Tuesday, October 14, 2014

බොමුද සර්......!!!



සිරිපාල : බොමුද සර් මගේ ගානෙ අද විතරක්
ගුරුතුමා : එහෙම හොඳද සිරිපාලයො ඇත සැකයක්

සි : මොන කතාද මේ කියන්නෙ සර් අනේ
ගු : ඇයි උඹ මේ තරමට දැන් වද වෙන්නේ

සි: නම්බුව අපිට ලැබෙනව නොවැ සැලකුවොතින්
ගු : හා එහෙනම් කරමු උඹෙත් හිත සතුටින්

සි : ඔන්න වක්කරා ඔබ හට වීදුරුව
ගු : වරෙන් උඹත් හැරදමලා ලැජ්ජාව

සි: සර් එක්ක එකට බොන්න මොකද වගේ
ගු : කමක් නෑනෙ උඹ මගෙ ගැන දනියි අගේ

( දැන් දෙදෙනා මඳ පමණට පදම් වී ඇත )

සිරිපාල : සර් මචං උඹනං මහ නියම පොරක්
ගුරුතුමා (සිතින්) : යකෝ මේකා මචං කියයි හරි අවුලක්

සි : ඇයිද යකෝ උඹ කතාව නැතුව ඉතින්
ගු (සිතින්) : මූත් එක්ක තව බිව්වොත් රෙදි ගැලවෙන්

( සිරිපාල පමණක් තව බොයි. ඔහුට හොඳටම වෙරි වී ඇත )

සි : අඩෝ ගුරා තෝ ඇයි මේ ඔරවන්නේ
ගු (සිතින්) : මළ කෙළියයි මෙන්න මූට තදවෙන්නේ

සි : උඹලගෙ ප්‍රින්සිපලයා නම් හරිම කැතයි
ගු (සිතින්) : හත්වලාමෙ බේරෙන්නට බැරිම හැඩයි

සි : තෝත් වරෙන් ඌට දෙකක් කියන්නට
ගු (සිතින්) : දැන්නම් මා හට සිදුවෙයි දුවන්නට

..........................................
..........................................
..........................................

සිරිපාල : @#%&*$$!!~~%@@#

.........................................

අවවාදයයි : මත්පැන් පානය සිදුකිරීම තමන්ගේ තත්ත්වයට ගැලපෙන පුද්ගලයන් සමග පමණක් සිදු කරන්න. කවුරුත් නැතිනම් තනිවම පානය කරන්න...

අසංක ගයාන් අබේසිංහ

76 comments:

  1. හිස් අහසේ සදරැවා උන්ගේ ප්‍රින්සිල් එක්ක බිලා සර්ට වැදලත් ගියේ..(ඌ ලියලා තිබුනා)..
    මම ගමේ ගියාහම මගේ යාලුවෝ තුන් හතර ‍දෙනෙක් ඉන්නවා උන් එක්ක විතරයි බොන්නේ අනික එකට බිලා එකට ගහගන්න උන් මට අරහං.
    බ්‍රෑන්ඩ් එක ගල්
    -ස්තුතියි-

    ReplyDelete
    Replies
    1. මටත් ඒක මතකයි බං. අනේ මංද මේක මොකුත් නොලියන එක කොච්චර අපරාදයක්ද. සිකුරාද මං කතා කලා. එතකොට කිව්ව නිවාඩුවට ගමේ ඇවිත් ඉන්නෙ කිය්ලා. රෑට පෝස්ට් එකක් දානවා කිව්වා. ඒත් දැම්මෙ නෑනෙ බං.

      Delete
    2. වල් වනචර ඌරා.

      ස්තූතියි නැවතත්.

      Delete
    3. සෙක්සි පෝක්, සෙක්සි පෝක්......!!!!

      -බ්‍රෑන්ඩ් එක ඕන එකක්-

      Delete
    4. ඔව් මෙන්ඩියා...බීලා ගහගන්න එකනම් ෆුල් අවුල් තමයි...

      @ මනෝෂ්, ප්‍රියා, නිමෝ...

      උඹලගේ මේ උලව් දෙබස් මටනම් තේරෙන්නෙ නෑ මචංලා...

      Delete
    5. ආ එත‍ෙකෙොට ‍ෙමෙි බබා.!

      Delete
    6. ගෝල් ලිප් 10යි..පත්තරේටයි සින්දුටයි එන්න කියහං

      Delete
  2. ඒකනම් බොහෝම වටිනා උපදෙසක්. කොහොමත් බල්ලො එක්ක ලැග්ගම මැක්කො එක්ක නැඟිටින්න වෙනවා. ඒ බිසා අනිවාරෙන් ෂැම්පු දාල නාගන්නම ඕනි එහෙම වලාවට. මේ ළඟදි අපේ බොසාටනම් ඔය සන්තෑසියම උනා.

    ReplyDelete
    Replies
    1. මනෝෂයා නම් බොසාට ෆුල් ආදරේ ( ෆුල් ඔරොප්පු...???) වගේ...මට මතකයි ඔය බොසා ගැනම කලින් වතාවකත් කියලා තිබුනා...කොහොම වුනත් බලු මැක්කා කතාවනම් හරි...බොහොම ස්තුතියි මනෝෂ්...

      Delete
    2. අඩේ එහෙම නෑ, ඒක හරි හොඳ එකා. හැබැයි වැඩි කිරීම් වලට හොරයි. එච්චරමයි අවුල! (වැඩි කිරීම් කිව්වෙ වැඩ එහෙන්ම නෙවෙයි හොඳේ)

      Delete
    3. හැබැයි මචෝ මෙහෙ බොසාලත් එහෙමම තමයි...වැඩි කිරීම් (සැලරි ආදිය...) එහෙම අත දිගඇරලා දෙන්නෙ ආයෙ අනික් පැත්තටම...

      Delete
  3. තනියෙන් බොන එක නම් හොද දෙයක් නෙමෙඉ මැඩම්..මට නම් තනියෙන් සිගරට් එකක් වත් බොන්න බැ..කම්මැලි..
    මත් මට උගන්නපු සර් කෙනෙක් එක්ක බිල තියෙය්යි..අපි කවදත් සමෙන් නිසා අවුල් නම් නෑ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම නම් අවුලක් නෑ ආචාර්යතුමා...

      Delete
  4. අන්න හරි මචෝ, වැදගත් උපදේසයක්. බොන්න ඕනේ නම්, තමන්ගේ තරමට ගැලපෙන එකෙක් නැත්තන් තනියෙන් බොන්න ඕනේ. කිසි කරදරයක් නෑ. පාඩුවේ කරටි කැඩෙන්න ගහලා, පාඩුවේ නිදියගන්න තියෙන්නේ. හරියට මේ මං වගේ..... :ඩී

    ReplyDelete
    Replies
    1. නිමෝ එක්ක බිව්වොත් බයිසිකල් සර්කස් තමා

      Delete
    2. අනේ පල යන්න ඉවාන්.

      අපි කෑවම බිව්වම හරි අහිංසකයි.

      -බ්‍රෑන්ඩ් එක ඕන එකක්-

      Delete
    3. අන්න නිමෝ ඒ ගැන දන්නවා වගේ...කමෝන්...

      @ ප්‍රියා...

      අම්මපා බං...

      @ ඉවාන්...

      ඇයි මූ ලාස්න් ආම්ස්ට්‍රෝං ද...හික්ස්?

      Delete
  5. සිරිපාලත් එක්ක බීලා ආතල් එකක් ගනිං බං... ගුරා දන්නෑනේ ආතල් එක..

    ReplyDelete
    Replies
    1. තව ටිකක් වෙලා හිටියනං ආතල් එක ඩබල් තමයි දේශා...

      Delete
  6. මෂං ගුරා...
    වට්ෂ් හැප්ප්ප්ප්ප්ප්ප්පපපනිං...
    වයි සංතිං...
    ගමු නන්න වෙන්න....
    හිහි..
    පට්ටයෝ

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ මහේෂයත් දැම්මම බීලෝ....!!!

      Delete
  7. ඒකනෙ බං අපි බොන්නෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද උමේෂ් බොන්නෙම නෑ කියලා...??? මටනම් ෂුවර් නෑ උඹ ගැන ඕං...හික්ස්...

      Delete

  8. මේ තියෙන්නේ අපේ අලුත්ම සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  9. ඔය මුකුත් ඕන්නෑනෙ නොබී හිටියනං..නැත්ද මං අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව මචං, මොකෑ මොකෙක්වත් නඩු දායියෑ..

      Delete
    2. එකෙන්ම. හැක්! (හැබැයි මතක ඇතුව බයිට් නම් කාපල්ලා.) :D :D

      Delete
    3. ඉවර වෙනතුරු නොනවතින සටනේ!!!

      Delete
    4. උඹේ මොලේ තමයි ටිකිරි මොලේ සංචාරකයෝ...උඹ ඉන්න ඕන ඔතන නෙවෙයි...බාර් එකක...

      @ මනෝෂ්, ප්‍රියා...

      කාලයක් තිබුණා බං මම බොන උන්ටත් නැතිවෙනකම් බයිට් ඉවර කරපු...අන්තිමට බත් කාගන්නවත් බෑ බයිට්ම කාලා....හිකිස්...

      Delete
    5. /කාලයක් තිබුණා බං / ඒ ක්ිකිව්වේ ඩ්දැන්?

      Delete
    6. ඒ කිව්වේ බං දැන් බයිට් කන්නෙම නැති තරමයි...බීම විතරමයි...හිකිස්...

      Delete
    7. බා බෙද්ද, බා බෙද්ද!!

      Delete
    8. අනේ...මට මොකුත්ම තේරුණේ නෑ බං...මොකද වචනේ අනික් පැත්තනේ කියල තියෙන්නේ...මං අහිංසකයි ඈ...

      Delete
  10. සිරිපාලයා පට්ට බුවෙක් බං. නියම කවි ටික.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං අගය කිරීමට...

      Delete
  11. මගේ බ්ලොග් රෝලෙ ගී පවුරෙන් තව පෝස්ට් එකක් නම් අප්ඩේට් වෙලා තියෙනවා. ඒත් එතනින් යන්න බෑනේ. ගියාම එහෙම එකක් නෑ කියනවා.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්...................

      පොඩි අවුලක් වුණා... අසංක දාපු ගමන් ම මමත් (තුෂාර) පෝස්ට් එකක් දාලා තිබුණා. ඒක තමයි ඔය පෙන්නන්නේ... අසංක ඒ වෙලාවෙම දාලා තිබුණ නිසා මගේ පෝස්ට් එක පෝස්ට්පොන්ඩ් කරගත්තා.. ඒත් ඒක පෙන්නනවා..... දැනට කරන්න දෙයක් නැහැ. කට්ටියට මේ කවිය බලන්න ඉඩ දීලා හෙට අනික දාන්නම්..

      ඒත් ඒක අප්ඩේට් වුණ එක වෙනස් කරන්න උත්සහ කරාට හරිගියේ නැහැ. අවුලක් හිතන්න එපා......

      මං මේ බැලුවේ කවිය දැම්මට අසංක අයියා ආ ගිය අතක් නැහැ වගේ... මට මුකුත් මේවාට කියන්නත් බැහැ. මොකද ඔය බොන ඒවා ගැන මමත් වැඩිය දන්නේ නැහැ. ඒවා දන්න කෙනා ලියුවාට ආගිය අතක් නැහැ.... කොහේ ගියාද මන්දා????

      Delete
    2. තුෂාරයා...මම මේ මීටින් එකක ඉඳලා දැන් ඇවිත් මේක බැලුවේ...මේකට උත්තර දීලා අනිත් උන්ට පස්සේ උත්තර දෙන්නම්...දැන් වෙලාව නෑ...ආයෙ යන්න ඕන...මට උඹ පව් කියල හිතෙනවා බං...බීලම නෑලු...මට ඇඬුනා බං...ඕවා කලින් කියන්න එපාය...එහෙනම් මම උඹට නොදී බොන්නෙ නෑනෙ සහෝ...අහෝ...( අනේ යකෝ...උඹ තනියම හම්බවෙයන්කෝ...බොන හැටි කියල දෙන්න...හික්ස්...)

      Delete
    3. මට පෙන්නේ අසංකයි තුශාරයි දෙන්නා එකට බීලා , හා හා දැන් ගහ ගනිල්ලා ... හැක්

      Delete
    4. සිරිපාල හා ගුරුතුමා...හිකිස්...අසංක සහ තුෂාර...මරු...

      Delete
    5. හවුලෙ කැඳ නොවෑ...

      (සම්පූර්ණයෙන්ම විහිළුවක් විතරමයි යාලුවනේ...)

      Delete
    6. හවුලෙ කැඳ කෙසේ වෙතත් අපේ කුරුටු කැඳ එක නම් රහ ඇති නේ මනෝෂ්...??

      Delete
    7. එකෙන්ම, අනිවාරෙන්ම, ඒකනම් සිරාවටම අමෘතය වගේ.

      Delete
    8. බොහොම ස්තුතියි උඹට...

      Delete
  12. ඕක බ්‍රෑන්ඩ් එකේ වරදක් , ජින්ජර් බියර් බිව්වානම් කිසිම අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ජින්ජර් වුණත් බියර්නේ ඉවානයා...හික්ස්...වෙරි නොවෙන හින්දා ඉතින් අවුලක් නෑ...

      Delete
    2. ජින්ජර් බියර් වලට වචනයක් කිව්වොත් බලාගෙනයි හරී!!!

      Delete
    3. යකෝ මේකෙ බේබද්දොන්ට (අපි වගේ...) වඩා සැර මේ ඇල්වතුරත් නිවලා බොනවා කියන මේ අනික් සෙට් එකනේ බොලව්...

      Delete
    4. පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ..

      Delete
    5. උඹලට ගම්මිරිස් කිව්වොත් ගම්මිරිස් වලට කියන්නේ මනෝෂ් කියලද ඈ...හිකිස්...

      Delete
    6. හ්ම්..හ්ම්...දෙකම සැරයි. දොර ඇරල = දොර වහල.

      Delete
  13. මේ ආඛ්යනයෙන් ලියවුන පාඩමක් අපිට තිබුන මතක නෑ බන්.
    කොහොම උනත් අදහසට එකග නෑ. මම ඔය උපදෙස පිලිපැද්ද නම් මගෙ බ්ලොගේ කතා සෑහෙන්න ප්‍රමානයක් නැතිවෙන්න ඉඩ තිබුන.

    ReplyDelete
    Replies
    1. මේ කවි මේ අංගපුලාවට පාඩමට අනුව ලියන ඒවා නෙවෙයි බං...ඔහේ ලියනවා මෙලෝ රහක් නැතුව හරි...ඔන්න ඕක තමයි මගේ කවි තියරිය...ඉතිං සමහර ඒවා හොඳයි...සමහර ඒවා අජපල්...ඔන්න ඉතිං කතාව මග හැරුණා...උඹේ කතා අපිට තව බලන්න ඕන...ඒ හින්දා ඔහොමම බීපං...තබ බීපං...හිකිස්...හැබැයි සිරෝසිස් හදාගන්නෙ නැතුව ඕං...

      Delete
    2. අඩේ මං රාජ් ගේ මෙව්වා එක සම්පූර්ණයෙන්ම කියවලා දැං මාසෙකටත් වැඩියි.. ඔහෙල මක්කා කොරනවද දන්නෑ (අට දෙනෙකුත් ඉදලා) හැක්

      Delete
    3. අට දෙනා ඉන්නේ අට පැත්තකනේ විදානයෝ...ඒ හින්දා වෙන පොඩි පොඩි අවුල් සීරියස් ගන්න එපා බොලේ...හික්ස්...

      Delete
    4. ඒ් විදානයා ........................ අපි අටක් ඉන්නවා තමයි අැයි???? ෙමාකද????? ෙග්මද????

      තුෂාර

      Delete
  14. තදින්ම විරුද්දයි..

    අපේ ඔපිස් එකේ මට සමාන තව හතරයි ඉන්නේ.. ඉන් දෙන්නෙක් බොන් නෑ.. අනිත් දෙන්නා මට වඩා දෙගුණයක් විතර වයසයි. බොහොම කල්පනාවෙන් වැඩ..

    මට ඉහල තනතුරු එකයි තියෙන්නේ.. මනුස්සයත් මාසෙකට දවසක් විතර තමයි.. දැං උඹ කියන විදියට මෑන් මේක කියෙව්වම ඒ දවසත් නැති වෙනවා..

    මට පහල 30ක් විතර ඉන්නවා.. මං තෝව කනවා

    ReplyDelete
    Replies
    1. යකෝ විදානෙ රාළේ...මම තත්ත්වය කියලා අදහස් කොරේ නිලතල අනුව ඉහළ පහළ නෙවෙයි...තමන් හිතන පතන රටාවට ගැලපෙන මිනිස්සු ගැන බොල...ඉතිං ඒක නොතේරී මේ අහිංසක මාව කාල හරියනවද...???...වලාමයි...උඹට පහළින් තව 30 ක් ඉන්නවනං උඹත් මාර පොරක්නේ බං මේ අපි උඹව ගණන් ගත්තෙ නැතුවට...නේ...මාර බලගතු නායකයෙක්නේ...හිකිස්...

      Delete
    2. අම්ෙමා් ඒ කියන්ෙන් විදානයා ෙලාක්ෙකක්................ අනාථයි ඒ් අායතනය.................. පව් ෙස්වක ෙසට් ඒක......

      මීට තුෂාර විතාරණ

      Delete
  15. මං හිතන්නෙ ගී පවුරට කවිකාරිව මඟ ඇරිලා. බ්ලොග් රෝලෙත් දැක්කෙ නෑ මං.

    http://ampiyasatahan.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපේ පියසටහන් මග හැරිලා...???...මට මේවයෙ දැනුම නම් අල්පයි ඉතින් නිර්මාණ කර කර මේකෙ එබුවට...තුෂාරයත් එක්ක බලන්න ඕන...බොහොම ස්තුතියි මනෝෂ්...

      Delete
    2. හරි හරි මම තැනට ගියා.. ස්තූතියි ම ෙනා්ෂ්................. අපිට මග ෙපන්වනවාට.... අැත්තට ම හරිම සාර්ථක බ්ෙලාගයක්..... අපි උදව් කරමු..................

      Delete
    3. ස්තූතියි ගී පවුරේ... කවි කාරයෝනේ, ඒකයි හඳුන්වලා දුන්නේ.

      Delete
  16. බොමු බොමු.. මේ මොනව අහනව ද ? ඔය බෝතලේ නම් මදි මට !! :D

    ReplyDelete
    Replies
    1. අප්පේ උඹත් එක්ක බොන එක සිරිපාලත් එක්ක බිව්වට හපන් වෙයිද දන්නෑ...හික්ස්..

      Delete
  17. හි..හි.. ඒක නම් වටින උපදේසයක්.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්හු...මට නම් හිතෙන්නෙ කෙල්ලක් වුණත් තුශානිටත් මේ විදිහේ ඇබැද්දියක් කාරිය වෙලාද කොහෙද...නැත්තම් කොහොමෙයි දන්නෙ උපදෙසේ අපූරු බව නේ...හික්ස්...

      Delete
  18. "ආඬි අට දෙනාගේ බ්ලොග් එක"

    (එකෙක් මේකට කොරන එක අනික් එවුන් දන්නෑ ඒකයි)

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි...ඒක අර හරියට උඹේ බ්ලොග් එකට වෙන මළ යකෙක් ලොග් වෙලා පිස්සු කමෙන්ට් මේකට අතහැරියා වගේමයි...ඩීඩීඩීඩීඩී...

      Delete
    2. විදානයත් සිරස වගේ.. අපිව හදන්නමයි බලන්නේ..............

      ඒ වෙනුවෙන් අපේ ප්‍රණාමය උඹට

      මීට
      තුෂාර විතාරණ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...