Saturday, October 4, 2014

මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්......



මලට නොවේ මල් සුවඳට සිත ඇදුනේ
රොනට නොවේ සිත් බඹරිඳු ලොබ බැන්දේ
මිහිරි ළඳේ නුඹෙ සිරියාවත් මුහුණේ
ඇඳුනු ජීවිතේ රසයයි හද සෙව්වේ...

මලේ රුව නොවේ සෙව්වෙමි හද මඬල
බඹරෙකුද නොවෙමි සෙව්වත් නුඹෙ පහස
සදාකල් දෙවන පැතුමක ගිලුණු ලය
සොයයි නැවුම් ආදරයක රැඳි සුවය...

රුවට නොවේ හිත බැඳුනේ නුඹ වෙතට
කවි මල් පුබුදුවයි මුව පිරි සිනහවට
කුමුදු මල් සැලෙයි බිඟු ගී කතාවට
සෙනෙහස් මල් විලේ කිමිදෙමු අපි යටට...

මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්
දිවි ඇති තෙක් තුරුළුට ගෙන රැකගන්නම්
ලියේ ගනියි නම් නුඹ හදවතේ ලැගුම්
නුඹම වෙයි මගේ ජීවන පැලේ කැලුම්...

ජීවන මග සැඩ ගංගා ජයගන්න
නුඹේ අත්වැලත් මා හට ලැබදෙන්න
හිනැහී සෙනෙහසින් පැටලී අප දෙදෙන
යමු පිය ළඳේ නවතින තෙක් දිවි ගමන...

දෑස නුඹේ නොදකින මුත් ලොව එළිය
හදවත නුඹේ මම දකිනෙමි සිරියාව
දසන් පෙන්නලා මුතු කැට මල් වැස්ස
මා පිය ළඳේ සැමදා හිනැහී යන්න...



අසංක ගයාන් අබේසිංහ









50 comments:

  1. අපිට වෙඩිං කෙක් කැල්ලක් කලා ගල් අරක්කු ටිකක් බොන්න පුලුවන්ද ලගදි?
    ඒක නිසදැසට ආදල නෑ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මට වෙඩින් එකක් සෙට් වුණොත් නම් උඹලට ගල් අරක්කු විතරක් දීලා ෂේප් වෙන්නෙ නෑ මෙන්ඩියා...දෙනවා ඉහලම බ්‍රෑන්ඩ් එකක්...ඒත්...

      'මෙන්ඩිස්' කියන බ්‍රෑන්ඩ් එකත් අවුලක් නෑ නේද???...හික්ස්...

      බොහොම ස්තුතියි මෙන්ඩියා...

      Delete
  2. ආ අසංක ආයෙත් ආපු එක හොඳයි.. අසංක නැති කුගෑගීප නිකං කිනිතුල්ලෝ නැති හරකෙක් වගෙයි...

    කවියනං අගෙයි අඅසසංංකක..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ආආආ...උඹ හිතුවේ මාව පන්නලා දාන්න ද?....

      උඹ නැති ගී පවුරත් නිකං මළදානයක් වගෙයි...හික්ස්...

      කොහෙන් හරි එල්ලෙනවා...ඒකට ඉතිං බොහොම ස්තුතියි විවිදාදානේනේ සීසීයේයේ...ලොහ්...ලොහ්...

      Delete
    2. සේක් කිනිතුල්ලා කිව්ව නේද උඹ අසංකයට ...

      Delete
    3. මුන්ගෙන් මේ කතා අහගෙන තව කවි ලියනවට අපිට නෙලන්න ඕන බූවල්ලෙන් ඉවානයා...අම්මපා...මමත් ඉන්නේ මේ විදානයව ෆේස් ටු ෆේස් හම්බවෙන්න...හික්ස්...

      Delete
    4. නෑ මඩු වලිගේ ඊට වඩා සෝයි :)

      Delete
    5. ආ...හා... නංගියත් මඩු වලිගෙන් කාලා තියනවා වගේ නේ... නැත්තම් කොහොමද රහද නැද්ද දන්නේ...හිහි...

      Delete
    6. @ ඉවාන්.. අඩේ ඇත්තනනේ කිනිතුල්ලා හොද වැඩියි තමයි..

      @ දිලිනි, මඩු වලිගේ නෙවෙයි හරක් මෙව්වා එකකින්... හැක් හැක්..

      @ අසංක, දුක් වේන්න එපා මචෝ මඩ කාගෙන හිටපං --
      බු දු ස ර ණ යි !!!!

      Delete
    7. උඹ ඉතින් මඩකරියා කියලා මම දන්නවා බං විදානයෝ...හැක්...හැක්...ඒ හින්දා ගානක් නෑ...උඹටත් බුදු සරණයි හොඳේ...!!!

      Delete
  3. පරිස්සමින් කොල්ලා.... කාලය හරි වගේ... අපි ඇඳුම් මහගන්නද දැන්ම

    ReplyDelete
    Replies
    1. හෝව්...හෝව්...දැන්ම හදිසි වෙන්න එපා බොලන්...මේ හිතේ එකක් තියාගෙන කවි ලිව්වට තාම ඇත්තටම මොකුත් නෑ බං...ඇත්තමයි...ඒ හින්දා ඒක මේ දවස්වල මටත් වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අම්මලට එහෙම...ඉතිං...තව කවි ටිකක් කාරිය ලියද්දී කවුරු හරි හම්බවුණොත්...එදාට...කලින්ම...කියන්නං...ඔන්න එතකොට ඇඳුම් මහගනිල්ලා...ෆිට් තමයි...

      Delete
  4. I've been alone with you inside my mind
    And in my dreams I've kissed your lips a thousand times
    I sometimes see you pass outside my door
    Hello, is it me you're looking for?

    I can see it in your eyes
    I can see it in your smile
    You're all I've ever wanted, and my arms are open wide
    'Cause you know just what to say
    And you know just what to do
    And I want to tell you so much, I love you

    I long to see the sunlight in your hair
    And tell you time and time again how much I care
    Sometimes I feel my heart will overflow sponsored links

    Hello, I've just got to let you know

    'Cause I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely, or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying, I love you

    Hello, is it me you're looking for?
    'Cause I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely, or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying I love you

    Album: Track 8 on Can't Slow Down
    Released : February 13, 1984
    Producer : Lionel Richie James Anthony Carmichael
    Length : 4:11
    Writer(s) : Lionel Richie
    Genre : R&B, soft rock
    Label : Motown

    මට එක පාරටම මතක් උනේ මේ සින්දුවත් එක්ක එකේ රුපරචනය, ඔය ඉතින් සුද්දෝ එවුන්ට දැනුනු හැටි කියපු විදියනේ

    "ඇගිලි තුඩු මතින්
    ‍සියුම්ව විදිමින්
    නුඹ දකින ලෝකයේ
    මමත් උන්නා වාගෙ
    මතකයි

    දිනක් නුඹේ දෑගිලි
    මගේ දෑතේ පැටලී
    නුඹ වෙනම ලොවක්
    දුටු දා
    සිත්සේ නුඹේ රූ
    වින්දා මගේ නෙතු
    මටත් හොරා
    නුඹ මා නොදුටුවත්

    නුඹේ ලොව වන්න
    නුඹේ නෙතු වන්න
    සිහින මැව්වා මං
    පොඩි එකෙකු සේ
    ඒ සිහින වලට
    ආදරේ කලා මං
    නුඹට සේ

    මටත් හොරා
    ඒ සිහිනයෙන්
    නුඹ පියමං කලා
    අහකට
    සුදු සැරයැටියට වාරුදී
    මා සිහිනයේ
    අතරමං කොට......."

    ඔය මේ සොමි (හිස්තැනක්) යා කියල මේ ලංකාවේ එකෙක් ලියපු එකක් නොවැ, හෙක් හෙක්

    ලස්සනයි ඈ, රසවින්දා.

    ReplyDelete
    Replies
    1. සොමි___යා... උඹේ කවිය මේ හැම එකකටම වඩා ලස්සනයි බං...ඇත්තටම...ඒක මටත් දැනුණා උපරිමයටම...හිතක තියන සේරම දේවල් ඒ කවියේ හරියටම ගලපලා තියනවා...සුබ පතනවා උඹට...ඒත් එක්කම උඹ දාපු ඉංග්‍රීසි සින්දුව අහලා තිබුනට රූප රචනය බලලා තිබුණේ නෑ...දැන් ඒකත් බලන්නයි කල්පනාව...

      Delete
    2. සොමියා සොමි පොරක්නේ!!!!!!!!!!

      Delete
    3. ඒක නම් ඇත්ත අරූ...ඒත් අර හිස්තැනක් තියාගෙන ඉන්නේ මොකද මන්දා නේ...

      Delete
    4. ලෝකයද හිස් තැනකි
      කිසිදු නම් හැඩයක් නොමැති
      ආසාවල් වේය හැඩතල
      නේක විධ හැඩනම පිරි
      කෙලස නම් පුරවම්ද
      හැඩයක් නොමැති හැඩයක්
      අටොරක් නොමැති
      හැඩයන්ගෙන්
      හිස් තැන තිබුනාවේ
      හිස්තැනක් විලසාවේ
      කිසිත් හැඩයක් නොමැත
      එහි ලා පුරවන්ට
      විඩාවකි පිරවීම
      සොඳුරුයිනේ හිස්බව

      ~සොමි යා~

      Delete
    5. තේරුණේ...දැන් තමයි...කවිය නම්...මල් හතයි...

      Delete
  5. ආමි, රසවිඳීමි, ගියෙමි.. :)

    ReplyDelete
    Replies
    1. එනු...රස විඳිනු...ඒත් ආපසු නොයනු...!!!

      Delete
    2. //ආපසු නොයනු...!!!// හෑ !!

      කන්න බොන්න තුන් වේලම හා පඩිය
      දෙන්න ට ඇහැකි නම් මම ඒකට රෙඩිය
      බින්න බහින්නට එමි ගෙන අඩු වැඩිය
      ඔන්න පුතේ හොල්ලනු බොරු මේ අඩිය :D :D

      Delete
    3. අම්මට සිරි...වැඩේ දෙල් වුණා වගේ...මෙන්න මූ ගෙදර නවතින්න එන්න කල්පනාව...දැන් මොකද කොරන්නේ...??? හරි...

      නෑ නෑ වැරදුණා මා කළ ඉල්ලීම
      එන්න කීවෙ ගී පවුරට හැමදාම
      අගය කරන්නට අපෙ ගී පද හොඳම
      මග හරින්නේ නැතුවම එමු හැමදාම

      බලමු මූට දැන්වත් තේරෙයිද කියාලා...එහෙම නැතිවුණොත් ඉතිං මම ඉවරයි...හික්ස්...

      Delete
    4. කියන්නට එපෑ රත්තරනේ එහෙම
      බඳින්නට හැදුවෙ බඩු පොදි හෙම, මෙහෙම
      විඳින්නට පවුරෙ රස ගී ඇත බොහොම
      රැඳෙන්නට සිතමි, ඉඩ ලද හැම විටම :D:D

      Delete
    5. අන්න එහෙම එනවානම් හරිම අගෙයි
      ඔබේ කියුම් අප හට හරියටම දැනෙයි
      ඒත් ඉතිං කෙරුවේ විහිළුවක් තමයි
      ගෙදරට අපේ එනවා නම් ෆිට්ම තමයි

      Delete
  6. ///////////දෑස නුඹේ නොදකින මුත් ලොව එළිය
    හදවත නුඹේ මම දකිනෙමි සිරියාව
    දසන් පෙන්නලා මුතු කැට මල් වැස්ස
    මා පිය ළඳේ සැමදා හිනැහී යන්න...//////////////

    දැන් කියන්න ඕන "මා පිය ළඳේ සැමදා හිනැහී යන්න"කියලා නෙමේ. "මා පිය ළඳේ සැමදා හිනැහී ඉන්න" කියලා. නියමයි අසංක.. මල් කවි පෙළක්!!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකම තමයි මටත් තිබුණ ගැටළුව අරූ...සෑහෙන කල්පනා කළා මෙතනට දාන්න ඕන වචනය 'ඉන්න' කියන එකද 'යන්න' කියන එකද කියලා...ඒත් අන්තිමට හිතුවා තාම ප්‍රේමය ඉල්ලන පෙම්වතෙක් කියනව වගේ කවි පෙළක් හින්දා ඒ කියන්නේ තාම කෙල්ලගෙන් අහනව වගේ හැඟීමක් දෙන හින්දා 'හිනැහී යන්න' කියන එක හොඳයි කියලා...ඔබ කිව්ව වගේ වැඩේ ෂුවර් නම් ඉතින් 'ඉන්න' කියන එක නියමයි...බොහොම ස්තුතියි අරූ...

      Delete
  7. ඉතාම සංවේදී පද පෙළක් අසංක. ඇත්තටම මේ වගේ බෝසත් පෙම්වතුන් තාමත් ඇති මේ ලෝකෙ.

    \\මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්......//

    හදවතට ඊයම් බරු බස්සනව වගේ හැඟීමක් ඇතිවුනා. කියාගන්න බෑ ඒ හැඟීම. මේ තමයි සැබෑම සෙනෙහස.

    කායික ස්වරූපයට කරන ආදරයකට වඩා මානසඉක බැඳීමක මිහිරියාව කෙතරම්ද.

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම ඇත්ත මනෝෂ්...කායික බැඳීම අවශ්‍යයි තමයි...ඒ වුණත් එයම අරමුණු කර නොගත් සැබෑ සෙනෙහස ඊටත් වඩා හරිම සොඳුරු දෙයක් කියලයි මටත් හිතෙන්නේ...දැනෙන්නේ...බොහොම ස්තුතියි මනෝෂ් ඔබට...

      Delete
    2. @කුරුටු ළමයි.....කායික බැඳීම අරමුනු නොකරගත් සෙනෙහසින් පමනක් බැඳුනු ප්‍රේමයක් ....කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන ගැටළුව මට තියෙනවා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයයයි කියලා කිව්වේ කොහොමද මන්දා...

      Delete
    3. ඔබ යම් පමණකට හරි අරූ...ස්වභාවධර්මයේ නීතියත් එක්ක ඔය කායික බැඳීම අත්‍යවශ්‍යයි...ඒක මම පිළිගන්නවා...ඒත් ඔය කියන ආශාව වැඩි වෙලා ඒක මුලටම ආවොත් එතනත් ප්‍රශ්නයක්... ඊටත් එහා හිතුවාම...අපි දවසේ වැඩි හරියක්ම ඉන්නේ කායික බැඳීමක් එක්ක නෙවෙයි...ඉන් බාහිරව එන දේවල් වලට මුහුණ දෙන්න දෙන්නෙක්ගේ තියන ආදරය, අවබෝධය කියන දේ අසීමිතව වැදගත් වෙනවා...ඒවා හරියට නැත්නම් කායික බැඳීමවත් නිවැරදිව වෙන්නෙ නෑ...

      Delete
    4. දෙගොල්ලොම දෙපැත්තම බැලන්ස් කරගෙන යායුතු ගමනක්. නැත්නම් ඒ ගමන කෙටියි. එහෙම නොවුනොත් ප්‍රශ්ණ කෝටියයි. ආදරය වඩ වඩාත් දන්වන්න පුළුවන් සහ දැණෙන්නේ කායිකව. විශේෂයෙන් විවාහයෙන් පසු. එක් ආදරණීය සිප ගැනීමක් තුල..හිතේ තියෙන ආදරයට වඩා දාහක් දේ දැණෙනවා. මතක තියාගන්න මම මේ කියන්නේ විවාහයෙන් පසුව ගත කරන කාලය ගැනයි. විවාහ සහතිකය කියන අරුත් සුන් කඩදාසී කෑල්ල ගැන නෙමෙයි.

      Delete
    5. ඔබ හරි අරූ...දෙන්නම හැමදේම බැලන්ස් කරගෙන යා යුතු ගමනක්...මේ වචන කිහිපය තුළ කිවයුතු සියල්ල තියනවා...බොහොම ස්තුතියි අරූ ඉතා වැදගත් කරුණක් ප්‍රායෝගික දේවලුත් එක්ක සාකච්ජාවට ලක් කළාට...කඩදාසි විවාහ නම් ඉතින් කඩදාසි වගේම දිරලා ඉරිලා යන්නේ කාටත් නොදැනීම...

      Delete
    6. ඔය මනොෂ් හරි අරූ අයියා හරි කුරුටු ලමයි හරි, ඉවාන් හරි කියල දෙනවද ඔය කායික බැඳීම කියන්නේ මොකක්ද කියලා.. ටිකක් සරල වචනෙන්...

      Delete
    7. කායික බැඳීම කියන්නේ බං විදානෙ කොලුවෝ ඔය තේරන සිංහලෙන්ම කිව්වොත් 'සැක්ස්' වොලට...හැක්...හැක්...තව සිංහල වචනයක් තියනවා 'SEX' කියලා... ආන්න ඒකට තමයි බොලේ...උඹ ඉතින් පුංචි එකා වෙච්චි ඕව මොනවද කියල නෝනගෙන් එහෙම අහන්න යන්න එපා හොඳේ...ඊට පස්සෙ හොම්බ තලාගත්තම ඉතින්...මේ දවස්වල උඹව බලන්න ඉස්පිරිතාල ගානෙ ගජ්ජන්න අපිට එහෙම වෙලාවක් නෑ...ෆුල් බිසී...

      Delete
    8. විදානයා දැන් අහයිද දන්නේ නැහැ, අර කටින් හුලං පිඹින sax එකයි, උන් දෙන්නා රෑට හුලං පිඹින sex එකයි අතරේ වෙනස. ඕකා sax කොහොම වුනත් නම් sex හොඳට දන්නවා. අපි නොදන්න saxaphone කිව්වාලු. පැපර ප්‍රෑම්!!!!!!!!!!

      Delete
    9. බොරුව අරූ...තනිකර බොරුව...ඕකා 2 වසරේ ඉඳන්ම අණ්ඩපාලයා...අර ඇම්ඩන් වගේ...දැන් මෙතන සුචරිතවාදියා වෙලා අපෙන්ම හැම එකම අහගන්නයි කල්පනාව...හික්ස්...

      Delete
  8. අපේ සමහර කෙල්ලො, යුධ හමුදාවෙ හිටපු තමන්ගෙ පෙම්වතා ආබාධිත උනාම හරි කුරිරු විදියට දාල යනවා. පිහිටක් අවශ්‍යම වෙලාවෙ අතෑරලා යනවා. මං දන්න කෙනෙකුත් එහෙම කලා.

    මොන හේතුවකටද මංද මට හිතෙනවා මේ වගේ වෙලාවල කොල්ලො කෙල්ලොන්ට වඩා සෙනෙහෙබරයි. කැපකිරීම් කරනවා. තමන්ගෙ කෙල්ලට බැරි වෙලාවෙ වෙන කවදටත් වඩා ළඟින් ඉන්නවා. ඒත් බහුතරයක් කෙල්ලො මේ වගේ අවස්ථාවල කොල්ලොන්ට මහ කුරිරු විදියට සලකනවා.

    ReplyDelete
    Replies
    1. සමස්තය ගැන මට එතරම් හැඟීමක් නෑ මනෝෂ්...ඒත් මමත් දැකලා තියන ඇත්ත ඔබ කිව් එකම තමයි...ඒකට හේතුව මම හිතන්නේ ජීව විද්‍යාත්මකව බැලුවොත් කාන්තාව කියන්නේ ගසක එතෙන වැලක් වගේ...ඒ කියන්නේ ශක්තිය ඇති තැනක තමයි කාන්තාව රැඳෙන්නේ...ඉතින් තමන්ට ආරක්ෂාව රැකවරණය තවදුරටත් ලැබෙන්නෙ නැති තැනක කාන්තාවො රැඳෙනවනම් ඒ ඉතින් අතළොස්සක් තමයි...ආදරය තිබුණත් අර කියපු දේවලුත් ඒගොල්ලො ලොකුවට හිතනවා ඇති...ඒක වැරදි...ඒත් එහෙම තමයි මේ ලෝකේ...මට හිතෙන්නෙ මෙහෙම දේවල් වෙන්න හේතුව ඒකයි...

      Delete
  9. මන්දා බං කියවල රසවිදිනව මිසක් මට මේවට කමෙන්ට් කරන්න නොතේරේ :)

    ReplyDelete
    Replies
    1. ඉතිං බං සෑමා රස විඳින්න පුළුවන් එකම මදැයි...ඒඇති...ඒක තමයි ඕනම දේ...මොකුත් නොකිව්වට කිසිම අවුලක් නෑ...බොහොම ස්තුතියි මචං...

      Delete
  10. මොනවා උනත් කොල්ලා අවංකයා .. හික්ස්.... හිතේ තියෙන දේවල් කියනව නොවෑ

    හමුවේවා හදක් සෙනෙහෙන් ලැගුම් ගන්න
    හැකිවේවා ජීවන මිහිරෙහි රස විඳගන්න
    කිරිල්ලියක හා කූඩු වෙනදාට පවසන්න
    එන්නම්, ආසිරි පැතුමන් එක් කරලා යන්න

    ReplyDelete
    Replies
    1. හිතේ තියන දේවල් කිව්වම කෙරුවම ජීවත් වෙන්න හරිම ලේසියි සඳරු...සත්තකින්ම...එතකොට ආයෙ කිසිම තැනක හැංගිලා ඉන්නෙ නැතුව හරිම සනීපෙට කූල් එකේ හිටිය හැකි...බොහොම ස්තුතියි ඔබට මේ පැත්තෙ ආවට සහ සුබ පැතුම් එක්කළාට...

      Delete
  11. අසංක අයියා,

    කවිය නම් ඇත්තට ම අගෙයි... අපිත් හැමදාම පතන්නේ ඔය වැඩේ හරි යන්න කියලා තමයි. අම්මලා තාත්තලා විතරක් නෙමෙයි අපෙත් මේ දවස් වල ලොකු ම රාජකාරියක් තමයි ඕක. දැන් අපි පළාත් කිහිපයක් ම පීරලා හොයලා තියෙන්නේ. බලමු ළගදීම ගොඩයන්න ක්‍රමයක්....................

    ඒ ජීවිතේ හැටි වෙන්න ඇති. හොදම දේවල් ලේසියෙන් හම්බෙන්නැහැනේ... ඉතින් ටිකක් ඉවසමු.... හරි දේ හරි වෙලාවට හරි පුද්ගලයාට ම හමුවේවි.............

    තුෂාර විතරණ

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි...දැන් මෙහෙම වුණාම මේකෙ එකාල හිතන්න ගනීද දන්නෙ නෑ මම මානසික ආතතියෙන් පෙළේ කියලා...අර ඉස්සර හිටපු මැතිවරණ කොමසාරිස් කෙනෙක් වගේ...හික්ස්...කොහොම වුණත්...එහෙම එකක් නම් දෙයියනේ කියලා තාම නෑ බං...ඒක හින්දම නිර්මාණ කිරීමේ හැකියාවක් නම් ඇවිල්ලා වගේ...ඒත් මට බය ඕව හරිගියාම මේ කෙරුවාවට තිත වැටෙයිද දන්නෙ නෑ...හම්මෝ...ඒත් ඉතිං බොහොම ස්තුතියි උඹලට...ඔය පළාත් පීරද්දී පරිස්සමින්...උඹටත් මොකක් හරි වැරදිලාවත් සෙට් වුණොත්...මම කිව්වේ වැරදිලා හොඳේ...හික්ස්...උඹේ හාමිනේගෙන් උඹව බේරගන්න මටනම් බෑ ඔන්න පුතෝ...දැන්මම කිව්වා...

      Delete
    2. අසංක අයියේ..............

      ඇත්තට ම අපේ සගයෝ කවුරුත් දන්නේ නැහැ මගේ හාමිණේ කවුද කියලා... ඒක අපි තාම කියලා නැහැ... බලමු ඉස්සරහාට කියන්න පුළුවනි ද කියලා... දැනගත්තදාට මට කමෙන්ටු වලින් ගහයි මුං ටික

      Delete
    3. ඒක නම් හැබෑව...තව ටිකක් අගේ කරලම කියමු...නැත්තම් මේකෙ ඉන්නවනේ ඔය විදානයා කියල එකෙක් හෙම...ගහන්නේ කොයි වෙලාවෙද කියලා මානගෙනමයි ඉන්නේ...උඹ කමෙන්ට්ස් වලින් ගුටිකාලා බේරුනොත් ඇති...හික්ස්...

      Delete
  12. පට්ට කවි පොඩ්ඩ...

    උඹ නම් එලට ලියල තියෙනවා...

    ජය වේ...

    ReplyDelete
    Replies
    1. පට්ට ඇගයීම් පොඩ්ඩ...බොහොම ස්තුතියි විභී...

      Delete
  13. // මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්
    දිවි ඇති තෙක් තුරුළුට ගෙන රැකගන්නම්
    ලියේ ගනියි නම් නුඹ හදවතේ ලැගුම්
    නුඹම වෙයි මගේ ජීවන පැලේ කැලුම්...// මේ පද වැලටයි වැඩිපුර හිත ගියේ... ලස්සන නිර්මානයක්..

    ReplyDelete
    Replies
    1. ඕනම නිර්මාණයක වැඩිපුර හිත ඇදිලා යන තැනක් දෙකක් තියනවා තුශානි...මගේ නිර්මාණය ආයෙත් කියවද්දී මගෙත් හිත ගියේ ඔය කියපු පද පෙළටම තමයි... ( රහසින්___මෙයා කැමතිත් මම කැමති ඒවටමයි...හිහි...)...බොහොම ස්තුතියි තුශානි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...