Thursday, January 22, 2015

දුවහං අයියේ දුවහං තෙල් මිල බැහැලා .......................



අයියේ ගැමුණු කොයි රොප්පේ ඉන්නවද
තෙල් මිල අඩු වෙලා ඔබ දන්නේ නැතිද
තෙල් මිල වැඩි වුණොත් ඒ රුපියල දෙකද
බස් මිල නගී තුන හතරක් අමතකද ....................... ?

විසිගාණක්ලු රුපියල් ඒ කජු අැටද
දැන් ඔබ අඩු කරන්නේ විස්සද තිහද
මිල සංශෝධනය සිදුවන්නේ අද හෙටද
නැතිනම් තවත් අඩුවන තුරු ඉන්නවද .......................?

අවමිල පහයි තිබුනේ දැන් දහය වෙලා
ලොකු මිල ගණන් නප්පියටත් උඩ නැගලා
මිල වැඩි කළොත් දුවනා ලෙස හතිදාලා
දුවහං අයියේ දුවහං තෙල් මිල බැහැලා .......................???



තුෂාර විතාරණ


.

36 comments:

  1. Replies
    1. අන්න ගණං...... කොහොමද බං 7% යි කියන්නේ......

      Delete
    2. http://www.lankadeepa.lk/index.php/articles/291908

      8% කියන්නේ

      Delete
    3. ඒ කියන්නේ තෙල් අඩු වුනෙත් 8% යිද මනෝජ්..................???

      Delete
  2. ඩීසල් ලීටරයක් නගිනාවිට රුපියල් දහයක් උඩඅතට
    වලියක් අදිනව ටිකට් එකේ මිල රුපියල් දෙකකින් නග්ගන්ට
    වැඩිම වුනෝතින් මගියන් පහකුයි අද්දන්නට හැකි ලීටරෙට
    ඕකයි ගැමුණුගෙ මිල සූත්තරේ තව විස්තර ලියමිද කුමට

    ReplyDelete
    Replies
    1. ගැමුණු අහං
      ගිහිං මිල බැහැං
      ඒ ගණං වලිං
      ටිකට් බස්සං නොයිං කට වහං

      Delete
    2. නැතුව නැතුව ............ හිටං

      Delete
  3. නියමයි මල්ලි නියමයි උඹෙ ඉල්ලීම
    ගොසිප් එකෙත් ඇත මේ වැනි කතිකාම
    ගැමුණුව එහි කියා ඇතිය උගෙ කීම
    අපිත් බලමු මිල අඩුවෙන හැටි ළඟම

    අසංක

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ අසංක
      ඔච්චර කල් නැග්ගා ජීවන අංක
      බහින කාලෙට තෙල් ටික
      බහින්නට ඔ්න හැම ඒක

      Delete
  4. කරහං අයියෙ කරහං අඩු නොකා ගුටී..

    ReplyDelete
    Replies
    1. කොරලා මචං ප්‍රතිශතෙ අමතක කොරලා..........

      Delete
  5. දියං දියං කියන්න ඉස්සෙල්ලා ඔන්න දුන්නා දැං කටවහං කිව්වාලු.

    එහෙම කිව්වාට ආයි ඉල්ලන්නේ නැද්ද?

    ලස්සන කවි ටික සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ................... ඔය වචන අපිට මහමෙරක් තරං...

      Delete
  6. ඉස්සර වැඩි කරන්නට ගොස් රජුගෙන් කාපු ගුටී
    දැන් අඩු නැතොත් කන්නට වෙයි අපෙන් ගුටී

    ReplyDelete
    Replies
    1. අනිවා මාතා
      නොදුන්නොත් මේ පුතා
      නොකියන්නට බොරු කතා
      ගලවා දෙමු බෙල්ල ගෙදර ගෙනියන්නට ඔතා

      Delete
  7. තෙල් මිල අඩු නිසා බස් මිල අඩු කෙරුවත්
    නොකරොත් සේවෙ 'ප්‍රමිතිය' එහි නෑ ගතියක්
    එහෙකට තුන්සීය තව එකකට දාහක්
    කොළඹින් බදුලු යන කොයි බසයත් ලොරියක්

    ReplyDelete
    Replies
    1. හරියට හරි ක.මි
      තව තවත් නොබලමි
      වාසිය දෙනු ජනතා නමි
      බොරු කරනු නොඉවසමි..............

      Delete
  8. අඩු නොකරන්නට නැත හේතු.

    ReplyDelete
    Replies
    1. අඩු කරාට ප්‍රමාණවත් නොවේ තතු

      Delete
  9. මල්ලියේ උඹට පිස්සුද නැත්තන් හැටිද
    ගනන් අඩු කරන්නේ මොන රෙද්දකටද
    ඩීසල් අඩු කරන් මුන් ආතල් ගන්න විට
    ආතල් දෙන්න උඹලට මට මොන කිචිද

    7% අඩු කරලළු.ගැමුණු අයියත් යහ පාළනය නිසා බලමුකෝ
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. 7% කියන්නේ කොයි තරම් පොඩි ප්‍රතිශතයක් ද කසුට්ටෝ.......... තෙල් මිල අඩු වුනේ 30% විතර නොවැ......

      Delete
  10. ආ..මම බස් ගාස්තු වැඩි කලාද? මට එහම දෙයක් මතක නෑනේ
    මිට
    ගැමුනු
    පසුව ලියමි..
    $#%^**^%$@#%^&&& නැතුව හිටහං තුෂාර..

    ReplyDelete
    Replies
    1. මහරජ ගැමුණු...................... දැන් තිරගත වේ...

      Delete
  11. නගිනකොට තරගෙට වැඩි කරන ඒවා බහිද්දී ඒ වේගෙන්ම අඩු වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකයි දිනේෂ් ප්‍රශ්ණය..... තෙල්මිල පැහැදිලිවම ලොකු ගානකින් අඩු වුණා... ඒත් බස්ගාස්තු අඩුවුනේ සොච්චමයි... අනික් දේවල් ගැන කිසිම කතාවක් නැහැ.... කෝ මේ සහනය ජනතාව වෙත යන විදිහක්....

      Delete
  12. බස් ගැමුණුවයි ෂෙඩ් අයිතිකාරයොයි දෙගොල්ලම එකම නැකතකින් ඉපදිල තියෙන්නෙ
    වැඩි වෙනකොට හූ කියාගෙන නග්ගනව
    ඒත් අඩු වෙද්දි මීක් නැ

    ReplyDelete
    Replies
    1. ගැමුණු මේ අාණ්ඩුවට සහය දැක්වුවා... ඒ මේ සෙතේ වෙන වග දැන දැනම තමයි... ඒ වාසිය ජනතාවට යන ඒකට හරහට හිටින්නෙත් මේ අාණ්ඩුවට සහය දැක්වූ ගැමුණුම තමයි..... මේ විදිහේ ජනතාවගේ සහනයන් ගසා කන හොරුන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි...

      Delete
  13. ඉතුරු සල්ලිත් හරියට දෙනවනම් තමයි ‍හොඳ.. නැත්නම් අවම මිල රු.8 උනත් අපෙන් රු.10ක් ගන්නවනේ...

    ReplyDelete
    Replies
    1. අනිවා හිමාල්................... ප්‍රොයෝගික ගැටලු

      Delete
  14. වැඩි වනවිට තෙල් රුපියල් දෙකක් තුනක්..
    වැඩි කලාට බස් ගාස්තු හතක් අටක්..
    අඩු වෙනකොට අඩු කළහොත් ඒ ගානත්..
    අපි කන්නේ හුළං ද බලහන් පොඩ්ඩක්..

    කෝච්චියේ ගාස්තු වැඩි වෙලා නැතී..
    තිහකම බස් දුර දහයට යන්න හැකී..
    ට්‍රැෆික් කතන්දර කිසිවක් ඒකෙ නැතී..
    කැමති එකෙක් කෝච්චියේ යන්න හැකී..

    - බස් ගැමුණු රිප්ලයි-

    ReplyDelete
    Replies
    1. පිං අගහරු අාවාට
      අදහස් කුරුටු ගෑවාට
      තරහා වෙන්න ඒපා මේක කීවාට
      තෑගි දෙනවාද ගැමුණු ඔය ටික කීවාට

      විහිළුවට හරිය..............

      Delete
  15. වැඩක් නෑ කතා කරල. තෙල් මිල වැඩි කරද්දී ගාස්තු හිටු කියල වැඩි කලාට අඩු කරද්දී එහෙම කරන්නෙ නෑනෙ. මේ පාරත් ඒකම තමා උනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනා.......................

      බස්ගාස්තු අඩු වෙන්න අනුමත කළ හැකි ප්‍රතිශතයකින් නොවේ.... ඒ විතරක් නෙමෙයි ජනතාවට තව තවත් මේ සහනය යා යුතු පැති තියෙනවා... ඒ කිසි දෙයක් ගැන කවුරුත් කතා කරන්නෑ... අන්තිමට තෙල් මිල අඩු වීමේ වාසියත් වෙළෙන්දාම ගන්නවා......

      Delete
  16. හයිවේ බස් ගාස්තුවත් අඩු කරොත් නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත් දැන් හැම ඒකම අඩු වෙන්න ඒපැයි නේද????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...