Friday, December 5, 2014

යථාර්ථය ..................................



ඡන්දය අත ළගය
කෑම බීම අැති පදමට
අැමතිතුමාගේ ගෙදර
වෙනසක් නෑ කිසිම
ඔබ මොබ යති
හෙට යති මෙහෙට යති
තමන්ගේ නිවෙස මෙනි
සිපගනිති වැළදගනිති
මහත් අාදරයෙන්
ඡන්දය දිනූ දා සුරපුරයකි
අරක්කු විස්කි බ්‍රැන්ඩි
අැති පදමට බීමට
ඡන්දයට පසු දින
චීන ප්‍රාකාරයට පමණක් දෙවැනි
කළුපාට ගේට්ටුව
මුර කරති 
මුර සෙබලුන්
යා නොහැක අැතුළට
කළුපාට වීදුරු වසාගත්
මිල කළ නොහැකි මොන්ටෙරෝවේ 
ගමන් කරති
ගිනි බටයන් අමෝරාගත් 
යුධ සෙබලුන් පිරුණු
ජීප් රථ දෙකකට මැදිව
අැමතිතුමාගේ නිල රථය
.
.
.

සුරංග ස් විජේසූරිය


50 comments:

  1. තමා කාරිය කෙරෙනතුරු පණ ගලවා අතට දීම අපේ ජාතික මිනිස් ස්වභාවයකි. ඉන්පසු පැත්ත පළතකවත් නැත. අත්දැකීම් එමට ඇත. ඒවා මෙතන කියලා වැඩක් නැත.
    ඒක නෙමෙයි, කෝ අර “ඉංග්‍රීසි වෙස්ගත් අමු සිංහල ගැහැණු“ ද මොකද්ද එක?

    ReplyDelete
    Replies
    1. මාධවී උදේ පාන්දරම අැවිත් තියෙන්නේ... ස්තූතියි කතාවට

      අා.............. ඒක තුෂාර ලියපු ඒකක්. ඩ්‍රාෆ්ට් කරන්න යද්දි පෝස්ට් වෙලා අයින් කරාට ඒක පෙන්නුවා නේද,,,?? ඒක ඉක්මනට ම දාන්නම්..............

      Delete
    2. ඒක නොදාම හිටහං.. විලිලැජ්ජයි බොලා මගෙන් අහගන්නවා ඒකට නං.. හැක්

      Delete
    3. අා..................... ඒ ගැන දේශනා තියන්න ද ලෑස්තිය????

      Delete
  2. මේක නිකං කතාවක් නේ.. ඇති දෙයක් නෑ.. රූපක භාවිතයක් ඇත්තේම නැහැ.. කටට ආවට වචන කිව්වට ඒවා කවි වෙන්නෑ අනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දේශකයා කවි ගැන හොදට දන්නවා නෙවැ... බැරිද අපිට දේශනාවක් තියන්න කවි ලියන ඒක ගැන.....................

      Delete
    2. දන්නවා ටිකක්. ඒක දේශන තියන්න තරං මදි.. හැක්..

      Delete
    3. ඇහ්.. අමතක උනා කවි ගැන මං මීට කලින් පජාත දේශනාවක් කළා.. බොලාගේ රෙජිමේ අයත් ආවා ඒක බලන්න.

      http://deshakaya.blogspot.com/2014/05/blog-post.html

      Delete
    4. අඩේ දේශා දන්න දේවල්......................

      මේ ඒක නෙමෙයි කවියක් ලියමුද බලන්නත් ඒක්ක????

      Delete
    5. යට ඉදන්
      උඩ ඉදන්
      මම ලිව්ව
      බම්බුව

      Delete
    6. හා................................ මිනි කවියක් නොවැ.........

      ලියමුද සදැසක්............. පද හතරක......

      Delete
    7. උඹ හිතුවද මෙත්3 වගේ මාත් එක එකා කියන විදියට නටන රූකඩයක් කියලා. දැන් ඇති.. සාකච්ඡාව ඉවරයි කියන්න

      Delete
    8. දේශා හා එකඟයි.. මේක දාන්න කැටගරියක් මම මේ කල්පනා කලේ..

      Delete
    9. යකෝ මෙන්න වැඩක්..................... දී කිරට බළලුත් සාක්කි කියනවා නොවැ................ හරි මාතා දැන් උඹ මොකක් ද කියන්නේ මෙතන????

      Delete
    10. දේශා.........................

      මචං කවුද මෙත්3 කියන්නේ?????????

      Delete
    11. මචං දේශා----------------------

      මේක රහසින් කියන්නේ හරිය (යකෝ ඔය රෙජීමය කියන කතාව සභාවේ ස්ථිර වෙයිවත්... )

      Delete
    12. මටනම් මේකෙ අවුලක් නෑ. හිතට ආපු පදවැලක්. සමාජ ‍යථාර්තයක්. ඔය කවුරු කවුරුත් ලියන්නෙත් ඕවම තමයි. වෙනසක් නෑ.

      Delete
    13. අන්න අපේ සහයට ඉන්නවා මනෝෂ්............. හා දැන් කවුරු හරි මොනවා හරි කියමු බලන්න.... හැක් හැක් හෑ............................

      Delete
  3. ඔය කොයි එකා ආවත් ඔහොම තමා.. අහස උසට පොරොන්දු දීල පස්සෙ උන්ගෙ බඩ කට පුරෝගන්නව විතරයි..

    ReplyDelete
    Replies
    1. අනිවා................... සංචාරකයා..................

      කවුරු අාවත් ඔය සෙතේම තමයි නේද????? ඒත් අපි මේක හැමදාම බලාගෙන ඉන්න ඒකද කරන්නේ???

      Delete
  4. සූරිය උදාවන තුරුපිණි බෑවිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් සැලකිල්ල.

    හිහි මට කවිය නංමතක නෑ ඒත් කුරුටු කවිය නං අපූරුයි
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්......................

      කතාව අැත්ත.. වැඩේ කරගත්තාට පසුව කාටවත් ඒ දේවල් අවශ්‍ය නැහැ........................

      Delete
  5. ඉතින් එහෙම නොවුනනම් අපේ රටේ ජහමනායට ඔහු දේශපාලඥකයෙකු නෙවෙයි නේ.. එහෙම නොවන මිනිහෙක්ට ජීවිතේට ඡන්දෙ දෙන්නෙ නෑ. අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවට මේ සංකල්පය කාවද්දලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් සම්පූර්ණ අැත්ත මනෝෂ්............

      අපි දැන් පුරුදු වෙලා ඉන්නේ දේශපාලකයන්ගේ වැඩ වලට... තව විදිහකට කිව්වොත් අපි ම තමයි මේ විදිහ දේශපාලකයෝ හදන්නෙත් නේද???

      Delete
    2. අන්න හරි. කොටින්ම මේ රටේ මර්වින් සිල්වට, එස් බීට ඡන්දෙ දෙන එඋ තාමත් ඉන්නවනේ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ රටේ තරම.

      Delete
    3. ඡන්දෙ ලං වෙන්න වෙන්න මහා තනතුරු වල ඉන්න දේශපාලනඥයින් කියන කතා අැහුවාම මේක හීනයක් ද කියලත් හිතෙනවා මනෝෂ්.............. මෙයාලා ඡන්ද වෙනුවෙන් ගැලරියට කතා කරන්න ගියාම අහගෙන ඉන්න අපිට දැනෙන ලැජ්ජාව අැයි මුන්ට දැනෙන්නැත්තේ කියලා හිතෙනවා.................. ලැජ්ජා හිතුණම ටීවී ඒක වහලා ටිකක් වෙලා ඉන්නවා... වෙන මොනවා කරන්නද???

      Delete
  6. හැමදාම වුනේ ඕකනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්................ හැමදාම වුනේ මේක තමයි ... ඒ කියන්නේ අපි හැමදාම වෙන්න අැරලා බලාගෙන හිටියෙත් මේකම තමයි.................

      Delete
  7. ඩෝන්ට් වොරි මයි සන්, මේවා සාමාන්‍යයි. එහෙම නෙමෙයි නම් තමයි කලබල වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න නිමෝ අායෙමත් අැවිල්ලා.. ඒ කියන්නේ මේ දවස් වල අතුරුදහන් වෙන්න අමතක වෙලා වගේ (විහිළුවට හරිය)

      කියලා වැඩක් නැහැ නිමෝ.............. මේවාට කලබල වෙනවා නම් ඉතින් රටේ වෙන දේවල් වලට ඒල්ලිලා මැරෙන්න තමයි වෙන්නේ නේද???

      Delete
    2. හැමදාම හැමදේම දකිනවා බං, කොමෙන්ට් කරන්න වෙලා නැති උනාම, එකම පොස්ට් එක 10 සැරයකට වඩා කියවන්න උනාම මොකෝ බන් කරන්නේ,

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    3. - යකෝ දැන් උඹත් ගල් වෙලාද????? - මං හිතුවා අහිංසක කොල්ලා කියලා................... ගල් බැරිවුනොත් පොල් හරි දෙන්නම් කෝ...................

      Delete
    4. ඡයවේවා නිමෝට
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. ඔන්න අනිකත් අැවිල්ලා.................... යකෝ ගල් ගහන්න තමයි දැන් වෙන්නේ........

      Delete
  8. යතාර්තෙනෙ ඉතින්... :D :D

    ReplyDelete
    Replies
    1. ඔවු සුසී ......................

      යථාර්තවාදී ව කල්පනා කරලා සද්ද නැතුව ඉන්නවා ඉතින්...............

      Delete
    2. යතාර්තවාදීව හිතලා සද්දේ දාන එක අද කාලෙ අනුව යතාර්තය නෙමේ..එය හුදෙක්ම බයිස්කෝප් සම්ප්‍රදාය සීමා වන්නකි.. :D

      Delete
    3. සුසී ඡන්දය කාලේට දාන සද්දි දිහා බැලුවා ම කණගාටු හිතෙනවා.......... හරිම ප්‍රාථමික දේවල් කියනවා දේශපාලනඥයින්...... ඒ අය කතා කරන්නේ රටේ බහුතරයට..... ඒ නිසා ඒ තර්ක හරිම බොලදයි...... මෝඩයි............. ඒ තර්ක දිහා බලලා ඡන්දය දෙන ඡන්ද දායකයා පාලකයන් විදිහට තෝරාගන්නෙත් මෝඩ බොලද නායකයන්............ ඉතින් හැමදාම රට මෙතන............

      Delete
  9. අපේ මිනිස්සු හරි කැමතියි පියරු බබාලට සැප දීල ඒ විදියට තියා ගන්න. ඒ මිනිස්සු පිං වන්ත නිසා එහෙම සැප විදිනවා කියල හිත හදා ගන්න. හැබැයි අපිට ඒ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔටූ.............. (මෙහෙම කිව්වට කමක් නැහැනේ........... ටිකක් අවුල් වගේ....)

      මේ ක්‍රමය හදලා තියෙන්න ජනතාව විසින් පාලකයා හසුරුවන්නයි.. ඒත් සිද්ධ වෙන්න පාලකයා විසින් නැවතත් ජනතාව කඩේ යැවීමක් පමණයි..................

      Delete
  10. හැමදාම උනෙත් ඕකයි, අපේ මිනිස්සු රැවටුනෙත් ඕකටමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්..............................

      ඒක පාරක් දෙපාරක් රැවටෙන්න පුළුවන්........... ඒත් හැමදාම............... අනේ මන්දා.............. දිනේෂ්............ මං කලින් වැඩ කරපු තැනකට අාපු ගෑණු කෙනෙක් අපිට කිව්වා අනේ සර් මට මේ ළමයාව හදාගන්න බැහැ... මං මිනිහෙක්ට රැවටිලා තමයි මේ ළමයා හදාගත්තේ...... ඒ නිසා මේ ළමයා කාට හරි හදාගන්න දෙන්න කියලා............. අපි ඉතින් උසාවි දාලා ඒ මනුස්සයාට සහනයක් අරන් දුන්නා... හරියට ම අවුරුද්දකට පස්සේ අායෙම දරුවෙක් අරන් අැවිත් කියනවා අනේ සර් මං අර මිනිහට අායෙමත් රැවටුණා. කියලා.............. පිළිගන්නවාද දිනේෂ්........... තවත් අවුරුද්දකට විතර පස්සේ අායෙමත් ඔය කතාව ම කියාගෙන දරුවෙක් අරන් අාවානේ........... ඉතින් අපි මොනවා කියන්නද????? ඒ ගෑණු කෙනා ඒ මිනිහාට ම ඔය තරම් දෙන්න රැවටෙන ඒකේ අපේ දේශපාලනඥයන්ට ඡන්දයක් දෙන්න රැවටෙන ඒක අහන්නත් දෙයක් ද ?????

      Delete
    2. ඒක එල ද බ්‍රා කතාව..
      හිත හොද ගෑනි

      Delete
    3. හරියට හරි සංජීව.................

      Delete
  11. එල ද බ්‍රා
    ඔන්න ඔය ඇත්ත නිසා තමයි දේශපාලන ලිපි වලදි අපි පොඩි ළමයි විදිහට ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ තත්වයට රටේ ජනතාව දැන් පත් කරලා තියෙන්නේ............ ඉතින් කවුරුත් මේ ගැන කතා කරන්න අකමැතියි................

      Delete
  12. මට පුද්ගලිකවම අත්දැකීමක් තියෙනවා..
    2009 චන්දේ කාලේ පු** අමාරුවට ගිහින් උදවූ කරද්දි එක මේසේ කාලා එක බෝතලේ බීල උබ බං බොලං කියාගෙන හිටපු දැන් ඇමැත්තෙක් මුලින් උප වෙච්චි එකෙක් ඉන්නවා මේ ලඟකදි අහම්බෙන් හම්බෙලා උගේ සෙකා සර් මේ අර අපිත් එක්ක... කියල කියද්දි "ආ, ඔව් මට ටිකක් මතකයි" කියපි.. ආපු ලැජ්ජාවට 'ටිකක් හරි මතක තිබ්බ එක ලොකු දෙයක්.. නේ මචන්" කියලා ඌ ඉස්සරහම සෙකාට කියල හැරිලා ආවා.. නොදකින් වේ** පුතාල..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ කමි..........................

      මුං සත්තු වගේ ජාතියක්.......... මිනිස්සුන්ගේ කරෙන් ගියාට ගිය විදිහ අමතක වෙනවා සතියෙන් දෙකෙන්................... ඒහෙම අය අපේ අවශ්‍යතාවයන් කොහොම ඉෂ්ට කරන්නද?????? අැයි මේ අය යවලා
      ....................

      Delete
  13. අන්දරේල විසින් චන්දරේලාව රජකරවන නොනගතය.

    යථාර්ථය: අපූරු පැතිකඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගම............................

      ඔබව සාදරයෙන් පිළිගන්නවා................. හරිම සතුටුයි ඔබ අලුතෙන් ඒකතු වීම ගැන............... දිගට ම අපි කතා කරමු.......................................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...