Monday, January 12, 2015

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.............



කටමැත දොඩවනවා කියලා මෙහෙම කටක්
නොකියං කාටවත් දෙවියෝ දුන්න බවක්
කට හංදා නහිනවා මෙහෙ මාලු රැළක්
අයියෝ විමල් කියනවා හැර කියමි කුමක්

අම්මගෙ අප්පගේ බූදලෙ කියලා හිතං
හදනා අගල ගානේ තම කොටහා අරං
ගෙවල් කාර් සැප පිටරට තුරුළු කරං
අයියා අැණුනු පහුවෙනිදා රටිං ගොහිං

ලැජ්ජා නැද්ද කට කියවලා ගත්තු ෆන්
දැන් රෙදි නැතුව දුවනා විට අැද්ද ෆන්
අමුහෙළුවෙන් මහපාරේ නොයාෆන්
හගුරංකෙත ගෙට වී දොර වසාෆන්

බටකොළ කාපු කාලේ දුක ගියා සිරි
පක්ෂය වැජඹෙනා යුගයක නැගේ සිරි
හිටපු හෙනහුරා තිස්සයි උඹයි සිරි
දිවි අැති තෙක් බටකොළ කන් දයාසිරි ......................


කසුප් අනුරාධ


.


19 comments:

  1. වේදිකාවෙ කී දේවල් මොනා හරී
    එවලෙට කටට ආව නිසා කී අසිරී
    අතහැර එකට හූ කිවූ තම කැලත නරී
    පැනලා නේද අම්මට සිරි දයා සිරී

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දයාසිරි.......... අයියෝ සිරි............... කෝ අපේ බටකොළ කෑ දයාසිරි..............

      Delete
  2. මල්ලි
    බ්‍‍ලොග් එ‍කේ බැකප් තියාගන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ඒකේ විතරක් නෙමෙයි අපෙත් බැකප් තියාගන්න වෙනවා කලිං කස්ටික හිටියානම්......... අාය මේක හරවනවා බොරු............

      Delete
  3. හිරුනිකා දැක්කම මටත් ආණ්ඩුවට යන්න හිතෙනවා ඔයි

    ReplyDelete
    Replies
    1. ඔය කෝකත් ඔහොම තමා..... නැත්තං ලොක්කෝ ටික මාලනීව පාර්ලිමේන්තු ගෙනෙයි යෑ... ඒ කාලේ තිබ්බ නොසන්සිදුන අාසාවන් වයසට ගිහිං හරි බලය අාපු වෙලාවේ ගොඩදාගත්තා.. පුළුවං වුණ ගමන් ලගට ගත්තා.... හැමෝම ඉවාන් වගේ කෙලින් නොකීවාට ඔ්ක තමා කරන්නේ....

      Delete
  4. දයාසිරි
    වෙරි සොරි
    හක්කෙ හොරි
    බොක්කෙ පොරි
    ඇඹරි ඇඹරි
    පාන සිරි

    ReplyDelete
    Replies
    1. මාතා බටකොළ කතාව අැහුවාද???

      Delete
  5. මාරයි නෙහ්... !
    ඒක නෙමේ.. කවුද මේ කසුප් අනුරාධ කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ අාඩි 11 ම ඒකෙක් තමා................

      Delete
    2. ආං අද හරියට උත්තර දීල තියනවා...

      Delete
    3. අනේ විදානපතිරණයෝ..............

      උඹටත් මේවා ගානට පේනවා නේද?? ඒහෙම උත්තරයක් දුන්නෙම උඹ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න... අා දැන්නම් ෂුවර් නැගිටලා කියලා... ඒහෙමනම් හෙට අනිද්දා සමපෝෂ ගුලිය ගැන ලිපියක් ලියයි නේද????

      Delete
  6. මළ කෙලියයි. දැන් මූ හදන්නේ ආපහු හම්බන්තොට නැව් එන්නැති වරායේ ගලක් තියනවා කියලා කියන්නද? හැබැයි පුතෝ කුරුණෑගල බත් කාලා හමාරයි එව්වා කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක...................

      මේක තමා තියෙන ප්‍රශ්ණය... මේ අලුත් ක්‍රමය (සරත් ඒන් සිල්වා විසින් දුන් නඩු තීන්දුව ප්‍රකාරව ලංකාව තුළ දේශපාලනය මහා පෙරලියක් සිදුවන බව අපගේ උදෙක් විශ්වසය වේ.) ඒක අතකින් හොදයි... ඒකම රාමුවකට කොටු වෙලා හිටපු දේශපානය දැන් විවිධාකාර වෙනවා... ධනවාදී සමාජවාදී වැනි බෙදීම් දැන් මික්ස් වෙනවා... ඒක හරිම වටිනවා.... බලය හිතන්න බැරි විදිහට පෙරලෙනවා... ලංකාව ඒක කලමණාකරනය කරගෙන යන බවකුත් පේනවා...

      නමුත් විචාරක........

      මේ වැනි ලැජ්ජා නැති විදිහට පැත්ත මාරු කරන මිනිස්සු නිසා සාමාන්‍ය ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හෝ දේශපාලන ක්‍රමය ගැන බිදීමක් අැති වෙන්න පුළුවන්... ඒහෙම වුනොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා නොඅනුමානයි....

      Delete
  7. මුං සේරගෙම ලැජ්ජ නහර කපල තියෙන්නෙ බං. ආයෙමත් උන් සෙට් එකම එයි වගේ.

    ReplyDelete
    Replies
    1. අර කොහෙද කියලා තිබුණ වගේ මනෝෂ්, මුං පක්ෂ මාරු නොකර පක්ෂ වල නම් මාරු කරගත්තනම් ඉවරයි...ඇයි ඉතින් මොන පැත්තට බලය ආවත් එකම සෙට් එකමනේ ආයෙ ඉන්නෙත්...

      අසංක

      Delete
  8. උඩ දැම්මත් අපි උඹව දයාසිරි
    කොකා පෙන්නුවා උඹ අපිට බලෙන් පිරි
    දැන් ගියාත් ඉරිලා උඹේ රෙද්දේ මැහුම් ඉරි
    ආයෙත් එන්න එපා මල්ලි දයා සොරි

    ReplyDelete
    Replies
    1. මෙතන තමයි මනෝජ් ගැටලුව තියෙන්නේ........

      හොරු පනින උන් ඒපා කියලා අපි අලුත් අාණ්ඩුවක් පත්කරගත්තා...දැන් දින 100 කරන්න බහුතරය ඔ්නේ කිය කිය අායෙම අර අපි ඒපා කියපු උන්ම මේකට අෑද ගන්නවා... දයාසිරි කියන්නෙත් තියාගෙනත් බැරි නැතුවත් බැරි ඒකෙක් වෙලා... බලමු අාණ්ඩුව ගන්න තීරණය ගැන... නැත්තං මහින්දලාට ගැහුවා වගේම හම යන්න මේ අාණ්ඩුවටත් අපි ගහනවා.. ජනතා අවශ්‍යතාවය මෙය නෙවෙයි නම් අපි කීයටවත් සුදුහුණු ගගා ඉන්නෑ...............

      දින 100 කරගන්න බැරි නම් හොරු ඒකට ගාව නොගෙන ඊලග ඡන්දයේදී උන දේ කියන්න.. ජනතාව බහුතරය හදලා දෙයි.. ඒකට හොරු ගාවගත්තා කියලා ලැබෙන දෙයක් නැහැ... ඊලග අාණ්ඩුව පෙරලෙයි ඔය හොරු ගාව ගත්තොත් කියන ටික යහපාලන සෙට් ඒකට තේරෙන්න ඔ්නේ... නැත්තං ඉතින් සොරිම තමා........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...