Thursday, January 29, 2015

පළමු අම්මේ... දෙවැනි අම්මේ...



සෙනෙහසේ නිම් නැති අනන්තේ
උණු රුහිරු කිරි දියේ සඟවා
පොවා ඔය පපුතුරේ හොවලා
පණ පෙවුනි මගෙ ජීවිතේ
පළමු උපතය දිවි මගේ

ආදරෙයි මා... ආදරෙයි මා...
මගේ අම්මේ දිවි තුරා
හිඳිනෙමිය ඔබෙ ලොවෙහි මා...



ආදරේ නිම් නැති අනන්තේ
නෙත් කැලුම් නිල් දියේ සඟවා
උණුහුමේ හදවතේ හොවලා
ලැබුණි මට මගෙ ජීවිතේ
දෙවන උපතය දිවි මගේ

ආදරෙයි මා... ආදරෙයි මා...
පතිනියේ මගෙ දිවි තුරා
හිඳිනෙමිය ඔබෙ තුරුලෙ මා...

 

අසංක ගයාන් අබේසිංහ

46 comments:

  1. පට්ට ම පට්ට මචං!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූපේ...

      Delete
  2. සම්පුර්න ඇත්ත..එල ද බ්‍රා
    අපි හැම කෙනෙක්ගෙම සිතුවිල්ල ඔයා අකුරැ කරලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩියෝ...

      Delete
  3. මෙලොව රහක් නෑ අර බෑගිරි ගහන සිංදුවක් වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. අර මාතලන් දවසක් කිව්වා වගේ උඹට කිසිම දෙයක හොඳක් පෙන්නෙ නෑනෙ...ඒත් ඉතිං උඹල වගේ එවුනුත් මේකෙ ඉන්නම ඕන...නැත්තම් මෙලෝ රහක් නෑ... හැක්...

      Delete
    2. නැත්නං නැත්නං.. උඹල උඩ ගිහිල්ල පහල බලන්න අමතක වෙනවා. හැක්

      Delete
    3. "බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
      එයා උඩින් නොවෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ"
      ++++++++++++++++++++++++++++++++++++

      අමුතු ඇඳුම් ඇඳ හඬවන
      රබානකි අතේ
      පොළොවෙ ඉඳන් අඩි දහයක්
      විතර උස ඇතේ...
      ආකාසෙ ඔළුව වදියි
      කියල බය හිතේ...
      බොරු කකුල් කාරයෙක් එනවා
      අන්න අර පුතේ...

      උණ බම්බු දෙකක් උඩ
      මිනිහා ඉන්නෙ කොහොමද
      එයා අපි වාගේ මහ පොළොවේ
      පයින් යනවද
      මට තේරෙන්නෙ නෑ
      තාත්තෙ කියල දෙනවද...
      එයා උඩින් යන්නේ ඇයි
      පහළින් යන්න බැරුවද...

      බොරු අහංකාරකම්
      කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
      එයා උඩින් නොවෙයි බිමින්
      ගියත් වැරැද්දක් නැතේ
      බොරුකකුල් මෙයා වාගෙ
      බැඳල නැති නමුත් පුතේ...
      ඔය වාගෙ උඩින් යන ඈයෝ
      හුඟක් ලොව ඇතේ...


      ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : සනත් නන්දසිරි
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා

      Delete
    4. @ දේශකයා

      මොකක්ද බං මේ ඉලව් උඩ ගිහින් කියන කතාව...මං කවදාවත් බොරු රැස්පොට් එහෙම උඹලට දාලා ඇතැයි...තියනවනම් කියනවා හොඳෙයි...මං මෙතනම කට කපාගන්නවා ඕං...හැක්...

      @ සින්දු

      ලස්සන සිංදුව මචෝ...

      Delete
  4. මට ලැබුණු දෙවැනි අම්මා නිසා තමයි මම මේ තරමින්වත් පොළොවේ පය ගහලා ඉන්නේ. මේ පද පෙළ එයාටත් පෙන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත විචාරක...මිනිහෙක් හැදෙන්න හරි නැහෙන්න හරි දෙවෙනි අම්මා ඉන්නම එපාය...

      Delete
  5. පුලුවන්නම් ඔය දෙපොල එක තැන තියලා බලමු. (මම කිව්වෙ සාමාන්‍ය තත්ත්වෙ හොඳේ)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ අම්මලා දෙන්නගෙම මානසික තත්ත්වය හිතුවොත් එයාලා දෙන්නම රණ්ඩු වෙන්නේ පුතාගෙ අවධානෙ සහ සැලකිල්ල තමන්ගෙ පැත්තට ගන්නනෙ මාධවියෝ...

      Delete
  6. සුභ පැතුම් අසංක අයියේ................

    පළවෙනි ජීවිතය සහ දෙවැනි ජීවිතය කියලත් ඒකට කියන්න පුලුවං... ඔය ගමන ජයෙන් ජයට ම යන්න ලැබේවා කියලා පතනවා... ඔබ වැනි අයෙක් ලැබීමත් අැගේ වාසනාවක්............

    තුෂාර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂාරයෝ...උඹ හරි...එයා මගේ දෙවැනි අම්මාම තමයි...ඒත් ඉතිං දැන් පොඩි අවුලක් තියනවා...එයා ගැන දැනෙන ආදරේ දැන් වැඩි වගේ...මටත් නිකං පිච්චු වගේ...මොකුත් හිතාගන්න බෑ...වැඩි ආදරේ මළ කරදරේ වෙයිද දන්නෑ ළඟදීම...එහෙමනම් වෙන්න එපෝ...හැක්...

      Delete
  7. සමාවෙන්න ගී පවුරේ.මේ දවස්වල ටිකක් කරදරයි. නිඩහසේ බ්ලොගක්වත් කියවගෙන ඉන්න වෙලාවක් නෑ. ඔන්න ලැබුන පුංචිවෙලාවෙන් ටක් ගාල වැඩක් ගත්තා. මාත් අලුතින් පෝස්ට් එකක් දානවා තව ටිකකින්.

    කවදත් වගේ නිර්මාණයනම් අනර්ඝයි. ඉතාම කදිම සංසන්දනයක්. මේ දෙකම බැලන්ස් කරගන්න එකා තමයි වැඩ්ඩා. නමුත් අමාරුමෙ දේත් මේකයි.

    ReplyDelete
    Replies
    1. හිටහං හිටහං මාත් වැඩ්ඩෙක් වෙන්න තමයි කල්පනාව මනෝෂයා...බොහොම ස්තුතියි හොඳේ...උඹේ අලුත් පෝස්ට් එකත් බලන්න ඕන දාපුවාම...

      Delete
  8. දුකේදි හැඩුමට සැපේදි
    සිනාසෙන්නට ළග ඉදන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්
    නුඹයි ඒ අම්මා
    සොදුරියේ නුඹයි ඒ අම්මා


    අහස මෙන් ලත් චෝදනා
    පොළොව මෙන් දුක් උහුලනා //
    මැණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදිලා
    සොදුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා


    දුකේදි හැඩුමට......

    සිතට සැනසුම් කල්පනා
    ගෙනෙන පාදා වාසනා //
    තනා ටජ් මහලයක් පිවිතුරූ සෙනෙහෙ ගං තීරේ
    සොදුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

    ගායනය: ටී.එම් ජයරත්න
    පද රචනය:ඒ.ජී ශීලා
    සංගීතය:සරත් දසනායක

    ReplyDelete
  9. මෙන්න මේකට සින්දු ලෝකයක්... කමෙන්ට්ස් බලන්න.

    http://atampahura.blogspot.com/2014/09/blog-post_85.html

    ReplyDelete
    Replies
    1. අනිවා...ඉක්මනින්ම බලන්න ඕන...

      Delete
  10. සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ
    බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
    නිවාලන්නට පව් ගෙවන්නට

    දුකේ සැපතේ එක ලෙසේ
    පණනල ලෙසේ මා ළඟ ‍රැදී
    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ...

    හදට දුක් ගිනි කිසිත් නොම දී
    නුඹ රකින්නට ණය ගෙවන්නට
    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ....

    ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා
    තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ඇත්ත සින්දුවා...අපි හින්ද සහකාරිය සමහර වෙලාවට කොයි තරම් දුක් විඳිනවද...ඒ වෙලාවට හිතෙනවා මේ ගීතය කොයි තරම් ඇත්තද කියලා...

      Delete
  11. අපූරු පද වැල් ටිකක්.. ගී පද රචනාවක් කලොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...ගී පද රචනාවක් කරන්න විදිහක් හිතාගන්න බැරුවයි ඉන්නේ...

      Delete
  12. මම නම් කැමති නෑ භාර්යාවට අම්මා කියන එකට. ආමන්ත්‍රණය නෙමෙයි මම කියන්නේ, ඒ ප්‍රතිරූපයට සමාන කිරීම. අනික නිකං සංසර්ගයේ යෙදෙන කොටත් නිකං මොකක්ද වගේනේ..

    ReplyDelete
    Replies
    1. අම්මප හැබෑව මාතලන්...ඒකනම් හෙනම අවුලක් තමයි...ඒත් මම මෙතන උත්සාහ කළේ සර්ව සම්පූර්ණ මව් ලක්ෂණ ඇයට ආදේශ කිරීමක් කරන්න නෙවෙයි...බිරිඳක් තුළ ඔය හැම සංකලයනයක්ම තියනවනේ...එයින් එක් ලක්ෂණයක් ඉස්මතු කිරීම...උදාහරණයක් විදිහට අපිට ලෙඩක් වෙලා බුදියගෙන හිටියොත් ඇය ළඟට වෙලාම අපිට සාත්තු සප්පායම් කරනවා, බැරිමනම් කවනවා පොවනවා...මේක ටිකක් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව බලාගන්නවා වගේනෙ...ඒකයි...කොහොමත් හොඳ බිරිඳක් තමන්ගෙ ස්වාමියාට යහළුවෙක්, මවක්, සහකාරියෙක් වගේම යහනෙදි වෛශ්‍යාවක් වගේ වෙන්නත් එපාය...

      Delete
    2. හැක් හැක්.. මේකත් බලහං
      http://atw-cmb.blogspot.com/2014/02/blog-post.html

      Delete
    3. අපෙ අම්මෝ මෙහෙම අම්මා කියන ආමන්ත්‍රණය විතරක් මුල් කරගෙන මේක බලන්න ගියොතින් නම් හෙණ අවුලක් වගේ පේයි මචෝ...හැක්...

      Delete
  13. හොඳ අම්මෙකුයි හොඳ බිරිඳකුයි ලබන්න හොඳ පිනක් තියෙන්න ඕන නේද?
    ලස්සන නිර්මාණය

    ReplyDelete
    Replies
    1. ඒකනම් සත්තකින්ම පෙර පිනක්ම තමයි වර්ණයෝ...

      Delete
  14. ලස්සන නිර්මාණයක්.... එල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ෂර්මියා...

      Delete
  15. බොරු ඕනේ නැහැ බං,දේශාට වගේ මටත් මේක එච්චරම ඇල්ලුවේ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. ආපෝ ඒකට මොකද බං...නානත්ත කායා නානත්ත සංඥා...එක එක අය එක එක විදිහනේ ඉතිං...මොක වුණත් අවංකකම ගැනනම් අගය කරනවා උපරිමෙන්ම...

      Delete
    2. උඹලා අප්සට් නොගන්න බව දන්නවා.එකයි මම එහෙම කිව්වේ,උඹලා හොඳ නිර්මාණකාරයෝ. මගේ රස වින්දනේ අවුලක් වෙන්නත් පුළුවන්.
      හැබැයි උඹලා සෙට් එකටම මිට වඩා උපරිමෙන් ලියන්න පුළුවන්.

      Delete
    3. ඔව් මචං...උඹලගෙ අවංක ගුණ දොස් දැකීම හින්දම තමයි අපිට මෙහෙම ඉදිරියටම යන්න පුළුවන් වෙලා තියෙන්නේ...ඉදිරියටත් අපි නිර්මාණ කරනවා පුළුවන් උපරිමෙන්ම...බොහොම ස්තුතියි මනෝජ්...

      Delete
  16. ඔබ මෙන් ඇයත්..
    ඇය මෙන් ඔබත්...
    මට මාගේ ඇස් දෙක වගේ..

    ReplyDelete
    Replies
    1. දෙන්නටම සමානව සලකන්න හිතන පිරිමියෙකුට ගොඩක් ප්‍රශ්න එනව කමියා...

      Delete
  17. හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් අසංක ...!

    බුදුදහමේ සඳහන් සප්ත භාර්යවන් අතරත් " මාතු භරියා - මවක වැනි වූ බිරිඳ " පිළිබඳ කියැවෙනවා. මව් සෙනෙහසට උපමා නැති උනත් පිරිමි කැමතියි, තමන්ගේ මවගේ ගති-ගුණ හා තරමක් හෝ සසැ‍ඳෙන ගුණාංග තියෙන යුවතියක් බිරිඳ කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකෙ ලොකු ඇත්තක් තියනවා සඳරු...තමන්ගෙ අම්මගෙ කරුණාව, ආදරය පිරිමියෙක් වෙනසක් නැතුව බලාපොරොත්තු වෙනවා...ඉතිං අම්මගෙ ගතිගුණ ටිකක් හරි තියන සොඳුරියකට පිරිමියෙක් ආදරය කරන්නේ හදවතින්මයි...

      Delete
  18. මවුවත් සෙනෙහසක අරුමය.....
    අපේ තාත්තා ඉස්සර අම්මත් එක්ක නිදාගන්න කොට එයාගේ අම්මාගේ රෙද්දක් පොරවගනළු.අම්මගේ සුවඳ ඒකෙන් දැනෙනවා කියලා.එයාගේ අම්මා (ආච්චි )ඒ වෙනකොට මැරිලා.
    ඒත් මතක තියාගනින්.අම්මා කෙනෙක්ට බැරිවුනාට බිරිඳකට පුළුවන් ජීවිතේ අපායක් කරන්නත්,දිව්‍යලෝකයක් කරන්නත්.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කම මොකක්දෝ මහ දුකක් හිතට ආවා කටුසු...මගේ අම්මා තවම ජීවතුන් අතර ඉන්නවා...ඒත්...ඇයත් මට කවදක හරි අහිමි වුණු දවසට...?? අනේ මන්දා බං...උඹ කියන අනිත් කතාව සහතික ඇත්ත...ඒක මම දෑහින් දැකලා තියන ඇත්තක්...

      Delete
  19. හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානයෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...