Sunday, January 4, 2015

අප්පච්චී සින්දුව කියන පුතාගේ අප්පච්චී කියන සින්දුව ...............



උපන් දා උඹ මම හැඩූවෙමි දවස තිස්සෙම මයෙ පුතේ
හිතට අා සතුටට හැඩූවේ මං අම්මා වැළදං සුදු පුතේ
උඹේ අම්මා විදපු දුක්කද අාපු දා උඹ අපෙ පුතේ
උඹට අප්පෙක් වුනෝතින් උෟ අම්මගේ කවුරුද පුතේ ...............

උඹේ සිනහව මගේ මුහුණින් නැගෙන සිනහව හා සමයි

උඹේ ගමනත් මගේ ගමනත් කවගෙයි අම්මා කියයි
උඹේ කටහඩ ටිකෙන් ටික දැං මගේ හඩ වෙන්නට ළගයි
උඹේ පපුවෙන් පොම්ප වෙන්නේ අපේ පවුලේ ලේ තමයි  ...............

අපේ ජීවිත ගමන සරසන කම ක පුතු උඹ තමයි

තවත් දරුවන් හැදුවේ නෑ පුත උඹට අඩුවක් වෙයි හිතෙයි
හෙව් උඹ අම්මට කරන අපහාස නින්දා අපමණයි
ලැජ්ජා හිතෙනවා පුතේ උඹ හැදු වැඩූ අප්පච්චී මමයි  ...............

සීයලා දෙන්නයි අාච්චිලා දෙපැත්තෙන් දෙන්නයි පුතේ

අක්කලා, නංගිලා, මල්ලිලා, අයියලා කොතෙකුත් අැතේ
මාමලා, පුංචිලා, නැන්දලා බාප්පලා හිටියත් පුතේ
ක රටයි, ක පියයි අම්මයි උඹට ඉන්නේ සුදු පුතේ  ...............


කසුප් අනුරාධ


.

19 comments:

  1. ඒ දරුවෝ දෙන්නගෙම උප්පැන්නේ තාත්තලා දෙන්නම ඩිවෝස් කේස් දාලලු...

    ReplyDelete
    Replies
    1. අනිවා මාතා... මොන අප්පට ද මේක ඉවසන් ඉන්නට හැකි.... හිතපංකෝ... දුක් විදලා හදපු දරුවා වෙන කාටහරි අප්පච්චී කියද්දි ලැජ්ජා නැද්ද බං..... අනික අම්මට මොනවා හිතෙනවා අැත්ද?????? යකෝ මේක මාර රටක්නේ... කවුරුත් ළමයි හදන්න.. කවුරුත් වාසගං දෙන්න...... යුද්දෙට වගේ තමයි.................

      Delete
    2. යුද්දෙට විතරයිද ? අම්මපා මං හිතුවෙම ඉදිකරවපු චෛත්‍යයටත් අප්පච්චිගේ නම දායි කියලා .. ඒ තරම මමත්වයකින් නොවැ ඉන්නේ ...

      Delete
    3. සදරු.....................

      දැන්වත් අපේ රටේ නායකයින් දැන ගන්න උවමනයි මේ රටේ ජනතාව තව දුරටත් මෝඩ ජාතියක් නෙමෙයි කියන ඒක... තමන්ගේ නම තැන තැන ගගහා යන නායකයින් හිටියේ රජකාලේ... ඊට පස්සෙත් මොකෙක් හරි ඒවා කරානම් ඒ වැඩවසම් කාලය ඉවරයි කියලා නොදත් ඒවුන් තමයි..... උවමනා වෙන්නේ නම තියන ඒක නෙමෙයා සදරු තමන්ව තෝරලා යවපු ජනතාවට අවශ්‍ය වැඩ කරන ඒකයි.... මේක දැන් හැමෝට ම අමතකයි.. ඡන්ද කාලෙට විතරක් අැවිත් අන්දලා යනවා...........

      Delete
  2. පවු නේද බන් තාත්තලා.....මේකා විශ්‍රාම යනකන් ළමයි හදන්න නරකයි....

    ReplyDelete
    Replies
    1. කසුට්ටා....................

      ඒක ඒක නායකයෝ හිටියා... විකාර වැඩ ඒයාලත් කරා... ප්‍රේමදාස මහත්තයා මේ වැඩ වලට හරි ම ප්‍රසිද්ධයි.... ඒත් මෙහෙම කාලයක් අාවමයි........

      Delete
  3. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ...

    * ඒ දරුවන්ට මෙයට ඉඩ දුන්නට, අම්මලා - තාත්තලා ට දොස් කියන්නද ?
    * ජාතියේ ආඩම්බරකාර පියාගේ නිවට මානසිකත්වය ගැන අවලාද කියන්නද ?

    ඒවා කොහොම උනත්, කවි ටික වෙනදා වගේම ලස්සනයි. වහල් මානසිකත්වයකින් තොරව හිතන්න පුළුවන් උන්ට හිතන්න දෙයක තියෙන කවියක් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරුවා....................

      මෙහෙම හිතෙන්නැතිනම් ඒ තාත්තලා ගැනත් ටිකක් හොයලා බලන්න වෙනවා............. යකෝ තමන්ගේ දරුවා වෙන කාටහරි තාත්තා කියලා කියද්දි තාත්තට කොච්චර ලැජ්ජයිද??? තාත්තා පැත්තකින් ම තිබ්බත් අම්මා.................................... හත්තිලව්වයි............

      Delete
  4. කවි ටිකත් ලස්සනයි ඒවගෙන් කියන කතාවත් ලස්සනයි සහ කාලෝචිතයි ;). ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා ස්තූතියි..................... අපේ මතවාදය විවිධ විය හැකියි.. ඒත් අපි වැරදි දේ දැකපු තැන වැරදියි කියන්න පුළුවන් වෙන්න උවමනයි... මනාවට තත්වය තෝරාගත් මනාට ස්තූතියි..........

      Delete
  5. කාලෝචිත මාතෘකාවක් කසුප්...හොඳට පැදිපෙළ ගලපලා තියෙනවා....

    ReplyDelete
  6. වෙන්ඩ බැරිත් නෑ...

    මෛත්‍රී වේ වා !!!

    ReplyDelete
  7. ඒ උනාට බං අම්මයි අප්පයි දෙන්නම සෑහෙන්න ආඩම්බර වෙනවනේ එහෙම කියනකොට.

    ReplyDelete
  8. මළා
    මට නං ෙම් වෙනකං ඕම හිතිල නෑ
    ඇත්තටම උං දෙන්නගෙ අපුච්චල කව්ද දන්නෑ නේහ්
    මාර සීන් එක

    පට්ටයි කසුප්
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  9. මාත් අද ඉදලා කුරු ගෑ ගීපොත ට එනෝ..

    ReplyDelete
  10. හා ඉතිං මොකක්ද වැරැද්ද? ලංකාවෙ අම්මලා සේරටම අප්පච්චි දීලා තියෙන්නෙ බඩටම.

    ReplyDelete
  11. ජාන පරීක්ශණයක් කරල හොයන්න වෙන තරමට වැඩේ දුර දිග යනවා මෙහෙම ගියොත්.. ඇයි අපේ සමහර ගැහැණු උදවියත් මිනිහට වඩා කැමතිනෙ මහ රජාට දෙන්න.. මොනව උනත් පට්ට කවි ටික..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...