Saturday, October 18, 2014

මට ඇති අයිතිය කිමද පහදනු මැන ............



නිලඹ‍ර මෙන්වූ දෑස් යුගලය
ඇත ලැබී කල පෙර පිනකට
ඒ දෑස් දෙපලට හිමිකම් කීමට
මට ඇති අයිතිය කිමද පහදනු මැන

ඔබේ නෙතඟින් බලන විට
සිතේ මට කවි මිමිණීමට
නමුදු ඒ බැල්මෙන් මහදෙ ඇතිවෙන
ගැස්ම බධාවකි කවි තැනුමට

ඔබේ දසුනෙන් මහද පිනා ගියත් 
අපමණ පෙම් සිතිවිලි පහළ වූවත්
ලියමි මා ඉන් බිඳක් ලෙස කවි පොදක්
හැඟුමෙන් නිකෙලෙස් හදෙහි පොදිගත්

කප් කෙල දහස් කල්
පෙරුම් පුරා මනකල්
තැනුවෙ මේ කවි පෙළවල් 
නොනිදා රෑ දහවල්

නුදුටුවෙමි දුටුගැමුණු මත මහ වැවු අමුණූ
දෙදරවා බිම හෙළා බිම මහ කුළුණූ
කලයුරු අවියෙන් මහසතුරන් දැමුණු
එලෙස මහද විය ඔබෙ ආලෙන් තුරුණූ

සුනිල් වන් දිය ඇල්ලකට 
සමානය ඔබෙ කෙස් කරල් දෙක
එහි වැලිකැටයක්වත් වන්නට 
පිනක් නම් කර තිබිය යුතුමය

ඔබේ ඇස් පිල්ලන් ගැටෙන හැඩ
සිහිකරයි අකුණු සමගින් හෙණහඩ
කැකෑරෙයි කවි සිතිවිලි ගොඩ
මෙලෙස මතුවෙයි සිතෙන් පැන උඩ

ඇඟිලි  ඔබෙ සුළඟෙ ලෙළදෙන
සිහිකරයි තුරුලතා සෙලවෙන රඟ
මහද සුවපත් කරයි වුව එදසුන
වුවද විටකදි ඔබෙන් වෙන්වෙන

ඔබෙ ඇස් රඟනා රටා තුළ
සැඟවි ඇත රහසක් නියත ලෙස
හෙලිකෙරුමට එම රහස මා තුළ 
ඇත මහා රුචියක් ඔබට නොදැනෙන

සිතේ පෙමින් පිරුණු ඔබේ වත කමලෙන්
රොන් ගැනුමට රිසිසේ සැකෙවින්
එනමුදු එකමල තැලෙතයි හැගුමෙන්
පැකිලෙයි මා හද සැමදා එ සොවින්................


වික්මල් සුභසිංහ


.

(වික්මල් සුභසිංහ අද දින සිට අප අඩවිය සමග එකතු වන අපේ අළුත් ම සහෝදරයායි.)

45 comments:

  1. අපූරු පද පෙලක් වික්මල්. සුභ පැතුම්!

    කුරුටු පවුලෙ අලුත් සහෝදරයව සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා........

      හැමදාම අපේ අඩවිය එක්ක හිටියා වගේ ම මගේ පළමු කවියට පළමු කමෙන්ටුවෙන් ම දැක්වූ සහයෝගයටත් ස්තූතියි. මේ වචන මට මහත් ශක්තියක්................

      Delete
  2. අද පාටියක් දාමුද? බ්‍රෑන්ඩ් එක මොක උනත් බයිට් එකට උම්බලකඩ වඩේ.

    -ස්තූතියි-

    ReplyDelete
    Replies
    1. BBS එන්නැත්නම් ඕන එකක්! හැක්. :D

      Delete
    2. @ ප්‍රියා.................

      දාමු දාමු............... ඕකට නියමෙට ම ගැලපෙනවා අපේ අසංක අයියා... මං සෙට් කරන්නම් එයාව..... අපි නම් ඉතින් ඇල්වතුරත් නිමලයි බොන්නේ................ කමක් නැත්තම් බයිට් කන්න එන්නම්...........

      Delete
    3. @ විදානේ.................

      බයිට් කන්නේ අපි හොදේ... බොන්නැත්තම් ඉතින් බයිට්වත් කන්න එපැයි... නැත්තම් වියදම අපරාදේ................

      Delete
  3. මචෝ වික්මල්... උඹව මේ බ්ලොග් අවකාෂෙට සාදරයෙන් පිළිගන්නවා මුලින්ම..
    ඇත්තම කියනවනං උඹ මේකේ කවි ලියන්න ආපු එක හොඳයි, අර අසංකයගෙයි තුෂාරයගෙයි කවි(?) කියවලා මට එපාම එපාවෙලා තිබ්බේ. දෙයියම්පා!!!! මං හිතනවා උන් දෙන්න මේකෙන් එලවලා අනිත් උන් අට දෙනාවත් මේකෙන් උසික්ක කොරල.. මේ ගී පවුරට නව ආලෝකයක් දෙන්න උඹට පුළුවන් කියලා..
    අනිත් එක කවි ලියන් නැතුව මේකේ නම දාගෙන විතරක් ඉන්න ගොඩට උඹව ඉක්මනටම එක් නොවේවා කියලත් මම ප්‍රාර්ථනා කරණවා...

    කොහොම උනත් සුභ ගමනක් මචෝ...

    කවිය මනරම් සිත් පැහැරගන්නා සුළුයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මචෝ වික්මනෝ.. උඹ මේක අසංකයාටයි, තුෂාරයටයි පෙන්නන එහෙම එපා (බයකට නෙමෙයි නිකං හොඳනෑනේ) හොඳ එකානේ.. හික් හික්

      Delete
    2. අද මුගෙ චණ්ඩියා බඩේ වගේ! හැක්. ශැක් අරුන් දෙන්නගෙ මේල් එක වත් නෑනෙ, මේක උන්ට පෙන්නලා බොට දෙකක් අන්නන්න. හැක්! :D :D

      Delete
    3. එක නම් හොඳ අදහසක් .. විදනෙට තියෙන්නේ ඒ දෙන්නව පේන්න බැරිනම් නොබලා ඉන්න එකනේ, අසංකවයි , තුෂාරවයි එළවලා අපේ රසවින්ඳනයට බාධා නොකර .... :D :D

      Delete
    4. @ විදානේ......................

      මාර කේස් එකනේ.................... මෙච්චර කල් බ්ලොග් එක කරගෙන ගිය දෙන්නට එහෙම කරන්නේ කොහොමද? කමක් නැහැ. විදානේ සහෝදරයා මොකද කරන්න පුළුවන් කියලා බලමුකෝ............... (බය වෙන්න එපා මං මේ කතාව ඒ දෙන්නාට කියන්නේ නැහැ....) ෂුවර්.......................

      ආ................... දිගට ම ලියන්නම්... දිගට ම ලියන්නම්... නැත්තම් ඉතින් මේ කියන කතා වල හැටියට ලැජ්ජයිනේ..............

      Delete
    5. @ ප්‍රියා....................

      ඔව් ඔව්... මටත් ඒක නම් තේරුණා. විදානේ සද්දේ දැම්මට බයයි වගේ...

      @ සඳරු.............

      අන්න ඒක තමයි කියන්න තියෙන්නේ.... (ඔය කතා කිව්වාට විදානේ කියන්නේ අසංක අයියාගෙයි තුෂාර අයියාගෙයි හොද යාලුවෙක් ද කොහෙද???)

      Delete
    6. ආ.................... විදානයා...........

      මමත් මේ බලන්න තමයි හිටියේ එකට කවි ලියුවට බොක්ක වෙනස් ද කියලා.. හරි හරි බලමුකෝ පස්සේ ආපු කන ලොකු වුණා නේද??? මං නං මෙහෙම බැනලා අත හැරියට අසංක මේක නිකං අරින එකක් නැහැ. ෂුවර්...................... විදානයා ඉවරක් ම කරයි... හිටිං මං කියලා එනකල්...

      Delete
    7. ඔව්වා ගනන් ගන්න එපා තුසාර... මං ඔහේට එහෙම කොරනවයි.. පවුනේ අලුතෙන් ආපු බදරයාට හයියක් වෙන්න එපැයි...
      හෙක් හෙක්.. අසංකයාට කිව්වනං බාගයක් ගෙනෙයි..

      මේ ඒක නෙවෙයි (kc දැං kc නෙවෙයි kw නේද???)

      Delete
    8. විදානේ........................

      හරි හරි.... අපි ඉතින් ෆිට් එකනේ....... මේ ඒක නෙමෙයි KC කතාව කව්ද කිව්වේ... අසංකයාද?????? එහෙම වුණොත් KC අසංක අයියාවත් අල්ලගනියි... උඹට ඉතින් අළුතෙන් කියන්න ඕන නැහැනේ...........................

      ඒක නෙමෙයි විදානේ. ඒ කතාව දැන් ම විවෘත ව කතා නොකරන්නේ හෙට අනිද්දා ම අපි තවත් රහස් ගොඩක් එළි කරන්නයි ඉන්නේ.... හරියට ම කිව්වොත් තව පෝස්ට් කිහිපයකට පස්සේ අපි කවුද කියලා හරියට ම අපි කියනවා................... එතකල් කට පරිස්සම් කරගනින්.......

      Delete
    9. වික්මල් මල්ලි...මම මේ උඹේ හොඳට කියන්නේ...ඔය විදානයා කියන එකා අපි මේකට මුලින්ම එද්දිත් ඔහොම තමයි පිළිගත්තේ...රතු පාවඩ දාලා...කොඩි දාලා...වර්ණනා කරලා...පස්සේ ඉතිං ඌට එපා වුණාම එළවන්නයි ඕන...හික්ස්...ඒ හින්දා ඕකා ඒ තරම් විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයි...පරිස්සමින්...උඹටත් තව කාලයක් යද්දී අපිට මේ වෙන සන්තෑසියම තමයි ඕං...හික්ස්...

      @විදානේ...

      උඹ පරිස්සමින් හිටහං...මම එන්නේ බාගයක් නෙවෙයි බෝතල් කේස් එකක්ම අරගෙන...ඊට පස්සෙ උඹට හොඳට පොවලා ගිනි මැලයක් ගහලා උඹව ඊට උඩින් හරස් පොල්ලක කකුල් දෙකෙන් එල්ලලා තෙල් හින්දවන්නයි කල්පනාව...උඹට මේ දඬුවම් හොඳ වැඩි අපිට කියන මේ කඩප්පුලි කතා වලට...නැද්ද තුෂාරයො...ඒක නෙවෙයි.... අර kc කතාවක් නං මම කිව්වෙ නෑ හොඳේ බං...සත්තයි...කොහොම වුණත් මේක kc ට නම් කියන්න එපෝ...කොහොම කිව්වත් මාව විශ්වාස නොකරනු ඇත...

      අසංක

      Delete
    10. අප්පට සිරි.......................... අපි හිතුවේ අසංක අයියා කිව්වා කියලා. අහුවෙනකල් හිටියේ... මේ ඒක නෙමෙයි එහෙනම් මේකා කොහොමද මේක දන්නේ????

      @ විදානේ..............

      විදානේ කොල්ලා හොද ළමයා වගේ කියනවද කොහොම ද ඒ සිද්ධිය දැනගත්තේ කියලා................... උඹ ඉතින් මගේ ෆිට් එකනේ.. අපි යාලුවෝනේ මචං.............

      තුෂාර විතාරණ

      Delete
    11. මම සබරගමුවෙ ඉන්න දකුණෙ කොල්ලෙක් !!!

      (හරි හරි වෙලාව ආවම කියන්නං කෝ...)

      Delete
  4. ලස්සන කවි පෙළක් ...! සුභ පැතුම් වික්මල් !!


    කුරු‍ටු ගෑ ගී පවුරට තවත් අළුත් සාමාජිකයෙක් එක් වෙලා, එය තව තවත් ශක්තිමත් වීම ගැනත් සතු‍ටුයි.

    ReplyDelete
    Replies
    1. මගේ පළමු කවියට ලැබෙන මේ ප්‍රතිචාර සමඟ ඔබලාගේ ඇග‍යීම් මම සාදර‍‍යෙන් පිලිගන්නවා.ඔබ සැමටම ස්තූතිය.
      වික්මල් සුබසිංස

      Delete
  5. විකී.......................

    කවිය ලස්සනයි... ඇත්තට ම හරිම ලස්සන පද වැලක්. මේ ඔබ අප අඩවියේ පළ කරන පළමු කවිය නිසා මම තුන්හිතින් ම මේ ගමනට සුභ පතනවා..... ඉතින් සුභ ගමන් විකී.................

    ReplyDelete
  6. වික්මල්..

    බ්ලොග් ලෝකය වෙනුවෙන් ඔබව ඉතාම ආදරෙයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම ඔබ අපේ ගී පවුරෙ අනෙක් අය වගේම දක්ෂයෙක්. ඔබේ අනාගතයට සුබපතනවා.

    කවි පෙල ගැන කියනවානම් මේක නූතන කවිසිලුමින වගේ...(පබාවතිය විස්තර කල)

    ReplyDelete
  7. මාව සාදර‍යෙන් පිලිගත් ඔබ සැමට මම නැවතත් ස්තූති කරනවා.නූතන කවිසිළුමින නොවුනට නූතන පබාවතියකට මෙම කවිපෙල පිලිගන්වන්නට මම කැමතී

    ReplyDelete
  8. කවිය නියමයි. එහෙනම් ඉස්සරහට දෙමු බලන්න හොඳ වැඩ ටිකක් !!!

    මොකෝ අර එක කවියක් විතරක් උධෘත කොමා ඇතුලෙ තියන්නෙ. ඒක විශේෂ ද ? :)

    ReplyDelete
    Replies
    1. එම පැනය ඉදිරිපත් කිරීම ගැන මම ස්තූති වන්ත වෙනවා.ඒක මම උධෘත කොමා ඇතුලේ දැම්මේ ඒ කවියේ අදහස පේන එකම නෙමෙයි නිසා.ව්‍යාන්ගර්තයෙන් ලියලා තියෙන එම කවියේ අදහස තේරුම් ගැනීම ඔබලාට බාරයි.

      Delete
    2. “සුනිල් වන් දිය ඇල්ලකට
      සමානය ඔබෙ කෙස් කරල් දෙක
      එහි වැලිකැටයක්වත් වන්නට
      පිනක් නම් කර තිබිය යුතුමය”

      @චන්දන....මූ මේ කියන්නේ කොණ්ඩේ උකුනෙක්, ලේඬියෙක් වෙලාවත් ඉන්න පිනක් නැහැ කියන එකනේ.

      Delete
  9. අලුත් කුරුට්ටාට සුභ පැතුම් , ඔය අසංකලා තුශාරලා වගේ එවුන් එක්ක ආශ්‍රයට යන්නේ නැතුව . පරිස්සමින් හිටපං කොල්ලෝ :P

    ReplyDelete
    Replies
    1. ආ......................... ඉවාන්.......... ඔහොම හිටු.....

      මං තුෂාර විතාරණ. මං තනියම ඇවිත් බැහැ මේකට හරි උත්තරයක් දෙන්න. අසංකත් එක්කම එන්නම්... ඔහොම හිටු.................

      Delete
    2. තුෂාරයා...කොහොම හරි වලි කාලා ඉවානයගේ ගෙදර ඇඩ්‍රස් එක හොයලා දීපංකො...මම තනියම යන්නං මුලින්...ඌත් එක්ක මේක තනියම බේරගන්න මාර ආසයි...ඊට පස්සෙ උඹත් වරෙන්...දෙමු ඕකට විදානයාට දුන්නු එකට හපන් සබ්බුවක්...හික්ස්...

      අසංක

      Delete
  10. ලස්සනයි වික්මල් සුභපැතුම්,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු.......................

      බොහොම ස්තූතියි...

      Delete
  11. අලුත් කුරුටුස්, වෙල්කම් කීවා හරිය, අලුත්ම ආරක් එක්ක තමන්ගේම පාරක යනවා කියලා පේනවා, ඒ ගමනට සුබ පතනවා, කවියේ රසය දැන කවිය තව තවත් ඇසුරු කර කවිය ගැන හදාරා හැකියාවන් දියුණු තියුණු කරගෙන ඒකාකාරී නොවී නොදකින හොහන්ගින තේමා ඔස්සේ විවිද දේ කියමින් අපිට කවි රසයක් ලබා දෙයි කියලා හිතනවා. ජය වේවා. වෙනස්ම විදියකට අදහස් දැක්වීම නම් අපුරුයි.

    විශේෂයෙන්ම මේ කවිය හොඳටම දැනුනා

    //නුදුටුවෙමි දුටුගැමුණු මත මහ වැවු අමුණූ
    දෙදරවා බිම හෙළා බිම මහ කුළුණූ
    කලයුරු අවියෙන් මහසතුරන් දැමුණු
    එලෙස මහද විය ඔබෙ ආලෙන් තුරුණූ//

    අපුරුයි, මුකුත් සිතන්න එපා මෙහෙම කිව්වට, කවියත් එක්ක මමත් එතරම් පොරක් නෙවෙයි, මේ කවිය ගත්තම මුල් පද දෙක අපුරුයිම ඒ කතාව සහතික ඇත්තනේ, එක ලියලා තියෙන විදියත් නියමයි, එත් යාලුවා "නුදුටුවෙමි දුටුගැමුණු මත මහ වැව් අමුණු" කියන පදයේ නුදුටු කියන යෙදුමත් එක්කම දුටු කියන යෙතුම එද්දී ස්වර ගැටෙන විදිය බලන්න, එකලඟ එකම සිවරා දෙකක් ගැටීම් කවියේ ධ්වනි රසයට හානියක් වෙනවා, ඒ පදය මෙලෙසම ආවානම් "නුදුටුවෙමි ගැමුණු මත මහ වැව් අමුණු" කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මොකද දුටුගැමුණු හා ගැමුණු කොහොම කිව්වත් හඳුන්වන්නේ එකම රක තුමානේ, එතකොට ගැමුණු පදෙත් එක්ක අමුණු පදේ ලස්සනට එනවා.

    ඊළඟට අවස්ස්තා සිද්දි දෙක ගලපුවම ඊළඟ පද දෙකේ

    //කලයුරු අවියෙන් මහසතුරන් දැමුණු
    එලෙස මහද විය ඔබෙ ආලෙන් තුරුණූ//

    ඔකේ යුද්ද කිරිල්ලයි ආලයක් නිසා තරුණ වීමයි එකිනෙකට වෙනස් සිද්දි දෙකක්නේ, කිසියම් නොගැලපීමක් තමා එන්නේ, බලන්න මෙහෙම ආවනම් එක වචනෙක වෙනසෙන්

    //කලයුරු අවියෙන් මහසතුරන් දැමුණු
    එලෙස මහද විය ඔබෙ ආලෙන් නැමුණු//

    වෙනස තේරුනාද යාලුවා.

    හැබැයි ඒ කවිය නියමෙට දැනුනා.

    කවිය ගත්තම සඳස් නිසඳැස් කියලා දෙකයිනේ, ඕකෙන් ලේසිම මාධ්‍යය නිසඳස නේ, කිසිම රීතියකින් තොරව වචන ගලපන්න පුළුවන්, ඒත් ඒ ගැලපීමම පොඩ්ඩක් හරි වෙනස් උනොත් නිසඳැස ගධ්‍ය චේදයක් ලෙස හැඟෙන්න වෙලා යන්නේ නැහැ. නිසඳැස අපිට තිලින කලේ ජී බී දිසානායකයන්ම උන්දැත් නිසඳැස කියන්නේ නැතිව ඊකට කීවේ කාව්‍යමය ගධ්‍යය කියලා. හෙක් හෙක්

    යාලුවා අලුත් යාලුවෙක් නිසා ගහලා වට්ටනවා කියලා හිතන්න එපා, මේ නිර්මාණයේ වචන සහ ඒවායේ යෙදීම් වලඅයිතිය තියෙන්නේ ඔයාට, ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. මම කිව දේට මුකුත් හිතන්නේ නැතිව සාර්ථක ගමනක් යන්න සයිබරය තුල. සුබ පැතුම් යාලුවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියා..............

      ඇත්තට ම ඔබ කියන දේ ඉතාම වැදගත්. ඒ තුළ තියෙන අලුත් දැනුම මට ලොකු ශක්තියක් දෙනවා. කාව්‍යකරණය කියන දේ පොත පතින් ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් මම ආසයි භාවිතාවත් එක්ක ම ඒ දේ ගැන අලුත් විදිහකට ඉගෙන ගන්න.......

      අඩුපාඩු නැති මිනිහෙක් කවදාවත් දෙයක් අලුතෙන් ඉගෙන ගන්නැහැනේ. ඉතින් අඩුපාඩුවක් දැක්කා ම ඔබ වැනි සහෘදයින් පෙන්වන මග ඔස්සේ ගිහින් ඉගෙන ගන්න ලැබීම ගැන සතුටුයි. මට වගේ ම කුරුටු ගෑ ගී පවුර වෙනුවෙන් ම ඔබ දක්වන්නා වූ සහයෝගයට ස්තූති වන්ත වෙනවා සොමියා........................

      Delete
    2. //කාව්‍යකරණය කියන දේ පොත පතින් ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් මම ආසයි භාවිතාවත් එක්ක ම ඒ දේ ගැන අලුත් විදිහකට ඉගෙන ගන්න..//

      ජයවේවා යාලුවා අලුත් මානයන් සොයාගෙන යන්න. සුබ පැතුම්.

      Delete
  12. අපේ අඩවියට එක්වී පෙරළියක් කරන බව පෙනෙන අපේ වික්මල් මල්ලිට ඉත සිතින්ම සුභ පතමි...දිගු ගමනකට ආසිරි...!!!

    අසංක

    ReplyDelete
  13. ඔබේ ගී ආරට මාත් කැමතියි. වෙනසක් දැනුණා . දිගටම ලියන්න. ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකසිත........

      ඒ වචන මට ලොකු ශක්තියක්... බොහොම ස්තූතියි.....

      Delete
  14. එසේම ඔබලාගේ දිරිගැන්වීම්වලට මම මගේ ස්තූතිය පුදක‍රනව.ඒ වගේම ඔබලා පවසන අකාරයට මගේ පද්‍ය නිර්මාණ වලින් ඔබසැම වෙනසක් හා උපරිම වින්දන‍යක් ලබනවානම් ඒ මගෙ එකම සතුට බව ප්‍රකාශ කරන්න මා කැමතී

    ReplyDelete
  15. පට්ටයෝ... පට්ටයි කියන්නෙගින්දරයි...
    ජයවේවා කුරුට්ටෝ... යං යං ඕම යං...
    දිගටම යං..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...................

      ඒ වචන මාව විතරක් නෙමෙයි අපේ කුරුටු ගෑ ගී පවුරේ සියලුම දෙනා දිරිගන්වනවා කියලයි මට හිතෙන්නේ මහේෂ්............... බොහොම ස්තූතියි

      Delete
  16. නිල් උපුල් නුවන් පෙතී
    මල් විලට අගේ නැති
    ඔබ කොහෙද පබාවතී
    මා ඔබේ
    මා ඔබේ ජයම්පති //

    අත ඇඟිලි රනින් බැඳී
    කුස නිරිඳු නමින් සිටී
    අත ඇඟිලි රනින් බැඳී
    කුස නිරිඳු නමින් සිටී
    ඔබ දකින වරම් නැති
    අමතකද ජයම්පති

    නිල් උපුල් නුවන් පෙතී
    මල් විලට අගේ නැති
    ඔබ කොහෙද පබාවතී
    මා ඔබේ
    මා ඔබේ ජයම්පති

    හිත පුරා නෙළුම් පිපී
    ඔබෙ සුරත පතා හිඳී
    හිත පුරා නෙළුම් පිපී
    ඔබෙ සුරත පතා හිඳී
    මා නොවේය සක්විති
    ඔබ අහිමි ජයම්පති

    නිල් උපුල් නුවන් පෙතී
    මල් විලට අගේ නැති
    ඔබ කොහෙද පබාවතී
    මා ඔබේ
    මා ඔබේ ජයම්පති //


    ගායනය - සුමිත් මන්දනායක
    සංගිතය - රෝහණ වීරසිංහ
    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. සින්දු..........................

      මේක හරිම ලස්සන ගීතයක්. ඇත්තට ම මමත් හරිම ආස ගීතයක්... ස්තූතියි ඒ ගීතය අපේ සංවාදයට එකතු කරාට.............

      Delete
  17. වික්මල්....උඹට ලස්සන නමක් තියෙනවා අඩුම ගානේ. අසංක, තුෂාර ..ඕවා නම්ද බං..

    වික්මල් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ....................

      තුෂාර, අසංක දැනගත්තොත් අවුල් නිසා කාටවත් නොකියා ඉමු........ නැත්තම් ලැජ්ජා හිතෙයි.............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...