ඈත අහසේල හිරුගෙ සැඩ රැස්
පෙරා දෝතින් රැගෙන එන්නෙමි...
ගතේ රතු ලේ කිරට හරවා
මගේ පුතු හට දොවා දෙන්නෙමි....
හදේ පොපියන උතුම් සෙනෙහේ
පුතුගෙ නාමෙන් බැබළි බැබළී....
දුටුවාද පුත රෑට අහසේ
තාරකා එළි ලෙසට හිනැහේ....
මෙලෝ වඩිනට පෙරුම් පිරුවේ
මගේ කුසයෙන් දිවිය ලැබුවේ....
මව්ගෙ උණුහුම පිරුණ ළැමතුර
සිහින දකිමින් තුටින් නැළවේ....
උතුම් පදවිය නුඹෙන් ලැබුවෙමි
නුඹට ප්‍රාණය වුවත් පුදනෙමි....
මගේ තුරුලේ නිදන කිරි කැටි
පුතුනි නුඹ හට සුවය සදනෙමි....
ඉසුරිකා උත්පලානී
.
ඈ දිවියේ ලබන උතුම්ම පදවිය
ReplyDeleteලස්සනයි
ජයවේ
ඉස්තූතියි වර්ණ
ReplyDeleteහරිම ලස්සනයි. ගීතයකට නියමයි. ඔබ ගීත රචනය කලයුතුයි
ReplyDeleteඉස්තූතියි ඉයන්, උත්සාහ කරල බලන්නම්
Deleteඅම්මා.... මේ ලෝකෙ ලස්සනට වචනය
ReplyDeleteලස්සනයි
ඔව් ඇනෝ, ආදරණීයම වචනය, ඉස්තූතියි
Deleteඑල ද බ්‍රා
ReplyDeleteමේක මම කොපි කරගන්නද?
ඕනි නම් ගන්න අනේ,කමක් නෑ,...........
Deleteහෙට පොඩි මෙන්ඩාගේ උපන් දිනයට මේක දෙනවා ඉසුරිකා නැන්දාගෙන් කියලා
Deleteඅනේ....පොඩි මෙන්ඩට අපිත් සුබ පතනව කියන්න. ඒක මට ලොකු ගෞරවයක් මෙන්ඩ අයියෙ......
Deleteඉස්තූතියි
podi Mendata suba upan dinayak wewaa :)
Deleteමෙන්ඩෝ................මදාවි මමාත් පොඩ්ඩාට තෝ වගේ තාත්තෙක් ලැබීම ගැන සුබ පැතුවා කියපියෝ..........
Deleteහරිම ලස්සනයි!
ReplyDeleteජය
ඉස්තූතියි නිදහස්........
Deleteලස්සනම ලස්සන කවි පංතියක්. :)
ReplyDeleteමේ ඔය පදවිය මමත් ලබපු අළුත මගේ බ්ලොග් අඩවියේ දාපු එකක්:
සඳ වටකර රෑ අහසේ රන් තරු කැට බබළන්නේ
මඳ සුළඟේ දැවටීලා තුරු ලිය ගී මුමුණන්නේ
සුදු පාටින් බැබලි බැබලි මල් කුමරියො හිනැහෙන්නේ
ඒ මිහිරෙන් මගෙ රන්කැටි පුතු නැළැවී නිදියන්නේ
සඳ එළියේ පුළුන් වළා ඔරුවකි අර පා වෙන්නේ
එහි නැගිලා සුරංගනාවියො පොළොවට පැමිණෙන්නේ
පිණි ඉහිරුණු තණ බිස්සේ වළා ඔරුව නැවතෙන්නේ
සුරංගනා කුමරියො ඉන් බැස මේ දෙසටයි එන්නේ
හෙමිහිට රැළි නැගෙනා විල් තෙර මඳකට නවතින්නේ
දෝත පුරා කුමුදු නෙළා මල් මාලා අමුණන්නේ
ඒ මල් ගෙන සිනා සිසී හෙමිහිට පා තබමින්නේ
මා පුතු දෙස එබිකම් කර හොර රහසෙන් මුමුණන්නේ
සඳ කුමරුන් පරදන රුව ඇති මා රන් කැටි පුතුනේ
සඳ එළියක් සේ ලොවටම මිහිර ගෙනෙන මගෙ පුතුනේ
සුර ලියන්ගෙ කුමුදු මලින් කිරුළු පලන් කුමරුවනේ
නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ
ඉස්තූතියි සිතුවිලි, ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.චිත්ත රූප මැවෙනව.
Deleteසෙනෙහේ ගලන අලංකාර පදපෙලක්.
ReplyDeleteජය ශ්‍රී.
ඉස්තූතියි ගල් මල්.........
Deleteගොඩක් ලස්සන කවි පන්තියක්.
ReplyDeleteමමත් හැදුවා බ්ලොග් එකක් හොදයිද බලන්න
http//newsinhalife.blogspot.com
ඉස්තූතියි මහෙශ්,...අපිත් ඒ පැත්තෙ ගිහින් බලන්නම් එහෙනම්
Deleteලස්සනයි ....
ReplyDeleteඉස්තූතියි ඉන්ද්‍රජිත්.......
ReplyDeleteලස්සන පද පෙළක්..
ReplyDeleteඉස්තූතියි ප්‍රසන්න.........
Deleteලොවේ උතුම්ම පදවිය ලද සතුට ...
ReplyDeleteඅසමසම මව් සෙනෙහස ..
සොඳුරු සංකල්පනාවක් ..!
ඉස්තූතියි සඳරු.....
Deleteඒ හැඟීම මොන වගේද කියල පරිකල්පනය කරගත්තෙ හරි අමාරුවෙන්
අප්‍රමාණ සෙනෙහසේ සුවඳ පද සැරසුමක් ඉසුරිකා
ReplyDeleteඉස්තූතියි සාරිකා.........අප්‍රමාණ දෙයක් බොහොම අපහසුවෙන් ප්‍රමාණ කළේ, ඒ අපරිමිත සෙනෙහසට සාධාරණයක් වෙලා නම් ඒ ඇති.
Deletelassanay Awith yanna appachchi gAna liwwe
ReplyDeletehttp://nihandasiththaraawi.blogspot.com/2015/11/blog-post_28.html
ඉස්තූතියි ප්‍රියන්ති.....අපිත් ගිහින් බලන්නම්
Deleteලස්සනයි...
ReplyDeleteඉස්තූතියි අම්බලන්ගොඩ කථා..........
Deleteලස්සන පද පෙලක්..
ReplyDeleteඉස්තූතියි දිනේශ්..........
Deleteහරිම ලස්සනයි.....
ReplyDeleteබැරිද පිය පදවිය ගැනත් ලියන්න, මම ලගදි උතුම් පිය පදවිය ලබන්න යන්නේ.....
ඉස්තූතියි බ්ලොග් පොස්ට්............උත්සාහ කරල බලන්නම්කො.
Deleteඅපි ඔබට සුබ පතනවා!
පොඩි මෙන්ඩාට සුබම සුබ උපන් දිනයක් වේවා!!!!
ReplyDeleteඅද උදේම ඉසුරි නැන්දා ගැන කියලා දෙන්න වුනා..එයා කුරැට්ටොන්ගෙන් දන්නෙ අසංකවයි තුෂාරවයි..දැන් නැන්දවත් දන්නවා..
Deleteඉසුරිකා නැන්දේ
ඔයා එවපු කවියේ ඉන්න බබා වගේ මම අම්මා ගල තුරැල් වෙලා හිටියා කියලා අම්මා කිව්වා..
මට මේ සැරේ පරිසරයට 100. ගණිතයට 98යි, බුද්ධාගමට 98යි සිංහල 96යි.චිත්‍ර A.
මම හවස කේක් කපනවා..
නැන්දටයි කුරැටු මාමලටයි බුදු සරනයි..
පොඩි මෙන්ඩා
(ඌ කියන්න කියපු ටික මම එහමම කෙටුවේ)
ෂා පොඩි මෙන්ඩ පුතා ගොඩක් ලකුණු අරගෙනනෙ. හරිම හොඳයි.පුතා හැමදාම එහෙම ලකුණු ගන්න හොඳේ...........පුතාටත් බුදුසරණයි!!
Delete(පුතා අපිටත් එක්ක කේක් කන්නකො)
(Y)
Deleteදැනෙන විධියට ලියල තියේනවා..
ReplyDeleteඉස්තූතියි රාජපක්ශ......
Deleteමිනිසෙකුට ලදහැකි උතුම්ම පදවිය, පිය පදවිය කියන්නේ බෝනස් එකක්ලු ( සිංහල මහාචර්යවරයෙක් ) කියන්නේ...!
ReplyDeleteතවත් ජීවිතයක් ලබා දීම. ඒක නෙමෙයි ඇයි දන්නෙ නෑ පිය පදවිය බෝනස් එකක් කියන්නෙ?
Deleteහිතට දැනුන කවි පන්තියක්. විශේෂයෙන් මවු සෙනෙහස කියන එක ගැන වැඩි වැටහීමක් නැති මට..
ReplyDeleteඉස්තූතියි අඟහරුවො,.....
Deleteමටත් අත්දැකීමෙන් නම් ලැබුණු වැටහීමක් නෙමෙයි. මෙහෙම වෙන්නැති කියල හිතුනා,මව් පදවිය ලබපු කාන්තාවකගෙ සිතුවිලි.
This comment has been removed by the author.
Deleteහරිම ලස්සනයි ඉසුරිකා...
ReplyDeleteගොඩක් ඉස්තූතියි සජ්ජා..........
Deleteඅම්මා ගැන පබැදුම ලස්සනයි ඉසුරි.
ReplyDeleteබුදුගුන වගේම මව්ගුනත් අනන්තයි.
ඉස්තූතියි මනෝ........
Deleteඅම්මගෙ ගුණත් කියල නිම කරන්න බෑ තමයි...
කවියක් නොව ගීතයක්. මවක් කියන්නෙම ගීතයක්. දරුවෙක් කියන්නෙත් ගීතයක්.
ReplyDeleteඔව් මධු මාධවී.......ඉස්තූතියි කොමෙන්ටුවට
Deleteනැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..
ReplyDeleteපොඩි මෙන්ඩා