Tuesday, January 27, 2015

බල්ලන් සමග නිදාගැනීම සහ මැක්කෝ.......................



බල්ලනේ උඹ බුරාපන්
ගිරිය පුප්පාන උඹ බුරනා බව හැබෑවක් වුණත්
තාමත් ඉවසා අසා සිටිය හැක මට..............
රෑ තුන් යාමේ උඩු බුරනා පජාත සුනඛයන්ගේ
කුණු ගද හමන භිරාන්ත උඩු බිරුම්
බලෙන් අැස්සවූ මට
ඔබේ බිරුම තාමත් ඉවසිය හැකිය...................

බල්ලනේ උඹ වසුරුලාපන්
උඹත් තැන තැන වසුරු ගොඩලනවා වුණත්
ඒ කැත හා ගද තාමත් ඉවසිය හැක මට................
කටෙත් නහැයෙත් වසුරු ලෑ කුජීත සුනඛයන්ගේ
හොරි ගද සමගැ මුසු වූ බලු ගද
බලෙන් ඉවලන්නට සැලැස්සවූ මට
ඔබේ වසුරුලෑම තාමත් ඉවසිය හැකිය..................

බල්ලනේ උඹ විකාපන්
උඹත් මිනිසුන් සපාකන බව හැබෑවක් වුණත්
ඒ තුවාල තාමත් ඉවසා සිටිය හැක මට.............
අැති දැඩි කළ, කන්න දුන්නු අත සපාකෑ සුනඛයන්ගේ 
දත් සහ නිය සම තුළට බසිනු 
බලෙන් විදින්නට උරුම කළ මට
ඔබේ විකාකෑම තාමත් ඉවසා සිටිය හැකිය.....................


තුෂාර විතාරණ


.

27 comments:

  1. කව්ද ඩෝ බල්ලා..හැක හැක හැක මට

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම බල්ලෝ තමා දේශකයෝ.......... දැන් ඉතින් හොද බල්ලා හොයාගමු...........

      Delete
  2. මේකෙ බල්ලො වර්ග කීපයක් ගැනම කියවෙනවා නේද?
    වෙනස් නිර්මාණයක්
    සුභ!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ.............

      පැහැදිලිව ම බලු වර්ග දෙකක් ගැන කියනවා... ඒත් අැත්තට ම බලු වර්ග බොහොමයක් මේ අැතුලෙත් ඉන්නවා............

      Delete
  3. මේක නං නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...................

      Delete
  4. බල්ලොත් එක්ක ලැග්ග අපිට මැක්කෝ මොනවාද ?:D

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝජ්...................

      අපිට කිසි ලැජ්ජාවක් නැති දේශහිතෙෙශී ජනතාව නේද??????

      Delete
  5. බල්ලනේ උඹ *කාපන්...
    බල්ලියන් වට කොට බුර බුරා.
    රැලේ යනු ඉවසිය හැකිය මට
    සුදු මුහුණ පිට අයට පෙන්නා
    හොරෙන් ගැහැණුන් සමග වෙත් නම්
    මහත්මාවරු ලොවට රහසින්
    බලමි සතුටින් උඹේ රති රඟ
    බල්ලනේ උඹ *කාපන්.

    ReplyDelete
    Replies
    1. වාව්.....................

      සංජ්ජේ නියම කවියෙක් නොවැ............ තැන්කූ............

      Delete
  6. බල්ලන් ගැන මරු විස්ලේසොනයක්

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා................

      මේ දවස් වල අපි බල්ලන්ගෙනුත් හොද බල්ලන් හොයනවා..... තව විදිහකට කිව්වොත්

      සාපේක්ෂ යහපාලනය....................

      Delete
  7. නිර්මානය එල ද බ්‍රා
    හින්ට් එකක්ද? මම ටියුබ් ලයිට්ද?

    ReplyDelete
    Replies
    1. නෑ............. නෑ................. උඹේ ලයිට් ඒක හරි........................ දේශපාලන බල්ලෝ ගැන තමයි ලියුවේ.........

      Delete
    2. නෑ............. නෑ................. උඹේ ලයිට් ඒක හරි........................ දේශපාලන බල්ලෝ ගැන තමයි ලියුවේ.........

      Delete
  8. උන්ද බල්ලෝ....?අපිද බල්ලෝ.....?
    අමතක කරන්න එපා."හරක් නැතුව එඬෙරු බිහිනොවන" වග....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බල්ලෝ නැතුව මොනවද බං අපිට නැති වෙන්නේ..............

      Delete
  9. බල්ලනේ කකුල උස්සාපල්ලා
    උඹලා ඒක උස්සලා කරන දේ කලත් නොකලත්
    මෙතෙක් කල් හැම බල්ලම හිටියේ
    අපේ පැත්තට කකුල උස්සාගෙන

    ReplyDelete
    Replies
    1. අනිවා මාධවී.................

      ඒක තමයි අැත්ත.... උනුත් කකුල උස්සනකල් අපිට ඉවසතෑකි.... ඒත් ඊට ඒහා දෙයක් කරපු දාට තමයි ගැටලුව ඒන්නේ.............

      Delete
  10. මේ දවස්වල කෝකාද හොඳ බල්ලා කියලා හොයාගන්න අමාරුයි. හැම බල්ලම අපෙන් 'හව් හව්' ගාලා අහන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක....................

      අපිට දවස් 100 අැතුලේ කරන්න තියෙන්නේ මේ දෙගොල්ලන්ගෙන් හොද බල්ලා මොකාද කියලා හොයාගන්න ඒකයි............ මේකා අවුල් නම් අවස්ථාවට අනුව හොද ඒකා ඊළග පාර හොයාගනිමු.........

      Delete
  11. හොඳ දේශපාලන ප්‍රභසනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි............ම.ම

      දැන් තියෙන දේශපාලනික සංස්කෘතිය දැක්කාම මේවා ලියන්න හිතෙනවා.......

      Delete
  12. "බල්ලන් සමග නිදාගත් විට බලු පැටවුන් සමග නැගිටිය හැක"

    ජ ය වේ වා !!!!!!!

    ReplyDelete
  13. බල්ලො ඉතින් ඔහොමම තමයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...