Saturday, February 28, 2015

මං කවදාවත් ඔය වගේ වැඩ කරලා නෑ.................



අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ 
මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
පව් අහිංසක මූණක් තියෙන තිස්ස මාමා
දවස් කීපයක් ම හිර කූඩුවේ දැම්මානේද...............?????

අනේ මන්දා මාමේ,

තාත්තා කියනවා කලිං චන්දෙදිත් 
මීට හපං බලු වැඩ වුණාලු..........
යුද්ධ කරපු හමුදාවේ ලොකුම මාමාව හිරේ දැම්මාලු
තිස්ස මාමා වගේ නෙමේලූ, අවුරුදු ගානකටලු
ඒ මාමාගේ බෑණා මාමාත් හිර කරන්න කීවලු
අම්මපා ඒ චන්දෙදි දිනුවේ කවුද මාමේ...............?????


අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ
මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
පව් විමල් මාමාගේ නැන්දා බොරුවට අැල්ලුවාලු
ඒ දුව අැඩුවා දැක්කාම අපිටත් අැඩෙනවා නේද මාමේ...?????

අනේ මන්දා මාමේ,

අම්මා කියනවා කලින් අාණ්ඩුවේ මාමලා
මීට හපං බලු වැඩ කරාලු...........
ලසන්ත මාමාව මහදවල් මැරුවාලු
ප්‍රගීත් මාමාව අතුරුදහන් කෙරුවාලු
කුගන් මාමාත් අාගිය අතක් නැතිලු
මේ අයටත් දරුවෝ ඉන්ටැති නේද මාමේ
අම්මපා  ඔය කලිං අාණ්ඩුව කරේ කවුද මාමේ..........?????

අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා 
මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
අාච්චි කියනවා අහගෙන මම
"හොද වෙලාවට මේකා
මේ අවුරුද්දේ ජනවාරි 9 වෙනිදා ඉපදුනේ කියලා"............


කසුප් අනුරාධ



.


45 comments:

  1. හොඳ වෙලාවට වැඩි කල් ඉන්නෙ නැතුව මිනිස්සු මැරිලා යන්නේ..

    නැත්තං බැණුම් අහන්නේ මෙයාගේ අම්මා...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මාතා.................. අපිත් දැන් ඉන්නේ ජනවාරි 9 උදේ ඉපදුනා වගේ

      Delete
  2. අනේ මංදා මාමේ
    මිනිස්සු කියනවා මං අහගෙන
    එතනෝල් ගෙනාවලු
    කුඩු විකුණුවලු
    මාධ්‍යය කෑවලු
    කොමිස්ද මොනාද ගැහුවලු
    සාරුවා සුනිල සෙන්චරියක් දැම්මලු
    සම්පත් සුද්ද මරලා ගෑනිට පෝලිම් දැම්මලු
    මාම නොදැක්ක වගේ හිටියලු
    අරවලු මෙව්වලු
    ජනේරුවට කලින් වෙච්චි මොකවත්
    .
    .
    .
    .
    .
    .
    මට මතක නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් විපක්ෂයේ ඉන්නේ අමතක වුණ අයයි... ජනවාරි 9 ඉපදුන අයයි විතරයි කමියා

      Delete
    2. ++++++++++++++

      Delete
  3. වලිගෙ වනල ඔළුව කහල
    මහජන උපහාර ගන්නෙ
    බොරුව අතට අහුවුණ දා
    මල් වෙනුවට ගල් වදින්නෙ
    අනිත් එකා හැදි ගෑවිල
    ගියත් මොකද හොද්ද බොරයි
    දෙකට තුනට පහට නැමී
    එහෙයි ස්වාමිණි කියයි
    හී...හී...හී..හිවල් ගතී

    වැඩ බැරි කම වසා ගන්න
    පාවා දී අනිත් ඈයො
    නැති තැන ඇති කර ගන්නට
    බොරු සහ කයිවාරු කීවූ
    අනුන්ගෙ වැඩ මගෙයි කියා
    ජය ගෝසා නගන ඈයො
    එකෙකුගෙ කර පිටින් ඇවිත්
    තවකෙකු ගේ කරට නැග්ගො
    හී...හී...හී.. හිවල් ගතී

    දිය යට ගින්දර ගෙනියයි
    වතුරෙන් ගිනි අවුලනවා
    පපුවේ වස විස හංගන්
    දත් දෙතිසෙන් හිනැහෙනවා
    සමහර විට සමහර අය
    හැකි වුණාට රවට්ටන්න
    හැමදාමත් හැමෝම අය
    බැරිය ලොවේ රවට්ටන්න
    හී... හී... හී...හිවල් ගතී

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : සෝමපාල රත්නායක
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී ඇතුළු ලා තණකොළපෙත්තාස්

    ReplyDelete
    Replies
    1. නියම ගීතයක් සින්දුවෝ.............. තැන්කූ වේවා

      Delete
  4. ලැජ්ජා නැති කමනේ පුතේ,ඒ කාලේ වෙච්චි දේවල් මට මතක නැත්තේ ඒ නිසානේ මයේ පුතේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මනෝජ්............... ඔය කතා කියන්නේ කටින්මද දන්නෑ නේද?????

      Delete
  5. සිංහලෙන් පමනක් කියවීමේ ආදීනව...


    http://news.bbc.co.uk/2/hi/south_asia/7496367.stm


    S Lankan general 'behind attacks'




    Sri Lanka's main opposition party has accused the country's most senior army officer of being behind violent attacks on reporters.

    Opposition MP Joseph Michael Perera told parliament that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.

    Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".

    The army has denied that it is any way involved in attacks on journalists.

    'Dangerous'

    "We are told by those in the army itself that journalists are abducted and subjected to grievous injury by none other than a special unit under the army commander," Mr Perera, a former parliamentary speaker, said.

    The World Association of Newspapers recently ranked Sri Lanka as the third most dangerous country in the world for media workers in 2007.






    The state is involved in a series of intimidations, abductions and killings of media persons



    Joseph Michael Perera





    Sri Lanka's journalists under fire


    But army spokesman Brig Udaya Nanayakkara said that the MP had nothing to substantiate his allegations.

    "We have nothing to do with the attacks against journalists," he said. "If the MP has evidence, he must present it to the police."

    The BBC's Roland Buerk says that there have been a series of abductions and assaults against journalists in Sri Lanka.

    Our correspondent says that no-one has been brought to court for the attacks and there are accusations the government has been turning a blind eye, if not encouraging them.

    Twelve journalists have been killed in Sri Lanka since August 2005, 11 of them in government-controlled areas.

    In one of the most controversial incidents, a journalist and a senior official of the British High Commission were assaulted last week just days after the government set up a cabinet-level panel to prevent attacks on media personnel.

    ReplyDelete
    Replies
    1. යකෝ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ........... පොලීසිය අනුන්ගෙන් තොරතුරු ඉල්ලා ඉල්ලා ඉන්න ලැජ්ජා වෙන්න ඔ්නේ... මිනිහෙක් මැරුවානම් ඒක පොලීසියේ දුර්වලතාවයක්.... අාය පොරටෝක් දෙන්න දෙයක් නැහැ.....

      Delete
    2. එවකට විපක්ශයේ ප්‍රදාන සංවිදායකයා වන ජොසප්පු පාර්ලිමේන්තුවේදී කියන්නේ ජනමාද්යවේදීන් මැරීමට පොන්සේකා යටතේ බලකායක් තිබෙන බවය. ඔවුන් මහින්ද ගේ ආන්ඩුවට බල කරන්නේ පොන්සෙකා ව අත් අඩංගුවට ගන්න කියා ය...

      හැබැයි මහින්ද මාමා පොන්සේකා අත් අඩංගුවට ගත්තාම එ ජා පේ විරුද්ද විය...

      දැන් පොන්සේකා සහ ජොසප්පු එකම පාන්ඩුවේය... අපිට නම් ලැජ්ජය

      Delete
    3. ලැජ්ජා වෙනවා නම් ලැජ්ජා වෙන්න කරුණු තව ඔ්නේ තරම් තියෙනවා... හරියට බැලුවොත් ලැජ්ජා නෙමෙයි හිරිකිත හිතෙයි........

      Delete
  6. පොඩි එකෝ මාමලාගේ එවුවා හොයන් නැතුව ආප්පයක් කාලා නිදාගනින් :D

    ReplyDelete
    Replies
    1. අනේ පොඩිඑකෝ ආප්පයි, කෝපියි ඇර වෙන ඕන දෙයක් ගනින්...

      Delete
    2. ඔමා................

      අාප්පයක් කාලා නිදියන්න බයයි... නැගිටින ටිකට මුං මොනවා කරයිද දන්නෑනේෙ..........

      Delete
    3. විදානේ................

      උඹ කියනකල් හිටියේ

      Delete
  7. බලාගෙන යද්දි මාම මොනාත් කරල නෑනෙ...

    ReplyDelete
    Replies
    1. අපිද දන්නෑ මේවා කොරේ

      Delete
  8. ෆොන්සේක හිරේ දාපුව වගෙ වැඩ නිසා මෙයාගෙ ප්‍රතිරූපය විනාශ වුනා.සමහර දේවල් දේශපාලනයෙ තෙම්පරාදුවුන කෙනෙක් කරන වැඩද කියලත් සැක හිතුන. ඒව සමහර විට අසූ ගනන්වල ඉපදුන අයගෙ අදහස් වෙන්න ඇති.
    ඔය සමහර මාධ්‍යවේදීන් නම් යුද්ධයට විශාල බාධාවක් වුනා. නිළ වශයෙන් මාධ්‍ය මර්ධනයක් කරල මේ අය හිරකරල මොනවහරි කරන්නත් විපක්ෂය සහ බටහිර රටවල් විරුද්ධ වෙනව.ප්‍රායෝගිකව සිවිල් යුද්ධයක් මෙහෙයවන අයට මේව ලොකු ප්‍රශ්න. එක පැත්තකින් විපක්ෂෙ කෑගහනව යුධ රහස් හෙළිකරන්න කියල. ජේවීපිය අයවැය පරද්දන්න හදනව. ඒ වෙලාවෙ මහින්ද කිව්ව ඇදිරිනීතිය දාල හරි යුද්ධකරනව කියල.

    ඇත්ත කවුරු මැරුවත් වැරදියි. අපි ඔය ලිස්ට් එක දිගු කරමු.එල්ටීටී ඊ මාමල මැරුව කියලත් චෝදනා කරමු.

    ReplyDelete
    Replies
    1. අැත්ත යකා...............

      සිවිල් යුද්ධයක් අැතුලේ මාධ්‍ය සහ සිවිල් සමාජය විවිධ විදිහට හැසිරීම සාමාන්‍යයි.... යුද්ධය සීයට සීයක් හරියට කරා කියලා අපි කියන්නේ නැහැ..... ඒත් ඊට පස්සේ වෙන්න ඔ්නේ දේවල් බහුතරය වුනේ නැහැ... ගියේ වැරදි පාරේ.. ඒකයි යුද්ධය දිනපු නායකයාව ජනතාව ඉවත් කරේ

      Delete
  9. නෑ නෑ පුතේ මම සැබෑ වෙනසක් හෙවත් 'ඈස් චර්යාවක්' පටන්ගත්තා. ඒ කියන්නේ මැද මූලනට තොලොන්ජි වෙච්ච දවසේ ඉඳලා මම පුකෙන් කතාකරන්න පටන්ගත්තා. මේ විදිහ හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා මාමේ................

      ඔ්ක &පුකමද කියලත් පොඩ්ඩක් චෙක් කොරගන්න....

      Delete
    2. විචාරක,
      තමුසේ කතා කරන්නේ පුකෙන් කියල පේනවා ලියන දේවල් බැලුවම
      මොංගල් කමෙන්ට් දාන්න එපා මනුස්සයෝ බ්ලොග් වලට ඇවිත්

      Delete
  10. මං උපන්නේ මාර්තු 8 ඒ හින්දා මුකුත් දන්නා...

    ජ යි වේ !!

    ReplyDelete
  11. මැරිලා උපන්නෙ. මම බබා. මේ බලන්න, පහල සූප්පුව එල්ලෙනවා.

    ReplyDelete
  12. මේ මාමලා දැන් අපිට හඳ මාමා පෙන්නනවා, අපිට ආප්ප කවන්න

    ReplyDelete
    Replies
    1. දැන් අාප්ප ඩිමාන්ඩ්...... කෑවොත් ගොඩ

      Delete
  13. අනේ අපිටත් මතක නෑ වගේ දැන්නම්..

    ReplyDelete
    Replies
    1. අපිට ඔ්වා මතක තියෙන්නේ දවස් දෙක හමාරයිනේ දිනේෂ්.........

      Delete
  14. මාමේ ඔන්න ඔය තරහ මරහ දුක්ක දෝමනස්ස අකාමකා යන්නත් එක්ක දාමුද පොඩි ආප්ප පාටියක්? මොකද කියන්නේ.

    ReplyDelete
  15. පොඩි එකා වාසනාවන්තයි
    එල ද බ්‍රා නිර්මානය

    ReplyDelete
    Replies
    1. පිං........... බ්‍රා අයියේ

      Delete
  16. ඒගොල්ලන්ගේ කාලෙ එව්වා මේ ගොල්ලත් මේගොල්ලන්ගේ කාලෙ එව්වා ඒගොල්ලත් ඇල්ලුවේ නැත.

    ReplyDelete
  17. නැට්ටවත් අල්ලන පාටක් පෙනෙන්නේද නැත..... ඒ කාලේ පාර්ලිමේන්තුවේදී කෑ ගැහුවේ බොරුවට යැයි දැන්වත් පිළිගත යුතුය.... ජවිපෙ නම් මොනම හරි ෆයිල් ටිකක් ගෙනිච්චා... ඒත් දැන් අාණ්ඩුව කිව්වේ නෑ වගේ ඉන්නවා...... මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න දින සීයෙන් බෑ කියලා සභානායක කියලා තියෙන්නේ.. යකෝ ඔ්ක කරනවා කිව්වේ අපියෑ............

    ReplyDelete
  18. Patta Patta. Thanks for sharing :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...