Wednesday, February 11, 2015

පැටිස් ඩීසල් වලින් බදිනට බැහැලු මුදලාලියා කියයි .....



බැහැලා පෙට්රල් බැහැලා ඩීසල්
දැන් යාවි මිල අඩු වෙලා
නගින කොට තෙල් නගින බඩු මිල
බහින කොට නැහැ අඩු වෙලා

ගියෙමි කඩයට හාල් තෙල් පොල්
සතේකින් වෙනසක් නැතේ
දවල් කෑමත් පැටිස් ෂෝටිස්
තිබුණ ගානට වැජඹෙතේ

රෝද තුනකට ගොඩවුයෙමි මං
වෙනදා වාගෙම අසූවයි
ගොඩවූ බසයෙන් අඩුව ගත්තේ
රුපියලක් වැනි සොච්චමයි

මෙතෙක් කල් තෙල් නැග්ග විට නැග
ප්‍රවාහණ වියදම හොයයි
පැටිස් ඩීසල් වලින් බදිනට
බැහැලු මුදලාලියා කියයි

ගියෙමි කඩගානේ ඒහෙත් නැත 
අඩුවෙලා බඩු මිල ගණන්
මිල බැහැපු කඩ කලු අැත්තේ
වතුර වලකින් වටකරන් ..............................


තුෂාර විතාරණ


.

42 comments:

  1. ගතියක් නෑ බං... නිකං වචන ගොඩක්.. අදහස ඔයිට ලාස්සනට දෙන්න තිබුනා.. තව ටිකක් කල්පනා කරානං..

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹට හිතලා මෙතැනම ඒක දාන්න පුළුවන්නේ..... වචන නැතුව කවි ලියන්න පුළුවං ඒකේ ඔය කියන ගතිය තියෙන ඒක ලියපංකෝ.......

      Delete
    2. ඉතිං ඩෝ මම ලිව්ව නං ඒක මෙතැන දාන්න මට පිස්සුවක් ඇතෑ..

      Delete
  2. කොහෙත් එකය් බං....
    හැබැයි මේ පැත්තෙ මෙහෙම එකක් තියේ
    10 යෙ කඩේ කියල කියන්නෙ ඇත්තටම එකක් නෙවී දෙක තුනක් ම තියේ...
    වඩේ පැටිස් රෝල්ස් එළවළු රොටී මාළු බනිස්... ඔක්කම හැබැයි හෝම් මේඩ්...
    ඕන කෑල්ලක් දහයයි... කෑමත් සුපිරියි....

    ReplyDelete
    Replies
    1. දහයයි කියන්නේ ලාභ ගානක් නොවැ.... මදේ තියෙනවද මහේෂ්..........

      Delete
  3. හැමෝටම දැනෙන අවුලක්...

    ReplyDelete
    Replies
    1. හැමෝට ම දැනෙනවා... ඒත් කතා කරන්න අපිට හැකියාවක් නැහැ......................

      Delete
  4. මගෙ නම් අදහස බඩු මිල අඩුකිරීම කියන එක කවදාවත් වෙන්නෙ නෑ.ඉන්ධන මිල වැඩි කළාම පසුදා සිටම මිළ වැඩියි. අඩුකළ පසු ඒ වාසිය ජනතාවට ලැබෙන්නෙ නෑ.
    වැටුප් වැඩිකරනවට වඩා බඩු මිල අඩුකිරීම හොඳයි ඒක හැමෝටම බලපානව කියල සමහරු කියනව. ඒත් මම කියන්නෙ ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නෙ ආදායම් වැඩිකරන ආර්ථිකයක් තුලිනුයි. වැටුප් වැඩිවන පසුබිමක් නිර්මාණය කිරීමෙන්.

    ආර්ථිකය වර්ධනය වන නිසා බඩු මිල වැඩිවීම වළක්වන්නත් බැහැ.
    නමුත් සමහර භාන්ඩවල මිල ඇත්තටම විශාල වශයෙන් අඩු කළ හැකියි.ඒ ගබඩා හා ප්‍රවාහන වියදම් අවම කිරීමෙන්.මනා කළමනාකරනයක් සහිතව ආහාර වගෙ දේවල් නිෂ්පාදනය කළ හැකියි.එක ගමකට එක ආහාර බෝගයක් යන තේමාව යටතේ වානිජ මට්ටමෙන් එක ගමක එක බෝගයක් නිෂ්පාදනය කරන්න පුළුවන් .යාබද ගම් අතර අලෙවි කරගන්න පුළුවන්.සති පොළේදිම හුවමාරුව සිදුකළ හැකියි. සාර්ථක වන්නේ මේ ක්‍රමය මිස ගෙවතු ක්‍රමය නොවෙයි.බෝග රාසියක් වගා කිරීමට වඩා එක බෝගයක් වගා කිරීම පහසුයි.දැනටත් අප දැක තිබෙනවා ඉගුරු වගෙ බෝග මෙසේ ගමේ බොහෝ ඉඩම්වල වගා කෙරෙනවා.

    ආහාර බෝග පමණක් නොවෙයි වෙනත් නිෂ්පාදනත් මේ ක්‍රමයට කරන්න පුළුවන්.මෙහෙම වුනොත් තෙලේ බැදෙන්න වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ම.ම.........................

      ඔබ මුලින් කියන කතාව අැත්ත.. පඩි වැඩි කිරීම කියන ඒක සාධාරණ දෙයක් නෙමෙයි.. විශේෂයෙන් මෙවැනි ගානකින්... ඔබ කියන විදිහට නිශ්පාදනය සහ අාදායම් වැඩි කරන ක්‍රමයක් අවශ්‍යයි....

      ඒක ගමකට ඒක බෝගයක් කියන්නේ සංකල්පයක්.. හරියන්නත් පුළුවනි... දිවිනැගුම වගේම වෙන්නත් පුළුවනි.... මොනවා වුණත් නිශ්පාදනය වැඩි කිරීමට බැලීම වැදගත් තමයි....

      Delete
  5. මුළු සිස්ටම් එකම වෙනස් වෙන්න අවශ්‍ය බව පේනවා නේද? ඒක කරන්න තරම් හැකියාවක් තියෙන පිරිසක් විල මැද බංගලාවට යවනකන් මේක කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔය විල මැද බංගලාව හරි ඔළුවලින් පුරවන්න ඕන සේරටම කලින්...

      Delete
  6. අර වතුර වලේ මැද තියෙන කඩේට යන්න පුළුවන් ට්‍රයි එකක් දෙන එකයි තියෙන්නේ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. හැමෝම කරන්නේ ඒකට ගිය උන්ට කඩේ යන එකනේ බං...හැක්...

      Delete
  7. වරදක්, හොරකමක්, කපටිකමක් කරන එකා කොහොමත් ඒකට නිදහසට කාරණා අම්බානකට හොයාගෙන/හිතාගෙන තමා ගේමට බහින්නෙ. ඒකනෙ ඔය ඔක්කොම එක්ස්කියුසස්.

    ReplyDelete
    Replies
    1. පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      කිතුලක රා බොන්න හිතී
      මිනිහෙක් කිතුලකට නැගී
      අයිතිකරුට අසුවූවා
      'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
      පාන්දර ජාමෙ'
      'තණකොල ඩිංගක් කපන්න
      හිතුණා ගහ උඩට යන්න'
      'තණකොල? ගහ මුදුණෙ?'
      'ඒක තමයි...
      තණකොල නෑ ගහ මුදුණේ
      අනේ ඒකයි බිමට බහින්නේ'

      ගායනය - ජිප්සීස්

      Delete
    2. ගහේ නැංග මිනිහාට කියන්න දේවල් තිබුණා සේම කතා දැන් අපට අසන් ලැබෙනවා.

      Delete
    3. මේ සේරම නඩු ඇහුවට පස්සේ පුංචි මිනිස්සු තමයි ඔක්කොම වැරදි වලට වගකිවයුත්තො සහ වැරදිකාරයෝ...ලොකු උන් බේරෙන හැටි හරි පුදුමයි...

      Delete
  8. අනං මනං බෙහෙත් වලට
    ඇයි ගෙවන්නේ සල්ලි
    ලොකු සල්ලි
    ඕන ලෙඩක් හොඳ වෙනවා
    බොන්න කොත්තමල්ලී
    බොන්න මල්ලී

    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්රැන්ඩි
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    ගායනය - ජිප්සීස්, සුනිල් පෙරේරා

    ReplyDelete
  9. දවස් 7300 ක් කාපු ඉකොනොමි එකක් දවස් 30 න් හදන්න බෑ බං... ලද දෙයින් සතුටු වෙයන්...

    ReplyDelete
    Replies
    1. ඕන දේවල් ලැබෙන බවට සහතිකයක්වත් තියනවනම් ලොකු දෙයක් මාතලන්...විදානේ...

      Delete
  10. Replies
    1. කොහෙද යන්නෙ බං...ඔහෙ හිටපං...

      Delete
  11. ටිකක් කල් යයි ඕවයේ ප්‍රතිලාභ එන්න. සිස්ටම් එක එකපාරටම ආපහු කැරකෙන්නෙ නෑ නේ නේද??

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...ඒත් මේ සිස්ටම් එක අපේ පරම්පරාවෙදි කැරකෙයිද සාජ්ජා...?

      Delete
  12. ගොඩ දෙනෙක් බලන්නේ (හැමෝම නෙමේ) ලැබුණු වාසිය තනියම බුක්ති විඳින්න... ඒ වාසිය තව කෙනෙක් එක්ක බෙදා ගන්න තරමට ගුණයක් දන්නේ නෑ.. ආකල්පවල ප්‍රශ්ණයක් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ආකල්ප ප්‍රශ්නේ නම් ලොකුවටම තියනවා හිමාල්...

      Delete
  13. වතුරවලෙන් වටවුණු කඩේ නම් හැමදාම ගනන් අඩුයිලුනේ....

    ReplyDelete
    Replies
    1. ඒකෙන් බඩු දෙන්නේ එදා වේල නැති දුප්පතුන්ටනේ වර්ණයෝ...

      Delete
  14. අඩොව් බය ගුල්ලෝ...

    මගේ හිත බිඳුනා

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ මේ කමෙන්ට් එක...බයගුල්ලා...හැක්...

      Delete
  15. රජයකට මිල අඩු කරන්න පුළුවන්කම ඇත්තේ පාලන මිලක් සහිත භාණ්ඩ වලට පමණයි. (ගෑස්, ඉන්ධන, තිරිඟු පිටි, කිරි පිටි වගේ දේවල්). ප්ලේන්ටියේ කෑම පැකට් එකේ කිඹුල බනිස් එකේ මිල අඩු වෙන්නෙ ඉල්ලුම හා සැපයුම අනුවයි. වැඩි මිල කෑම ටික දවසකට වර්ජනය කළානම් නිකම්ම මිල බහියි.

    ReplyDelete
    Replies
    1. අපේ උනුත් පැන පැන කන්නේම එපා කියන දේමනේ හෙනහුරෝ...

      Delete
  16. පිස්සු කතා කරනවද.. ගනන් අඩු වෙන්න කලින් ගෙනාව බඩු එක පාරම අඩුවට දීලා පාඩු වෙන්නද.. පොඩ්ඩක් හිටින් ඒ ස්ටොක් එක ඉවර වෙනකන්.. ඊට පස්සේ අළුත් ගානට දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. කවද ඉවර වෙයිද බං ඔය ස්ටොක් එක....

      Delete
  17. THOPITA OKKOMA NOMILE DENNADA KIYANNE

    ReplyDelete
    Replies
    1. ඔක්කොම නොමිලේ එපා...සාධාරණ වුණා නම් ඇති...

      Delete
  18. කොහේ ගියත් ඇත්ත ඕක තමයි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...