Friday, January 16, 2015

කේ. පී අත්අඩංගුවට........................



ඡන්දෙ තිබුනේ 8 වෙනිදා
මුළු රට ම හොල්ලලා 
හැමෝම නිදි නැතුව ඡන්දය බලවලා
දිස්ත්‍රික්ක 12 ක් ම අල්ලලා
අපි දින්නා
කට්ටඩියෝ සේරම පරද්දලා...............

ක අැමතියෙක් පැන්නා 8 වෙනිදා
වක්කඩ කැඩුවා වගේ අැරලා
හිටපු බලකණු ගලවලා
සරත් අමුණුගමලා
විජිත් විජිතමුණිලා
හිටි ගමං අැවිල්ලා
අපි දින්නා
රාජපක්ෂ රෙජීමය බිදලා ...................

සභාපතිකම අැගේ ගැහුවා 9 වෙනිදා
මැද කර සභාව අැවිල්ලා
මාධ්‍ය සංදර්ශන පවත්තලා
පක්ෂ ව්‍යවස්ථාවත් ගෙනැල්ලා
පෙන්නුවා අතේ පැළ කරලා
අපි දින්නා
හිටපු සභාපතිව පන්නලා ...................

බඩු පටවද්දි අැල්ලුවේ 12 වෙනිදා
ඉස්ටෝරුවක් අැරලා
ගුවන් යානයක් ගත්තා හොයලා
තිබ්බේ පොඩි කාගේ නමට ලියලා
අාර්ථිකේ අස්සේ හංගලා
අපි දින්නා
හිතුවේවත් නැති දේවල් අල්ලලා ...................

අද අැවිල්ලා 16 වෙනිදා
පනින උනුත් පැනලා
උන්ටත් කට්ටිය සලකලා
ලොක්කත් ක්කත් ඩීල් දාලා
අැමතිකමුත් දීලා
30 දැන් 50 - 60 වෙලා
ලේකම්ලත් පත්වෙලා
උපදේශකලත් දිව්රලා
අපි දින්නා
ඒත් 
කේ.පී ව දැන් අමතක වෙලා...................


තුෂාර විතාරණ


.

38 comments:

  1. ඡන්දෙට කලින් කියන කතා ගණං ගන්න එපා මෙයා.

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙයිද??????? ඡන්ද පොරොන්දු.....................///

      Delete
  2. ක්‍රමයේ වෙනසක් නැතිව පුද්ගලයා මාරු කලත්, ක්‍රමයේ වෙනසකට කියල පුද්ගලයා මාරු කලත් අපි බලාපොරොත්තු වනදේ ඔවුන් සිදු කරන්නෙ නෑ , ඒකට හැබෑ උවමනාව තියෙන මිනිසුන් ඒ තැන්වලට පත්වෙනකල්. ජාතික විධායක සභාව හරි පත්කරගත්ත එක ලොකු ජයග්‍රහණයක්. ඒ ගැන සතුටුවෙමු.

    ReplyDelete
    Replies
    1. කතාව අැත්ත මනෝෂ්..............

      අපි වෙනස් කරේ පුද්ගලයා විතරයි.. හැබැයි ක්‍රමය වෙනස් කරනවා කියන පොරොන්දුව ඒහි තිබුණා..... තාමත් ජනාධිපති ක්‍රමය භාවිතා කරමින් පත්වීම් සිදු වෙනවා.... අපි වෙනසක් කරේ නැතුවාවත්ද???

      Delete
    2. හවසයි රෑයි දෙකේම වැටුණු වලේ මෙදා දවාලේ නොවැටී ඉන්න ගත් ජවිපෙ තීරණය හරියටම හරි කියල දැන්වත් ඒ දිහා වපර ඇහින් බලපු උන්ට තේරෙයිද මනෝශ්?

      Delete
    3. කියල වැඩක් නෑ කල්‍යාණ. කොහොම උනත් කවදාවත් මෙට්ටෙ ඉන්න කැමති නැති කූඩැල්ලන්ව මෙට්ටෙ තියල තේරුමක් නෑ. කවදාවත් තේරුම්ගන්නැති නෙවෙයි, තේරුම්ගන්න කැමති නැති මිනිස්සුන්ට පැහැදිලි කරල වැඩකුත් නෑ.

      කොහොම උනත් මේ යන තත්වෙ අනුව මහ මැතිවරණෙදි ජනතාවගේ වගකීම තමයි, නමට ඉන්න ආණ්ඩුවේම විපක්ෂයක් වෙනුවට විපක්ෂයේ සැබෑ වගකීම ඉටුකරන කණ්ඩායමෙන් බහුතරයක් පාර්ලිමේන්තුවට යැවීම. මොකද එන රැලේ හැටියට ගියපාර වගේ දෙතුන් දෙනාගෙන් මේ වැඩේ කරන්න අමාරුවෙයි.

      Delete
    4. පනින ඒක ලැජ්ජා නැති තැනකට ම ගිහිල්ලා... අපි පක්ෂයකට අාණ්ඩුවක් හදන්න බලය දුන්නාය කියමුකෝ..... ඒත් අපි විපක්ෂය ගැනත් යම් අදහසක් තියාගෙන ඉන්නවා.... ඒක ඉතාම වැදගත්... මොකද අාණ්ඩුව නටන නාඩගම් චෙක් වෙන්නේ ඒතනින්... කවදාවත් ම ජවිපෙට ඡන්දය නුදුන්නත් බොහොමයක් දෙනා ජවිපෙ සිටිය යුතු යැයි කියන්නේ ඒකයි... ඒත් දැන් වෙන්නේ විකාරයක් නේ... පළාත් සභා කුට්ටි පිටින් ම ගලවාගෙන අනික් පැත්තට යනවා.. ඉතින් පළාත් සභාවට බලයක් තියෙනවා කියන්නේ කොහොමද???? ජනාධිපති බලතල අනවශ්‍ය විදිහට භාවිතා කරන්න මෙයාලට බලය නෑ කියලා දැන දැනත් මෙහෙම කරන්නේ අැයි???

      Delete
  3. සංධානෙ හොරු හොඳ එවුන් කියල දෙකොටසක් නෑ බන්.ඔක්කොම හොරු
    මුන් එකෙකුටවත් එන්න දෙන්න හොඳ නෑ.හැම හොරකමක්ම අල්ලගන්න ඕන.මහජන මුදල් හැම සතයක්ම අයකර ගන්න ඕන.
    ඒ වගෙම බොරුවට හොරා හොරා කියන ඒවත් නවතින්න ඕන.තල් අත්තට බෙලිගෙඩියක් වැටිල බයවෙල දුවන හාව පස්සෙ ඔක්කොම දිව්ව වගෙ කිසිම විචාරයක් නැතිව කියන්නන් වාලෙ හොරා හොරා කියන එක හරි නෑ.
    කට්ටඩියො හොරු පරාජය කරල ලබපු ජය අර්ථවත් වෙන්නනම් ආයෙ මේ අය වද්ද ගන්න හොඳ නෑ.
    මහින්ද කරපු සේවය කොතරම් උතුම් වුනත් මහින්දව එපා වුනේ මේ හොරුයි කට්ටඩිනුයි නිසයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.........................

      අැත්තට ම හොරු හිටියා තමයි... ඒක ඔප්පු කරන්න පැහැදිලි ව පැමිණිලි ඔ්නේ අැති. දේශපාලනික වේදිකාවේ කියපු හැම දෙයක් ම පදනම් කරගෙන හොරු හොරු කියන ඒක වැරදියි තමයි... ඒත් හොරු හිටියා.....

      හැබැයි ම.ම අවුලක් තියෙනවා මෙතනදී....
      කේ.පී කියන්නේ ඔය විදිහට පැමිණිලි උවමනා නැති.. බොරුවට කියපු නැති අැත්තම කොටියෙක් තමයි.. ඒක රට ම දන්නවා.. හැබැයි කේ.පී ගැන දැන් කවුරුත් කතා කරන්නෑ.............. මට නම් පිස්සු වගේ.......

      Delete
  4. මට තියෙන ප්‍රශ්ණේ මේ එකක්වත් නෙමෙයි. කෝ ජනතාවට කියලා එක දෙයක්. මුන් බලය බේරගන්න වලි කනවා.

    ReplyDelete
    Replies
    1. අැත්ත මාතා........ මෙතන ලොකු අවුලක් තියෙනවා..

      ඡන්දය වෙලාවේ උඹ තමයි ලොකු ම ලොකු කැපකිරීම කරේ.. ඒකේ දෙකක් නැහැ.. ඒත් මාතා අපි බලාපොරොත්තු වුනේ මේකද??? මේ තරම් ඉක්මනින් කෑ ගහන ඒක වැරදියි කියලා මනෝෂුත් කියනවා.. ඒත් මාතා අපිට අවුල්... මේක විකාරයක්...

      කරනවා කියපුවා කරයි.. ඒත් කරන්නෑ කියපුවාත් කරනවානේ මචං.... දැන් කවුද අැත්තට ම ඡන්දෙන් දිනුවේ... කවුද පැරදුනේ..... අපි ඡන්දය දුන්නේ සහ මෙෙත්‍රී වෙනුවෙන් කතා කරේ ඔහුව දිනවන්න විතරක් නෙමයි.. මේ ක්‍රමය වෙනස් කරන්න.. ඒ වගේ ම මෙච්චර කල් අාණ්ඩුවට වෙලා රට කාපු උන්ව ඒළවන්න.. ඒත් උන් අලුත් අාණ්ඩුවෙත් ඉන්නවා.. යකෝ මේකද අපි කරපු වැඩේ.....

      Delete
    2. දින සීයක්නෙ බං ඉල්ලුවේ. උන්ගෙ දිනපොතටත් සමාව දීල අපි ඒ දින සීය ඉවසමු. ඊළඟට මහමැතිවරණෙ එන්නෙ උඹල අපිට තමයි. ඒ එන්නෙ තීරණයක් ගන්න. ඒ නිසා කලබල වෙන්නෙපා, අපි දින සීයක් ඉවසමු. අවුරුදු 10ක් ඉවසගෙන හිටියේ. ඊළන්නගට අපි මෙහෙම කැගහන්න ඕනි නෑ. සැබෑ විපක්ෂ්යකට ඡන්දය දෙමු. මං කියන්නෙ ඒකයි.

      Delete
    3. ඉවසන්න පුළුවන් තරමක් තියෙනවා මනෝෂ්..........

      මේක පනතක් ගැන දෙයක්නම් අපි ඉවසනවා... අමාත්‍යංශයක් ගැන දෙයක් නම් අපි ඉවසනවා... පත් වීමක් හෝ තනතුරක් ගැන දෙයක් නම් අපි ඉවසනවා... ඒත් මේක මැතිවරණ ව්‍යාපාරය පුරාම ප්‍රධාන මාතෘකාවක් වුණ කේ.පී ගැන දෙයක්... කලින් කට්ටිය කතා කරපු රාජ්‍ය අාරක්ෂාව ගැන දෙයක්.... අැත්තට ම මේක මෙච්චර පරක්කු කරන්නේ මොකක් හරි ඩීල් ඒකක් කියලා හිතෙන්නැත්ද???

      අන්තිමට අපේ ඡන්ද ඒදා වගේ ම අදත් ඩීල් වලට යට වෙයිද කියලා බය තියෙනවා මචං.......

      Delete
  5. ඉතිං K.P. ව අල්ලන්නේ මොකටද , මන්ගොන්පිලත් කිව්වේ K.P කරපු එක වැරද්දක් තියෙනවනම් පෙන්නන්නය කියලා

    ReplyDelete
    Replies
    1. මන්ගොන්පිලගේ නීති පොතෙන් කෙලින්ම උපුටා ගෙන KP ආරක්ශාකරගනු පිණිස මෙහිලා පළකරනවගයි..
      The prosecution carries the burden of proof since the defendant is presumed innocent until proven guilty beyond a reasonable doubt..
      හැක් හැක්.. දැන් පෙන්නපල්ල KP කරපු වැරදි.. එතකන් එයා මාර ඉනසන්ට් නේ.

      Delete
    2. ඉවාන්...................... කමියා........................

      යකෝ ඒතකොට යුද්දේ කාලේ අපිට උඩ පැන පැන කිව්වේ කේ.පී ය කියලා ඒකෙක් ඉන්නවාය.. උෟ ඉන්නේ පිටරටය.. උෟ ඒහෙට වෙලා සල්ලි ඒකතු කරලා අායුධ ඒවනවාය....

      නාවික හමුදාපති යුද්ධය ම තමන්ගේ කියාගන්නට තරම් කරපු නැව් ගිල්ලපු ඒකේ දී ඒ්වා ඒව්වේ කේ.පී කියලා නේද අපිට කිව්වේ... අනික අපි දන්න විදිහට ඉන්ටර්පෝල් ඒකෙන් මේකාව අල්ලලා ගේද්දී රටට ම නිව්ස් ජස්ට් ඉන් ගගහා කිව්වේ ඊළග කොටි නායකයාත් අල්ලා ගත්තා.. දැන් ලංකායට ගෙනාවා කියලානේ...... දැන් උෟට චෝදනාවත් නැත්ද???? මේවා අහන්න රටේ මිනිස්සුන්ට බැරි අැයි??? උන් ජනාධිපතිවරණය ජයෙන් උන්මාදයට පත්වෙලාද???

      Delete
  6. හැමදාම වගේ මෙදත් පොරොන්දු ගොඩක් එක්ක අපි අතරමං වෙයිද මංදා...
    කොයි චරිතෙ ආවත් වැඩක් නෑ මේ සිස්ටම් එක වෙනස් වෙන් නැත්නම්...

    ReplyDelete
    Replies
    1. අදුර...............

      අැත්ත කතාව ඔ්ක තමයි... අපි ඒකට තමයි ඡන්දය දුන්නේ... දින 100 කින් අලුත් රටක් දෙනවාය කිව්වානේ.... යකෝ බැලින්නම් අලුත් රට කෙසේ වෙතත් තිබ්බ රටවත් නැති වෙයිද කියලා දැන් නම් හිතෙනවා.........

      Delete
  7. එතකොට අකිල විරාජ් අධ්‍යාපන ඇමති, සතොස/ ලොටෝ රවී මුදල් ඇමති, හරීන් ඌවේ බලෙන් මහ ඇමති, සෝමරත්න පජාතවාහිනියේ සභාපති ඒවාගෙනුත් අපි දිනුම් නේද මෙයාලා?

    ReplyDelete
    Replies
    1. ඒකගයි.........................

      ඒකගයි කමියා.............. ඒකගයි........... මේ කිසිම දෙයක් අපිත් අනුමත කරන්නේ නැහැ....... (රවී සම්බන්ධයෙන් නම් තත්වය ටිකක් වෙනස් කියලා කියන්නත් ඔ්නේ)

      Delete
  8. දැන් දින්නේ කවුද ? ? ?

    ReplyDelete
    Replies
    1. අපිත් අහන්නේ ඒක තමයි..... අැත්තට ම දින්නේ කවුද???

      Delete
  9. kp කියන්නේ මොකක්ද? PK කියල ෆිල්ම් එකක් ගැන නං අහල තියනවා !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අම්මපා................ ඒක ගැනද දන්නෑ කිව්වේ... ඒත් අැයි අමීර්කාන්ව අත්අඩංගුවට ගන්නවාය කියලා මෙයාලා කිව්වේ... අවේ සල්මන් නොවැ...

      Delete
  10. දැන්ම මෙයාලා කන්ට්‍රෝල් කර නොගත්තොත් අපි බලාපොරොත්තු වෙච්චි දේවල් නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝජ්..............

      අඩුම ගානේ මේ පනින රිලව් ටික නවත්තන්න වෙනවා.... මෙහෙම ගියොත් ඡන්දයක් දිනුවේ කවුද කියලාවත් හොයාගන්න බැරි වෙනවා..... කරනවා කිව්ව ඒවා කෙසේ වෙතන් නොකරනවා කියපුවා නම් අගේට වෙනවා..........

      Delete
  11. තව ටිකක් බලමු මොකද වෙන්නෙ කියල නේද. දැන් කරන දේ අනුව මහ මැතිවරණෙ ප්‍රතිපල තීරණය වෙයි. මිනිස්සු මෝඩ නෑනෙ. ඒක අලුතෙන් පත් වුන අයත් දන්නව මම හිතන්නෙ ;). ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මනා....................

      මේ වෙලාවේ වැඩ කරන විදිහ අනුව තමයි ඊළග ඡන්දේ තීරණය වෙන්නේ.... මෙයාලට මෙහෙම ගියොත් නම් ලොකු අවුලක් වෙනවා ෂුවර්.............

      Delete
  12. මැතිවරණ ක්‍ර‍මය වෙනස් කරන්නත් වෙලාව මදි කියනවා නේද... මට හිතෙන්නේ හොරු ටික ආයිත් ඇවිල්ල බහුතර බලයක් අල්ලගෙන තිබ්බ ක්‍රමය ඒ විදියටම ගෙනියයි කියල.. ටික දවසක් නිශ්ශබ්දව හිටපු, හිටපු ඇමති හොරු ටිකත් දැන් දැන් කරලියට එනව පේනවා... ඒ කියන්නේ එයාලට මේ පාර නොමිනේශන් ලැබෙයි කියන එකයි...
    ඡන්ද ක‍ාලෙට නම්‍ මෙයාල රෑ එළිවෙනකම් වැඩ කරා මගේ හිතේ...දැන් තමයි කිසි දේකට වෙලාව නැත්තේ... මේ උණුසුමේ ම කියපු වෙනස්කම් ටික කරේ නැත්නම් ආයිත් කරනව බොරු..

    ReplyDelete
    Replies
    1. ඔව් හිමාල්...................

      හිටපු අාචාර්ය අැමතිත් අැවිල්ලා.... සහෝදරවරුන්ට විරුද්ධව පැමිණිලිත් දාලා........... ඒයත් පීඩනයෙන් ඉදලා තියෙන්නේ......... ඔබ කියුව දේ තමයි වේගන යන්නේ................. අපි කුමක් කරමුද හා...............

      Delete
    2. පුලුවන් තරම් මතවාදීව ශක්තිමත් වෙන එක තමයි අපිට කරන්න පුලුවන් එකම දේ.. මහින්ද රාජපක්ෂට වුන දේ තමන්ටත් වෙනව දකින්න මෛත්‍රී කැමති නැතුව ඇති කියල හිතනව.. බලමුකෝ ඉස්සරහට...

      Delete
    3. අැත්ත හිමාල්..................

      මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් නොලැබුනොත් කලින් දේම වෙනවා... ඒත් ලංකාවේ මිනිස්සුන්ට දෙයක් තේරෙන්න කාලයක් යනවා නොවැ..... ඒ නිසා ඒකට තව ටික කාලයක් යයි කියලත් හිතෙනවා...........

      Delete
  13. තව ටික දවසක් යද්දී තව තව ඒවා අමතක වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අනිවා...........................

      ඒකට හිටපු අයත් අමතක වෙයිද දන්නෑ................???

      Delete
  14. කතාව ඇත්ත.. ඒත් දැන්ම මේකට කමෙන්ට් කරන්න කලින් වැඩිද කියල දන්නේ නෑ.. බලමු මොකද්ද වෙන්නේ කියලා.. අදහස මරු.. :)

    ReplyDelete
    Replies
    1. රවීන් ඔය අදහසේ ඉන්න කිහිපයක් කට්ටිය අපි අතර ඉන්නවා... මනෝෂ් තමයි මූලිකයා... ඔහු තාමත් තර්ක කරනවා ඒ් ගැන...... ඔබත් ඒතන ම ඉන්නවා....... ඒත් රවීන් අපි නම් හිතන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියලයි..........

      Delete
  15. බුලත් කොලෙන් අයින් වෙලා
    කැද හැලියට එකතු වෙලා
    හන්සයාව දින්නෙව්වා
    හන්සය දැන් ඉගිළ ගියා
    බුලත් කොලේ උඩ වැහුවා
    මගේ පැනය..,
    කැද හැලියට පැනපු ඈයෝ
    හන්සයගෙද.? බුලත් කොලේද.? අලියගෙද.?

    ReplyDelete
    Replies
    1. සුසී.....................

      අහන්න වටින ප්‍රශ්ණයක් තමයි.... මේ දේම කලින් අාණ්ඩුව යටතේත් වුණා.... යුද්දෙ ඉවර වෙද්දි යුද්ද කරපු කරුණා, පිල්ලෙයාන් අාණ්ඩුවේ.. අපිට අවුලක් තිබුණා අරන්තලාවේදී මැරුණ හාමුදුරුවරු අපේද උන්ගෙද කියලා... දැනුත් අහන්න වෙන්නේ ඒකම තමයි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...