Friday, December 19, 2014

කොට්ට......



කාලයක් නිදාගතිමි...
එකම කොට්ටයක
වැරදි ඉරියව්වක


ඇමැට්ටි වී බෙල්ල...
මාරුකළෙමි කොට්ටය
ඊට චුට්ටක් වෙනස් එකකට


සනසාගතිමි හිත...
මාරු කළෙමි ඉරියව්ව...
සිටියෙමි තවත් කාලයක්...
ඒ හිටි ඉරියව්වේම...


ආයෙත් ඇමැට්ටි වීය බෙල්ල

එහෙත්...තේරුණේ...

වයසට ගොසින්...
ලොඹු හපන කලය
මෙතුවක් කල් මාරු කර ඇත්තේ...
කවර මාරු කළ එකම කොට්ට බව

වරද කොතැනද...

කොට්ට තෝරාගත්...
ඉරියව් වැරදූ...

මා තුළම මිස...


අසංක ගයාන් අබේසිංහ

34 comments:

  1. ආහා මට තේරුණා හොරේ
    එහාට මෙහාට පයින අයට ඔයත් රැවටුනා නේද...
    හී හී...
    අහුවුනා හොරේ...
    කුරුට්ට විතරක් නෙවී අපේ රටේ හම්බානක් සැවටිල ඉන්නෙ අලේ...
    ඔව්ව්ව්ව්ව්ව්ව්

    ReplyDelete
    Replies
    1. උඹහැ නම් නියමයි මහේෂයෝ...හොර අල්ලනන මාර දක්ෂයිනේ...අපේ පොලෝසිය වගේම වේ මැයි...

      උඹ හරි මහේෂ්...අපි ජාතියක් විදිහට රැවටි රැවටි ඉන්නම පතාගෙන ආපු එවුන්ද කොහෙද...

      Delete
  2. නිර්මාණශීලී පද වැලක් .. හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...

      Delete
  3. මහේශයාගෙ කොමෙන්ටුව නොදකින්න වයසට ගිහින් ලොඹු හැලුනත් මං හිතන් ඉන්නෙ මේක මේ කොට්ට මාරුවක්මයි කියල.. හැක් හැක්.. බලනකොට පිළ් මාරුවක්නේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔය අපි හැමෝටම තියන ගැටළුවක් කමියා...ඔබටත් මටත් එය එසේමයි...ගොඩක් කල් යනකම් වැරැද්ද තේරෙන්නෙ නෑ...මේකෙ මම කියන්න හැදූ යටි පෙළ අරුතින් එක් දෙයක් හෝ නිවැරදිව තේරුම් ගත්තට ස්තුතියි...ඒත් මේකෙ ඔය කියපු දේත් ඇතුළත්ව තව බොහෝ තේරුම් හිතේ තියාගෙනයි ලිව්වේ...මේ පද පෙළෙහි තේරුම් ඔබට කැමති අතකට කරකවාගන්න පුළුවන් ඒ ඒ තත්ත්වයන් අනුව...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  4. මේකත් ඒවගේ .......

    මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
    බිම් හෙව්වා නොවැ රාළේ
    කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
    හති වැටුනා නොවැ රාළේ
    රාළේ රාළේ
    මහතැන දොඩවන බේගල් අහලා
    තව රැඳෙනුද මෙහි රාළේ
    පැඟිරා පන්නල පුස්සව බැඳලා
    ගාටනවද අපෙ රාළේ

    රාළේ බැඳපන් අපෙ පැඟිරා
    රාළේ බැඳපන් කිරිපුස්සා
    අපෙ පැඟිරා..කිරිපුස්සා

    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව

    ReplyDelete
    Replies
    1. යකඩෝ මේ ඇවිත් ඉන්නෙ සින්දුවා...සත්තකින්ම නියමයි සින්දු ඔබනම්...කියන්න දෙයක් නෑ...අපිනම් ඉතින් සදාකාලික රාළලාම තමා...

      Delete
  5. කොට්ට සෙට්ටපෝච්චි කරගන්න එපා හැක්..

    ReplyDelete
    Replies
    1. අනිවා දේශකයා............. අනිවා...................

      Delete
  6. ඇයි හිටපු හිටපු ගමන් අවුවට දාල එහෙම ආයෙ අරන් බැලුවෙ. ඒත් සෙතක් උනේ නෑ නොවෑ..

    බලමු කවද්ද හරි කොට්ටෙ තෝරගන්නෙ කියලා.

    නියමයි අසංකයෝ...ඇට්ටි හැලෙන්නම ලියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝෂ්..........................

      අපි හැමෝම හැමදාම ඒකම දේට රැවටෙනවා...... මොනවා කරන්න ද අවුවට දැම්මා කියලා කොට්ටේ වෙනසක් වෙන්නෑ...................

      Delete
  7. ආ මේ ඉන්නේ අසංකයා .... උඹ පේන්න නැත්තේ කොට්ට පැනලද කොටු පැනලද ?

    ReplyDelete
    Replies
    1. කොට්ට, කොට්ට, කොට්ට!!!

      Delete
    2. කොටු කොටු කොට්ට............ අැයි ?????????????? පනින හැටි අහගන්නද?????

      Delete
  8. සමහර විට මේ පාර කොට්ටේ අවුවේ දාල ගත්ත වගේ තියෙයි! :-)

    ReplyDelete
    Replies
    1. තියෙන තත්වය මොකවත් හිතාගන්න බැහැ හිමාල්........... අනේ මන්දා.......... බැහැයි අර අැමෙට්ටි කරපු ඒකේම නිදාගන්න අපේ කට්ටිය තෝරාගත්තේ නැත්තම් ඒච්චරයි................ මොකද මෙහම තවත් අවුරුදු කීපයක් ගියෝත් ඔය කොට්ටෙ අපි උඩ නිදාගන්න තත්වයට ඒනවා...........

      Delete
  9. පෂ්ට අදහස! අර අස්සෙ වතුර පුරෝපු කොට්ටයක් ගත්තනං හරි නේද අසංක? මං කියන්නෙ වෙනසකටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මාධවී මෙහෙම ගියොත් කොට්ටෙ පුපුරලා අැතුලේ තියෙන වතුර වලින් හීනෙන්ම නෑවිලා යනවා.......................

      Delete
  10. එකම කොට්ටේ දෙපැත්ත මාරු කර කර නිදාගන්න වෙයි තව පරම්පරා ගානකට.. නිර්මාණය ඉස්තරන්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත්,මතකද ඉස්සර ජවිපෙ කාරයෝ කිවේ කාලෙකට කොළ බෝතලේ වස බොනවා,තව කාලෙකට නිල් බෝතලේ වස බොනවා.බෝතලේ වෙනස් වුනත් බොන්නේ වසමයි කියලා.

      Delete
    2. @ මාතලන්......................

      මාතලන් මේ ඡන්දයෙයි වැරැද්ද තියෙන්නේ........... මේක දැන් වෙනස් වෙන්න ඔ්න.... පක්ෂ මාරු කරා කියලා කිසිදෙයක් වෙන්නෑ.............. පක්ෂය මාරු වුණා කියලා මොකක් ද වෙනස ඒ් අැමතිලා ටිකමයි........... ඒ් නාඩගම්මයි........................ මෙහෙම ගියොත් රැසියාවේ වුණ දේ මෙහෙත් වෙනවා....................

      Delete
    3. @ මනෝජ්..................

      කතාව අැත්ත මචං.............. ඒත් ඒයාලා අපිට රතු ෙබා්තලේ වහ බලෙන්ම පෙන්නුවා 88/89 කාලේ......... ඒක ඒයාලට අමතකයි.... හැබැයි අපිට මතකයි..................

      Delete
  11. එල ද බ්‍රා..දෙන එක දිලා හොම්බෙන් යන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා............... හෙට අනිද්දා මෙයාලා අපිට හොම්බෙන්වත් යන්න බැරි තැනට දෙනවානේ..............

      Delete
  12. කොට්ට මාරු කර කර ඉන්න කාලෙ කෝට්ටේ පැත්තකින් තියල හොඳට නිදා ගන්න තිබ්බ... අපරාදෙ .... මරු කවිය. :D

    ReplyDelete
    Replies
    1. හංසි කියන කතාවත් අැත්ත නොවැ............. ඔය විකාර බල බල ඉන්න වෙලාවේ අාතල් හීනයක් බැලුවානම් හරි නේද???

      Delete
  13. හපුච්චියේ...ඇති යන්තම් මේ දවස් වල පොදු මාතෘකාව ගැන ලියාපු එකක් වුනේ. මහේෂ්ගේ කොමෙන්ටුව දකිනකල් මම දැක්කේ වෙනස් අරුතක්..

    ReplyDelete
    Replies
    1. දිලිනි දැකපු පැත්තෙත් වැරැද්දක් ම නැහැ....... මේක උවමනා පැත්තකට හරවලා ගත්තාට වැරැද්දක් නැහැ............... තම තමන් දකින විදිහට තමයි ඒ

      Delete
  14. මේ ටිකේ කියන දෙයක් කියහං මචෝ... තව සති 3 ක්වත් නෑ. මොකුත් නොවුනත් කොට්ටෙ අව්වට දාලා ගන්න ලැබුණු එකවත් මදෑ කියලා හිත හදාගමු.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් අැත්ත............ කොච්චර කරත් මේක ලංකාවනේ.......................

      Delete
  15. නිවාඩු පාඩු වෙලාවක ඕකුන්ගේ කොට්ට තලන්න ඕන..

    බු දු ස ර න යි !!!

    විදානේ..

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි විදානයා අනාත වෙලා................ මචං මොකක්ද කේස් ඒක නිට්ටඹු ගිහිං මාට්ටු වෙලා අැඩ්රස් නැති වෙන්න විදානි දුන්නාවත්ද????? යකෝ අර කන්ද උඩ අටවපු අට්ටාලේ රූපේ කොහාට උනාද????

      අනේ පව් විදානේ.................. අපේ සාතිශය සංවේගය...............

      කුගැගීප සහෘදයෝ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...