Saturday, October 25, 2014

ආලෙන් විය මා මුලා.....................


වැටුනත් වැසිබිදු දහසක් පොළොවට
පමණක් වෙයි එය සියුමින් මෙලෙකට
නැත කවදත් යයි වී එය නැත්තට
එලෙසම මා හද උරුමය ඔබහට

දෙනුවන් මාගේ ඇත රතුවී ගොස්
රහසකි හේතුව කල දන මහගොස්
තව නැත කදුලුත් සැම රූටා ගොස්
දනිමී මා අද ඇය මා හැ‍රගොස්

රසයකි විරහව කවි තනනා විට
ඉපදෙයි තරහව සමගින් සෝකය
කරවයි ගරහව හට තම සිතටම
වියෙකෙයි සිනහව එය අත්දුටු විට

බිය දැනේ මට යම්විටක දැනෙනා විටක බව මා මුලා
නමුදු මාසිත සැම විටක තැවෙතී සොවින් විරහව නිසා
අකමැතිය තවමත් මසිත දිවි ගෙවීමට ඔබ නැති නිසා
ඉතිරි කර දුක සමඟ ප්‍රේමය පැනගියා මා හද අරා

විටක මා කලවිටදි මා ලොව අඳුරු මාගේ නෙතු පියා
කරයි නැවතත් මැවුන ඔබෙ රුව එලිය මාලොව සැකෙවිනා
නෙතුපියන් මාගේ එවිට මට බලකරයි නිදියන ලෙසා
එවිට මට හැක දැකීමට ඇය රාත්‍රියෙ සිහිනෙන් පවා

අඩමි තැවෙමී යටිසිතින් මා නොපෙන්වා  ලොව දන හටා
නමුදු කදුලැල් නෙතුපියන් මගෙ පසාරා පැන මතු උනා
මත මගේ කම්මුල් දෙපල කදුලින් ඇදුනි නෙක රූ රටා
ලියා කවිපෙලවල් මෙලෙස මා මකමි ඇදි ඒ රූ රටා

සරින් කිංකිණි මැකෙයි දොම්නස
ලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස 
පෙරකළෙක මා ලැබූ සෙනෙහස
සිහික‍රයි ඒ කිංකිණියෙ ගොස



වික්මල් සුබසිංහ


.

31 comments:

  1. මේක පුදුමයකනේ කුරුටු.මේ පින්තූරෙම දාල මේ වගේ ආදරයෙන් මුලා වුන කෙනෙක් ගැන කතාවක් මං කාලෙකට ඉස්සර ලිව්ව (කතාවේ නම 'නංගි මම වැරදිද ?'... )මේ කවිටික කියවද්දී ඒ කතාවටම ලිව්වා වගේ දැනුනෙ . කවි පද නම් හරි අගෙයි කුරුටු ගෙ කවි කියවන්න අද ඉඳන් එන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ද හංසි......................

      ඒකනේ කියන්නේ විරහව හැමෝටම එකවිදිහට දැනෙනවා කියලා. ඒත් ඔබ කියන විදිහට මේ රූපය ම තෝරලා මේ අදහස තියෙන දෙයක් ම ලියුවානම් ඉතින් ඒක පුදුම ගැලපීමක් ම තමයි.. මොනවා වුණත් අපි එක විදිහට හිතන අය කියලා හරි ඒකෙන් දැනගන්න ලැබුණානේ......

      ස්තූතියි හංසි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට...............

      Delete
  2. ආලෙන් මුලා වූ යමෙක් නැති ලොවක් .....
    වරද ආලයද ,ආලය අවභාවිත කරන මිනිසුන්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා ඉවාන්...................... මං හිතන්නේ ඉවාන් උනන්දුවෙන් කියපු කතාවක් වගේ... අත්දැකීමක් ද මන්දා?????

      Delete
  3. කමෙන්ට් එක අයින් කලාට කමක් නෑ..කියන්න තියෙන එක කිවුවේ....

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි ප්‍රියා..........

      Delete
  5. / රසයකි විරහව කවි තනනා විට
    ඉපදෙයි තරහව සමගින් සෝකය
    කරවයි ගරහව හට තම සිතටම
    වියෙකෙයි සිනහව එය අත්දුටු විට/

    අගෙයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. විදානේ.....................

      ස්තූතියි. විදානේ කියන්නේ කවිරසවතෙක් කියලා අපි දන්නවා. විදානේගේ වදන් මාව තව තවත් උනන්දු කරවනවා කවි ගැන හොයන්න, ලියන්න සහ කියවන්න... ස්තූතියි විදානේ..............

      Delete
  6. ලස්සන කවි පෙලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්......................

      Delete
  7. හැමෝම වගේ විඳල තියෙන දේවල් නොවැ, විරහාව , වේදනාව , තනිකම ....

    අපූරු පද පෙළක් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු ඔය අදහස් අපිව තව තවත් දිරිගන්වනවා.... බොහොම ස්තූතියි හැකි සෑම විටම ඇවිත් අපිව දිරිගන්වනවාට............

      Delete
  8. විරහව කවියට කල ගෙත්තම අපූරුයි. කාලෙකින් ගොවදුන මේ පැත්තේ. සන්තෝසයි.කෝ මේ පවුරේ අසංක අයියව එලවල දාලද කස්ටිය.?? :D

    ReplyDelete
    Replies
    1. අසංකව ගහලා පැන්නුවා! තුෂාරවත් එළෙවුවා. (උන් දෙන්නට කියන්ට එපා!)

      Delete
    2. එලවන්නවත් ඉතිරි එවුන් හොයාගන්න නෑනෙ මේකෙ.

      Delete
    3. තොපි ගහල පන්නනකං ඉන්නෙ නෑ බොලව්...ඉහි...ඉහි...ඉහි...මට දුකයි...ඉහි...ඉහි...ඉහි...ඔන්න මං ගියා...

      අසංක

      Delete
    4. අසංක, බු දු ස ර ණ යි....!!!
      එහෙනං පරිස්සමින් යන්නකෝ....
      ආයේ එන්න හිතන්නවත් එපා.. ඩී

      Delete
    5. ඒයි විදාන(පතිරණයා...හිහී )...මම යනවනං යන්නෙ උඹවත් ඇදගෙනමයි...හිතුවද මම නිකම්ම නිකං මේක දාලා යයි කියලා...හික්ස්...

      Delete
    6. අඩේ............................ මං ආවා...................

      යකෝ අපි ඕන තරම් මේකේ ලියනවා. ඕන තරම් කමෙන්ට් කරනවා. ඒත් මුන් අපිට ම නේ බනින්නේ..... අසංක අයියා අපි මේකට සංධානගත වෙලා පියවරක් ගමු.......................

      @ ප්‍රියා..................

      ඔහොම හිටු..................

      @ විදාන(පතිරණ) යා...................

      උඹත් සබරෙනේ ඔය කෑගහන්නේ ගුටි කන්න තමයි හරිය... ඡන්දයක් ළග නැත්තං මං දන්නවා කරන දේ....

      මීට තුෂාර විතාරණ...

      Delete
    7. කවුද ඩො අපේ නිට්ටඹු විදානේට කචල් දාන්නේ

      Delete
    8. විදානේ මොකක් ද මචං මේ නිට්ටඹු කතාව....

      අර විදාන(පතිරණ) කේස් එකනම් දන්නවා..... නිට්ටඹු කේස් එක දන්නෑනේ.................

      Delete
  9. //රහසකි හේතුව කල දන මහගොස්// ඒකෙන් කියවෙන්නෙ මොකක් ද ?

    ReplyDelete
    Replies
    1. විරහව කියන්නෙ කවුරු අත්දැක්කද් ඇස් රතුවෙන මහා ගෝස දනවන්න තුඩුදෙන රහසක් නිසා එසේ යොදන්න ඇති චන්දන.එම තේරුම සමඟ කවිය කියෙවුවොත් තෙරුම් ගත හැකිවේවි මගේ අදහසට අනුව

      Delete
  10. හරිම අපූරුයි වික්මල්.. ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.

    "ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්... ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ගීතයෙන් කියැවෙන අදහස ඒ සමග එකතු කිරීමටත් ස්තූතියි...

      //ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.//

      නොලියා බෑනේ කියන කතා වලට..........

      Delete
  11. Replies
    1. තැන්කූ මෙන්ඩා..........................

      (කොහෛාමද අලුත් නම. මේක හොයා ගත්තේ මනෝෂ්ගෙන්........)

      Delete
  12. සරින් කිංකිණි මැකෙයි දොම්නස
    ලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස
    පෙරකළෙක මා ලැබූ සෙනෙහස
    සිහික‍රයි ඒ කිංකිණියෙ ගොස

    තාමත් අපේ අතී‍තෙ හොදට මතකයි. පද අරුත් හොදටම තේරෙනව. එළ වැඩක් වික්....

    ReplyDelete
    Replies
    1. හැහ් තරිදු මතකයි මතකයි

      Delete
  13. විරහව සංයමයෙන් විඳීමක්
    නියම වදන් වැලක්
    ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...