Saturday, December 13, 2014

ස්වයං විවේචනය.................................



නොඇසුනී මට බුදුන්ගෙ හඬ
දහම විය එනමුදු මගේ ලොව
කර ඇතිය මා බොහෝ සේ පව
දිවුරුවත් ලෙස නොකරනා එය

අන්ධ වී රාගෙන් කුරිරු ලෙස
නොපෙනෙ අද  මාගේ දෑස් දෙක
නොදකිමි පින නිසා මෝහය
දක්කතී මගෙ පා නිරය වෙත

රුචිකමක් නැත මල් පුදන්නට
මහ හඩින් බුදුගුණ වැයීමට
මන්ද යත් මා සුදුසු නැති බව
දනී මා සිත අපිරිසිදුබව

ගෙවූවත් දිවි සමග රජ සැප
ලැබූවත් සුර බොජුන් නොඅඩුව
හිගන්නෙක් විය නොලැබ මොක්සුව
අතරමං විය නොදැන සසර කොන

ගිනිදළු ද අසූචිද පෙනෙයි මහ දුක් ගෙනෙන
නොතෙරුනෙ ඇයි පාපයෙ මහා(අ)පල
මරණ මංචකයෙ සිහි නැගුනු එකුසලය
කුසලයක්දැයි සැකය ඇත මට

නිවන නම් වූ මහා සම්පත
සදහා දේපළ උවමනා නැත
කුසල් පමණක් කිරීමට ඇති
මහ අමාරුව කිමද ලෝදන



වික්මල් සුභසිංහ


.

19 comments:

  1. මේ යථාර්තය තේරුම් ගැනීමට කොතෙක් කල් නම් බලා ඉඳීවිද..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ යථාර්ත‍ය තේරුම් ගැනීමට මිනිස්සුන්ට හැකිවුවත් ඒ යථාරතය පිළිගන්න තියෙන අකමැත්ත නොවැ තියෙන්නෙ

      Delete
  2. කුසල් කරන්න බලන්නෙ ලොකෙට පෙන්නන්න විතරක් වෙන අබුද්දස්ස කාලයක් මේක..
    great work..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.දැන් කාලෙ ගොඩක් අය ලෝකෙට පේන්න කුසල් කියලා ඊලග ආත්මෙට ආයෝජනයක් කරන්නෙ

      Delete
  3. කුසල් අකුසල් කියන ඒවත් සාපේක්ෂයි නේද..? මට නම් අවුලක් නෑ.. මොකෝ මම ඔය එකක්වත් පිලිනොගන්නා නිසා... හැබයි වැඩිපුර පන්සල් ගානේ යන උන් තමයි කම්බ හොරු...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුදුඇදගෙන කරෙ ..ටක දාගෙන පන්සල් ගානෙ යන අය තමයි ලොකුම හොරු.පින් බලාගෙන නෙමෙයි දැන් කාලෙ අය පෝයකටවත් පන්සල් යන්නෙ.වෙන වෙන දේවල් වලට නොවැ.

      Delete
  4. ආගමත් දැන් ලොකුකම පෙන්නන ලොකු සීන් දාන තැනක්නෙ.. බුදු පිළිමයක් කිරෙන් නාවල හාමුදුරු කෙනෙක්ගේ අතක් බරට ලස්සන කරානම් ඉතින් නිවන් සුවර් තමයි අඩුම තරමින් යකඩ කටෙන්වත්..

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ සමහර හාමුදුරුවන්ට ලොක්කෙක් අවිත් බෙන්ස් එකකින් බැස්සම එයාට විතරක් පෞද්ගලිකව ම බණ කියනවනෙ.කට්ටියටම පේන්න අධාරයක් කරලා ලොකු බිල්ඩිමක් ගහල බිල්ඩිමට වඩා ලොකු අකුරින් නම ගැහුවම කස්ටිය හිතන්නෙ නිවන් යන්න පුලුවන් කියල

      Delete
  5. ආමිස පූජාවටනෙ තැන. ගස් ගල් වැන්ද කාලෙ හොඳයි තව.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත .අදකාලෙ මිනිස්සු පින් කරන්නෙත් අනිත් අයට පේන්න.සැබෑ ධර්මය සෑබෑ අයුරින් පිලිපදින අය අඩුයි

      Delete
  6. කෝ අර අසන්කයයි , තුශාරයයි එන්න කියාපන් එලියට , දෙන්නේ දුම් විසිවෙන්න ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අනේ ඉවාන් ඇයි ඔයතරම් තරහක්.ධර්මානුකූලව හිතලා මෛත්‍රී කරන්නකො එ ඇත්තො දෙන්නට

      Delete
    2. යකෝ මේක මාර වැඩක්නේ............... අපි දෙන්නා පේන්න නැතුවත් මුන්ට බැහැ.. අපි දිගට ම ලියුවත් වැරදියි......... අසංක අයියා මොකද කියන්නේ මේකට මොකද කරන්නේ............

      වෙනදා අර විදානයා මැරෙන්න හදනවා අපි විතරයි ලියන්නේ කියලා.. දැන් සුරංගයයි, විකියයි, වීරසිංහ (ලොකුමාම)යි ලියලා තියෙන්නේ............. දැනුත් මුං බනිනවා........... ලැජ්ජාවට ද මන්දා විදානයා අාගිය අතක් නැහැ...............

      තුෂාර...........

      Delete
    3. ...ඩෝ...මෙන්න මම මෙතන...දැන් වරෙන් ඉවානයා එළියට...අපි නෙවෙයි උඹනෙ පහුගිය දොහේ පෙන්නවත් නැතුව හිටියෙ...හීනෙන් නැගිටලා ඇවිත් දැන් එනවා මෙතන සෝළි තියන්න...

      තුෂාරයා...විදානයා නම් ඉතිං තේරුමක් තියන එකෙක් නෙවෙයිනේ...ඉතින් ඌට කොහෙද ලැජ්ජාවක්...ඔය කොහෙ හරි සෙයිලමක අතරමං වෙලා ඉඳල ළඟදි ඇවිත් බුරයි...

      අසංක

      Delete
  7. තමා අදහන ආගමට සාපේක්ෂව ප්‍රායෝගික ජීවිතය අසාර්ථක වීමේ ගැටලුව ඇත්තේ බෞද්ධයින්ට විතරක් නෙමේ (ඕක 'ගැටලුවක්' වෙන්නේත් ඉතාම සුළු පිරිසකට විතරයි) ආගමික දැක්මට පිටින් බැලුවම තමාගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා, උවමනා, ආසාවන් සහ ස්වභාවික මිනිස් හැඟීම් ආගමට සාපේක්ෂව ජීවිතය අසාර්ථක වෙන එක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ හැමවෙලේම, ප්‍රායෝගික ලෝකයේ වෙනත් ගැටලු එමට ඇති නිසා.

    ReplyDelete
    Replies
    1. ආගමානුකූලව ජීවත් වෙද්දි ප්‍රශ්ම අඩුයි.අසාවන් වුනත් අසීමිතව තිබුනම ප්‍රශ්න වැඩි.අසාවන් පාලනය කිරීමත් පහසුවෙන් පෝෂණය කිරීමට හැකි අයෙක් උනොත් ඔය කියන ප්‍රශ්න සැලකිය‍යුතු මට්ටමකින් අඩුකරගන්න පුලුවන්

      Delete
  8. දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
    දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
    මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
    මහාවීර මහ පොලවේ ජනිත නොවනුදෝ
    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
    දහම් පදය පොත් ගුල් තුල ඉකිබිඳ වැලපෙති
    දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී..
    දියසෙන් රජ ආවෙත් නැත එයින් තැවුනෙ සිත
    දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
    පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
    තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත
    තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බෝසතුනේ
    තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ.....

    ගායනය - ගුණදාස කපුගේ
    පද රචනය - ඩබ්. ඒ. අබේසිංහ

    ReplyDelete
  9. අනේ ඉතින් කාට කියන්නද

    ReplyDelete
  10. අනේ ඉතින් කාට කියන්නද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...