Tuesday, January 20, 2015

හෝව්...... හෝව්......!!!



නින්ද නොයන ලෙඩක් තිබුණ එක මිනිහෙක්
ඒකට බෙහෙතක් ගන්නට හිතා ගොඩක්
දොස්තර කෙනෙකුන් හමුවට යයි දවසක්
ගන්නට මේකට හොඳහැටි නිදි බෙහෙතක්

දොස්තර ඇහුවෙ ලෙඩ හොඳ හැටි ළං වීලා
නැවත නැවත රෝග නිදන් හාරාලා
එයින් එළිවුණේ යළි යළි විමසාලා
මානසිකව කළ හැක මෙය සකසාලා

තමුන් කළ යුතුයි මේ ලෙස නිසි අයුරින්
සැතපිය යුතුය ඇඳ මත හිඳ උඩුබැල්ලෙන්
සිහි කරද්දි මා කියනා මේ විලසින්
නිදි දෙව් දුව පහස ලැබිය හැක විගසින්

කකුල් දෙකේ නියපොතු වල මුල හරිය
පටන් එකට ඉහළට එන වපසරිය
සිහිකරමින් එකින් එකට අවයවය
හිතෙන් ඒව සිදුකළ යුතු වෙයි දොයිය

ඉතින් අපේ රාළහාමි දැන් සොඳිනා
ගෙදර ගොහින් උඩුබැල්ලෙන් වී හිඳිනා
සිහිකරමින් අවයවයන් එක පෙළිනා
එකින් එකට මානසිකව නිදි කරනා

සිටින විටදි ඔහු සිතුවිලි ඕවිල්ලේ
ඔහුගෙ බිරිඳ ලැසි ගමනින් නැළවිල්ලේ
දුහුල් ඇඳුම රුසිරු සිරුර වනමින්නේ
පැමිණ ඉතින් එහෙට මෙහෙට ලතවෙන්නේ

තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
දුටුව විටදි බිරිඳගෙ හැඩ වැඩ බොඩිය
පිස්සු තදවෙලා සිදුවිය මළ කෙළිය
කෑ ගැහුවේ ඔහු මේ ලෙස හිටි හැටිය


හෝව්...හෝව්...සේරමල්ලා නැගිටපල්ලා...නැගිටපල්ලා...අද නිදාගන්න හම්බවෙන්නෑ...!!!




-අසංක ගයාන් අබේසිංහ-




107 comments:

  1. හොඳ වෙලාවට ඉනෙන් උඩට නින්ද යන කලින් නෝනා ආවේ

    ReplyDelete
    Replies
    1. සමහර ඒවට නං නින්ද යන්නෑ බොලං මේ කපේදි...මොනව කරන්නද මන්දා...හිකිස්...

      Delete
  2. Replies
    1. හි හි බොහොම ස්තුතියි ෂර්මියා...

      Delete
  3. කකුල් දෙකේ නියපොතු වල මුල හරිය
    පටන් එකට ඉහළට එන වපසරිය
    සිටියා වුනත් ඒ විට ගෙන දොයිය
    කරුමෙට ඇහරලානොවැ අර හොඳ හරිය

    ReplyDelete
    Replies
    1. සැලියුට්! සැලියුට්!!... මරු බන්..

      Delete
    2. අනේ අනේ මාධවියෝ...ඉතිං බොට කැලෑ පත්තර වදින එක අහන්නත් දෙයක්ද මේ ලියන එව්වයෙ හැටියට...හිකිස්...

      Delete
    3. එතකොට උඹ බබා. අර කොරල තියෙන්නෙ උඩහ.

      Delete
    4. කොරල එපා වෙලා බං ටිකක් දොයියගන්න ලෑස්ති වුණේ...කොහෙද ඉතිං...

      Delete
    5. //කොරල එපා වෙලා බං ටිකක් දොයියගන්න ලෑස්ති වුණේ//

      කුරුට්ටෝ ගෙදර බෝඩින් කාමර දෙන්නේ නැතෙයි ????.
      නැ ඉතින් මම කියන්නේ එතකොට බොටත් දෙයියනේ කියලා නිදාගන්න ඇහැකි නොවැ ....ඔන්න අපේ මදාවියාට එන්න කියපන් නවතින්න .

      Delete
    6. දෙනව මං කාමර...මොකටද මගෙ කට...අමාරුවෙන් ඇහැරිලා එළිවෙනකම් හිටියත් බොට නම් හතරමායිමේ එන්න දෙන්නෙ නෑ ඕං...ඒත් ඉතිං මදාවියාව නං ටිකක් සලකලා බැලුව හැකි...හිහි...

      Delete
    7. //ඒත් ඉතිං මදාවියාව නං ටිකක් සලකලා බැලුව හැකි//
      ඇයි බොල මදාවියා පිඹුරා වාගේ නිදියනවාද ? ....

      Delete
    8. මේ කෙල්ලව එවපිය අපේ ප්‍රැක්ට්‍රිෙය මෝඩලින් ලට

      Delete
    9. මදාවියට නින්ද යන්නෑ යකුනේ මාධවී අඟර දඟර දානකොට.

      උඹල මෙහේ මේ අහිංසක මාව අල්ලගෙන වලි.
      ආං අර කෙල්ල උඩහ බලාඉන්නවා නිකං නයි හත්ත වගේ.

      Delete
    10. මේ යක්කු මේ අහිංසකීව අල්ලගෙන හිරිහැර කරනවා මට බලා ඉන්ට බැරියෝ...

      Delete
  4. මිනිහට නිදාගන්න වෙන්නෙ නෑ එහෙනම්. කොහොමත් දනියෙන් උඩට ආවම ඌට මතක්වෙන ඒවයේ හැටියට නින්ද යන එකකුත් නෑ තමයි..

    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. මුත්‍රා - සඳමිදුලු - සොටු - කෙළ - වුරුණුතෙල - කඳුලු - මේද තෙල - ඩහදිය - ලේ - සැරව - සෙම - පිත -මොලය - පැසුණු අහර (අසුචි ) - නො පැසුණු අහර - අතුණු බහන් - පෙණහැල්ල - බඩදිව (ඇල දිව ) - දළඹුව - අක්මාව - වකුගඩුව - ඇට මිදුලු - ඇට - නහර - මස් - සම - දත් - නිය - ලොම් - කෙස්

      Delete
    2. මෙන්න සින්දූර් පිළිකුල් භාවනාව වඩනවා!

      Delete
    3. @ මනෝෂ්

      අපිටනං ඒවට නින්ද යන්නෙම නැතෝ...මොකද කරන්නෙ බං...

      @ සින්දු

      මොකද යකෝ මේ...උඹ හිතුවද මෙව්ව කියල හොඳ හරිය දොයි කරවන්න පුළුවන් කියලා...හිකිස්...

      Delete
    4. කුරුට්ටෝ මම මනෝට බන් කිව්වේ ...ඌ තාම තනිකඩයා නොවැ .
      බලපන් //දනියෙන් උඩට ආවම ඌට මතක්වෙන ඒවයේ හැටියට නින්ද යන එකකුත් නෑ තමයි..//
      මේකා තවත් කෙට්ටුවෙයි වෙන මොනා හරි කිව්වා නම් .ඉතින් මම කරපු වැඩේ වැරදි නැනේ .හැක හැක්

      Delete
    5. අනේ ඉතිං ඇයි බං මේ අහිංසක මනෝව කළකිරවන්නේ...ඌ තාම ජීවිතේ පටන් ගත්ත විතරනේ...කෙට්ටු වෙන එකේනම් ඉතිං පොඩි අවුලක් නැත්තෙමත් නෑ ඕං...හිකිස්...

      Delete
    6. හපෝයි... හිටියෙ නැති පැයට මුන් එකතුවෙලා කරල තියෙනව විනාසයක්!!!! උඹල මේ වනචර විදියට හිතුවට ඔය කවිය ගැන සිරාවටම අපි තේරුම්ගත්තෙ මේ පිළිකුල් භාවනාව ගැන ලියල කියලා. නැත්ද සිංදුවෝ..

      ඒක නෙවෙයි, මෙහෙවර සිංදු, බොලා අල්ලගන්න ඕනි, මං කෙට්ටුද මහතද කියල කොහොමෙයි දැනගත්තේ.

      Delete
    7. හැක් හැක් ඒක රහසක් ...
      අපේ ගල් බලකාය මුළු රටේම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.ඉතින් අපිට ඕවා සුළු දේවල් .

      Delete
    8. මේ පෝස්ට් එකට හරියන සිංදුවක් හොයාගන්න “සිංදු ඇනෝ“ අසමත් විය.

      Delete
    9. දුක තමයි සත්තලනේ ...කොහෙන්ද බන් මුන් ලියන වල් පොස්ට් වලට සින්දු හොයන්නේ .සින්දුවක් තියනවා දාන්න විදිහක් නැ .අපි තවම 18+ නෙවෙයි නේ ..හැක් හැක්

      Delete
    10. වල් පෝස්ට්...ඒ මොනැවැයි බං...කොම්පෝස්ට් වගේ දෙයක්ද...හිහි...උඹනම් ඉතින් 18+ නෙවෙයි 68+ නොවැ නේද...

      Delete
    11. ඇනෝ මචං මේ කුරැට්ටා එපා කියනවා නැත්නම් දානවා කවි ටිකක් 23+

      Delete
    12. මනෝ මහත් වෙන්න නම් අත් දෙක පිටිපස්සට කරලා බදින්න ඔනේ..ඒත් බැරි වෙයි පොල් ගහක හරි ...

      Delete
    13. ඔය මනෝෂය වගේ වැල් හීනියට තිබුණට එව්වයෙ අල... හුහ්...

      Delete
    14. අඩෝව්!! මං දැන් මහතයි හරී!!!!

      Delete
    15. මොනවද මනෝෂයා මේ මෙන්ඩියයි, සිංදුවයි, මාධවියයි, මෙකී නොකී හැමෝමයි උඹවම අල්ලගෙන අඩන්තේට්ටම් කොරන්නේ...පව් අහිංසක උඹ...

      Delete
  5. පට්ටයි ඈ.............
    සමහර විට මනුස්සයට නිදාන්න හම්බෙන්නත් නැතුව ඇත්තෙ නෝන මහත්තය හන්ද හිනද වෙන්නත් ඇති...
    ඇයි අප්ප ඔය කියල තියෙන විදියට කවදාවත් නිදාගන්නෙ කෝමද හිහි

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑව මහේෂයා...නෝන මහත්තය ඩිවෝස් කළානං නින්ද යයි...හිහි...

      Delete
  6. දුහුල් ඇදුම් තහනම් කරනු !!!! හිජාබය නීති ගත කරනු !!

    හැක් හැක් ...
    අපිටනම් හිතෙන්නේ මෙහෙම ....

    රාත්‍රිය උදා වුනා බිරිඳ ඇයි නො එන්නේ //
    රාත්‍රිය උදා වුනා...

    ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්
    (ග.බ )
    -------------------------------------------------------------
    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ..//
    රාත්‍රිය උදා උනා

    ඔබ හමු වූ දා පටන්
    මා හදවත අවදියෙන් ...//
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    ඔබ අවුදින් සිව් දිගින්
    මා දෙනෙතේ දැවටෙමින් ...//
    සිත් තැවුල් මවාලයි
    පුරා රැය නිතින්...


    ගායනය : ටී.එම්. ජයරත්න
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. බිරිඳ ඇයි නො එන්නේ...? හත්තිලව්වේ...එහෙනං උඹේ හොඳ හරියට නින්ද ගිහිල්ලා ඇති...ඉතිං ඇවිත් වැඩක් තියේයැ...හික්ස්...

      Delete
    2. නැ මචෝ .කුසියේ එහෙම වැඩ ඉවර වෙලා එන්න පරක්කුවෙනවා .නිදි කරනකල් නින්දේ යන්නේ නැ මචෝ . හැක් හැක්

      Delete
    3. හාපෝ මුගෙ කට...!!!

      Delete
    4. සින්දුර්, වතුර මෙට්ටයක් ගනිං. හිල්කොරගන්නවහෙම නෙමෙයි ඕං.

      Delete
    5. මාධවී උඹ මරදානෙ පැත්තෙ එකියක්ද බොල...???

      Delete
  7. අද උදේ ටි ටෙබල් එකට...
    එල ද බ්‍රා..
    පහුගිය දවස් ටිකේ මදාවියා නෑ නෑ මධුමාදවිය ආශ්‍රය කරනකොට අපි හිතුවා ඔය ටික වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටිකේ මදාවියා නෑ නෑ මධුමාදවිය ආශ්‍රය කරනකොට අපි හිතුවා ඔය ටික වෙයි කියලා.
      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කෝ මේ බ්‍රා එකක් නැද්ද? කොන් දෙකේ එල්ලන්න මුන් දෙන්නව එල්ලන්න.

      Delete
    3. මාධවියෝ...මුන් දෙන්නව අර කිව්ව වගේ එල්ලමුද...හිහි...මේ කියන කඩප්පුලි කතා වලට...අපි කොයි තරං වැදගත් විදිහට හිටියත් අගයක් නෑ මුංට...ඕ යේස්...

      Delete
    4. අනේ අපි දෙන්නව එල්ලනවා නම් අර උඩ නංගිගේ බ්‍රා එකේ දෙපැත්තෙ එල්ලපන්..
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -
      ගල් බලකාය

      Delete
    5. මෙන්ඩෝ මටනම් බයයි බන් ...මුන් අපිව පොඩි කරලා ඒ නංගිගේ බ්‍රා එක ඇතුලට දාලා යහපාලනය කලොත් ....

      (ග .බ .සෙ )

      Delete
    6. මං මේ නොදන්න කමට අහන්නෙ මෙන්ඩෝ. ඔය බ්‍රා එහෙම බැරිද රීසයික්ලිං කරන්න? (ඒ ගොඩටම සින්දුවයි උඹයිත් දාලා අරින්න)

      Delete
    7. මුන් දෙන්න ගියොත් ආයෙ එන එකක්නම් නෑ...ඒ තරම් පෙරේත ඩබල...

      Delete
  8. තවත් මදාවියෙක්!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං මේ අහිංසක මදාවියාටම පහර ගහන්නේ...පව්නේ අප්පා....

      Delete
    2. මම අදරෑම ප්‍රභූ පර්යන්තයෙන් යනවා රට!

      Delete
    3. ඇයි උඹත් ලැබ්බෝගිනි හරි සල්ලි හරි පිල්ලි ගැහුවද...

      Delete
  9. නින්ද ගියා නම් එහෙම කොච්චර අපරාදයක් ද???

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම අපරාධයක් නම් නොවේවා...!!!

      Delete
  10. නියම කවි පේලිය. කොමෙන්ටු ටික ඊටත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාධවයෝ...

      Delete
  11. මරු කවි සිතුවිල්ල..
    මට නම් වැටෙන පමාවට නින්ද යනවා. බැම්මක් උඩ උනත් සැපට නිදියෑවෑකි.

    ReplyDelete
    Replies
    1. උඔලගේ අහල පහල කාමර දෙක තුනක් කුලියට ගන්න බැරිද?

      Delete
    2. අම්මප මධූ...නැද්ද කාමර දෙකක්වත්...මෙන්ඩගෙ අල්ලපු කාමරේ මටයි ඕං...

      Delete
    3. හැක් ,ඔන් මමත් ඉන්නවා ...
      ගල් බලකායම සෙට් වෙයි වගේ ..

      Delete
    4. ඇඩෝව්...යහපාලනේ බලකායවල් තහනම්...ඒ හින්ද වෙන් වෙන් වශයෙන් සැට් වෙමු...

      Delete
    5. තව එකෙක් මග එනවා..එනවා කිව්වට ඒ රටින් පිටුවහල් කරලා.

      Delete
    6. ඒ කවුද බොලං...?

      Delete
    7. අපේ කැදවුම්කරු ...
      ගල් පත්තරයා ..

      Delete
    8. අම්මට හුඩු...අපේ ගල් සභාපතියා...

      Delete
    9. මොකාද එතකොට සභාපතියා...?

      Delete
  12. කාටවත් කියන්න එපා.. ඉස්සර (දැන් එහෙම නෙවේ) නිදි මත එනකොට අපි ඔය වගේම සරඹයක් කරා.. හැබැයි මතක් කරන්නේ තමන්ගේ ශරීරෙ නොවෙයි.. මධුරි ඩික්සිත් ල වගේ කවුරු හරි ගෑනු පරානයක් ගැන.. ආයි අහල නින්ද.. ලොවෙත් නිදිමත වෙන්නෑ.. ඔටු චීස් කෑව වගේ තමයි හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. නින්ද නේන රාත්‍රීයේ
      මේ පාළු කාන්සියේ
      පායා අරුන්දතී තරුවෙන්
      එන්න කාන්තියේ

      කුමුදු කුමාරියේ
      ඔබ නිදනා යහන් තලේ
      කවුළුව සමීපයේ
      මම ඉන්නෙම් පවන් දැලේ
      ඉදුනිල් නුවන් පියා
      සැතපෙම් රෑ නිසංසලේ

      අරුණෝදයේ ඔබේ
      නෙතු සඟලේ කැළුම් සලා
      සූරිය පෙරම්බරේ
      දිනු අයුරින් සිනාසිලා
      සැනහේ විජිනිපතින් සනහන්
      මට පවන් සලා

      ගායනය - එච්.ආර්. ජෝතිපාල

      Delete
    2. කොහෙ දොයි කරවන්නද කමියා උඹලා මධුරි ඩිග් ඩිග් මතක් කොරන්නේ...ඔටු චීස් ගාගෙන බේරුනොත් ඇති...හිකිස්...

      Delete
    3. කමියා ඇස් දෙක වහගෙන සරබයක් කර කර ඉන්න වේලාවක අන්තිම හරයෙදි තාත්තා කාමරේට ඔලුව දාලා කිව්වලු..
      “කොල්ලෝ..තෝ මැරෙයි....“

      Delete
    4. කොල්ලා කිව්වෙ කමියටද නැත්තම් කමියගෙ...???

      Delete
  13. ඔය වයසට නම් ඉතින් යටලීයෙන් නාරිලතා මල් පූදිනවානෙ අසංකලාට

    ReplyDelete
    Replies
    1. සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
      මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
      යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
      යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

      ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
      නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
      යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
      යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

      සිරියහනේ...

      යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
      මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
      යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
      යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

      සිරියහනේ...

      ගායනය : එඩ්වඩ් ජයකොඩි
      පද රචනය : ලූෂන් බුලත්සිංහල
      සංගීතය : එච්.එම්.ජයකොඩි

      Delete
    2. යකෝ සරතෝ...ඔය ඉතිං...මෙහෙව් මට කිව්ව නේද මෙහෙම කටක් ඇරලා...යකෝ මම තාම 30+...හිහි...තාම පූදිනවා බං...

      Delete
    3. @ සිංදුවා

      යහන ගැන දේමයි උඹටත් ඉතින්...

      Delete
  14. Superb අසංක ..!
    මොනා කරන්නද අසංක ? දුක තමා ... : D : D

    යහනට නැගුනේ සොයාගන්න නිදි සුවය
    එළෙසින්ම කලත් දොස්තර කී හරිය
    ආවිට, මා වෙළාගන්න නිදි දෙව් ලිය
    ඇයව පළවා හැරියානේ මගේ සුරතලිය

    ReplyDelete
    Replies
    1. ආ හා...සඳරුත් යහන් කවි දන්නවා වගේ නේ...හිහි...

      Delete
  15. //තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
    දුටුව විටදි බිරිඳගෙ හැඩ වැඩ බොඩිය
    පිස්සු තදවෙලා සිදුවිය මළ කෙළිය
    කෑ ගැහුවේ ඔහු මේ ලෙස හිටි හැටිය//

    ඇසුන විටදි රළහාමිගෙ යටිගිරිය
    දඩස් සද්දයක් ආවේ හිටිහැටිය
    අය්යෝ සුදා ඇයි තාමත් නිදි නැතිය
    බිරිඳගෙ තොඳොල අස්සේ කුරුටුව පැනිය

    ReplyDelete
    Replies
    1. කවිය පබඳිනා අපෙ මේ ඉන්දිකයා
      උගේ වැරදි වහගන්නට හරි රුසියා
      ඒ කාලයෙ උගේ කෙරුම් පිටින් තියා
      අහිංසකම කුරුටු පිටින් දා ඇරියා

      Delete
    2. කුරුටු ගාන ගී පවුරේ හොරගෙඩියා
      නිදියන්නට කලියෙන් ඒ රළහමියා
      කලබලයෙන් ගෙට පැන වූ සංගෙදියා
      මෙහෙම කීව පසුදින මට ඒ ළමයා

      හය්යෝ මෙයා කුරුටුව හරි කලබලයා
      ඔහොමමයිනෙ අරවත් දොරකඩ යනවා
      මම යන්තන් සැමියව යලි නිදිකෙරුවා
      නැතිනම් ඉතින් කුරුටුව කුරුටුම වෙනවා

      :P

      Delete
    3. මෙන්න බොලේ මූත් ගොහින් පහුවෙනිදා
      මං හිතන්නෙ හෝදන්නට වෙන්න හොඳා
      හොඳයි හොඳයි එහෙම කරන එකම හොඳා
      ඉතින් මොනව තව කෙරුවේ උඹත් එදා

      මෙයින් මෙයින් අහුවෙයි දැන් කියුම් කෙරුම්
      මුගේ කටින් පිටවෙයි කළ වැඩ අවලම්
      අරව මේවා ගාගෙන දැන් යස මනරම්
      ලැජ්ජ නැතුව කුරුටුට දෙයි ලොකු සත්තම්

      ...හිකිස්...හිකිස්...

      Delete
    4. පිරිසුදුවට සිටියත් ඈ යත්දි සොයා
      නහවා තමයි ගන්නේ මම නැතිද ඔයා
      හය්යො ඉතින් කලබලයට එහෙම මෙයා
      ගන්නට අනේ අප්පිරියා නැද්ද එයා

      හිතුවට කොල්ලො උඹ මහ වැඩ කරුය කියා
      දවසක් තුරුළු වී මා හට කිව්වෙ එයා
      හය්යො පනේ ඔබෙ ඔය මහ කබර ගොයා
      වාගේ කොහෙද කුරුටුගෙ පොඩි කුරුළු ගොයා


      හැක් හැක්...

      Delete
    5. ඇරසෝලෝ...
      දෙන්නගේ කවි වලිය එල ද බ්‍රා..හැබැයි තරහා වෙන්න ඔට්ටු නෑ

      Delete
    6. පිස්සුද එහෙම තරහා වෙනවද මෙන්ඩෝ
      ඉන්දිකයගෙ හැටි හොඳ හැටි දනියි අඩෝ
      කබරය ලෙස හිතාන ඇති උගෙ දණ්ඩෝ
      ඒ ළමයා මට කිව් ලෙස මේ වෙන්ඩෝ

      කුරුටු ළමය වාගේ නැහැ නොවැ ඉන්දි
      ඌ ඇවිදින් හෝදයි මගෙ හැම හන්දි
      ඉතින් පව්නෙ ගෙවනු පිණිස උට වන්දි
      අකමැත්තෙන් ඇත මාගේ ඇඟ දන්දි

      හොහ්...හොහ්...

      Delete
    7. සිංහය ඇවිත් හූ කිව්වට.................. හතර අතේ
      කුරුටුත් කුරුටු ගෑවට.............. බැරි බැරි ගාතේ
      ඔය සුදු නෝනා රාළාමිගෙ............... මර ගාතේ
      දැක්කොත් කමිය, තොපි ගෙන්නන් නෑ පැත්තේ.. :P

      Delete
    8. අනේ අනේ කමියා...නාකි කමට නොඉඳ කියන කතාද මෙව්වා...බලාපල්ලකො කවිත් පබඳිනවා විසේ වැඩි කමට...

      Delete
  16. ඒ දකුණු කකුල නැගිටපන්
    වම් කකුල උඹට අමතුවෙන් කියන්න ඕනෑද?
    දෙන්නම නැගිටලා දණ ගහපල්ලා....

    නියම කවිය අසංක
    කුරුටු ගෑ ගී පවුර කරන්නේ ඔයාද?

    ReplyDelete
    Replies
    1. හරි හරි ගී පවුරෙ කට්ටිය මම දැක්කා
      වටිනා බ්ලොගයක්

      Delete
    2. අනේ නෑ මචං වර්ණයෝ...කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක් බං...මේක අපේ සාමූහික උත්සාහයක්...බොහොම ස්තුතියි මචං අපිත් එක්ක එකතු වෙනවට...

      Delete
    3. //කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක් බං// හැක් හැක්.. මේකෙන් නම් හැබැයි උඹේ රෙදි ගැලවෙනවා අසංකයෝ.. ආයි සනුහරේට වැද්ද ගනීද දන්නෑ..

      Delete
    4. අපේ එවුන් මාව රැහෙන් පන්න ගන්න එකක් නෑ බොලව්...මේ පුංචි වැරදි කොළාට...මම පොඩියිනේ ඉතිං...

      Delete
  17. හැක් හැක් :D. පට්ට හොඳේ. මම ඒත් කවි ටික කියවන් එද්දී බැලුව මාතෘකාව වැරදිලාවත් දාලද කියල. අන්තිමටනේ බොලේ වැඩේ ක්ලික් උනේ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ...අගය කිරීමට...ජය වේවා!!!

      Delete
  18. //තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
    දුටුව විටදි බිරිඳගෙ හැඩ වැඩ බොඩිය

    හැක හැක :v

    ReplyDelete
    Replies
    1. හැක හැක තමයි...උඹනම් හොරෙක්ම තමා...ඔන්න කරනවනම් මේ වගේ හොරකම් කරන එක තමයි හොඳ...

      Delete
  19. අනේ අපිනං අහුවෙයි දුහුල් නයිටියක් තියා නයිටිය නැතුව ආවත්.

    (සීයට බෑ සීයේ කියලා එහෙම කිව්වොත්, බලාපිය කරන දේ)

    ReplyDelete
    Replies
    1. අහුවෙන්න කලිං අවදිවෙන්න එපායැ...:D

      Delete
    2. දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ......හැක් හැක්

      Delete
    3. අනේ සීයට පුළුවං සීයේ...ඔව්ව ගණන් ගන්න එපා... හැබැයි මීට අවුරුදු 70 කට විතර කලින් හොඳේ...හිකිස්...

      Delete
  20. මාධවී ස්ටයිල් කය්යක්

    ReplyDelete
    Replies
    1. ඕ අපිනං ඔහොම වල් කතා ලියන්නෑ.

      Delete
    2. අජිත් අය්යේ මාධවී නෙවෙයි බන් මදාවි ඉට්ටයිල් කියහන් .....

      Delete
    3. යකෝ මේවට වල් කියනවන්ම් වල් වලට මොකෑ කියන්නේ...මදාවි කියලයි...?

      Delete
  21. හත්වලාමේ කෑගහලද ඇහැරවන්න උනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං...ඒ වෙලාව වෙද්දි කකුලෙ ඉඳන් උඩට සේරම නිදිනේ...

      Delete
  22. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15530-2015-01-27-18-12-32

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ලින්කුව දැම්මට...ගොඩක් සතුටුයි...සත්තකින්ම...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...