සැඟවුවත් මා ඔබට දෙනයන
අැසේ අැඳි සොඳුරු වූ සිත්තම
සොයයි නුඹේ රුව තිස්සෙම
දැවෙයි මගෙ මුළු හදම ගිනිගෙන
නොමැති දෝ සිත හැඟුමන්
සැඟව සිටියද දැක්මන්
නුඹෙ දෙඅැස තවමත්
කරයි මගෙ හද මන්මත්
හිරිවැටෙන නෙතු බැල්මන්
සවන රිදවන සුපෙම් සක්මන්
තෙපුල් රත්පැහැ කරන හැඟුමන්
සිතින් කෙලෙසක කරමි අවමන්
දහස්වර විත් හිතට වදදෙන
අහිමි සිසිලස විඳිමි තිස්සෙම
ඔබට නොදැනෙන මගේ ලෝතුළ
සුපෙම් සෙනෙහස් කිරුළ ඔබමය
යඳඬු සේ ගිනියම් ය මයෙ ගත
වෙඬරු සේ දියවී ගලයි පෙම
කිමිදෙන්න නැතුවත් වරම් අද
විඳගන්න සිත් සේ සිතැඟි අැත....
කාංචනා චන්ද්‍රසේකර
.
කෑදර කමක් නැති ආදරයක්.. :) අගෙයි.
ReplyDeleteහැබැයි ලිව්වේ නම් කෑදරකමකින් තමයි කළ්‍යාණ මිත්‍ර..............
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඅසරන වු ආදරයක්..
අනේ මන්දා මෙන්ඩා......
Deleteහිතින් පෙම් කිරීම..
ReplyDeleteඒකත් නරකම නෑ.
හිතින් විතරක් පෙම් කරන්නම්
Deleteදුරින් හිද ඔබ දෙස බලන්නම්....කියලා චාමර වීරසිංහ හඩා වැලපෙන්නේ ඒකනේ
සිතින් විතරක් පෙම් කරන්නම්
Deleteදුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...
සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...
ගායනය - චාමර වීරසිංහ
ඇනෝ.. දාහන්කො ඔයිට වඩා ප්‍රබුද්ධ එකක්...
Deleteහිතින් මා නොසැලී හිඳිද්දී
Deleteකඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනැවි...
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී. එම්. ජයරත්න
පිවිතුරු සිතින් එනු මැන ළඳේ
Deleteඅවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්...
ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී...//
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී...
තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ...//
මනසින් ලබන්න හැකි සුවේ
අප ලං වුණොත් දුරස් වෙතේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න
ඔය තියෙන්නෙ.. ස්තුතියි...
Delete@ අැනෝ..අැයි වැටෙන් ඒහා මල් පදුරේ ඔබ පිපී වැනෙයි අත නුදුරේ..........
Delete@ප්‍රසා අයියා ඒ්කෙ රස දන්නවා මගෙ හිතේ..
@ඒ්ක අැත්ත මනෝ මන්දිර......චාමර වීරසිංහ ප්‍රසිද්ධියේ අඩනවා.අපි රහසින් අඩනවා.....
@සජ්ජා...අර ප්‍රබුද්ධ නැති එකේ අවුල මොකක්ද බන්??
Deleteනෑ නැ මේ එකක්වත් නෙවෙයි, තියෙනවා බං මේකටම හරියන එකක් මට මතක නෑ. ඔබ ආයෙමත් ඇවිදින්.. එකත් නෙවෙයි, ඒත් ටිකක් ඒ වගේ. තමන් දාල අව පෙම්වතියගේ/බිරිඳගේ අගය ආයෙමත් දැනෙන සිංදුවක්.
Deleteසිංදුවෝ මතක්කරහංකෝ...
මා හිස පිරිමැද
Deleteනැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා..
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ......
මගෙ ජීවිතය ම
ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුණේ..
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී...
කිසි ලෙසකින් හෝ
වටහා දෙනු බෑ
සෙනෙහස දෙවි කමකී...
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ.....
ගී සංකල්පනාව : දයා ද අල්විස්
සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
නෑ නෑ නෑ.. දිව අග තියෙනවා යකෝ....
Deleteබලාගෙන මනෝෂ්........ බිමට වැටෙයි.....
Delete
ReplyDelete...//දහස්වර විත් හිතට වදදෙන
අහිමි සිසිලස විඳිමි තිස්සෙම//...
හිතට වදයක් වුන අහිමි පෙමක මිහිර.පෙම් කදුළු පැනි රසයි කියලා කියමනකුත් තියනවනේ.
අහිමි දේ හිතට වදයක් වුණත් මනෝ ඒ්කත් විදින්න පුඵවන් රසයක්නෙ.....ස්තුතියි
Deleteසහසක් පැතුමන් ඉපදී මියගොස්
ReplyDeleteඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැල මහක අඬ සඳ පැයූ දා
මතකද සිරි දළඳා වැන්දා
මතකද සිරි දළඳා වැන්දා...
අතීතයක් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවනු ලැබුවා
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා
මතකද මා ඉකිබිඳ හැඬුවා..
සහසක් පැතුමන්...
අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
සහසක් පැතුමන්...
ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි+++++++++++++++++++++++++++++++++++++++
පිළිතුරු ගියත් මෙන්න ...
සහසක් පැතුමන් නැත මා පැතුවේ
එක ම පැතුම පමණකි හිත රැඳුණේ
හද අඹරෙ හි අඩ සඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්ඳා...
ඇස කඳුළැලි මෙන් ඉස පිනි බින්දූ
පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ
පිදුමත් පැතුමත් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා...
පුදසුන අහිමි ව හද මල තැවුණා
මතකය නැත අමතක වූයේ
මගෙ මේ නෙතු සිතු හඬවා රිදවා
ඔබ හැඬුවා මට නැත ඇසුණේ...
අහිමි සැපත මිහිරි යි සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව, සංගීත නිර්මාණය සහ ගායනය : සනත් නන්දසිරි
වෙඬරු සේ දියවී ගලනා පෙම
ReplyDeleteපැකට් කර විකුණුවොත් හෙම
බටර් පිටරටින් ගෙන්නන්නේ කිම
කාල හදාගන්න නම් එපා සෙම
වෙඬරු සොරා වෙඬරු සොරා
Deleteකවට කමට එන්න එපා
බසින නුරා හද උදුරා
ගන්න අනේ යොදන උපා ....... හැක්
වෙඬරුසේ දිය වී ගලන සෙම
Deleteනහය මේ තරමට කසනු කීම
පිරිටන්ද ප්‍රති ජිවකද සැම
බිව්නමුත් සුවනොවේ ලෙස පෙම
සෙම සමග ගත්විට පෙම
Deleteගැලපේ ඒවා උපරිම
තවත් කතා කියනු කිම
සෙම ගලන තුරු කරමු පෙම
තුෂාර
This comment has been removed by the author.
Deleteතුශාරයාගේ ඩබොල් සේම... එළ එළ...
Deleteඩබොල් එකේ සෙම ගලන්න ගියොත්නං වැඩේ අනාගන්න වෙයි.
Deleteප්‍රසා අයියා කියනවානම් ඉතින් මං ඉහටත් උඩින් පිළිගන්නවා..... ඔ්වා අත්දැකීමෙන් කියන දේවල් නෙවැ....
Deleteකියන්න අමතක වුණා.... මම තුෂාර (මේ කාංචනා බනිනවා මට....)
Deleteසිංදු,
Deleteවෙඬරු සොරා සිරා සිංදුව බං. දාහංකො ලිරික්ස් ටික...
වෙඩරු සොරා වෙඩරු සොරා කවට කමට එන්ට එපා
Deleteබසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා
මී අඹ දළු සුළගෙ නටයි
තනමින් හෝපලූ සඳැල්ල
පසෙක තියා වෙඩරු සැලිය
එන්න මගේ ගොපලූ කෙල්ල
මොණරු රුවින් මොණර ඇසින්
නිල් වනරොද සරසා මල් මුවරද ගවසා
මල් නොතලා රොනට වඩින්
චාටු කතා චාටු කතා චාටු කතා කියල
මලින් මලට ඉගිල ගියේ
ළඳේ නුඹව හමුවන තුරු
බඹා කෙටූ හැටි මේකයි
දිවුරන්නම් නෑ හොර බොරු
උමතු කරයි ගොපලූ ළඳුන්
සුරමුරලිය වයලා මල් හීසර යවලා
ගං ඉවුරේ ළිය ගොමුවේ
හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා
අදින් පසුව ඔබට පමණි
වයන්නෙ මේ සුරමුරලිය
වෙඩරු නෙවෙයි සොරා ගත්තෙ
කියන්නෙ මොනව ද කොමළිය
හරි හරි දන්නවා අනේ
බලමු බොළඳ ළඳුනගෙ හිත
ඉක්මන් කර ගෙදර යන්න
දෙන්නකො මට මගෙ හදවත
ගෙදර යන්නෙ කොහොම ද ඔබ
මා ළගනොවැ ඔබෙ හදවත
ගායනය – නන්දා මාලිනී/රෝහණ බැද්දගේ
ගී පද – සුනිල් ආරියරත්න
ස්වර - ලයනල් අල්ගම
වෙඬරු සොරා නියම සින්දුවක් තමයි.මමත් කැමති එකක්.
Deleteසින්දුවෝ.......
Deleteහරිම ලස්සන සින්දු සාගරයක් නෙවැ.... හරිම ලස්සනයි..... තැන්කූ
ඕක තමා මං කිව්වෙ ලිරික්ස් දාහං කියල. ඔන්න මචං සිංදු... සතියකට මනෝ ගහන්න ඇති - එකපාරක් ඇහුවත්...
Deleteකොහෙන්ද ඩ්‍රැකියෝ මේ සින්දු හොයාගන්නේ...???
Deleteඅහිමි ඇස් වලට ආදරේ කිරීම...සුන්දරයි තමා කංචනා අක්කේ.
ReplyDelete(මොකෝ කුරුට්ටෝ බ්ලොග් එක කෙල්ලන්ට දීලදෝ)
කෙල්ලන් විසින් පැහැරගෙන අැත..... අපි ඉතින් හිත හොද කොල්ලොනේ...... කාන්තා අයිතීන් අාරක්ෂා කරගෙන පාඩුවේ ඉන්නවා දැන්.....
Deleteකියන්න අමතක වුණානේ...
Deleteමීට තුෂාර
බොට වඩා කාන්චනා හොඳයි.
Deleteමේක කිව්ව කියල කඩු පොලු අරගෙන මෙහෙ එනව නෙවෙයි තුෂාරයො.
මේක කෙල්ලන්ටම දීපං.
හිටිං......
Deleteමේක අසංක අයියාට පෙන්නන්න... ඊට පස්සේ බලාගත හැකියි බොට......
තුෂාර
නියමයි.. ජයවේවා....
ReplyDeleteස්තූතියි සාජ්ජා......
Deleteඅනේ මන්දා සුදෝ...
ReplyDeleteජ යවේ වා !!!
අදද වැඩට ගියේ..
Deleteහරියට ම හරි ප්‍රසා.......
Deleteඊයේ යන්න හිටියේ.... ඒත් වැස්ස නිසා ඊයෙත් ගෙදර.... අද තමා ඩොන්ගල් ඒක හොයාගත්තේ......
මීට විදානේ....
@ විදානෙ...කියලා මක්කටැයි සුදෝ.....
Deleteසැබෑ පෙම්වතියකගෙ හද ගැස්ම.
ReplyDeleteපට්ට පැදි පෙල . ස්තුතියි
ස්තුතියි අැගයීමට.....
Deleteඅතුගෙයි, මගෙනුත් සුබපැම්.
ReplyDeleteස්තුතියි අජිත්........
Deleteසරල ලස්සනකින් අහිමි වීම
ReplyDeleteඅගෙයි
ජයවේවා!
ස්තුතියි වර්ණ........
Deleteතමුන් ගැන නොහිතන එකෙකුට හෝ එකියකට ආදරේ කරන එක පල් මෝඩකමක් කියල තේරෙන්නේ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හමු උනාමයි. එතකොට සමහරවිට ආයෙත් හැරෙන්න බැරි විදිහට වැරදිලා ඉවරයි.
ReplyDeleteඋඹ මාර කතානේ බං කියන්නේ...
Deleteතුෂාර
@@@ අම්බලන් ඔයත් ඒක්ක 100%ක් ඒකගයි මමත්..
Deleteකාංචනා
@@@ තුෂාර ඔයා නම් කිසිම දෙයක් තේරුම් ගන්න ළමයෙක් ෙනවෙයි.........
හා............... දැන් මම බබා....
Deleteතුෂාර
වැඩක් නෑ. තුෂාරයයි, අසංකයයි, අනුරාදයයි වගේ හොඳට කවි ලියන්න මේ කෙල්ලොන්ට බෑ. හහ් හහ් හහ්. (විහිලුවට හරිය?)
ReplyDeleteනියමයි ඈ! ඔහොම යං ඔහොම යං.
කමෝන්............ කමෝන්..........
Deleteකසුනෝ කමෝන්...... මචං උඹ කන්න කැමති දේවල් ඒහෙම කියහං අපි ඒවා අරන් උඹව බලලා යන්න ඒන්නම්....
මීට අසංක, තුෂාර සහ අනුරාධ
හිත හරි මුරණ්ඩුනෙ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න දෙන්නෙ නැහැනෙ
ReplyDeleteඒක අැත්ත හංසි.......
Deleteහිත අපිට ඔ්නේ විදිහට හසුරුවන්නත් අමාරුයි නේද????
කොච්චර හිත තද කරන් හිටියත් එහෙම ඉන්න බැරි වෙන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවට ඒ හැඟීම හංගන්න හරි අමාරුයි.
ReplyDeleteඅැත්ත දිනේෂ්..................
Deleteජීවිතේ මහ අමුතු දෙයක් නොවැ..
හරි දැනෙන කවියක් කුරැටු
ReplyDeleteස්තූතියි ශානු...............
Deleteනියමයි
ReplyDeleteස්තූතියි ඉසුරු....
Deleteමැක්සා. නියමව කවියක්.
ReplyDeleteජයවේවා....!
ස්තූතියි අසෙනි......
Deleteජයවේවා
එකෙන්ම පට්ට බන්!
ReplyDeleteස්තූතියි රූපේ.. ස්තූතියි
Deleteසිරා කවි මචං... කියන්න දෙයක් කල්පනා කළා කළා තාම ආවෙ නෑ.
ReplyDeleteහිමින් කල්පනා කරන්න ඩ්‍රැකී.හදිසි නෑ.
Deleteස්තුතියි රස වින්දාට
හැමදාම බලාගෙන ඉන්න බැහැ බං ඉක්මනට ඔය හිමිං කල්පනා කරන එක කරල කමෙන්ට් එකක් දාපං
Deleteඉඳපං බං... තාම කල්පනා කොරනව... කොහෙද බොලාට හදිස්සියිනෙ...
Deleteදැන් දවස් දෙකක් ගියා ඩ්‍රැකී..... කොහොමද තවත් අපි ඉවසන්නේ........
Delete"දහස්වර විත් හිතට වදදෙන
ReplyDeleteඅහිමි සිසිලස විඳිමි තිස්සෙම
ඔබට නොදැනෙන මගේ ලෝතුළ
සුපෙම් සෙනෙහස් කිරුළ ඔබමය"
ඇත්තටම හරිම ලස්සනට ගෙතුනු කවියක් කාංචනා අක්කේ(ජීවිතේ පලවෙනි වතාවට නමින් කතා කරන්නේ)
තැන්කූ..ඉසුරි..බෙයාට වඩා ඒ්ක හොදයි වගේ........
Deleteප්‍රේමය ගැනනම් කවදා කොහොම ලියා නිමකරලම්ද..
ReplyDeleteමනෝෂ්............
Deleteකාලෙකින් නෙවැ.... ස්තූතියි
අපි සමහරුන්ට කොච්චර ආදරේ කෙරුවත් ඒ අය දන්නේ නැහැ අපි ඒ අයට කොච්චර ආදරේද කියලා.ගොඩක්ම ඕක බලපන්නේ හිතින් විතරක් පෙම් කරන අයටයි.
ReplyDeleteඒකත් අැත්ත මනෝජ්..... අත්දැකීමෙන් වගේ.......
Deleteසෙනේහය දිය වී වැටෙන තැන
ReplyDeleteමැවෙයි මිහිරිම සුපෙම් උල්පත..
වැසි................. ස්තූතියි කවි පද වලට....
Deleteඅැයි මේ දවස් වල වැස්ස වහින්නැත්තේ.... ලියමුකෝ දිගට ම ....
ලස්සනයි පදවැල .
ReplyDeleteඒ පැත්තටත් අදයි ගියේ..... කොහොම වුණත් අලුතෙන් අාව අය දැක්කා ම හරිම සතුටුයි.. දිගට ම ඉන්නවානම් ඊටත් වඩා සතුටුයි.... ජයවේවා....
Deleteආදරේ... මම කතා නොකරන මාතෘකාවක්..
ReplyDeleteඒ අැයි.,,,,,,,,,,??????
Deleteතාම වයස මදිද??????? ඒත් ඔය හැගීම් වලට නං වයස අදාළ නෑ මයේ හිතේ අගහරු මලයා..
අපෝ නෑ... වයස හොඳටම ඇති.. ඒත් ඒකට තියනවා දිග ටිකක් ගැඹුරු කතාවක්. ඒ ගැන ඉතිං දන්නෝ දනිති..
Deleteඅාන්න ඒහෙම වරෙන් මල්ලී...........
Deleteලස්සනයි කාන්චනා
ReplyDeleteස්තූතියි සාරිකා........
Deleteකියලා වැඩක් නෑ....ගොඩක් ලස්සනයි
ReplyDeleteජය වේවා!!!
ස්කුරුට් මහේෂ්.........
Deletehttp://nelumyaya.com/?p=4789
ReplyDelete