත් මනුස්සයෙක් විතරයි . ඒවන් සංවේදී හදවතක් හිමි ඔබට අපගේ ප්‍රණාමය අසංක

    ReplyDelete
    Replies
    1. උඹලා වැනි බ්ලොග් මිතුරන් පිරිසක් එක්ක ඉද්දී ඕනම හදවතක් සංවේදී වෙනවා ඉවාන්...ඉතින්...ඔබ සැමටත් මාගේ ප්‍රණාමය...!!!

      Delete
  10. මේ බ්ලොග් එක දැන් පොසොන් තොරණ වගෙ වෙලානෙ. එක එක පෝස්ට් එකට එක එක පෙනුම. ඒකත් හොඳයි තමයි :)

    කවිය ගැන කිව්වොත්, ඔය ප්‍රශ්ණය තියන්නෙ සමහර රට වල පමණක් සහ සමහර අයට පමණක් බවයි මගෙ අදහස. කිසිම අවුලක් නැතුව ගිහින් ඇවිත් ආයෙ ආයෙත් යන අය ඉන්නෙ. තව එකක්, ඕන කට්ටක් කන්න කියල එහෙම කාන්තාවො යන්නෙ ඇයි කියල කල්පනා කලොත් ආපහු අපේ රටටමයි අපි එන්නෙ. ඒකම වෙන්න ඕන අවසන් කවියෙන් අසංක කියල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. \\මේ බ්ලොග් එක දැන් පොසොන් තොරණ වගෙ වෙලානෙ//

      කියල වැඩක් නෑ, ඒකනම් සහතික ඇත්ත. ඒකාකාරි නොවී එහෙම වෙන එකත් හොඳයි එක අතකට.

      Delete
    2. අපි එහෙම තමයි...ආයෙ දෙන එක දෙනවා නිලංකාර වෙලාම යන්න...ඕ යේස් ( පත්තරයත් හිටියනම් මරු )...ආලෝකයද...අරවද...මේවද...එවුරිතිං ඇන්ඩ් එනිතිං...ඕ යේස්...

      කවිය ගැන කිව්වොත් චන්දනයා ඔබ කිව් එක හරි...කොහොම හරි ගිහින් අපේ රට මේකට වගකියන්න ඕන කියාගන්නයි මට ඕන වුණේ...

      @මනෝෂ්

      එක අතකට නෙවෙයි අත් දෙකටම එහෙම හොඳයි බං...හිකිස්...

      Delete
  11. මේ සබ්ජෙක්ට් එක හරි ප්‍රශ්නයක් තමයි. අපේ අය වගේම පිලිපීන් අයත් හරියට අරාබියේ ඔය ජොබ් එකට යනවානේ. මට හරි ආසයි පිලීපීන කෙනෙක් එක්ක . ඒ රටේ මේ තත්වය කොහොමද සමාජය සාකච්ඡා කරන්නේ සහ හසුරුවාගන්නේ කියලා කතාකරන්න.

    ReplyDelete
    Replies
    1. රයිට් අරූ අයියා අපි දැං කථා කරමු..

      Delete
    2. විදානේ...උඹ පිලිපීන් එකෙක්ද :D

      Delete
    3. තව අවුරුදු 10කින් විතර යන්න හිතං ඉන්නේ.. හැක්..

      Delete
    4. අරූ අයියා...ඔය ඉන්නේ නියම පොරක්...පුළුවන්නම් කතාකරලා හොයාගන්න එකයි ඇත්තේ...(අනේ බොල විදානයෝ...)...

      Delete
    5. නෙරංජ ......පිල්ලියන්ව යවන රටවලට යවන්නෙ එම රටවල භාෂාව පවා උගන්වල.....
      ජපානයට හොර ඒජන්ට්ලගෙන් ටුවරිස්ට් විසා වලින් එවන කෙල්ලන්ට භාෂාව සහ ජපන් සිංදු පුරුදු කරලයි යවන්නෙ ......
      ජපන් නාකියෙක් බැදල තමයි නවතින්නෙ .....
      මැද පෙරදිග යවන අයව වුනත් හොර ඒජන්සි කාරයන්ගෙන් නෙමෙයි යවන්නෙ ,,,,,එයාලට අකරතැබ්බවල් වෙන්න තානාපති කාර්යාල ඉඩ තබන්නෙ නැහැ.....සොයා බලා විසදුම් ලබා දෙනව ..
      එම නිසා අපේ වගේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ මචං ...

      Delete
    6. කෙන්ජි......මම අරාබියේ ඉන්න කාලෙත් පිල්ලියෝ සහ උන්ගේ මිනිස්සුන්ට මේක සමාජ ප්‍රශ්නයක් වෙලා තිබුනේ නැහැ. ඒ 1987 වගේ කාලේ. මේ වෙනකොට අවුරුදු 25කුත් ඉවරවෙලා...අපේ ප්‍රශ්න තාම එහෙමමයි.

      Delete
  12. මවක් , සොයුරියක් විදෙස් රටක කම්කරු සේවයට යන්නේ දහසක් බලාපොරොත්තු මැද. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉ‍ටු කරගෙන , සතුටින් මව්බිමට එන්න ලැබෙන ඉඩකඩ ඉතාමත් අවමයි. ඒ වෙනුවට ඔවුන්ට තවත් කරදර , පීඩා නම් ලැබෙනවා. ඔවුන්ගේ තත්වය ඒ විදිහට විස‍ඳෙද්දී, ඔවුන්ව විදෙස් සේවයට යැවූ ඒජන්සි හිමිකරුවන් , විදෙස් විනිමයෙන් අයුතු ලෙස සැප විඳින වගකිව යුතු බලධාරීන් සැපවත් ජීවිත ගත කරනවා.
    ඉතින්, ඒ නිසාම ඔවුගේ වේදනාව දැනෙන, ඔවුන්ගේ අඳෝනාව ඇසෙන පාලනයක් ...???

    කලාකරුවෙකුගේ වගකීම හැකි උපරිමයෙන් ඉ‍ටු කරන ඔබ ඇතුලු කුරු‍ටු ගෑ ගී පවුරේ සියළු සහෘදයන්ට ප්‍රණාමය ...!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි සඳරු...ඇත්තටම අපේම අය මේ තරම් දුක් විඳිද්දී ඒ අය හින්දාම සැපවත් ජීවිත ගත කරන ගමන් එවැනි අහිංසකයන් ගැන හරිහැටි හෙවීමක් බැලීමක් නැතුව මේ මිනිස්සු ඉන්නේ කොහොමද මන්දා...මෙවැනි මිනිසුන්ට කර්මපල උදාවෙන දවසක් එයි...

      Delete
  13. අපේ මාතලංල නං කියන්නේ ඕවා පුරස්න නෙයෙමි කියල නෙව.. හැක්..

    ReplyDelete
    Replies
    1. කොහෙද දෙසෝ වහන්වෙලා හිටියේ ...

      Delete
    2. ඒක තමයි දේශෝ...හැක්...

      Delete
    3. මම අඹුව එක්ක නිට්ටඹුවේ ගියා විදානේ බලන්න බං..

      Delete
  14. හ්ම්ම් මනෝගෙ ලිපිය කියවලා, ඊළගට කියෙවුවෙ මේක. සෑහෙන්න දැනුනා බ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...උඹ මාර ඉක්මනට ඇවිල්ලනේ බං...අපි ඒත් බැලුවා අපේ ප්‍රියා කොහෙද කියලා...වෙනදට උදෙන්ම එන එකානෙ...කොහොම වුණත් ඇත්ත කතාව බං...බොහොම ස්තුතියි...

      Delete
  15. නුතන වහල් සෙවය

    ReplyDelete
    Replies
    1. නූතන කිව්වට අපේ මිනිස්කම තාම නූතන නෑ දමිත්...මේ වෙන දේවල් වලින් පේන්නෙ ඒක...

      Delete
  16. පාලකයාට කවදාවත් ඕවා ඇහෙන්නේ නැ .. ඇහෙන මිනිස්සුත් පාලකයෝ වෙච්චි දවසට ඕව මතක නෑ ..

    ReplyDelete
    Replies
    1. ඒ මානසිකත්වය තියෙන්නේ අපේ වගේ ලංකාවෙ මිනිස්සුන්ට විතරයි මම දන්න තරමට. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හැදිලා තියෙන්නේ ඉපදුන දවසේ ඉඳන්ම වැරදියට. තමන් ගැනම විතරක් හිතන විදිහට. ඒකයි මෙහෙම වෙන්නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...