Wednesday, February 25, 2015

ඒ රුව ඇගෙදෝ......



අතැඟිලි අතරින් ගිලිහී වියැකී
යන්නට ගිය කාලයේ මීදුමේ
වලාව අතරින් සිනහව රන්දා
මගේ දෙනෙත් වෙත කඳුලද ළංකල

මතකය ඇගෙදෝ...
රාවය ඇගෙදෝ...


කර්කශ ජීවිත ගමනේ නියැළී
ඉසිඹුවකින් ලද හුස්මක රඳවා
උණුහුම සිහිකර
සැනසුම ළංකර
සැණින් දුරස් වූ නැවත ළං නොවූ

ඒ රුව ඇගෙදෝ...
ඒ හඬ ඇගෙදෝ...


තිඹිරිගෙයි සිට තුරුණු විය මග
විසල් පහසක මාව සඟවා
මහමෙරක් ආදරේ පුරලා
මගේ අත් පොඩි පටලවා ආ

සොඳුරු රුව දැන් මැකීලා...
ඇගේ අත්වැල ගිලිහිලා...


සුසානය අභියසය අද මා
පෙරුම් පුරනෙමි එන්න මොහොතින්
පැන නටා ඔබ වෙතට සැණෙකින්
පුංචි පුතු මා තවම ඔබගේ
උණුහුමේ ඇකයේ දැවටෙනා

රත්තරන් අම්මේ...
ඔබ මගේ අම්මේ...



අසංක ගයාන් අබේසිංහ

67 comments:

  1. ගායනය - මධුමාධවී සරුපතිලක
    සංගීතය - සී ජේ විදානපතිරණ

    ReplyDelete
    Replies
    1. නියමයි දේශා...කොහොමද උඹ මේ දක්ෂයෝ දෙන්නව තෝරගත්තේ...හැක්...හැක්...

      Delete
    2. අපිටත් ට්‍රප්පට් ගහන්න හරි දියන්

      Delete
    3. උඹව ගන්නවා සැක්සපෝන් (Saxophone) ගහන්න...නෑ නෑ Sex සහ Porn නෙවෙයි...හැක්...හැක්...

      Delete
    4. මෙන්න යකෝ දේශා උප්පැන්න රෙජිස්ට්‍රාර් රාජකාරියට බැහැලා!
      ඔය සරුපතිලක කීවම සර්පයොත් අදහස් වෙනවනෙ. ඒකට මගේ විරෝධය.

      Delete
    5. හැක් හැක්...

      ඕනෑම පදමාලාවකට මනරම් ලෙස සංගීතය යොදාගැනීම සඳහා...

      විමසන්න...

      සී.ජේ. විදානපතිරණ....
      අංක 00001, නිට්ටඹුව පාර, පැල්මඩුල්ල, අකුරැස්ස
      දුක: 07156999**
      විද්‍යුත් ලිපිණය. vidanegedane@gmail.com / cvpsur@gmail.com

      Delete
    6. අමතක උනා..

      බ්ලොග් අඩවිය..
      විදානේගේ **දානේ...

      Delete
    7. සරුපතිලක= සරු + පති + ලක ලස්සන පතිනියකගේ හොඳම කාලය.. හැක් හැක්.. මාදවීට ගලපෙනම වාසගම

      Delete
    8. පති කියන්නේ මිනිහට බාංං. පතිනි තමා ගෑනි. මාදවීගෙ ස්ත්‍රී පුරුෂ භාවය ගැන ලඟදීම හෙලිකරනවා ඕ යේස්.

      Delete
    9. උඹල ස්ත්‍රී පුරුෂ හොය හොය හිටපල්ලා...සෙරම හරියයි...හැක්...හැක්...

      Delete
  2. //රත්තරන් අම්මේ...
    ඔබ මගේ අම්මේ...//
    පුංචි දේකින්
    මගේ දසකම්
    මහමෙරක් සේ දුටු පියාණනි
    ආදරේ හංගා ම දෙස
    බලා සැනසුන මා පියාණනි
    වියෝ වු දින ඔබේ සෙනෙහස
    මහෙමෙරක්බව පසක් විය මට

    ඔන්න මාත් දිග්වක් එකතු කළා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නියමයි සාරිකා...ඔබ මේ කවිය අර්ථවත් කළාට පිං...මමත් පියාණන් ගැන වෙනම කවියක් ලියනවද නැත්තම් මේ කවිය තුළම දානවද කියන ගැටළුවක මුලින් හිටියා...පස්සෙ හිතුවා කවිය දිග වැඩි වෙයි කියලා...ඉතිං පිය ගුණ වරුණ ගැන ඊළඟ කවියක වෙනම දාන්න හිතුවා...

      Delete
  3. නියමයි අසංක ...සින්දුවක් කරන්න නියමයි .....


    දෙවෙනි බුදුන් ලෙස
    ලොවම උවම් කළ
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ලඳ
    අම්මා... අම්මා... අම්මා...

    දෙසවන් සනසා මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිපගන්නට ඔබ මා ලග නැත
    අම්මා... අම්මා... අම්මා...

    ඇසට අඬන්නට කඳුළුලි දුන් ඔබට
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිපගන්නට ඔබ මා ලග නැත
    අම්මා... අම්මා... අම්මා...

    ගායනය - සුනිල් එදිරිසිංහ
    පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඔබෙන් ලද මේ ඇගයීම මට ගොඩක් වටිනවා සින්දු...ඔබ මේ දක්වා ඇති ගීතයම තමයි මටත් මුලින් මතක් වුණේ අම්මා ගැන හිතද්දී...

      Delete
    2. මචෝ මේල් එකක් එවන්න ඇඩ්රස් එක කියපන් ...

      Delete
    3. දිලිදුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
      අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ
      හැඩ වේවි රස පිරි ඉතිරි ලොවක් නලවන සේ
      අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

      කිරි තොල් හමුවේ ඔබ පෙවූ කිරි වල
      සිරුරේ ලේ වල මල් දරුවා
      ඒ පෙවූ කිරි වල පවු අරවන්නට
      අම්මේ මදි මම පිං කෙරුවා
      ඔබගේම දරුවන් රජුන් කරන්නට
      හඩුවාය සිහිනෙන් පවා

      දිලිදුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
      අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

      පුර හද පායන පුන් පෝ දා
      රහසින් රහසින් ඔබ හැඬුවා
      හිරු රැස් පායන හිමිදිරියේ
      රහසින් රහසින් ඔබ හැඬුවා
      ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
      අමතන්න එන්නම් සොයා

      ගායනය ග්‍රේෂන් ආනන්ද

      Delete
    4. ආදරයේ උල්පත වූ අම්මා
      මා ඔබගේ පුතු වූ...
      ‍ඔබ මතු බුදුවන දවසේ
      මා රාහුල කුමරුන් සේ
      සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
      සුළැගිල්ලේ එල්ලී...

      සඳ දිය කොට කිරිවතුරෙන්
      ඒ දියරෙන් මුව දෝවා
      දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
      මතකයි මා නැලැවූවා...
      ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
      ඒ ජීවිතයට කිරි දී පණ දී
      මා දැඩි කල අම්මා...

      ආද‍රයේ උල්පත වූ...//

      තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
      නිදි ගන්වා යහන් ගැබේ
      සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
      සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
      දවසින් දවසට සෙනෙහස ලබැදී
      ගෙන දී දිවියට නව පන ලැබදී
      මා දැඩි කල අම්මා...

      ආදරයේ උල්පත වූ...//

      ගායනය හා සංගීතය -වික්ටර් රත්නායක
      පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්

      Delete
    5. මේ මතුවෙන්නේ ගී උල්පත්...

      Delete
  4. ලස්සනයි කුරුට්ටෝ..............


    තේ දළු නෙලන දෑගිලි නුබෙ නොරිදෙන්නයි
    මිරිවැඩි නොදුටු දෙපතුල් කටු නොඇනෙන්නයි
    පිට මැද හෙලන කූඩයෙ බර නොදැනෙන්නයි
    බිවු පැන් පොදෙන් කුසගිනි නුඹෙ නොදැනෙන්නයි

    මගෙ මවු හිසට සෙවනක් නැති මේ යාමේ
    හිරු රජිදේ නුඹ සැගවී පලයන්නේ
    සියුමැලි හිසට වැසි පොද බර වැඩි වන්නේ
    වැසි දෙවිදේ නුඔ පසුවී වැහැපන්නේ

    පිරිත් පැනක සිසිලස මුව රඳමින්නේ
    ඉඟ නෙරියේ මට පළ වැල දරමින්නේ
    ලොවටම හොරා සඳ කඩුල්ල පනිමින්නේ
    දෙවුලොව නොදුටු සිරිකත නිවසට එන්නේ


    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ...ගොඩක් වටිනවා මේ ඇගයීම්...මේ කවි පෙළත් ඉතා අගෙයි...ඒක නෙවෙයි...මම ගෙදර ආවාම උඹ ඉන්න තැන කියපං හොයාගෙන එන්න...ඇවිත් උඹේ කන රත් කරන්න ඕන නමින් නෑවිත් ඇනෝ එන එකට...හැක්...හැක්...

      Delete
    2. ඔව් අසංක අයියා.......... ෙම්කා අපිට කෝචොක් කරනවා... බලහල්ලාකෝ පට්ට කවියෙක් නොවැ... ඉන්න හිටින තැනක්වත් කියන්නෑ... සබරේ කියලා නම් කියනවා... විදානපතිරණ අංකල්ව දන්නවද අැනෝ.............. අා සොරි සබරේ අැනෝ...........

      තුෂාර

      Delete
    3. මූ නිකං ඇනෝ ඉඳලා අන්තිම මොහොතේ නම කියලා පොර වෙන්න හදනවවත්ද දන්නෙ නෑ...හැක්...හැක්...එහෙම වෙන්න දෙන්නෙ නැතුව හැකි ඉක්මනින් මේකව හොයාගෙන ගස් බඳින එක අපේ පරම යුතුකම හා වගකීම...නැද්ද බං තුෂාරයො...

      Delete
    4. සබරේ ඇනෝට ජය වේවා!!!

      Delete
    5. විදානේට ජය වේවා...!!!

      Delete
  5. යාහ්
    පට්ට ඈ....
    අපූරු ගී නිර්මාණයතක් කල හැකි අපූරු පද රචනයක් ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂයා...අළුත් වචනයක් ඇවිත්...යාහ්...

      Delete
    2. කිව්වත් වගේ අද නම් මාන්දමික වෙලා නෑ වගේ ..අද "යාහ්" වෙලා (හිකිස් )

      Delete
    3. ඒක තමයි නංගියෝ...මූ මාන්දමිකයා...

      Delete
  6. අපෙ අම්ම ගිහින් අවුරුදු දොලහක්..ඒත් තාම තුවාලය පෑරෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මෙක් කියන්නේ ඒකට තමයි සරතෝ...මේ ලෝකෙ කිසිම දෙයක් වැඩක් නෑ ඊට වඩා...

      Delete
  7. "සුසානය අභියසය අද මා
    පෙරුම් පුරනෙමි එන්න මොහොතින්".....ඇයි මේ පෙරුම් පුරන්න ඕනෙ නෑ....වෙලාව ආහම මරුවා තුරුලට ගනීවි අපි ඔක්කොම.......

    ලස්සනයි ගීය පද...

    ReplyDelete
    Replies
    1. මේ පෙරුම් පුරන්නේ වැව් මරණය අභියසදී වුණත් අම්මා ළඟට යන්න...බොහොම ස්තුතියි වැව්...

      Delete
  8. හරිම අපූරුයි... ගීතයක් විදිහට ඉක්මන්නින්ම අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාව ඇත්තක් වෙන දවස ගැන ගොඩක් හිතනවා තුශානි...බොහොම ස්තුතියි තුශානි...

      Delete
  9. අසංක අයියා..................

    //සුසානය අභියසය අද මා//

    අැයි කවුරුත් සද්දයක්වත් දැම්මාද??? බය වෙන්න ඒපා අපි ඉන්නවානේ ඔ්නේ ගේමකට.. දන්නවානේ ඉතිං අපි ගැන.. අපිත් චණ්ඩි තමයි හිටං..............

    ඒක නෙමෙයි කවිය පට්ටයි..... නියමයි.. ඉස්තරම්............

    තුෂාර

    ReplyDelete
    Replies
    1. පුහ්...තොපි ඉන්න හින්දම තමා බය...සුසානයෙන් බේරුණොත් ඇති...හැක්...හැක්...ඒක නෙවෙයි...බොහොම ස්තුතියි ඇගයීමට...

      මම දැක්කා ඩ්‍රාෆ්ට් එකේ එකක් තියනවා...ඒක කවද්ද දාන්නේ...නැත්තම් මම මේක දැම්ම ඉක්මන් වැඩි වුණාද බං...?

      Delete
  10. පොඩි මෙන්ඩයි සදුයි රංඩු වෙනකොට මම මගේ පුංචි කාලයට යනවා..
    උඔ හැමදාමත් අත තියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ගැඔුරැම තැනට.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩා...උඹලගෙ ඇගයීම් සහ විවේචන හින්දම තමයි මට මේකෙ එල්ලිලා ඉන්න ශක්තිය ලැබිලා තියෙන්නේ...

      Delete

    2. //උඔ හැමදාමත් අත තියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ගැඔුරැම තැනට.//
      එකෙන්ම එකඟ.....................යි

      Delete
  11. දේශාට විහිලු කලාට මේ කවියට ඇත්තටම එහෙම කරන්න බෑ අසංකයා. උඹ අල්පෙනෙත්තකින් අනින්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාධවී...

      Delete
  12. උපන් දා සිට මියෙන තුරුත්
    සිතෙන ලෙස නම් ඉන් පසුවත්
    අප තුළ රඳන උතුම් හැඟීමක්
    මව් සෙනෙහස...
    ඔබට ජය ගී පවුර..
    පිය සෙනෙහස ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් වර්ණ...ඒ ගැනත් බලන්න ඕන...බොහොම ස්තුතියි...

      Delete
  13. 'අම්මා' කවදාවත් කාටවත් අවබෝධ කර ගන්න නොහැකි චරිතයක්.. අසම සමයි.
    අගෙයි කවිය.

    ReplyDelete
    Replies
    1. ඒක සම්පූර්ණ ඇත්ත ගස්ලබු...බොහොම ස්තුතියි උඹට...

      Delete
    2. නරකද උයා "පපායා " කීල නම දාගත්ත නම් (හිකිස් )

      Delete
    3. 'පපායා' ම්ම්ම්... නරකම නෑ.. පොෂ් නමක් නෙව.. හෙහ් හෙහ්..

      Delete
  14. අන්තිමේ හැරිලා බැළුවහම මුළු ජීවිතේ පුරාම දැවන්ත සෙවනැලි 3ක් තියනවා කුරුට්ටෝ.අම්මා,තාත්තා,බිරිඳ.ඒත් ඔය සෙවනැලි තුනෙන් වැඩියෙන්ම හෙවන ලැබුනේ අම්මගෙන්.ජයවේවා......

    ReplyDelete
    Replies
    1. උඩ ගස්ලබ්බා කිව්ව වගේ අම්මා කාටවත් සමාන කරන්න බෑ කටුසු...

      Delete
  15. //රත්තරන් අම්මේ...
    ඔබ මගේ අම්මේ...//

    ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ටත් වඩා දරුවන්ට ආදරේ කරන්නෙ දෙමව්පියො විතරයි...
    ගීයකට නියම පදවැලක්...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම...අපිට මොන දේ උනත් අන්තිමට ඉතුරු වෙන්නේ දෙමව්පියෝ විතරමයි ෂර්මියා...

      Delete
  16. ගොඩක් මිනිසුන්ට අම්මව මතක් වෙන්නේ අතෑරුණාම නැත්නම් අතෑරෙන්න ලං වෙනකොට.. සන්නස්ගලට වගේ.. මේ නිර්මාණ ඒ වගේ උන්ට උන්ගේ ඒ වැරැද්ද මතක් කරල දෙනවා.. මගේ නම් ලිස්ට් එකේ අංක එක තවමත් මගේ දෙමවුපියෝ හා බිරිඳගේ දෙමව්පියෝ.. ඒකට මං මටත් වඩා මගේ ගෙදර උන්දැට ණයයි.. වටිනව ලෝකයක් මේ නිර්මාණය..

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඔබේ මේ ඇගයීමත් මට ලෝකයක් වටිනවා කමියා...ඔබ කියපු සියල්ල සහතික ඇත්ත...

      Delete
  17. සින්දු අනොගේ ගලපපු සින්දුවනම් නියමෙට ගැලපෙනවා

    //දෙවෙනි බුදුන් ලෙස
    ලොවම උවම් කළ
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ලඳ
    අම්මා... අම්මා... අම්මා...//

    නියමයි මාරු කවියකට වඩා සිංදුවකට වටිනවා :) කවියක් කියනවට වඩා :)

    ReplyDelete
    Replies
    1. අපේ සින්දුවා ගැන ආයෙ අහන්න දෙයක්ද...ඕන දෙයක් ටක්කෙට ගලපයි...බොහොම ස්තුතියි හොරා...

      Delete
  18. සිංදුවකට නියමෙට ගැල පෙනවා අසංක..

    ReplyDelete
    Replies
    1. උඹලගේ මේ දිරිමත් කිරීමට බොහොම ස්තුතියි දිනේෂ්...

      Delete
    2. දැන් කවදද අර ගී තැටිය එළිදක්වන්නේ...?

      Delete
    3. ගී තැටිය නෙවෙයි නංගියෝ මගෙ පටි රෝල් වෙලා ඉන්නේ මේ දවස් වල...මේ වැඩ කන්දරාව එක්ක අප්පා...

      Delete
  19. වැඩ යකෝ වැඩ , සිංදුව හොඳ වුනාට අසංකයට දෙකක් කියන්න නැතුව කෑවේ නෑ වගේ

    ReplyDelete
    Replies
    1. අපිත් වැඩ තමා යකෝ...තෝ හිතුවද බලියගෙන නිකං ඉන්නව කියලා...හැක්...හැක්...ඉතිං එකක් හරි...දෙවෙනි එකක කෝ...??? ඇයි මට දෙකක් කියනව කිව්වනේ...

      Delete
    2. ඕo දීපල්ලකෝ ඉවාන් අයියෝ උත්තර

      Delete
    3. එකේනේ දීලා බලහල්ලකෝ මුගේ සැර.

      කියන්නෙම නෑ .. අනික කියන්නේ තුශාරයට

      Delete
    4. හැක්...හැක්...තුෂාරයා මගේ බොක්කා...ඌ කියයි මට...එතකොට දෙන්නං උඹට...

      Delete
  20. හදවතටම වැදුන නිර්මාණයක්..අද මේකට කලින් කියෙව්වේ කොළඹ ගමයගේ(අජිත් ධර්මකීර්ති ) "තාත්තා".. දැන් මේක... මගෙ ඇස් මටත් හොරෙන්ම සංවේදී වෙලා..අනර්ඝයි අසංක අයියේ .. (ගීත තැටිය එනකම් බ්ලොග් අවකාශයේ අපි අවදියෙන් )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ...මගේ අවංක සතුට තමයි ඕගොල්ලො මේව රස විඳින එක...ඊට වඩා දෙයක් මගේ හිතේ නෑ...ඒත් ඉතිං අපි බලමු...මේ දිරිමත් කිරීම් මට මහමෙරක් නංගියෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...