හමා යන මද පවන් අතරින්,
පාව එයි සුවදක් හුරූ.
හීත රෑ නෙත් කවුළු වසමින්,
සොයමි කොහිදැයි ඔබේ රූ.
සවන් පත් ඉඩ ලැබූ සැනෙකින්,
ස්වර සොයයි දෙසවන පිරූ.
නෙත ගැටෙන සැම ඉවත දමමින්,
සොයා එමි මම ඔබේ රූ....................................
කිචි බිචියෙ උඹ ගී ගැයූවට,
නැහැ බටිත්තෝ එහි රසක්.
ඇගේ මුව ගොළුවත රකින විට,
දැනෙනවා මට එහි රසක්.
ඉති පිටින් ගැට පිච්ච පිපුණට,
එතැන නැහැ මට සුසුවදක්.
ගියෝතින් ඇය උන්නු තැනකට,
දැනේ මට හුරු සුසුසවදක්.
හරි අගෙයි දේදුන්න අඹරට,
නැහැ බලන්නට මට හිතක්.
ඇගේ නිල්වන් නිල්මිණිය වට
ඇහිබැමට මට ඇත හිතක්................................
ඇගේ නෙත් නිල් පැහැය දැහැගෙන,
මූදෙ දිය හැඩ වනු එපා.
ඇගේ වත සුදු පැහැය අරගෙන,
පිච්ච මල් පූදිනු එපා.
ඇගේ තොල් රත් පැහැය ලා ගෙන,
නා ගසක් දළු ලනු එපා.
ඇගේ වටකුරු මුහුණේ හැඩ ගෙන,
පුර සදක් පායනු එපා ............................................
තුෂාර විතාරණ
.
ඹබගේ නිර්මාණ අගය කරමි.
ReplyDelete