Tuesday, October 7, 2014

අන්තිම හාදුව .......................


සීතල කොපුල් සනහා
ඉහිරෙන කඳුළු නදියේ
මතක පෙණ පිඩු අතරින්
මැවේ නු‍ඹ රුව දෙනෙතේ...............

දුන්න හසරැල් වේදනාවේ
යන්න මං මග බලන් උන්නත්
යල් පනිණ ඒ පැතුම් ගුළිකර
හිතේ පතුළෙම හංගලා...............

මගේ ජීවිත අඳුරු කුටියෙම
මගේ හිත අද තනිවෙලා
ආදරේ පෙර අංශුවක්වත්
දුන්න නම් මට ළංවෙලා..............
නුඹේ අන්තිම හාදුවෙන් මගේ
හිතේ දුක යයි දුරුවෙලා............


ඉසුරිකා චූලරත්න


.

43 comments:

  1. ඒ බං ඔය කියල තියෙන්නේ නෙක්ස්ට් ඉනිග්ස් එක පටාන් ගන්න කියල නේ... ඇතත්මෙ මේ ඒකාකාරි වචන සැට් එක කවි වලට හරි බරක්... (ඔය අය කවි ලියන්නම උපන් අයයි කියලයි මගේ උපකල්පනය) හැක්..

    ReplyDelete
    Replies
    1. දේශකයා..................

      ස්තූතියි අගය කිරීමට..................... තේරුණේ නැති දෙයක් තියෙනවා...

      //මේ ඒකාකාරි වචන සැට් එක කවි වලට හරි බරක්//

      මොකක්ද මේකෙන් කියන්නේ??? මොකක් හරි ඔබ දකින් වෙනස් විය යුතු දෙයක් තියෙනවා ද ????

      Delete
    2. මුං කවි ලියන්නම උපන්නෝ වෙමු !!!,

      (ආක්‍යාතේ ගැන එච්චර හිතන්න එපා)

      Delete
    3. ස්තූතියි විදානේ....................

      ඔය වගේ කතා කියනවානම් ඉතින් අපි ආඛ්‍යාතය අනං මනං හොයන්න යන්නෑ ............. ෂුවර්...............

      Delete
    4. මට හිතෙන්නේ දේශ කියන්නේ මේ වචන සෙට් එක ගැන.
      සීතල කොපුල්/ කඳුළු නදියේ/ පෙණ පිඩු/ නු‍ඹ රුව /හසරැල් /වේදනාවේ/ පැතුම් ගුළිකර/හිතේ පතුළෙ/ අඳුරු කුටියෙම
      තනිවෙලා/හිතේ දුක / දුරුවෙලා............

      Delete
    5. මට හිතුනෙත් දේශක අංකල් කියන්න හදන්නේ ජීවන කියනදේ කියලා.

      Delete
    6. @ ජීවන සහ අරූ...................

      ස්තූතියි මග පෙන්වීමිට....

      Delete
  2. //ආදරේ පෙර අංශුවක්වත්
    දුන්න නම් මට ළංවෙලා..............//

    චැහ් කවුද ඇත්තට මේ කෘෘෘෘෘෘෘෘෘෘෘෘෘෘරයා අහුවෙද්දෙන්කෝ ඕකව...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානෙටත් තරහා යනවා නේද??? ඒත් මං කල්පනා කරේ විදානේ ඔච්චර තරහා ගන්න ඕනේ නම් මං කොච්චර තරහා ගන්න වෙනවාද කියලයි????

      Delete
    2. ඒකනොවැ මට වැඩිපුරම කේන්ති... බ්බව් වව්.....

      Delete
    3. ඒක මිසක්..........................

      නැත්තම් මං බැලුවේ විදානි ව හොයලා විදානෙගේ සහකම්පනය ගැන කියලා ස්තූති කරන්න කියලා................

      Delete
  3. විරහ වේදනාව, විරහවේ රසය, විප්‍රලම්භ ශෘංගාරය, කවදානම් නිමක් වෙයිද. ඇත්තෙන්ම එය කෙතරම්ම මිහිරිද. මිහිරක් වන වේදනාවක් වේනම්, එය විරහවම තමයි.

    ReplyDelete
    Replies
    1. විප්‍රලම්භ ශෘංගාරය....

      හරි ලස්සන වචනයක්.. . වියෝගය නොහොත් අහිමි වීම තුළින් ජනිත වන්නා වූ සංවේදනාව විදීම මෙහි දී සිදුවේ.... යමක අහිමි වීම දුකකි.. නමුත් එයද එක් ආකාරයක විදීමක් වේ. එය නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමද එක් ආකාරයක නිර්මාණකරනයකි. එවැනි නිර්මාණයන් විප්‍රලම්භ ශෘංගාරයට අදාලයි...

      හරිම අගේ ඇති කමෙන්ටුවක් මනෝ්ෂ්......... ස්තූතියි

      Delete
  4. ලස්සනය කව, ලියනු මැන තව, තවත් පදවැල් අමුණලා හෙට.... ! :)

    ReplyDelete
    Replies
    1. ඔබේ ඒ වදන්...
      ඒවි දිරි අරන්...
      ඉතින් නොහැකි ද පද බඳින්නට
      කවි කතා පැල් බැදන්...........

      Delete
  5. අන්තිම හාදුව හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නලියා සිද්ධිය දන්නවා වගේ.............

      Delete
  6. එබි එබි දුකෙහි සුසුම් හෙලමින් හඬනා පවුරට ආමී
    තැබි තැබි සටහන් කියවූ කල් මේමා පදිමුත වීමී
    නොබි යව සොම්නස් වෙයන් පියඟනියේ හිත කාමී
    අබි නව දිවිය සතුටින් හිදින් මා සුබ පැතුමන් පාමී

    සිඹ තොල් යුග්ම අනුරාගෙන් මන්මත් කරවූ ද
    අඹ ඵල වගෙම මිහිරසයෙන් ගතසිත පිනවූ ද
    සබ යේ අපව මෙලිසින් හොල්මන් කරවු ද
    නුඹ හාදුවක් ඉල්ලා හඬවන ඒ ඔහු කව්රූ ද

    සිතු විලි වෙන්නෙ ලොව පෙම් ගඟ කළඹවන නල
    කිති කැවි යන්නෙ සියොළඟ ඔහු වැළඳ ගත්ත කල
    පති නිය යන්නෙ අරුත නුඹ විඳිනා මොහොත තුල
    ඇති වෙද දන්නේ නැහැ මමනම් එක හාදුවක බල

    ReplyDelete
    Replies
    1. හරිම අගේ ඇති කවියක් සොමියා........ ඔබ සතු කවි හැකියාව ඉතා ඉහළයි.. ඇත්තටම මෙවැනි පද පෙළක් ගොතා කමෙන්ටුවක් ලෙස සටහන් තබන්නට තරම් ඔබ නිහතමානී වීම ගැන ඔබට අපේ ප්‍රණාමය සොමියා..........

      ඇත්තට ම ස්තූතියි අපේ කවිය තව තවත් රසවත් කරාට..........

      Delete
  7. ඇත්තටම ආදරෙන් අංශුවක් හරි හරියටම දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද ?

    ReplyDelete
    Replies
    1. අන්න ඉවාන්ට ඒක තේරුණා........ මං දැනන් හිටියා ඉවාන් ඕවා දන්නවා කියලා....................

      Delete
    2. හෑ ...... :O , හපොයි කාටවත් කියන්න එහෙම එපා :D

      Delete
    3. කාට කියන්න ද ඉතින් දැනටමත් විදානයා එහෙම සිද්ධිය දන්නවා.. ඒ කියන්නේ බීබීසී වගේ තමයි...................

      Delete
  8. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    කිළිපොළා සැලී යමින් නොහයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

    ReplyDelete
    Replies
    1. කපුගේ මහත්තයාගේ හඩින් රසවත් වුණු මේ ගීතය ඇත්තටම හදවතට කතා කරපු ගීතයක්. විශේෂයෙන් ම තරුණ හදවත් වලට...... නමුත් මේ ගීතයේ අර්ථය ගැන කතා කිහිපයක් ම තියෙනවා... අපි බලමු අපේ සගයෝ ටික ඒ ගැන මොකද කියන්නේ කියලා....

      Delete
  9. මට නම් ආදරේ අංශුවක් වැඩක් නැහැ.සම්පුර්ණ පිරුණු ආදරයක් මිසක.මොකද එහෙම නැතිනම් නිතරම හිතෙන්නේ අර තියෙන අංශුව ගැන නෙමේ නැති ටික ගැන.

    ReplyDelete
    Replies
    1. මනෝජ්..............

      ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඒත් අංශුවක් වත් නොලැබුණහම මෙහෙමත් හිතෙනවා......

      Delete
  10. ආදරේ බිඳක් ඇති සසරම සැනසෙන්න!

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ සාක්ෂි................. ප්‍රියාට තේරෙනවා අපි කියන්න උත්සහ කරපු දේ... අත්දැකීමෙන් වෙන්ටෑ

      Delete
    2. /ආදරේ බිඳක් ඇති සසරම සැනසෙන්න!//
      උඹ බිංදුවක් තියාගෙන මට ඉතුරු සේරම දෙන්න කියපිය

      Delete
    3. මෙන්න ප්‍රියා...................... විදානයා පවුල් කඩන්න පටන් අරාාාාාාාන්

      Delete
  11. උන්මාද සිතුවම් මැවී පෙනේ
    මීදුම වලා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම්ගේ
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කොට සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ
    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
    හඞා වැටෙන් සිත සදාසරණ මට
    තනිවේවි එක්ටැම්ගේ
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කොට සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ

    පද රචනය : සුනිල් ආරියරත්න
    ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්.................

      කවියේ රසය තවත් වැඩි කරන්නට කරපු එකතු කිරීමට............

      Delete
  12. කුසගින්නෙ ඉන්න කෙනෙකුට පාන් වාටියක් ලැබුනත්, ඒක රජ බොජුනක් වගේ ... ආදරයත් ඒ වගේ... අංශු මාත්‍රයත් මහමෙරක් වගේ දැනෙනවා. හැබැයි බොහෝ වෙලාවට විරහ වේදනාව විඳින්න වෙන්නෙත් , ඒ අංශු මාත්‍රික මායවට ‍රැවටෙන නිසා වෙන්නැති ...

    කොණහන්න එපා
    විටින් විට
    සුවයක් යැයි සිතා එය...
    ආයෙත් පෑරේවි
    සුව වෙමින් තිබු
    තුවාලය...

    ReplyDelete
    Replies
    1. සඳරු...................

      හරිම වැදගත් අදහස් ටිකක්.. වගේ ම ලස්සන කවියක්........... ස්තූතියි සඳරු අදහස් දැක්වීමට..............

      Delete
  13. අමතක කරපු හංගලා තියපු හිතේ කෝනක සියුම් රිදුමක් ඇතිවෙලා නැතිවුනා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අපි හැමෝට ම එහෙම අත්දැකීමක් තියෙනවා.. සංජීවට ඒක මතක් වුණ එකත් අපිට සතුටක්. මොකද ඒකත් එක ආකාරයක විඳීමක් නිසා...........

      ස්තූතියි සංජීව

      Delete
  14. ආදරේ ඇතුලේ සතුට වගේම දුකත් තියෙනවලුනේ ... පද වැල් ටික නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...........

      හැමදාම වගේ අපේ කවිපද අගය කරමින් අපිව දිරිගන්වනවාට..............

      Delete
  15. ගිමන් හරින දියඹ දිගේ..
    සුසුම් හෙලන වෙරල ඉමේ..
    බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

    හිත් දැහැනේ වෙලී තිබුණු..
    නෙත් දැහැනේ ගලා හැලෙන..
    මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ..
    කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ...

    නිල් කටරොළු නිල නැහැවුන..
    මල් ගව මෘදු සුව රැදවුන..
    තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ..
    නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ..

    ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
    පද රචනය - ජානක සිරිවර්ධන
    සංගීතය - අරුණ ගුණවර්ධන

    ReplyDelete
    Replies
    1. සින්දු ....................

      මේ ගීතය ගැන හිතේ තියෙන හැගීම හරිම රසවත්... ඇත්තට ම මේ ගීතය හිතට දැනුණ ගීතයක්.. ඒ වගේ ම රසවත් පදවැලක්. අමරදේවයන්ගේ හඩ ගීතය පුරා මහා බරපතල හැගීමක් ජනිත කරවනවා.......

      සින්දු ඇනෝ මේ ගීතය ම බාචි සුසාන් කියන එකකුත් තියෙනවා. මේ ගීතය අමරදේව ශූරීන්ගේ තමයි. ඒත් මොකක් හරි වැඩසටහනක දී බාචි මේ ගීතය ඉතා මිහිරිව ගායනා කරනවා. ඒ ගීත දෙක එකවර ඇසුවාම දැනෙන වින්දනය හරිම මිහිරියි.................. ටිකක් හොයලා බලන්න... ගීත දෙකම රසවත්..............

      Delete
    2. https://www.youtube.com/watch?v=RZiRVVKiXkw

      Delete
  16. ආදරේ කරනකොට දුක සතුට දෙකම තියෙන්න ඕනෙ.මොකද නැත්නම් කිසි රසයක් නැහැ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...