Friday, January 9, 2015

උතුමාණනි......!!!



උතුමාණනි...

ඔබ රටට, අපට කළ හොඳ...

කිසිදා අමතක නොවේ...

ඒ අපි හදවත් ගැහෙනා...

සාමාන්‍ය අහිංසක මිනිසුන් වන බැවිනි...

 

උතුමාණනි...

ඔබගෙන් අපි බලාපොරොත්තු වනුයේද...


රටට සහ අපට, හොඳක්ම පමණි...

ඒ අපි හදවත් ගැහෙනා...

සාමාන්‍ය අහිංසක මිනිසුන් වන බැවිනි...



-අසංක ගයාන් අබේසිංහ-

32 comments:

  1. කොයි උතුමාටත් ගේම දෙන්නෙ වටේ ඉන්න සැට් එක. උන්ගෙන් ප්‍රවේශම් වෙන්න උතුමාණනි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මාධවී...සහතික ඇත්ත...පොරෝහිත අවුල් නම් රජා නිකම්ම අවුල් වෙනවා කොයි තරම් හොඳ වුණත්...ඒ හින්දා තමා වටේ ඉන්න ඕන පිරිස හරියටම හඳුනාගැනීම රජෙක් පළමුව කළ යුතුමයි...

      Delete
    2. වටේ ඉන්න අයගෙ තාලෙට නටන්න එයා බබෙක්ද ? බබෙක් කොහොමද රජෙක් වෙන්නෙ ?

      Delete
    3. බබාල පත්කරන්නෙත් බබාලද?

      Delete
    4. අැනියෝ.......................

      බබෙක් නෙමෙයි නම් මෙච්චර හරියක් වෙනකල් තේරුම් නොගනීවිද????

      Delete
  2. බලමුකෝ අළුත් කෙනාගේ වැඩත්.... :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම මධුරංග අපිත් ඒතන ඉන්නවා...............

      Delete
  3. වටේ හිටි වන්දිබට්ටයෝ ඔහුව උතුමෙක් කරල රජෙක් කලා.. ඔහුත් ඒ ඔ‍ටුන්න දාගත්තා.. ඉන් පස්සෙ පාර පෙනෙන්නෙ නැතුව ගියා.. ඔන්න වැරදුන තැන.. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නෙ නායකයෝ. ඔවුන් උතුමන් වෙන්නෙ දිගුකාලීන පැවැත්මෙන් ඒක ඔප්පු කලාමයි..

    ReplyDelete
    Replies
    1. අැනියෝ......................

      ඒකගයි බොක්කෙන්ම..... කටෙන් පොරවල් වෙලා වැඩක් නැහැ.... වැඩ කරලයි පෙන්නන්න උවමනා... කලගුණ සලකන්න රට දෙන්න බැහැ... වෙන මොනවා හරිනම් කමක් නැහැ.... යකෝ මේක අපේ රට..........

      Delete
  4. බලමු අපි බලං ඉන්නෙත් නායිද අනාගයිද කියල

    ReplyDelete
    Replies
    1. අපි අදාල ට්‍රැක් ඒකට ගෙනාවා... හරි පාරේ යනවාද කියලත් අපි අැහැගහගෙන ඉන්නවා.... ඒක තමයි සක්‍රීය පුරවැසියාගේ ලක්ෂණය

      Delete
  5. මහින්ද ගෙදර යාම ගැන මට ලොකු දුකක් හෝ මෛත්‍රී ජනපතිවීම ගැන මට අමුතු සතුටක් හෝ නැත. නමුත් මට ඇති එකම දුක සිංහලයන් බහුතරයක් සිටියත් රජයක් පිහිටුවන්නට දෙමළ හා මුස්ලිම් ඡන්ද හිගාකෑමට සිංහල දේශපාලඥයන්ට සිදුව තිබීමය. මෙය සිනහ වී ඉවත හෙළිය යුතු කරුණක් නොවේ. සිංහලයාගේ අනාගත මහා ව්‍යසනයක් පෙරනිමිත්තක් පමණි.

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාවයන් මත හැම දේම තීරණය කරන්න බැහැ නිරංජන්... දෙමළ මුස්ලිම් මිනිස්සුත් අපේම රටේ ජනතාව.. ඔවුන්ටත් මේ රටේ ජනතාව විදිහට ජීවත් වෙන්න අයිතිය තියෙනවා... යුද්ධය ඉවර කරාට ඒ අාණ්ඩුවට මේ රටට ඒක ජාතියක් හදන්න බැරිවුණා... අපි දැන් ඒක හදාගන්න උවමනයි....... දෙමළා..... මරක්කලයා කියන ගෝත්‍රවාදයන් වලින් ඒළියට ඒන්න දැන් කාලය හරි මචං...........

      Delete
  6. දෙන්නටම අවවාදයක්

    ReplyDelete
    Replies
    1. දෙන්නට විතරක් නෙමෙයි .......... හැමෝට ම අවවාදයක් අජිතෝ.......

      Delete
  7. වැඩ්ඩෝ බබ්බු වීමේ ප්‍රතිඵල දැක්කා,දැන් බලමු වැඩ්ඩෝ වැඩ්ඩන් ලෙසින්ම ඉඳීද නැත්තම් බබ්බු වෙවිද කියල......
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ජයවේවා කසුට්ටා............ අපිත් අැහැගහගන ගමයි ඉන්නේ...............

      Delete
  8. එයාගේ වල එයාම කපාගත්තා... අලුත් කෙනාටත් මේව හොඳ පාඩම්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම හිමාල්..............

      දේශපාලනය මඩ වලක් කරගන්න ගියොත් ඔ්ක තමයි හැමෝට ම වෙන්නේ....

      Delete
  9. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න සුදානම්ද කියලා බලමුකෝ

    ReplyDelete
    Replies
    1. උගත් පාඩම් කොමිසම තමා මේකත් නේද ඉවාන්...........

      Delete
  10. උතුමාණෙනි
    බලාසිටිමු
    ඔබෙන් නොව උනුන්ගෙන්
    රට සොයන
    වෙනස

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම හංසි.............

      අපිත් බලාසිටිමු............... ඔබත් සමගම

      Delete
  11. මෙයාත් එයා ගිය වැරදි පාරේම යනවා නම් මෙයාටත් බෙහෙත් තියෙනවා අපි ගාව.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්............

      මේක මිනිස්සු තමන්ගේ ශක්තිය පෙන්නපු අවස්ථාවකටත් වඩා තමන්ගේ ශක්තිය දැනගත්ත අවස්ථාවක් කියලයි අපිත් දකින්නේ........

      Delete
  12. උතුමාණෙනි, අපේ මේ ආමන්ත්‍රණයට වටිනාකමක් ලබා දෙන්න..

    ReplyDelete
    Replies
    1. උතුමාණෙනි ..................

      අපි උතුම් ම හිතින් මේක කියන්නේ..... ඒකේ වටිනාකම තිබ්බේ නැතිනම් අපි කරපු වැඩෙන් වැඩක් නැහැ...... ඒක වුනොත් ඒකට වටිනාකම ලබාගන්න හැටිත් අපි දන්නවා............

      Delete
  13. ජනතාව හැමොටම වඩා බලවත් කියල හැම නායක‍ය‍ෙක්ම මතක තබා ගත යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍ර........................

      ඒක තමයි අැත්තම කතාව... මේක අමුතුවෙන් ඔබාමා කියන්න උවමනා දෙයක් නෙමෙයි.... මේක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයකුත් නෙමෙයි.... මේක ජනතාව විසින් ම දැනගත යුතු දෙයක්.... තමන් ගාව තියෙන දේ නොදැන සිටීම මාර අපරාදයක්.............

      Delete
  14. පළවෙනි උතුමාණන්ගෙ තිබ්බ හොඳ දැන් නැති වෙලා ගිහිල්ල. එතුමාට තිබ්බේ නම්බු පිට දේශපාලනයෙන් සමුගන්න.තවත් කූරු ගහන්නෙ නැතුව.
    දෙවෙනි උතුමාණන් නම් දැනට වැඩ ටික හොඳින් කරල තියෙන බවක් පේනවා. ඒත් අපි බලන් ඉන්නව හැමදාම එහෙමද කියල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝ...මොන බලවතා වුණත් දැනගන්න ඕන තමන්ගෙ උපරිමේදී සමුගන්න...එතකොටයි නම්බු...බලමු බලමු අළුත් උතුමා ගැනත්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...