Thursday, February 26, 2015

අඩක් අැස් දෙක පියා තාල තියු නාමල ......



හිත් අගින් නෙත් අගින් පිපිණු දා පෙම්මල
අපෙ වයසේ බොහො දෙනා පුරවාන හිත්මල
ගී සින්දු අැහුවනම් හඩ යයි පෙම්කළ
අඩක් අැස් දෙක පියා තාල තියු නාමල

පිපුණු මුව මලකි මා කුඩා කළ දසුනේ
කැසට් පියනක් අස්සේ රුව දමා තිබුණේ
සුදෝ සුදුවට මූණ හිනාවකි පිරුණේ
ඒත් අද කිමද මේ කෙටි කලකි ගෙවුණේ

පෙම් ගීත කොහෙ වෙතත් විරහ ගී උල්පත
පද ලියා ස්වර තියා ඔබම ගැයු ගී පොත
නෑසෙන්න කවුළු වැහු කරුමයක් විත් ගත
මේ තරම් පාරද්දි කෝම වාවනු හිත

ගීතයක් පද බැදන් ඔබ ''අදින'' හැටි අගෙයි
ජීවිතෙත් පෙම වගෙයි වේදනාවන් ගොඩයි
අාදරේ ලබන්නට බෝම ඉවසන්න වෙයි
ඔහොම අැදගෙන යමුද ජීවිතය තව දුරයි........................  


තුෂාර විතාරණ


සටහන - අපි පරක්කු නැතුව අැති කියලා හිතනවා. මේ වන විටත් ඔහු සැත්කමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා අැති. ඒත් අපිට හැකි විදිහට අපිත් දායකත්වයක් දක්වමු. 


B.P.N. Udugama
NSB Wattala
A/c No. 100850402613 


.

25 comments:

  1. පින්තූරේ දැක්කහම හුඟක් දුක හිතුනා. ඔව්.. ඔහුව බේර ගන්න අපිත් පුළුවන් විදිහට දායක වෙමු.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම තුෂානි මාත් රූපේ දැක්කේ ළගදී... ෂොක් වුණා කියන්නේ පුදුම හිතුනා... මතක් වුනේ පාසල් කාලයේදී අපි ඉරිසියා කරපු නාමල්ගේ ලස්සන රූපය ගැන සහ ලස්සන කටහඩ ගැන.....

      Delete
  2. නාමල් උඩුගමට ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් වැව්.......................

      අපි හැමෝම කරන ප්‍රාර්ථනාවන් ඔහුට ශක්තියක් වේවා....

      Delete
  3. නාමල් ට ඉක්මන් සුවය පතමු..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපිත් ඒක්ක ඒකතුවුණාට අැනෝ

      Delete
  4. පාසල් කාලයේදී අපි ඉරිසියා කරපු නාමල්ගේ ලස්සන රූපය ++++++++++

    ඉක්මනින් සනීප වෙන්න කියල පතමු.

    ReplyDelete
    Replies
    1. ඔව් කමියා..............

      ඉක්මන් සුවය පතමු........

      Delete
  5. කටහඬයි හැකියාවයි රූපයයි එකවිට පිහිටන්නේ කලාතුරකින්.
    අද ඔහු දුටුවාම ජීවිතයේ ඇති නිසරු බව තමා සිහිවෙන්නෙ.
    ඉක්මන් සුව පතමු!

    ReplyDelete
    Replies
    1. සියල්ල අනිත්‍යයි තමයි මාධවී.....

      ඒත් මේ ජීවිතය හැර යන්න වයසක් නෙමෙයි.... ඉතින් ඔහුට හිමි ජීවිතය ගෙවන්න හැකි වේවා යැයි අපි පතමු.........

      Delete
  6. බැස යන සඳ දෑසෙන් නවතාලන්නට බෑ.......
    පරවෙන මල දෝතින් නවතාලන්නට බෑ......
    ඔබ බැස යන සඳ නම්......
    ඔබ පරවෙන මල නම්......
    රැක ගනිමිද කෙලෙසේ.............

    සිතන සුළුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් උම්මත්තක......

      දුක කියන දේ මිනිස්සු හොයාගෙන ඒන විදිහ දැක්කාම පුදුමත් හිතෙනවා නේද???

      Delete
  7. නාමල් දැන් ඉන්දියාවේ ඉන්නේ.. ඔහුට දායකත්වය දෙන්න ගිය දෙදෙනගෙන් එක් කෙනෙක්ගේ ලිවර් එක නියමෙටම මැච් වෙනවලු.. සාර්ථක සැත්කමක් වේවා කියා පතමු..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාතා...

      අප්ඩේට්ස් දුන්නාට.... අපි හැමෝගෙම පැතුමත් ඒක තමයි.... අලුත් විස්තර තිබුනොත් කියන්න...

      Delete
  8. මොනවා කරන්නද.. ජීවිතේ නොහිතන විදියට වෙනස් වෙනවා....
    නාමල් උඩුගම නම් ආදරණීය ගායන ශිල්පියාට ඉක්මන් සුවය පතමු !!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ.................

      අපිත් සමග සුවය පැතීමට ඒක් වීමට ස්තූතියි

      Delete
  9. සැත්කම සාර්ථකවී ඉක්මන් සුව ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් ඒකයි සාජ්ජේ

      Delete
  10. සියල්ල සතුටින් අවසන් වේවා
    යන්න මගේ පැතුමයි

    ReplyDelete
    Replies
    1. අපිත් ඒහෙමමයි පතන්නේ මහේෂ්

      Delete
  11. ඡිවිතයක හැටි ...
    අපිට මෙනවා වෙයිද කියලා හිතනකොටත් ??

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා............. ජීවිතය කොයි තරම් නම් අවිනිශ්චිතද නේද?? ඒ ටිකට මිනිස්සු දාන සෙල්ලම් දැක්කාම දුක හිතෙනවා

      Delete
  12. ඔව් ජිවිතේ කියන්නේ ලේසියෙන් අතහැරලා දාන්න පුළුවන් දෙයක් නෙමේනේ.
    නාමල්ට ඉක්මන් සුව!

    ReplyDelete
  13. නාමල් උඩුගම ආදරණීය ගායන ශිල්පියාණෙනි.... ඔබට ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
  14. ඔහු වගේම තව මේ වගේ ජීවිත කීයක් මේ වෙලාවේ මේ වගේ ලෙඩ වලින් පීඩා විඳිනවා ඇත්ද ඔහුට ඉක්මන් සුව පතනවා වගේම ඔහුවගේම ලෙඩ වලින් පීඩාවිඳින එත් අපි නොදන්න හැමෝටමත් ඉක්මන් සුව පතමු .....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...